Saturday, April 14, 2012

අළුත් නොවන අළුත් අවුරුද්ද



"ජිවිතය කිසිදිනෙක අපව අතහැර ගොස් තිබුණේ නැත. අප විසින් අපව ජිවත් කිරිම සහමුලින්ම අමතක කර දමා ඇත."


වෙරෝනිකා..................
පාළමේ අත් වැටට උඩින් බෝ ගහේ කොළ හැළුනු අතු අතරින් ඈත අළුතින් හැදෙන උස බිල්ඩිමටත් උඩින් තාම හද පායලා හරි අපුරුවට. කිසිම අඩුවක් නැතිව මුළු ලෝකයටම එකසේ තම සිසිලස බෙදා දෙමින්. 
ආදරේ කියන්නේ තරගයක් මේ කාලයේ හැමෝම අඩුවැඩි වශයෙන් නිරතවන. නමුත් ආදරේ නාමයෙන් දිවි සරුකරගන්න මිනිසුන් බොහෝමයකට මේ චමත්කාරය මග හැරෙන්නේ ඇයි? තම හිසට උඩින් පායා ඇති සදේ චමත්කාරයත්, තම අවට ලෝක‍ය තුල ඇති වින්දනීය ස්වභාවයත් මග හැරෙන්නේ ඇයි? 
තම  පෙම්වතිය තවත් මිනිහෙක් එක්ක ඉන්නවා දැක්කම  පෙම්වතා එකපාරටම අහන්නේ 
'උඹ උත් එක්ක නිදිය ගත්තද?' කියලා
ඊට වෙනස්ව පෙම්වතෙක් වෙනත් ගැහැණියක් එක්ක ඉන්නවා දැක්කම පෙම්වතිය අහන්නේ
'ඔයා එයාට ආදරේද කියලා?


වෙරෝනිකා.......
මේක මස් වැද්දන්ගේ කාළයක්........ කිසිම කෙනෙකුට මේ චමත්කාර මොහොතේ වටිනාකම නැතිවෙලා ගිහිං, නැකතට පහන පත්තු කරන්නේ හදිසි වැඩ අතරමග දාලා ඇවිල්ලා වගේ, ඔයා දවසින් දවස ජිවිතේ අතහැර ගන්නවා. 
කවුද කැමති මේ දුවන රෙස් එකෙන් අයින්වෙලා ආදරේ විදින්න! තම තත්වය, වටිනාකම අත්හැරදාල අවිත් ආදරේන් එකපාර ඔයාව සිප ගන්න! ඔයාට මේ සමාජයේ හැදිලා තියෙන ඉඩ මග හැරලා ආයෙමත් ඇයව තුරුළු කරගෙන හිරිපොදේ තෙමෙන්න! 






ඔයා රෙස් එකේ දුවනකං  ඔයාට ආදරය මග හැරේනවා. 
ජිවිතේ හොයා නොගන්නකං කිසිම අවුරුද්දක් අළුත් වෙන්නේ නැහැ, ඒක මුණිච්චාවට කියන කිසි තේරුමක් නැති නිකංම්ම නිකං හිස් වචන ටිකක්, ආදරේ ඔයාගේ ජිවිතේ බලාපොරොත්තුව නොවන තාක් ඔයාට ජිවිතේ මග හැරෙවී. 
දුවලා දුවලා හතිවැටුනම වෙරෝනකා............
ජිවිතේට ආදරේ ඔනී වෙනවා!!


ආදරණිය මිනිසුන්ට ආදරෙන්


4 comments:

  1. Replies
    1. ආසාවෙන් කියවනව යාලූ....දිගටම ලියන්න....ජය වේවා....!

      වර්ඩ් වෙරිෆිකේෂන් අයින්කරන්න පුළුවන්නම් ගොඩක් හොඳයි.....:)

      Delete
  2. මිනිස්සු දුවනවා
    ආදර හොයගෙන යන්න වෙලාවක් නෑ.. ආදරය යන ගමන් සල්ලි වලට ගන්න තිබ්බා නන්.. බැරි නිසා මිනිස්සු හදවතින් හැමදාම තනි වෙලා

    හොද සටහනක්
    ජය

    ReplyDelete