ආයෙමත් හද මෝදුවන දවස ඇවිත්, කළු වළාකුළු ඈත් මෑත් කරමින් හද මුදුනට ම එන දවසක්. වෙරෝනිකා හිටියේ මගේ දකුණු පැත්තට වෙන්න. තවමත් ඇය හයියෙන් හුස්ම ගන්න හඩ මට ඇහෙනවා. ඇය හති අරිනවා... නිදහසේ. උණුහුම කැටි කරගෙන කැරකැවෙන විදුලි පංකාවට බැහැ ඇගේ දාහය නිවා දමන්න. එත් ඇය තවම නිසොල්මන්ව හති දමනවා. ඇස් කොනින් මම හොරෙන් ඇය දිහා බැලූවාම ඇය හිටියේ ලාවට හිනාවෙමින් ඇස් පියාගෙන, එයා ආදරේ කරනවා. මං මටම කියා ගත්තා.
මම ඇගේ ලැම උඩිනි හිස තියා ගත්තා. එයා ඇස් පියාගෙනම මගේ කෙටි කොණ්ඩය අතරින් එයාගේ දිගු දෑගිලි එහෙ මෙහේ කරන්නට වුණා. දහදියත් එක්ක මුහුවුණු ඇගේ ශරීරයේ සුවඳ මාව දුර ඈතකට අරං යනවා ගිහිං හීනෙක අතරමං කරලා එනවා. මං හැමදාම ගැස්සිලා නැගිටින්නේ අතරමගක, මතුවට කිසිත් සම්බන්ධයක් නැති හිස් තැනක.
වෙරෝනිකා මාව පුංචි එකෙක් වගේ තුරුළු කරගෙන. හැබැයි එයාට ඕනා මගේ පුංචි සමනල් පැටික්කි වෙන්න. එත් එයා මගේ පැහිච්ච අම්මණ්ඩි හැමදාම. ලියන එකේ ඉඳන් අඳින එක දක්වා පිළිවෙළක් නියම කරමින් එයා මාව ඉස්සරහා කරනවා. එත් හැමදාම මං එකම වැරැද්ද කරමින් බැණුම් අහන අලස පෙම්වතා වෙනවා. එයාට බැණලා බැණලා එපා වෙනවා. එත් මට නෝක්කඩු අහලා එපා වෙලා නැහැ තවම.
ඇගේ දුක්, කඳුළු, සෝ-සුසුම් අත්තිවාරම ලෙස ගෙන අපි හැදු පේ‍්‍රමය අතු ඉති දා ලියලමින් තිබිණ. යලි යලිත් චණ්ඩ ලෙසත් ඉතා මෘදු පෙමිනුත් ඇය මවෙතින් ආලය පමණක්ම බලාපොරොතුව උන්නාය.
මං උන්නේ වෙරෝනිකාගේ වම් ඇලයට වෙන්න. අපි දෙන්නම රිද්මයක් නැතත් හයියෙන් හුස්ම ගනිමින් උන්නා. හිමි හිමින් ඇගේ මහන්සිය පහව ගිය විගස ඇය වචන ගලපා මගේ කනට කොදුරන්නට වුණා.
මං ආදරෙයි........... හැමදාම..........
වෙරෝනිකා.........
බුරු ගහන විට අල්ලන ඔට්ටු ජිවිතේට දාන්න.....
සිද්ධිය පැහැදිලි. එත් කියන්න උත්සහා කලේ මොකක්ද ?
ReplyDeleteආදරේ අරන් ඇවිත්. කවුද? පිස්සුද ඔයාට.
ReplyDeleteවෙරෝනිකා