Monday, August 19, 2013

ඇය ආදරේ අරං ඇවිත්


ආයෙමත් හද මෝදුවන දවස ඇවිත්, කළු වළාකුළු ඈත් මෑත් කරමින් හද මුදුනට ම එන දවසක්. වෙරෝනිකා හිටියේ මගේ දකුණු පැත්තට වෙන්න. තවමත් ඇය හයියෙන් හුස්ම ගන්න හඩ මට ඇහෙනවා. ඇය හති අරිනවා... නිදහසේ. උණුහුම කැටි කරගෙන කැරකැවෙන විදුලි පංකාවට බැහැ ඇගේ දාහය නිවා දමන්න. එත් ඇය තවම නිසොල්මන්ව හති දමනවා. ඇස් කොනින් මම හොරෙන් ඇය දිහා බැලූවාම ඇය හිටියේ ලාවට හිනාවෙමින් ඇස් පියාගෙන, එයා ආදරේ කරනවා. මං මටම කියා ගත්තා. 

මම ඇගේ ලැම උඩිනි හිස තියා ගත්තා. එයා ඇස් පියාගෙනම මගේ කෙටි කොණ්ඩය අතරින් එයාගේ දිගු දෑගිලි එහෙ මෙහේ කරන්නට වුණා. දහදියත් එක්ක මුහුවුණු ඇගේ ශරීරයේ සුවඳ මාව දුර ඈතකට අරං යනවා ගිහිං හීනෙක අතරමං කරලා එනවා. මං හැමදාම ගැස්සිලා නැගිටින්නේ අතරමගක, මතුවට කිසිත් සම්බන්ධයක් නැති හිස් තැනක. 

වෙරෝනිකා මාව පුංචි එකෙක් වගේ තුරුළු කරගෙන. හැබැයි එයාට  ඕනා මගේ පුංචි සමනල් පැටික්කි වෙන්න. එත් එයා මගේ පැහිච්ච අම්මණ්ඩි හැමදාම. ලියන එකේ ඉඳන් අඳින එක දක්වා පිළිවෙළක් නියම කරමින් එයා මාව ඉස්සරහා කරනවා. එත් හැමදාම මං එකම වැරැද්ද කරමින් බැණුම් අහන අලස පෙම්වතා වෙනවා. එයාට බැණලා බැණලා එපා වෙනවා. එත් මට නෝක්කඩු අහලා එපා වෙලා නැහැ තවම. 

ඇගේ ලැම මත හිස හොවන් ඉඳලා ඇති වුණාම මං එයාගේ කම්මුල් දිගේ හාදු අතුරනවා. බොරු කේන්තියක් පෙන්වමින් වළක්වන හැදුවත් එයාගේ දෙතොල් වල මං රතු පැහැ තවරන එක වළක්වන්න එයාට කිසිම උවමනාවක් තිබුණේම නැහැ. අඩවන් වුණු ඇස් වලින් එයා ආදරය බෙදා ගනිමිනුයි හිටියේ. යටි තොලින් උඩු තොලට මාරු වෙමින් රස හොයන මට සැනසිලිදායක පේ‍්‍රමයක් ඇය විසින් මුදා හරිමින් උන්නා. ඇයට කිසිම හදිසියක් තිබුණේ ම නැහැ. හදිසියක් තිබුණේ මට, ඒ උමතු පේ‍්‍රමය තුල අතරමං වෙන්න. 

ඇගේ දුක්, කඳුළු, සෝ-සුසුම් අත්තිවාරම ලෙස ගෙන අපි හැදු පේ‍්‍රමය අතු ඉති දා ලියලමින් තිබිණ. යලි යලිත් චණ්ඩ ලෙසත් ඉතා මෘදු පෙමිනුත් ඇය මවෙතින් ආලය පමණක්ම බලාපොරොතුව උන්නාය. 

මං උන්නේ වෙරෝනිකාගේ වම් ඇලයට වෙන්න. අපි දෙන්නම රිද්මයක් නැතත් හයියෙන් හුස්ම ගනිමින් උන්නා. හිමි හිමින් ඇගේ මහන්සිය පහව ගිය විගස ඇය වචන ගලපා මගේ කනට කොදුරන්නට වුණා. 

මං ආදරෙයි........... හැමදාම..........



වෙරෝනිකා.........
බුරු ගහන විට අල්ලන ඔට්ටු ජිවිතේට දාන්න.....