Monday, December 23, 2013

23 - ආදරයත් එක්ක අවුරුදු හතරක්


අද තරම් ග්‍රිස්මයක් තිබුණේ නැති වුණත් සීතලක් දෙහිතක් ඇතුලාන්තයේ ම තිබුණා. ඇත්තටම ඒ තිගැස්මේ ස්භාවයයි. ඒක ලොකු චැලෙන්ජ් එකක් ගන්නවා වගේ වැඩක් වුණාට අපේ බය නැතුවුණේම අපි අපි වෙනුවෙන්ම එකට හිටපු හින්දා. ජිවිතේ බේදාගැනීමේ ආරම්භය සනිටුහන් වුණේ එහෙමයි.

එක් මලානික දවසක්, හිරු ඇවිල්ලා හෝරා ගානක් වුණත් වළාකුළුබරිත නිසා ආලෝකයේ මලානික ස්භාවයක් තිබුණා. කිසිදු තිරණයක් නැතිව හිටි අපි හදිසියේම හදිස්සි තිරණ වලට එලඹේමින් තිබුණා. 

වෙරෝනිකා මගේම වුණා...........!!!

ඇය උන්නේ පිපෙමින්..... මගේ දිහාවට....
මං උන්නේ හින් සිරුවේ ඇය තුල මාව ඉන්දමින්..... 
දෙවිදිහක මිනිසුන් වු අපි ප්‍රේමය තුලදී එකිනෙකා අවබෝධ කර ගැනීමේ ශක්‍යතාවයෙන් පිරෙමින් තිබුණා. අපි ගමන් කරමින් හිටියේ පථයන් දෙකක වුණත් ප්‍රේමය ඇතුලේ අපිට එක ගමන් රේඛාවක් තිබුණා. වචන වලින් කියන්න බැරි බොහෝ දේවල් අපි හදුනගනිමින්, හුවමාරු කරමින්, බෙදා ගනිමින් උන්නා. 
වෙරෝනිකා ........
මගේ ලය මත ගුලි වෙමින් ජිවිතය පුරාවටම සැනසීම සොයමින් ඇගේ ජිවිතය මගේ පපුව මත තැබුවා. මම හෙමින් ඇගේ කොපුල් තල රස ගන්න වුණා. අඩවන්ව තිබු ඇගේ දෑස් වැසී ගියා. සැනසීමේ උන් ඇය පත්තුවෙන්න ගත්තා. හිමින් හිමින් ඇය මගේ පපුව උඩ දගලන්නට වුණා. 
හීන් කෙදිරියක්..............
හුස්මක් හගිමින්ඇය මගේ කනට හෙමින් මුමුණුවා.

මං ආදරෙයි.......... හැමදාම........!!!

වෙරෝනිකා අදත් මගේ පපුව උඩ ඉදන් මේක කියවලා හිනා වෙනවා...!!! ලැජ්ජාවට හුරතලෙන් මුහුණ වහා ගන්නවා. බොරු කෙන්තියක් එක්ක හාදු ඉල්ලනවා..............

ජිවිතේ කියන්නේ ආදරෙත් එක්ක එකතු වෙච්ච සිනහව වගේම කදුළු, සෝසුසුම් වගේම ඉවසීම්. එකක් පස්සේ එකක් හරියටම මෙහෙමයි කියන්න පුළුවන් රිද්මයක් නැති වුණත් ගොඩාක් දෙවල් කැකරමින් අපි ජිවිතයක් ගොඩ නැගුවා, අවුරුදු හතරක් පුරාවට මතයන් බොහෝමයක් පොදි බැදගෙන අළුත් වෙවි වෙරෝනිකා මගේ ඉස්සරහ හිනා වෙනවා.

මං ගැහැණියක් කියන්නේ වෙරෝනිකාට...... එක සුවිශේෂි තත්වයක්.........!!!


Monday, October 14, 2013

ගැහැණිය නම් මහද්වීපය


ගැහැණියක් කියන්නේ මහද්විපයක් නම් ඔබට සිද්ධ වෙනවා හොද සිහි කල්පනාවක් තියාගෙන ඇවි‍දින්නෙක් වෙන්න. මතක තියා ගන්න සිහි කල්පනාවෙන් ඉන්න. මොකද භූමිය හා එහි කාළගුණික විපර්යාස ගැන ඔබට අවබෝධයක් තිබුණේ නැතිනම් ඔබට සියල්ල මග හැරෙනවා. ඔබ නිකං විදේශිකයෙක් වගේ රවුමක් ගසා යන්නට යාවි. ඔබට සිදුවෙනවා හොද සිහියෙන් එහිම වු සුවිශේෂත්වය අභ්‍යන්තරයටම සොයා යන්න. 

ගැහැණියක් කොහොමත් පිරිමියෙකුට වඩා රස පරාසයකින් වැඩි. එක් එක් ගැහැණියට අනන්‍ය වු එක් එක් රස පරාස වෙන වෙනම දැකිය හැකි මුත්, බොහෝ රස පරාසයන් සොයා ගැන්මට ඔබට සිදුවෙනවා දිර්ඝ කාලීනව සිහි කල්පනාවක හා හොද ඉවසීමක රැදෙන්න. නමුදු මුළු ජිවිත කාළයේදීම ඔබ විසින් සොයා ගන්නේ ඉන් අඩකටත් අඩු ප්‍රමාණයකි. රස හදුනන්නන් විසින් ඒ ඒ රස වෙන වෙනම අත්හදා බලමින් ඒවා ගැහැණිය තුලින් මතු කර ගනු ලබයි. බොහෝ විට ගැහැණුන් පවා නොදන්න තමා තුල වු ඒ විභවය සොයා ගත හැක්කේම තවත් එක් රසවතෙකුටම පමණකි. ඔහු ප්‍රේමවන්තයෙක් සේ රොමෑන්තිකවද, සල්ලාලයෙක් සේ රාගිකවද, ආගන්තුකයෙකු සේ කරුණාවෙන්ද, ස්වාමියෙකු සේ වගකීමේන්ද ඒ රස සොයා ගත යුතුව ඇත. 

ඔබ හිතන්නේ නිකම්ම නිකං ගැහැණියගේ ශරීරය ගැන විතරයි. ඔව්..!! දැනටමත් ඔබ පි‍ලිස්සෙමින් සිටින රාග ගිණ්නට ඇය ඔසුවක් යැයි ඔබ සිතයි. නමුදු ඔබ රසක් නොහදුනන තාක් ඔබ ශරීර කියක් සමග සැතපී ඔසු සොයන්නනට වේදැයි ඔබම නොදනියි.  ඔබ තුල ඔඩු දුවන රාගික ගින්න විසින් ඇය තුල ඇති රසය සොයා යෑම වළකාලමින් තියෙනවා. ඉතිං ඔබට සිහියක් නැහැ, ඔබ ආතුර වුවාක් සේ ඒ ස්ත්‍රි ශරිරය මත ඒ මේ අත දගලමින් වෙහෙසෙනවා. නමුදු ඔබට කිසි විටෙකවත් රසයක් දැනෙන්නේ නැහැ. ඒක නිකම්ම නිකං ඔබගේ සිත රවටා ගැනිමක් පමණයි.  ඇගේ ශරීරය වගේම ඇගේ සිතත් ඇගේ චර්යා රටවනුත් ඔබ උකහා ගන්නා තුරු ඔබට ඒ රසය කළම්ඹා විදිනට නොහැකි වනු ඇත. යාන්ත්‍රික ජිවන හුරුපුරු හේතු කොටගෙන බොහො රස පරාසයන් ගැහැණියකගේ ගැඹුරුම තැන්වල සැගවෙමින් පවතිනවා. නමුදු රස සොයා යන්නෙකුට හැකි වෙනවා කැනීම් කර ඒ රස ඈ තුලින් උපද්දවා ගන්නට. අළුත්ම ද්විපයක් සොයා ගත් ගවේශකයෙකුට දැනෙන ආඩම්බරය හා සතුටින් ඔබ ප්‍රමෝදයට පත් වනු ඇත. ඔබගේ අත්‍යන්ත කැපවීමෙන් සහ වෙහෙසින් ඇය තුල ඇති රස ගුලාවත් ඔබගේ ධාරිතාවත්, ඔබ විසින් සොයා ගනු ඇත. 


Friday, October 11, 2013

මේ, ඒ වසන්තයේ නෙවෙයි..!!!



සද තිබුණේ මගේ උරහිස රැදිලාය. බොහෝ රළ පහරවල් වෙරළට ඇවිත් ආපහු යන්නට ඇත. බොහෝ මිනිසුන් රැල්ල සමග සෙල්ලම් කර යන්නට ඇත. ගෙදර යන අන්තිම කුරුල්ලාත් පියඹා යන්නට ඇත. එත් සද හිතේ හැටියට මා උරහිස මත හිස හොවා සිටියි. අප්‍රිකාව පැත්තෙන් ටයිටැනික් වගේ නැවක් ලයිට් ගොඩක් දාලා තිබුණා. මුහුදු හුළග මගේ නහයට ගෙන ආවේ අමුතු හැගීම් මාලාවක්. උස් පහත් වෙවි ඇහෙන එකම ගෝෂාකාරි ශබ්දය අප අතර තිබුණු නිහඩබව ගුප්ත බවකට පෙරලමින් තිබුණා. රස්තියාදුවේ ගිය අන්තිම කපුටත් පරක්කුවෙලා ගෙදර යන ගමන් හැර අහසත් හිටියේ අපි වගේම මුණිවත රකිමින්. හිරු බැස ගිහිං හෝරා කිහිපයක් වුණත් සදට වුවමනාවක් තිබුණේ නැහැ හිස ඔසවා අහසට නැග ගන්න. වෙරළ වගේම තවමත් මගේ උරහිස තෙත්බරිතය. ටිකකට වේලුනත් ආයෙමත් තෙමෙන්න ගන්නවා. 

"මේ නිහඩ බව ඇතුලේ හිරකරලා මාව මරා දාන්න මං කරපු වරද මොකක්ද....??"

මුහුදේ ගෝෂාකාරි ශබ්දයෙන් පිරි තිබු කන් අගුලු ඇරලන්න ඇය දොඩමළු වුවාය. එහෙත් තරු රෑනක් දරා සිටින අහස් කුස සේ මං නිහඩවම උන්නෙමි. 

"කියන්න..... මට කියන්න.... එන්න එන්ම ඔයා ඔයාගේ ඇතුලෙම හැංගෙන්න මගේ අතින් වු‍ණ වැරැද්ද මොකක්ද?"

ඇ සෙමෙන් ඇගේ බොද දෑස් පිසලා ගත්තාය. එහෙත් හෝ ගානා මුහුද ඇගේ චිත්‍රය නොවන වගනම් විශ්වාසය. 

"මට ආදරය කරලා.... මාව දරාගෙන ඉදලා ඔයාට තෙහෙට්ටුද...??"


පහ වසර ළමයෙකු සේ ඇය ඇසූවත් අහන්නේ විශ්ව විද්‍යාල ප්‍රශ්ණය. ජිවිතයේ හැම ගැටලුවකට ම වචන වලින් උත්තර තියෙනවා නම් අපි අලසම අලස මිනිසුන් කොඨටාසයක් වේවි. ජිවිතේට වචන ඔන වෙන්නේ බැරිම තැනක යොදන්න. අපිට අපිව නොදැනෙන්න එකත් එකට හේතුවක්ද? 

"ඔයා තනි උත්තර හොයවා! තනියෙන් උත්තර හොයනවා! ඔයා තිනයෙන් හිතනවා! ඔයා තනියෙන් ජිවත් වෙනවා! කවදා ඉදලද ඔයා ඔහොම වුණේ..??"

උරහිස මත බාවා තිබු හිස එකවරම ඔසවා ගත් ඇය කොණ්ඩය සකසා ගන්නට විය. ඈ ලක ලැහැස්ති වන්නේ පරක්කු වු විලසය. මම තවම මගේ හිතත් සමග පොර බදිමින් සංසුන්වන්නට උත්සහා ගනිමි. මෙතුවක් කල් ඇය ඇගේ හිත සමග නොනවතින අරගලයක් කොට අවසන ප්‍රශ්ණ පත්‍රයකින් හිත රවටා ගත්තාය. නමුදු මෙතුවක් නිසොල්මන්ව තිබු මගේ හිත දැං තොන්තුවන්නට විය. 

මේ නිහඩබව බිද කෑ ගසා ඇයට කියන්නට හැකිනම්......... ඇය නිසා වරින් වර තැලෙන ආයෙමත් හැදෙන හැදි හැදී බිදෙන මගේ හිතේ විලාපය. එත් මම මගේ හිත වචන වලට නොපෙරලුවෙමි. මම, මගේ හිත මාතුලම රදවාගෙන දුක්විදින්නට තිරණය කළේමි. 


මගේ දැහැන් බිදිමින් ඇය නැගිට උන්නාය. ඇගේ කතා කරන ඇස් පවා රැදි ඇත්තේ මා වෙත බව මා දනිමි. ඒ ඇස් වලින් පවා අසන පැනයන්ගෙන පැන යාමට මෙන් මං අහකම බලා උන්නෙමි. මා ගැන මටත් වඩා දන්නා ඇය අවසන් ප්‍රශ්ණය මවෙත යොමු කලාය, ඇත්තටම ඇය එයින් දමා ගැසුවාය, නැතිනම් මගේ නිහඩබව මරාගෙන මැරෙන්නට ඇය තිරණය කළාය. 

"දැං ඔයා මගේ දිහා නිකමටවත් බලන්නෙවත් නැහැ නේද...??..... කොහොම වුණත් මේ අපි අතර තියෙන නිහඩ බවට මං එච්චර කැමති නැහැ! අපි යං...."

කෙතරම් වෙරළ මත රැදෙන්නට උත්සහ කළද ආයේ ආයෙමත් මුහුදට ගහගෙන ගියත් ආයෙමත් නැගී වෙරළ මතම දිවි පුදන රළක් සේ ඇය හිත හදාගෙන ඇති බැව් මට වැටහිණි. එහෙත් ආදරය ඇතුලේ මං අබ්බගාත වෙමින් සිටිමි. මහාප්‍රණික ආදරයක් හිමින් හිමින් ඇගෙන් මග හැරෙන හැටි මං නිහඩවම බලා උන්නෙමි. මං හිතට වද දි දී ඇය සමග යන්නට හැරිණි. 
අප්‍රිකාව පැත්තේ ඇති ටයිටැනික් නැව තාම එතැනමය. ජැක් සහ රෝස් විතරක් නැත.



Monday, August 19, 2013

ඇය ආදරේ අරං ඇවිත්


ආයෙමත් හද මෝදුවන දවස ඇවිත්, කළු වළාකුළු ඈත් මෑත් කරමින් හද මුදුනට ම එන දවසක්. වෙරෝනිකා හිටියේ මගේ දකුණු පැත්තට වෙන්න. තවමත් ඇය හයියෙන් හුස්ම ගන්න හඩ මට ඇහෙනවා. ඇය හති අරිනවා... නිදහසේ. උණුහුම කැටි කරගෙන කැරකැවෙන විදුලි පංකාවට බැහැ ඇගේ දාහය නිවා දමන්න. එත් ඇය තවම නිසොල්මන්ව හති දමනවා. ඇස් කොනින් මම හොරෙන් ඇය දිහා බැලූවාම ඇය හිටියේ ලාවට හිනාවෙමින් ඇස් පියාගෙන, එයා ආදරේ කරනවා. මං මටම කියා ගත්තා. 

මම ඇගේ ලැම උඩිනි හිස තියා ගත්තා. එයා ඇස් පියාගෙනම මගේ කෙටි කොණ්ඩය අතරින් එයාගේ දිගු දෑගිලි එහෙ මෙහේ කරන්නට වුණා. දහදියත් එක්ක මුහුවුණු ඇගේ ශරීරයේ සුවඳ මාව දුර ඈතකට අරං යනවා ගිහිං හීනෙක අතරමං කරලා එනවා. මං හැමදාම ගැස්සිලා නැගිටින්නේ අතරමගක, මතුවට කිසිත් සම්බන්ධයක් නැති හිස් තැනක. 

වෙරෝනිකා මාව පුංචි එකෙක් වගේ තුරුළු කරගෙන. හැබැයි එයාට  ඕනා මගේ පුංචි සමනල් පැටික්කි වෙන්න. එත් එයා මගේ පැහිච්ච අම්මණ්ඩි හැමදාම. ලියන එකේ ඉඳන් අඳින එක දක්වා පිළිවෙළක් නියම කරමින් එයා මාව ඉස්සරහා කරනවා. එත් හැමදාම මං එකම වැරැද්ද කරමින් බැණුම් අහන අලස පෙම්වතා වෙනවා. එයාට බැණලා බැණලා එපා වෙනවා. එත් මට නෝක්කඩු අහලා එපා වෙලා නැහැ තවම. 

ඇගේ ලැම මත හිස හොවන් ඉඳලා ඇති වුණාම මං එයාගේ කම්මුල් දිගේ හාදු අතුරනවා. බොරු කේන්තියක් පෙන්වමින් වළක්වන හැදුවත් එයාගේ දෙතොල් වල මං රතු පැහැ තවරන එක වළක්වන්න එයාට කිසිම උවමනාවක් තිබුණේම නැහැ. අඩවන් වුණු ඇස් වලින් එයා ආදරය බෙදා ගනිමිනුයි හිටියේ. යටි තොලින් උඩු තොලට මාරු වෙමින් රස හොයන මට සැනසිලිදායක පේ‍්‍රමයක් ඇය විසින් මුදා හරිමින් උන්නා. ඇයට කිසිම හදිසියක් තිබුණේ ම නැහැ. හදිසියක් තිබුණේ මට, ඒ උමතු පේ‍්‍රමය තුල අතරමං වෙන්න. 

ඇගේ දුක්, කඳුළු, සෝ-සුසුම් අත්තිවාරම ලෙස ගෙන අපි හැදු පේ‍්‍රමය අතු ඉති දා ලියලමින් තිබිණ. යලි යලිත් චණ්ඩ ලෙසත් ඉතා මෘදු පෙමිනුත් ඇය මවෙතින් ආලය පමණක්ම බලාපොරොතුව උන්නාය. 

මං උන්නේ වෙරෝනිකාගේ වම් ඇලයට වෙන්න. අපි දෙන්නම රිද්මයක් නැතත් හයියෙන් හුස්ම ගනිමින් උන්නා. හිමි හිමින් ඇගේ මහන්සිය පහව ගිය විගස ඇය වචන ගලපා මගේ කනට කොදුරන්නට වුණා. 

මං ආදරෙයි........... හැමදාම..........



වෙරෝනිකා.........
බුරු ගහන විට අල්ලන ඔට්ටු ජිවිතේට දාන්න.....



Wednesday, July 31, 2013

ඒ මග වැටි ඇත්තේ නිදහස් වීම තුලයි




වෙරෝනිකා......
ඇකඩමික් දැණුමින් ඔයාට කිසිදවස අව්‍යාජ ආදරය කරන මිනිසෙක් බවට පත් වෙන්න බැහැ. එක විසින් හැමවේලාවකම ඔයාව දැණුම් තේරුම් ඇති ගැහැණයෙක් විදිහට ප්‍රක්ෂේපනය කරන්න ගන්නවා. ඔයා ඔයාගේ නොහැකියාවන් හැම එකක්ම ඇකඩමික් දැණුම මගින් වසා ගනිමින් සිටිනවා. මිනිසුන් හැමෝම එහෙමයි..!! එත් වැරදීම්, හිත් රිදවීම්, රැවටීම්, නොහැකියාවන්, කුදුළු-සුසුම්-උණුහුම මේ හැම එකක් එක්ක තමයි ආදරේ පැවැත්මේ ස්භාවය තිරණය වන්නේ.

සමහර විට ඔයා කාලයක් යද්දී අනෙකා මත යැපෙන්න ගන්නවා. ඔයා හිතනවා මේක යුතුකමේ කොටසක් කියලා. ආදරය තුල එහෙම බල අධිකාරීන් රදා පවත්නේ නැහැ කොහොමවත්ම. මොකද ආදරය කියන්නේ ඒ මොහොතේ ආදරයේ පැවැත්මේ ස්භාවය විතරක් වන නිසා. ඔයායි එකට ඔයාගේ නිරිවාචික උත්තර හොයා ගන්නේ, එක නිකම්ම ස්වයං විදීමක් වෙනවා මොහොතක. ඒ ස්වයං විදිමේ ත්වරභාවය මත ඔයා අනෙකාව තෙරුම් ගැනීම කෙරෙහි නැඹුරු වෙන්න ගන්නවා, අනෙකාට ගෞරවයක් ඇතිවෙන්නේ අන්න ඒ අවස්ථාවේදී. වචන භාවිතා කරමින් සංනිවේදනය කරන අපි ආදරය තුලටත් ඒ භාෂාවම ගෙන එමින් තියෙනවා. එත් ඇත්ත කාරණය ඔයාට හැගෙන දැනෙන දේ කියන්න භාෂාවක් මොකටද කියන කාරණයයි. අන්න එතැනදී හැමෝම වගේ මගහැර යමින් ආදරය තවත් එක් යුතුකමේ ස්භාවයක් හරි ගණු දෙණුවක් යැයි සිතමින් කටයුතු කරන්න පෙළඹෙනවා. ආදරය කෙරෙහි ඔයා සංවේදී වන තරමට තමයි අනෙකාව තමා තුල හට ගැනීමට අවකාශය සැලසෙන්නේ. එක හරියට ඔයාට පියාඹන්න පුළුවන් වුණා වගේ වැඩක්. ඔයාට දැං පියාඹන්න පුළුවන්, ඔයා හැමදේයක්ම අමතක කරලා දාලා පියාඹා යනවා වෙනත් හිත් අහසක, ඔයාට දැනෙන්නේ හරිම නිදහස් හැගීම් සමුහයක්. ඔයාගේ භාෂාවෙන් ඔයා සුරක්ෂිතයි කියලා ඔයාට දැනෙන්න ගන්නවා. හැබැයි එතැන අවධානමක් තියෙනවා. මොකද ඔයා මොහොතකය හරි ඔයාගේ සංවේදීභාවය ගැන තැකීමක් නොකරන විටදී ඔයාට පියාඹන්න තියෙන ඉඩ ඇහිරෙනවා. හැබැයි මං කියන්නේ අන්තිමට ඔයා පියාඹන්න හරි ඉගෙන ගත්තනේ...සතුටු වෙන්න!!!


වෙරෝනිකා.....
මේක තනිකරම උමතුවීමක්.....!! ගොඩක් මිනිස්සු තමන්ගේ තත්වය අරක මේක කිය කියා මග හරිමින් ඉන්න තත්වයක්.අපි අපේ ඇකඩමික් හැදියාව තුල මේ උමතු ස්භාවය වසං කරමින ඉන්නවා. කාළයක් තිස්සේ පුරුදු පුහුණු කරපු මේ දෙය හින්දා අපිට අමතකව ගිහින් ජිවිතය සතුට අරං එන්න. එත් අපි ගොඩක් දේවල් කරමින් සතුට හොයනවා. හැබැයි පිරිපුන් ඇත්ත මිනිසා ඉන්නේ ඒ උමතු ස්භාවය තුල කියලා අපි කාලාන්තරයක් මුළුල්ලේ අමතක කරලා දමලා. දිගක් පළලක් හැඩයක් නැතිව ආදරය කරන්න ඔයාට ඒ උමතු ස්භාවයට පත් වෙන්නම වෙනවා. පාසල් යන කුඩා ශිෂ්‍යාවක් වගේ ඔයාට නිදහස් වෙන්න වෙනවා. මොකද ඔයා විසින් ඔයාව වසා දමා ඇති තිර රෙදි ඉරා දමන තුරු ආදරය පවතින්නේ එයාට ගොඩක් ඈතින් නිසා. ඉතිං අනෙක් හැමෝම වගේ දෛනික ජිවිතයකට පුරුදු පුහුණු වෙලා දින ගණන් නිකං ජිවිතය විනාශ කරමින් ඉන්නවා. අපි අපේ හිත් නිර්වින්දනය කර මොලයෙන් වැඩ කරනතාක් අපිට සමාජය තුල සාර්ථක මිනිසුන් සේ පෙනි සිටිම හැකි වනු ඇත. එහෙත් ඇත්ත ජිවිතය තුල ඔයා ඉන්නේ කොච්චර කළුවරකද? කෙතරම් තනිකමකද? ඔයාට සබදතා බොහොමයක් තිබි තිබෙන්නට පුළුවන්! ඔයාට ජිවිත අහුවෙලා තියෙනවා නම් එතරම් සබදතා ගණනක් පැවැත්මට හෙතුව කුමක්ද? ඔයාට හැමතිස්සෙම ඔයා තුල තිබෙන දෙය මග හැරෙමින් තියෙනවා.

වෙරෝනකා.....
ගැහැණුන් මිනිසුන් වගේ යාන්ත්‍රිය වෙන්න පටන් අරං. යුද්දෙකට පුරුදු පුහුණු වෙන සෙබලු කොටසක් වගේ එගොල්ලෝ පිරිමි අනුකරණය කරමින් ඉන්නවා. ඉතිං හැමදාම වුණා වගේ පිරිමින්ට මග හැරුණු ආදරය ගැහැණු අතිනුත් ගිලිහෙන්න පටන් අරං. ඔයාට හිතා ගන්න පුළුවන්ද වෙරෝනිකා ව්‍යජ සම්බන්ධතාවයකදී තමන් කාට රැවටෙනවද කියලවත් නොදැන ගැහැණු හා මිනිස්සු හිනා වෙමින් සිටින අන්දම! ඔයා උමතු වෙන්න උමතු වෙන්න ඔයාට ඒ බොරුව පෙන්න ගන්නවා. හරියට නිශ්චල ජලය පෙරලා අපිට අපේ රූපය පෙන්නනවා සේ. 
ජිවිතය අදුරේ ගෙවන එක අපි නවත්වමු වෙරෝනිකා....
අදුර නසන්නට ප්‍රේමයේ පහන් අපි වෙරළාද්දර පත්තු කරමු....
මං ඔයා එනකං ගාලු මුවදොර ඇස් කන් ඇරං බලාගෙන......
ඔයා අදත් පරක්කුයි...!!!



Saturday, July 20, 2013

ආදරය කරන්න ඔබ සුදානම් ද?



ආදරය  නිර්-හිමිකාරකමක්. ආදරය යම් කෙනෙක් සමග කරන්න ඇති සෙයක් නෙමෙයි, එය ඔබගේ පැවැත්මේ තත්වයයි. ආදරය කියන්නේ සම්බන්ධතාවයක් නෙවෙයි. සම්බන්ධතාවයක් ඇති කර ගන්න පුවවන්, නමුත් ආදර සම්බන්ධතාවක් නෙමෙයි. සම්බන්ධතාවයක් පවතින්න පුළුවන් නමුත් ආදරය එයට සීමා නොවු ඊට වඩා වැඩි යමක්.

ඔබ ආදරවන්තයෙක් බවට පත් වන්න කලින්, ඔබ ආදරය බවට පත් වෙන්න ඔනේ. මිනිස්සු හිතන්නේ ඔවුන් ආදරය බවට පත් වෙන්නේ ආදරවන්තයින් බවට පත් විමෙන් පමණයි කියලා. ඔබට ආදරයක් නැතිව ආදරවන්තයෙක් වෙන්න බැහැ. 

ප්‍රේක්ෂකයෙතු රහිතව ඔබට නර්තනයේ යෙදෙන්න පුළුවන්. ඒ වගේම, ඇයි ඔබට ආදරය කරන්න බැරි එතැන යම් කෙනෙක් නැතිව? ඔබේ මනස වැරදි අන්දමට තත්වාරෝපණය කරලා. ඔබ හිතන්නේ ඔබට ආදරය කරන්න හැක්කේ එතැන ආදරය කරන්න යමෙක් ඉන්නවා නම් පමණයි කියලා. 

කවුරුවත් මත යැපෙන ආදරයක්, බොහෝ ම දුප්පත් ආදරයක්. ඔබගේ ඇතුලාන්තය නිර්මාණය කලා වු ආදරය, ඔබගේ පැවැත්ම තුලින්ම ඔබ නිර්මාණය කරන ආදරය තමයි සැබෑ ශක්තිය. 

ආදරය එය හැටියටම විකසිත විය හැක්කේ එය ඉල්ලා නොසිටිමේදීය. එය කේවලයක් නොවුනාමයි. එය තමන් එන විටදී, අවිඥාණකව පවා, එය අතිශය ලස්සනක් තිබෙනවා. ආදරය හට ගන්නේ නිදහස් මිනිස්සු දෙදෙනෙක් අතරයි, එකිනෙකාගේ වහල්ලු දෙපලක් අතර නොවේ. 



ඕෂෝ සංවාද
ජෝ. සෙනවිරත්න

Tuesday, July 2, 2013

වෙරෝනිකාගේ උමතුව - III


අපි මීටර් ටැක්සියක යමු.. 
මන්දෝදාරී වෙරෝනිකා දෙස බලා හඩ අවදි කලේ පඩිපෙල බසින ගමන්ය.

ඇයි.. ඔයාගේ කාර් එක..?

මීටර් ටැක්සියක යන එක කාර් එකේ යනවට වඩා වෙනස්.. ජීවිතේට නිතරම වෙනසක්  ඕනෙ. 
වෙරෝනිකා මන්දෝදාරිගේ කතාවට ඇහුම්කන් දෙමින් පඩිපෙල බසින්නීය. ඈට මාරිව මතක් වෙයි. විලෙත් මානසික රෝහලේදී ජීවිතේ වෙනස් කරගැනීම ගැන ප‍්‍රායෝගිකව කියාදුන් ගුරුවරිය මාරිය. ඈට මන්දෝදාරී තුලින් යලි මාරිගේ සුවද දැනෙයි. එය ඇතුලාන්තයෙන් එන සුවදකි. 

මොනවද කල්පනා කරන්නේ...? 
මන්දෝදාරී පාර දෙසට ඇවිද එන අතර තුර නිහඩතාවය බිදියි.

මට ඔයාගේ සුවද දැනෙනවා.. 
ඒ හඩ වෙරෝනිකාගේ හදවතින් ගලා ආ හඩක් බව මන්දෝදාරීට වැටහුණි. ඈ වෙරෝනිකාගේ සියුමැලි දකුණත අල්ලා ගනී. 

භාණු කියන්නෙත් ඇතුලාන්තෙන් සුවද විහිදුවන මනුස්සයෙක්.. මන්දෝදාරීගේ හඩෙහි බිදුනු ස්වරයකි. වෙරෝනිකා මොහොතක් මන්දෝදාරී දෙස බලන්නීය. අනෙකාගේ වාක්‍යයේ අග්ගිස්සෙන් අල්ලාගෙන කතා කිරීමට මන්දෝදාරී තුල ඇත්තේ අරුම පුදුම හැකියාවකි. බොහෝවිට මන්දෝදාරීගේ කතාව නාට්‍යමය ලක්‍ෂණ ගනී.  ඒ නිසාවෙන්ම ඈ දෙස බලා සිටීමට වෙරෝනිකා පි‍්‍රය කරයි. පාරේ ආ තී‍්‍රරෝද රථයකට අත දැමු මන්දෝදාරී වෙරෝනිකාගේ අතින් අල්ලාගෙන ඊට ගොඩ වේ. 

පන්නිපිටියට.... යමු.. 
මන්දෝදාරීගේ හඩ තුල සංවේදී විධානයකි. තී‍්‍රරෝධ රථය සුලංපහර කපාගෙන කොට්ටාව දෙස බලා ඇදෙන්නට විය.

භාණු කියන්නේ හොද මයිමින් ආර්ටිස් කෙනෙක්.. මට භාණුව මුලින්ව හම්බවෙන්නේ මහරගම යුත් එකේදි.. එදා ඉදල අදවෙනකම් භාණු කියන්නේ ගතිගුණෙන් නොවෙනස් මනුස්සයෙක්.  ඕනම වෙලාවක අපි ඒ වැඩේ කරමු කියල මිසක් බෑ කියල කියන මනුස්සයෙක් නෙමේ.. 
මන්දෝදාරීගේ හඩෙහි වෙව්ලූම් ස්වරූපය නිසාවෙන්ම ඈ දැන් නැතුවට දැන් හඩාවැටෙතැයි වෙරෝනිකාට සිතෙයි. එබැවින් ඈ මදකට මාතෘකාව වෙනස් කිරීමට සිතා ගනී.

යූත් එක කියන්නේ මොකක්ද...?

යූත් එක කියන්නේ ලොකු ඉතිහාසයක් විසින් ගොඩනගපු ලොකු බිල්ඩින් තියෙන ඉඩමක් මං දවසක ඔයාව එක්කගෙන යන්නම්. ලංකාවේ තරුණ නැගිටීම් දෙකක් සිද්ධ වුනා එකක් හැත්ත එකේ අවුරුද්දේ. අනික අසු අට අසු නවය අවුරුදුවල. 

තරුණනැගිටීම් වලයි ඔයා කියන යූත් එකෙයි සම්බන්දේ මොකක්ද..? වෙරෝනිකාට පැහැදිලි මදි විය.

පළවෙනි වතාවට නිදහස් ලංකාවෙ තරුණයෝ නැගිටීමක් වුනේ හැත්ත එකේ. මේකට නායකත්වේ දුන්නේ රෝහණ විජේවීර කියල තරුණයෙක්. ඒ කාලේ ලංකාවේ පාලකය විදියට හිටියේ සිරිමාවෝ බණ්ඩාරනායක කියල අගමැතිවරියක්. මේ කැරැල්ල විවිධ හේතූන් නිසා කොහොමින් කොහොම හරි මැඩපවත්ව ගත්ත ආණ්ඩුව ආපහු තරුණ නැගිටීමක් සිදුවෙන එක වැලැක්වීමේ අරමුණෙන් තමයි යූත් එක හැදුවේ... දියාරු තරුණපරම්පරාවක් නිර්මාණය කිරීම තමයි ඒ ගොල්ලන්ගේ උවමනාව උනේ. එත් ඒ අතරේ හිටියා ලේ තියෙන තරුණයෝ. ඒ ගොල්ලෝ පාලනය කරගන්න පුලූවං හයිය යූත් එකට නෑ.. ඉතිං ඒ මිනිස්සු එලියට බැස්ස. ඒ මිනිස්සු එලියට බහිද්දි වැඩ කරන්න පුලූවන් දේශපාලන සංවිධාන නෑ ඉතිං තනි තනියෙං යාලූ මිත‍්‍රයෝ එකතු කරගෙන වැඩ කරන්න පටන් ගත්තා. ඒ කට්ටිය අතරේ ඉදල තමයි මට භාණුව මුණගැහෙන්නේ.


ඇයි තරුණයන්ට වැඩකරන්න පුලූවන් දේශපාලන කණ්ඩායම් නෑ කිව්වේ ඔයා..? 
වෙරෝනිකාගේ හඩෙහි දැඩි කුතුහලයෙකි.
මන්දෝදාරීට දොස්තර ඉගෝර්ව මතක් විය. වෙරෝනිකාට වැලදී ඇති උමතුවේ ස්වභාවයන් පිළිබදව දොස්තර ඉගෝර් කල දැනුවත් කිරීමට අනුව දේශපාලනය පිළිබදව වෙරෝනිකා තුළ උනන්දුව වැඩිවන සෑම අවස්ථාවකම එය යටපත් කල යුතුය. ඊට හේතුවක් ඇත. ඒ මේ උමතුව අනුව ඈට පාලනය කරගත නොහැකි ලෙස තරහ යෑමට ඉඩ ඇති බැවිනි.

මං ඔයාට ඒ ගැන පස්සේ කියන්නං ... දැන් අපි ඉන්නේ මල ගෙදර ඉස්සරහ.. 
මන්දෝදාරී තම පසුම්බිය ගෙන තී‍්‍රරෝධ රථයේ ගාස්තුව ගෙවා දමා වෙරෝනිකාගේ අතින් අල්ලාගෙන මල ගෙදර දෙසට ඇවිද යන්නට විය.
තැන තැන දල්වාගත් විවිධ ප‍්‍රමාණයේ සිගරට් අතැති තරුණයෝ හා ශරීරයෙන් වයස්ගත එහෙත් ජීවමය දෑස් ඇති පුද්ගලයෝ අල්ලාප සල්ලාපයේ යෙදී සිටින ආකාරය දෙස විමසිලිමත්ව බලමින් වෙරෝනිකා මන්දෝදාරී පිටුපසින් ඇදී යන්නට වේ.
සියු දෙනාගේ මුවින් පිටවන වචන භාණු මාතෘකා කරගෙන සිටී. 

මගේ ෂෝට් ෆිල්ම් එකේ කැමරා කරල දුන්නේ භාණු අයියා.. උදේ තමයි කිව්වේ මේකප් කරන්න..........ට එන්න වෙන්නේ නෑ කියල. උඹ බය වෙන්න එපා කියලා එකත් කරල දුන්නා බං.. 
සිහින් දිගැටි මුහුනැති තරුණයා පමණට වඩා සංවේදීව ඇති බව වෙරෝනිකාට අවබෝධ විය.

දවසක් මචං දැන් අපි ෂුට් එකට ගිහිං ඉන්නවා.. භාණුව තමයි මේකප් කලේ ... වැඬේ ඩිරෙක් කලේ අපේ ........ ඉතිං දැන්  කොට ලොරියක් බාන සීන් එකක් ගන්න තියෙන්නේ... පොර එකසැරේට භාණු කියල භාණුට කතා කලා... මේ යක්කු ටික කොට ටික බෑව කියපංකෝ... කිහිපදෙනෙක් භාණු ගැන කිසියම් රසකථාවකි.

ගෑනුම කී දෙනෙක් ෆීල්ඞ් එකට ගෙනාවද මූ... අන්තිමට උන් සේරම මොකද කලේ... වෙන වෙන උන් එක්ක එල්ලිලා යන්න ගියා... අපේ භාණු තනි වුනා... 
එහෙම කියන්න බෑ  ඕනම කෙනෙකුට අයිතියක් තියෙනවා තමන්ට එකට ඉන්න බෑ කියලා හිතෙනවනං යන්න... භාණුවත් ඒ ගෑනුන්ට වචනයක් කිව්වේ නෑ ඔයා මොනවද මේ කියන්නේ....? 
දෙදෙනෙකු භාණුගේ පේ‍්‍රමයන් පිළිබදව සංවාදයකි.

නිවෙස තුලට ගිය වෙරෝනිකා භාණුගේ දෙන දෙස මොහොතක් නිහඩව බලා සිටී. මේ නිදන මිනිසා සදාකාලික නින්දට වැටී සිටියත් පිටත මිනිසුන්ගේ ජීවිත කෙරෙහි කොතරම් විශාල බලපෑමක් කර ඇද්ද..? වෙරෝනිකා කල්පනා කරන්නට විය. ඇතුලාන්තෙන්ම සුවද විහිදුවන මිනිසෙක් භාණු ඔබ.. වෙරෝනිකා මොහොතක් හැගීම්බරව බලා සිට නැවත මිදුල දෙසට යන්නට පිටත් වෙයි. ඈට මන්දෝදාරී භාණු පිළිබදව ලියා තිබුණු පද පේළීයක් සිහි වේ.

කලා භවන හිමිනැත නුඹට....
එයම මහ කරුමයෙක.......
නුඹේ ඔය කුඩා නිවහන .... 
කලා භවනකි අපට.... ආදරණීය භාණු.


_________________________________________ඉතිරිය පසුවට

විශේෂ ලියුම්කරුවෙකු විසිනි.

Friday, June 28, 2013

අධිවේගී ජිවිතයට ආදරය අළුතින්



වෙරෝනිකා............!!!
මානසික රෝහලෙන් පැන ආ දා පටන් මම නිහඩවම නිසොල්මන්ව බලාගෙන ඉන්නවා. එක් පැත්තකින් අතෝරක් නැතිව කියවගෙන කියවගෙන යන ඔයා, අනෙක් පැත්තේ හැල්මේ දුවන ලෝකයක්. හැමෝටම තියෙන්නේ පුදුමාකාර හදිසියක්. නිශ්චිත කාළ සටහනකට හුරුවු ජිවිත ගොඩක්. ඒ කෙටි කාළය තුල ගොඩ ගසා ගත්තා වු භෞතික සම්පත් ගොන්නක්.

වෙරෝනිකා..............
යම් නිශ්චිත කාලක් ආවම මේ සියලූ සබඳකම් අවසන් කර අපිට යන්න වෙනවා. ඉතිං මං කැමති ඔයාටත් යෝජනාවක් කරන්න. අපි දුවන එක නවත්වමු. මොකද අපි කොච්චර හයියෙන් දිව්වත් අපිට අපි නොදන්න අවසානයක් උරුමයි. අපි හිමින් මේ ජිවිතය විදිමු. ගැහැණියකගේ ආදරය වෙනුවෙන් බැගෑපත් වන ඉවසීම නැහැ ඒ ගැහැණිය තමන්ගේ කර ගත්තහම. ඒ ඉවසීම එන්න එන්න හීන වෙමින් හීන වෙමින් යනවා. මට කියා දෙන්න ඔයාට හැමදාම වෙනස් ආදරයක් ගෙන එනවිදිහ.
ඔයාට මතකද ඔයා මාව මුල් සැරේ සිපගත් විලාසය. එතැන බයක් තිබුණා ආගන්තුක අත්දැකීම් ගොන්නක් එක්ක. නුහුරුකමක් තිබුණා ලොකු ඉවසීමක් හා බලාපොරොත්තුවක් එක්ක. එන්න එන්න අපි එක අතුරුදහන් කර ගනිමින් ඉන්නවා. 


ඔයාට දැං වුණත් ලොකු හදිසියක් තියෙනවා මේක කියවගෙන කියවගෙන යන්න. මේ වචන අතර තියෙන ඉඩ පවා නොතකන්න තරම් ඔයා වේගවත් වෙලා. එහෙම හුරුවෙලා. ගැහැණියක් කියවන්න, වේගය නෙවෙයි අවශ්‍ය වෙනනේ ඉවසීම. ලෝකයක් පිළිබඳ අවබෝධය. කිසිදු දෙයක් නොදන්නා මිනිහෙකුගෙන් ගැහැණියක් බලාපොරොත්තු වෙන්නේ මොනවද? මග හැර හිදීම හා බලාපොරොත්තුව හිදීම කියන්නේ කාරණා දෙකක්. ගැහැණීයක් තම මුලූ ජිවිත කාළය පුරාම කරමින් හිදින්නේ බලාපොරොත්තුව හිඳිම පමණක්මයි. ඇයව පිරිවීම සඳහා ඔබ කරමින් ඉන්නේ මොනවද කියන කාරණයයි මෙතැනදි වැදගත් වෙනනේ. සමහර විට ඔබ මේ සියලූ සුඛෝපබෝගී ජිවිතයන් අල්ලා ගැන්මට තැත් කරන්නේ එනිසා යැයි ඔබ කියයි. එත් ඇත්ත කාරණය ඔබ, ඔබට ඇය අභිමුඛ නොවී සිටිමට මේ හැමදේම කරමිනුයි සිටින්නේ. ඔබ බයයි, ඔබ බයයි ඔබව නිරාවරණය වෙයි කියා. ඔබ බයයි ඔබේ අඳුරු කුටිය තුලට ඇය රුගෙන එන ආලෝක කදම්බයට. ඔබ කවමදාවත් ආලෝකය දැකලා තිබුණේ නැහැ. ඔබ ඒ ගැන අසා තිබුණා පමණැක්මැයි. ඉතිං ඔබ හොඳ පවුල් ජිවිතයක් ගෙවන්නේ කෙසේද කියා පොත් පීරමින් ඉගෙන ගනිමින් ඉන්නවා. 

වෙරෝනිකා
ඔයා මොකද කියන්නේ මගේ යෝජනාවට. හැමදාම දෙන හාදුව ජිවිතේ පළමු වැනි හාදුව සේ වෙන්න ඔබ කැමති ද. ඔයාව තිගැස්සිලා ඇවිස්සෙනවට ඔයා ආසා ද. පුරුදු පුහුණු වීම කියන කාරණා අපි අත්හැර නුපුහුණු පෙම්වතුන් සේ ජිවිතය අතිවිඳමු ද. 
කුඩා අංශූමාත්‍රිකව වර්ග වෙමින් හිදින ලොකයක් තුල අපි අන්තය සේ ආදරය කරන්න පෙළඹේමුද? වචන දිගේ ආදරය හොයන එක අතුහැරලා දාලා ජිවිතය ආදරයෙන් පුරවන මං හොයමුද? කාර්්‍යය බහුල ජිවිතය තුල මන්දගාමිව ආදරය පුරමුද?

වෙරෝනික....... 
අර උස තාප්පෙන් මෙහා පැත්තට මං පැන්නේ හීන කන්දක් හිසේ තියාගෙන. එත් මට දැං තියෙන්නේ එක හීනයයි. ඒක උන්මත්තක හිනයක්, දිග පළලක් නැති හරි හමන් හැඩයක් නැති ඒ ආදරේ හැටිමයි. ඒ ආදයේ නම වෙරෝනිකායි. ඉතිං මං පරණ ලෙඩේ අළුතින් වැළදුණු රෝගියා සේ ඔයාට ආතුරවෙලා....!!!







Thursday, June 27, 2013

වෙරෝනිකාගේ උමතුව - II




 වෙරෝනිකා කටුනායක ගුවන් තොටුපලෙන් බසින විට සවස හය පසුවි තිබුණි. ඈ තම ගමන් මල්ලද ඔසවාගෙන පිටවීමේ දොරටුව වෙත ලගාවුනි. කාකි නිල ඇදුම් ඇගලාගත් බොහෝ පිරිසක් අවට හැම තැනම රැකවල් ලා සිටිනු වෙරෝනිකාට මතක අඩ සිහියෙනි.
අනේ එදුවා ඔයා මාව එවල තියෙන්නේ ලෝකෙ තියෙන ලොකුම පිස්සන් කොටුවට ද...? තම ගමන් මල්ල බිම තැබූ ඇය දෑස් පිසදා වට පිට බලන්නට විය. මේ වාට්ටුවේ ඉන්න පිස්සෝ විලෙත් වලට වඩා ගොඩක් නපුරු අය වෙන්න  ඕනෙ ඈ තමාටම කියා ගත්තාය. එපමණක් නොවේ ඈ තමන් පිළිබදව පරෙස්සම් වීමටද සිතා ගත්තාය. 
කාකි නිල ඇදුම් වෙරෝනිකාට කෙතරම් බිය ඉපද වූවාද යත් ඇගේ හිස කකියන්නට පටන් ගත්තාය. මීට පෙර විලෙත් වාට්ටුවේදි තමාට සැර බෙහෙත් ලබා දුන් අවස්ථාවේදි ඇතිවූ වේදනාවට වඩා අධික වේදනාවක් වෙරෝනිකාට දැනෙන්නට විය. මේ දැන් තමා බිම ඇද වැටේවියැයි සිතුනු නිසාවෙන් ඈ බිම ඉද ගත්තාය. කෝ මේ මන්දෝදාරී.......?
............................................................................................................

මන්දෝදාරී නිළියකි. දොස්තර ඉගෝර්ගේ හිතවතියකි. ඒ මීට වසර කිහිපයකට පෙරය. එකල දොස්තර ඉගෝර් ලංකාව පිළිබදව අධ්‍යනයක යෙදී සිටි කාලයකි. එකල ඉගෝර් කි කතන්දරයක් දැනුදු ඇගේ සිහියට එයි. 

මනෝවෛද්‍යවරු හැදෙන තරමට මේ රටට වැදගත්.. 
මන්දෝදාරී ඉගෝර් දෙස බලා හඩනගා සිනාසුනාය. 

ඩොක්ටර් කියන්නේ අපේ රටේ ඉන්නේ පිස්සෝ කියලද...? 

අනේ නෑ... ඒත් මේ රට යන්නේ පිස්සු අවසානෙකට. පිස්සුවකට යන රටක ඉන්න මිනිස්සු එක්කෝ පිස්සෝ වෙනවා. එහෙම වෙන්න බැරි අය සියදිවි නසා ගන්නවා. එහෙමත් නැතුව ජීවත් වෙන්න උත්සාහ කරන මිනිස්සු මරලා දාන්න සිද්ද වෙනවා... 
දොස්තර  ඉගෝර් හඩනගා සිනාසුනත් මන්දෝදාරීට එලෙස සිනාසිය නොහැකි විය. ඈ ඉගෝර් දොස්තරගේ දෑත් දැඩිව අල්ලාගෙන ඔහුගේ දෑසට එබුනි. 

ඔයා කියන විදියට වෙයි නම්... ඇයි අපට මනෝවෛද්‍යවරු...?

බය වෙන්න එපා...
දොස්තර ඉගෝර් සාමාන්‍ය පරිදි සැහැල්ලූ සිනාවක් පා මන්දෝදාරී කිටි කිටියේ අල්වාගෙන සිටි තම අත් මුදා ගනිමින් කතා කරන්නට විය. 

මනෝ වෛද්‍යවරු උවමනා වෙන්නේ උමතුනොවී ඉන්න මිනිස්සු උමතු කරන්න.
............................................................................................................

මන්දෝදාරි වෙරෝනිකාව පහසුවෙන්ම හදුනා ගත්තාය. ඈ වෙරෝනිකා අසලට දිවවිත් ඇයව නැගිට්ටුවා ගත්තාය.    

යමු වෙරෝනිකා.... 
වෙරෝනිකා මන්දෝදාරී දෙස තම දෑස් විසල් කරමින් බැලූවාය.  

මම ඩොක්ට ඉගෝර්ගේ යාලූවා මන්දෝදාරී....

ඔයා හෙදියක්ද...? වෙරෝනිකා අසිරුවෙන් වචන එකතු කලාය.

නෑ මම නිළියක්.... මන්දෝදාරී පිළිතරු දුන්නාය. 

මං මේ ඉන්නේ මානසික රෝහලක නේද...? 

මන්දෝදාරී කිසිවක් නොපැවසුවාය. ඈ වෙරෝනිකාගේ බෑගයද ගෙන තම කාරය වෙත ගමන් කලාය. වෙරෝනිකාව කාරයට නංවාගත් ඇය සුහදව වෙරෝනිකා දෙස බැලූවාය.. මේක රටක්. විලෙත් වලට වඩා නපුරු වාට්ටුවක් කියල හිතන්න එතකොට ඔයාට ජීවත් වෙන්න ලේසි වෙයි. නැවතත් හොදින් දෑස් හැර අවට බැලූ වෙරෝනිකා කාරයේ තම අසුනට බරවි නින්දට වැටුනාය. කාරය පිටත් වුනි. වරින්වර අදුර මැදින් විවිද පැහැති එලි තම මුහුණට වැටෙනු ඈට සිහිනෙන් මෙන් මතකය.
අගෝස්තු මාසයේ ලංකාවට පැමිනි වෙරෝනිකා මහරගම පිලියන්දල පාරේ මන්දෝදාරිගේ නිවසේ නවාතැන් ගත්තාය. පෙරේදා වන තුරු ඈ හොදින් නිදා ගත්තාය. දොස්තර  ඉගෝර් ඉඩලද හැම විටම මන්දෝදාරීට කතා කර විස්තර විමසු අතර ඈට බාදා නොකරන්නැයි මන්දෝදාරිට පැවසුවේය.

මේ දවස්වල වෙරෝනිකාව අවදි කරන්න එපා විශේෂයෙන්ම එයාට ටීවී එකනම් බලන්න දෙන්න එපා. මොකද මං දැක්කා පහුගිය දවස් වල ඔයාලගේ රටේ අතුරුදන් වෙච්ච මාධ්‍යවේදියෙක් ගැන පාර්ලිමේන්තු කතාව. ඒ විතරක් නෙමේ ඔයාලගේ රටේ මිනිස්සුන්ට ලෝක ප‍්‍රජාව තහනං කලා කියපු කොටි සංවිධානය පහුගිය දවස්වල එංගලන්තෙදි කි‍්‍රකට් ග‍්‍රවුන්ඞ් එකට බැහැල කරපු දේ මං දැක්කා. මේ දෙවල් වලට ඔයාගේ රටේ මිනිස්සුන්ට ප‍්‍රශ්නයක් වෙන්නේ නෑ එයාලා උපතින්ම රැවටීම උරුමකරගෙන ඉපදුනු මිනිස්සු නිසා.. එත් මේ දේවල් වෙරෝනිකාට දැන්ම ප‍්‍රශ්න වෙන්න පුලූවන්... මොකද එයාට ඇත්ත හා බොරුව කියන දේ තේරුම් ගන්න බැරිවෙයි. එහෙම උනොත් ඒක ලොකු ප‍්‍රශ්නයක් වෙනවා...

දොස්තර ඉගෝර්ගේ පෙරැත්ත නිසාවෙන් මන්දෝදාරී වෙරෝනිකාට රිසි සේ නිදා ගන්නට ඉඩ දුන්නාය. මන්දෝදාරීගේ හිතවතෙකු මිය ගිය පුවත පොහෝදින උදෑසන ඇයට දැන ගන්නට ලැබුණු නිසාවෙන් මන්දෝදාරීට මල ගෙදර යාමට උවමනා විය. වෙරෝනිකා තනිකර දමා යෑමට නොහැකි නිසාවෙන් ඈ වෙරෝනිකාව අවදි කලාය.

වෙරෝනිකා අවදි වූයේ භානුගේ මලගමට යෑමටය.

_________________________________________ඉතිරිය පසුවට

විශේෂ ලියුම්කරුවෙකු විසිනි.


Thursday, May 23, 2013

ප්‍රේමය වැස්සක්ව වහින් ඉඩ දෙන්න



වෙරෝනිකා.....
ආදරය කියන්නේ සිප වැළද ගැනීම්, යහන් ගතවීම්, තොදොල්බස් දෙඩවීම් කියන සමස්ථයට. එත් ඒවා වෙන වෙන වශයෙන් දකින්න උත්සහා කරන්න හදන්නේ ඇයි කියලා මට තෙරෙන්නේ නැහැ. බොහො විට නිදියහනට ගොඩ වැදුණු වහාම ප්‍රේමය අතුරුදහන්ව සමාජ විරෝධි වැඩක් කරනවා වගේ බියක් හිතේ ජනිත වෙන්නේ ඇයි? ආදරය ඇතුලේ යහන් ගතවීමට සුවිශේෂි ස්ථානයක් අත්වෙන්නනේ ඇයි? අනිත් හැම දෙයම එතැන තියෙද්දි ප්‍රේමය විතරක් යහන මත නැත්තේ ඇයි?

වෙරෝනිකා..... ඔයාගේ සමස්ථය නොදැන මම කොහොමද ඔයත් එක්ක මුළු ජිවිත කාළයක් ගෙවා දමන්නේ. ඔයාට පුළුවන්ද වචන මතම විතරක් මාව තේරුම් ගන්න. 

වේදනාවක් අස්සේ මිරිකි මිරිකි ඉන්නවට වඩා ජිවිතය තෙරුම් ගැනිම මෙතැනදි වැදගත් වෙනවා. අපි දන්න කාළයක ඉදලා යහන් ගතවීම කියන්නේ පාපකාරි ක්‍රියාවක් ලෙස අප තුලට කා වද්දලා තියෙනවා. ආගමිකවත්, සමාජීයවත් අපිව බය කරලා තියෙන්නේ! එහෙත් ප්‍රේමයේ සමස්ථය ඇතුලේ කුඩු වෙන්න අපේ ශරීර කුඩු දෙක එකට එකාසු වෙන්න ඔන වෙනවා, ඒක හුදු යහන් ගතවීමකට එහා ගිය ප්‍රේමණීය කුඩු වීමක්. එත් අවාසනාවට ඔයා ඒක ඇතුලට වෙන වෙන කරුණු කාරනා ගෙන
එමින් ඉන්නවා. ඔයා ශාරීරිකව එක් තැනක උන්නට ඔයාගේ හිත එහේ මෙහේ. අනික වක්කඩේ කැඩුවා සේ ඔයා යහන මත කියවනවා. නමුත් ඇය ඔයාව කියවමින් ඉන්නවා, නිහඩවම. දැං ඔයාට සිද්ධවෙනවා අළුතින් හිතන්න, එයාව පුර්ණ වශයෙන් දැන ගන්න. ඔයාසේම ඇයවද මේ ප්‍රේමය ඇතුලේ දෝරේ ගලන්න හරින්න ඔයාට මෙතැනදි සිද්ධ වෙනවා අළුත් ප්‍රවේශයක් ගන්න. ඇය කාළාන්තරයක් තිස්සේ උන්නු හෙම්බත්විම පසෙකලා ඇයට අළුත් මාර්ගයක් හොයලා දෙන්න ඔයාගේ ප්‍රේමයට පුළුවන් වෙන්න ඔනී. මෙතෙක් ඔයා ඇය හා දොඩමළු වෙච්ච කිසිදු වචනයක් මෙතැනදි වලංගු වෙන්නේ නැහැ. මේක හුදු හිස් අවකාශයක් අවබෝධ කර ගැනීමට ඔයාට භාවනාවක් අවශයි. ඉවසීමක් අවශයි. ඉවක් අවශයි.

ටිකෙන් ටික රෝස මලක් පිපෙනවා සේ ඇය ඔයාගේ ප්‍රේමය තුල දෝරේ ගලමින් පිපෙන්ට ගනිවී. ඔයාගේ ආදරයේ පරිමාව මත ඔයාට පුළුවන් ඇයට අළුත් මගක් කියලා දෙන්න ඔයාගේ ප්‍රේමයට ඇතුළු වෙන්න. මලක් වුණත් ලස්සන පුර්ණව පිපලා තියෙන විටකයි! 

ඉතිං මේක අවධනමක්...!! ඔයා ප්‍රේමය තුලට ඇත්ත ඔයාව ගෙන නොඑනතාක් ඔයා යහන් ගතවෙන්නේ ගිණි ගොඩක් උඩ.

වෙ‍රෝනිකා..!! අපිට අපිව හදුන ගන්න අපි අපිට ම අවංක වෙන්න වෙනවා. අපේ නොහැකියාවන හැම එකක්ම අනෙකෙක් එක්ක බෙදා ගන්න වෙනවා. සිනහව වගේම කදුලත්, සතුට වගේම දුකත් ඔයාට බෙදා ගන්න සිදු වෙනවා. එතැනදි බය නැතුව ඔයා කට ඇරලා කියන්න පුළුවන් නම් ' මං ඔයාට ආදරෙයි, මං ඔයත් එක්ක ඉන්නවා' කියලා එක ඔහුට ලොකු ශක්තියක් වෙව් ආදරය තුල ඔයාව රැක බලා ගන්න.

හැමතිස්සෙම ආදරය මගහැර ගන්නේ ඔබ විසින්මයි. මේ සදත් ගැබ්බරව ඉන්න කාළයයි. ඇයි ඔබ තවම තනියම!! 


Saturday, May 4, 2013

එන්න මේ වැස්ස විදින්න




දිර්ඝ පෑවිල්ලකට පසු එන වැස්සත් එක්ක හැමදාම වගේ පාරේ බැහැලා යන්න බැරි කමක් එනවා. පොඩි වැස්සකින් පවා මුළු නගරය තදබදයකින් වෙලා ගන්නවා. එක පෙලට ලයිට් පත්තු කර ගනිපු සුඛෝපභෝගී වාහාන හිමින් හිමින් ඇදෙන්න ගන්නවා. මෙච්චර දවසක් කිසිදු හදිසියක් නොතිබුණු මිනිසුන් වැස්සත් එක්ක ලොකු හදිසියකින් ගෙදර දුවන්න ගන්නවා හැමෝම එක විට. පොඩි පාරක වාහාන ගොඩක්......

වෙරෝනිකා........
ජිවිතය තනිව ජීවත් වීම හැර ‍අන් රස මගක් මෙලොව නැහැ. ඔයත් එක්ක ජිවිතේ මුහු වුණාම මගේ ලෝකය විශාල වෙනවා. එත් ඒ විශාලත්වයට අපි හැමෝම බයයි. ඒක දරා ගන්න පුළුවන් දැණුමක් අපිට කෙහෙන්වත් හමුවෙලා නැහැ. විරසකවීම් ඇතුලේ තියෙන්නේ එකිනෙකාට තර්ජනය කර ගැනීම්. ආදරය කරන්න පුළුවන් මිනිස්සු මේ දුපතේ නැහැ කියලා මං තේරුම් ගනිමින් ඉන්වා. තව මිනිසෙක් තම ජිවිතය දික් විජය කරමින් යන විට එක යටහත් විමක් ලෙස අපි ඔළුවෙන් තේරුම් ගන්න හදනවා. එත් හදවත කියන්නේ අන්යමක්. අවුරුදු ගණනක් ඔළුව පාවිච්චි කරලා වැඩ කරපු මිනිස්සු විදිහට ආදරය ඇතුලේ තියන මනුස්සකමත් අපි භාර ගන්නේ ඔළුවෙන් මිස හදවතින් නෙවෙයි. අපි තර්ක ගේනවා. හුදෙක් ඒ මෙහොතේ ඇති ශූංගාරත්මක රසය මග හරිමින් අපි අපේ උගත්කම ඉදිරියට ගෙනෙමින් ඉන්වා. කොටින්ම අපි පොරත්වය චූන් කරන්න හදනවා අතිශය පෞද්ගලික වූත් අතිශය මානුශික වුත් තැනකට. 

එක පෙලට යන රථ පෙරහැර දිගේ වැස්සේ තෙමි තෙමි මේ මොහොතේ බලා ඉන්න එකම මිනිසා මම, මම වැස්සට ආදරෙයි. මට මගේ ශරීරය මත වැටෙන හැම වැහි බිදුවකම විශාලත්වය වෙන වෙනම දැණෙනවා. ඒවා වේගවත්ව මහා වැස්සකට අර අදින කොට තෙතබරිත කම විසින් ජිවිතයට ගෙන එන්නේ අස්වැසිල්ලක්. නිවනක්. වැස්ස කියන්නේ භාවනාවක් ආදරය වගේ. ඔයා එකට කවි ලියනවා, ඔයා ඒකට දාර්ශණික සංකල්ප ගෙන එනවා. එත් ඔයා වැස්සේ තෙමෙනේනේ නැතිව වාහනයට ගොඩ වැදිලා ගෙදර හදිසියේ දුවනවා. වැස්සට ඔයාගේ තත්වය දියවෙයි කියලා ඔයා බයයි. වැස්සට ඔයා වෙනස් වෙයි කියලා ඔයා බයයි. එත් වැස්ස කවි ලියනවා, ඔයා ඒකට දාර්ශණික සංකල්ප ගෙන එනවා. 

ඔයා බොහොමයක් දේවල් එක්ක එකට පැටලිලා..... මගේ තොල් ඔයාගේ ගෙල දිගේ පහලට රූටා එනකොට ඔයාගේ අඩවන් වන දෑස් වලින් වචනයෙන් කියන්න බැරි බොහෝ දේවල් කියමින් හිටියේ. ඒක ඔයාගේ පියයුරුවක් මත රැදෙද්දී ඔයාගේ හුස්ම ඉහළ පහල යෑමේ වේගය වෙනස්වීම හරියට වැස්ස වගේ, එක වෙලාවකට ලොකු වැහි බිංදු තව වෙලාවක තද වැස්සක්.... එත් ඔයාට තිබුණේ රාගයයක්, මට තිබුණේ ආලයක් මම හිටියේ ඔයාගේ ශරීරයේ දිග පළල මැන මැන. වැස්ස වැටෙන්න කාළයක් ගන්නා සේම ඔයාව තෙතබරිත කරන්න මට කාළයක් ඔනේ. ඒක වචන වලට එහා ගිය අවබෝධය පිළිබද ගැටලුවක්. ඔයා නිරුවතින් කියලා ලෝකයාම දැන ගත් විට ගල් ගහන්න ඒ මිනිසුන්ට පහසුයි. එත් ලෝකයක් ඉදිරියේ නිරුවත් වෙන්න ආත්ම ශක්තියක් තියෙන්න ඔනේ. ඔයාගේ ම වචන ආයෙමත් පාරා වළලක් සේ ඔයාටම දමල ගහද්දී මිනිස්සුන්ට දැනෙන්නේ නිරුවත් වීම පිළිබද ලැජ්ජාවකට වඩා ඒ ගැනකළකිරිමක්. එත් ඔයා තුල තියෙන ආත්ම ශක්තිය පිළිබද හරි ඔයාට සතුටු වෙන්න පුළුවන්. මොකද හැම එකාම දිර්ග කාලිනව බලා හිද ඇත්තේ ගල් අතැතිව මිසක් ආත්ම ශක්තිය හිතේ දරාන නෙවේයි. 


වෙරෝනිකා........
ජිවිතය කියන්නේ දෙවියෝ, යක්ෂයෝ සහ තිරිසන්නු නෙවේයි. ජිවිතය කියන්නේ උදෑසන පිබිද හිරු කිරණ සමග මිලින වී යන මලක උනන්දුවයි. එක් තුල මහා දාර්ශණික තර්ක නැහැ. පළමු හිරු කිරණ පහසින් නටන මල් වල ඇත්තේ උද්යෝගය හා දෝරේ ගලා යන සතුටයි.  තව මොහොතකින් මිය යෑමට සුදානම්ව සිටියද හිරු කිරණ ගැන ඒ මලට ආදරයක් තිබේනවා. ඒක පැවැත්මේ ගැටලුවක්. 
වෙරෝනිකා....... ආදරය යනු අරක මේක නෙවේයි. ආදරය යනු මේ මොහොතේ ඔයා‍මයි. ඉතිං ඔයාට දැං ඔයාව මග හැරිලා....එත් මං තාම ආදරය හොයනවා පත්තු වෙච්ච ඇස් දෙකක් ඇතුලේ


Tuesday, March 26, 2013



වෙරෝනිකා.... ඔයා අතෝරක් නැතිව කියවගෙන යනවා. අතරින් පරත හැඩ හිඩ තිය තිය ඔයා කියවගෙන යනවා. ඇත්තටම ඔයා කියවනවා නෙවෙයි ඔයා අනාගතය ගැන පිඹුරුපත් සකසනවා. අපි අරේහම කලොත් මෙහෙම අපිට ඉන්න පුළුවම්, අපි මේ විදිහේ තිරණයකට ආවේ මේ විදිහේ ජිවිතයක් හොයා ගන්න, මං නිහඩවම ඔයාගේ තාලයට නැලවෙන දෙතොල් දිහා බලාන ඉන්නවා. ඔයා එක එල්ලේ මගේ ඇස් දිහා බලාගෙන හිදිලා එකපාරටම අහනවා

" මොනවද බලං ඉන්නේ" කියලා....

මං හිනා වෙනවා. ඔයා රවනවා. ආයෙමත් ඔයා කියවනවා, කියවන ගමන් හොරෙන් මගේ ඇස් නාභි ගතවෙලා තියෙන් තැන් ගැන පරික්ෂා වෙනවා. ඔයාව නිරික්ෂණය කරනවාට ඔයා කෙහොමත් කැමතියි. රාගික දෑස් වලින් ඔයාව පිච්චිලා යන විදිහට බලනවට ඔයා හුගක් කැමතියි බව මං දැනං උන්නේ. 

එත් වෙරෝනිකා..... මට වඩා ඔයා හරිම සුක්ෂමයි. පිරිමියෙකුගේ පුංචි චලනයන් පවා දුර තියන් මැන ගන්න ඔයාට හොද හැකියාවක් තියෙනවා. ඔයා ගාව තියෙන රහස දැන ගන්න මට මේ මුළු ජිවිත කාළයම මදිවේවි. එත් මං නිහඩවම ඔයාව නිරික්ෂණය කරමින් ඉන්නවා. ඔයාගෙන් ඉගෙන ගනිමින් ඉන්නවා. මේ ආදරය පවා ලෝභ නැතිව මුළු ශක්තියෙන්ම ඔයාට බෙදා දෙන්න පුළුවම් වෙලා තියෙන්නේ මං ටික ටික ඔයාගෙන් ඉගෙන ගත්ත හින්දා. මට වඩා ගව් ගණනක් දුර විහිදෙන ඔයාගේ ආදරය නිසා මං පිරෙන්න ගන්නකොට මට මාව හොයා ගන්න් පුළුවන් වන විදිහේ පාරක් ඒ මතින් තැනෙනවා. ඉතිං මං මාව ලෙහා ගන්න ගමන් ඔයාගේ ඇදුම් ලෙහෙනවා. ඔයා පුංචි කෙල්ලක් වගේ හැකිලෙනවා. ඇස් උඩ යනවා. ඩිංග ඩිංග ඔයාව ගිණියම් වෙන්න ගන්නවා. එත් ඔයා තවම ආදරෙන් පිරී ඉතිරෙන ගමන් ඉන්නේ, ඔයා‍ හොයන්නේ ආදරය, ඔයාව සන්තර්පණය කළ හැකි, ඔයාව නිවාලිය හැකි, ඔයාව සනසාලීය හැකි ප්‍රේමයක්..!
බොහෝ ආදරයන් කාළය සමග දියවෙලා වෙනින් දෙයකට පරිවර්ථනය වෙද්දී ඔයා අනන්තයක් සේ මට ප්‍රේම කරමින් ඉන්නවා ඔයා තුල විශාල ඉඩක් මට හදා දෙමින්. බොහෝ වෙලාවට වෙරෝනිකා මගේ කාර්යය බහුලත්වය ගැන ඔයා හිටියේ නොක්කාඩු කියමිනුයි. එත් ඒ කිසි වෙලාවක ඔයා මාව සිප ගන්න අමතක කළේ නැහැ. ඒ සිප ගැනීම තුලින්ම ඔයා මා තුල ඇති මානසික විඩාව දුරු කරමින් මාව අළුත් මිනිහෙක් කරනවා. ඒ නිසාම අපි ආයෙත් අළුත් විදිහේ ආදරයකට මුල පුරනවා. අපේ ආදරය ඇතුලේ අපි කී පාරක්නම් පරන හැව ඉවත් කරලා අළුත් එකකට රිංගගන ඇද්ද? තනි තනිව ගෙවු ජිවිත එකට එකාසු වුණහම ඒවා කොච්චර විශාල වෙන්න ගන්නවද.

වෙරෝනිකා......
මේක අවදානම් සහගත වැඩක්, හැමෝම අහද්දී ඇයි උඹලා කසාද බදින්නේ නැත්තේ (නිත්‍යානුකූලව) අපි හිනාවෙලා අපේ පාඩුවේ ඉන්නවා. හැමෝම තරගයක දුවන ගමන් තම ජිවිතයේ බර සැහැල්ලු කර ගැනීම උදේසා සහාකාරියක් හොයා ගද්දී අපි අපේ ජිවිත බෙදා ගැන්මට සබදතාවක් ආරම්භ කළේමු. ඒක ගොඩාක් තර්ජන මැද ප්‍රේමයක් බවට අපි විසින් පෙරලා ගතිමු. අපිට විසා නැති වුණත් අපි අනෙකාගේ විජිතය මත සැරිසැරුවෙමු. 

ඔබ ඔබේ සිහින කුමරිය හමුවෙතැයි සිතින් පතමින් ඔබ අසල දැවටෙමින් ඔබට ප්‍රේමය පුදන්නා වු ඒ සුරුපිනියව ඔබ මොහොතකට හෝ අමතක කර දමනවා. ඔබ ඇය සමග යහන් ගත වනවාත් ඇති, නමුදු ඔබ මනස නාභි ගතව ඇත්තේ අන්තැනක. නමුදු ඔබ ආයේ ආයෙමත් කියමින් ඉන්නවා ඔබ ඇයට ආදෙර් වග. ඔබට ලැබී තිබුණු පිවිතුරු හා ලස්සනම අවස්ථාවන් බොහෝමයක් මේ වන විටත් ඔබ අතින් ගිලිහි ගොස් ඇත. ඔබ කිසි විටක් ඒ ගැන අවධානයෙන් නොවෙයි හිද ඇත්තේ. ඒ ආදර තෙපුල්, ඒ උත්කර්ශවත් සිප වැළද ගැනීම් තුල මොකක්දෝ අඩුවක් ඔබට නිතර දැනෙන්නේ ඔබ ඇත්තටම ඒ අවස්ථාවේ සිහියෙන් නොව සිට ඇත්තේ. 
වරක් ඔබ සිහියෙන් ඇය සමග සිනා සෙන්න,
වරක් ඔබ සිහියෙන් ඇයව සිප ගන්න.
වරක් ඔබ සිහියෙන් ඇය සමග යහන් ගත වන්න.
මින් පෙර කිසි දාක ඔබ විසින් නොවි සතුටක් එසැණින් ඔබ වෙත පෙරලා පැමිණේවි. මේ ගැහැණිය මෙතෙක් කල් කොහේ සිටියා දැයි ඔබ ඔබේන් ම අසා ගනිවි! මේ ඔබේ සිහින කුමරියම නොවේදැයි ඔබ ඔබෙන් ම අසා ගනිවි! 
ජිවිතයේ වරක් හෝ ඔබ සිහියෙන් කටයුතු කරන්න.

වෙරෝනිකා...... ඔයා තුල තිබෙන්නා වු ශක්තිය, මං වැනි වදකාර පිරිමියෙකු සනසවා ගැනිමේ හැකි ශක්තිය ඔයාට එන්නේ කොහෙන්ද? 
ඉවසීමේ රතු කටු ටික කඩලා දාලා ඔයා ආදරය තුල ආයෙමත් ඉපැදිලා. සිප ගනිද්දී පිණි බිදු විසිරමින් පිපෙන මලක් වගේ ප්‍රබෝධමත් වන්න ඔයා ආදරයෙන් ඉගෙනගෙන. වචන අත්හැරලා ඔයා ආදරය අපි මත හිටවලා!! මේ ආදරය ළඵල දරන වේලාවයි, අද පුර සද නැගි රැයයි!!!


Sunday, March 24, 2013

ආදරයේදී ගිණියම් වන හීන



ඔබට ඇය නැතිව නින්දට යා හැකිය. නමුදු ඔබට ඇය නැතිව සිහින දැකිමට පුළුවම් කමක් නැත. තනියහනක ඔබේ සිහින ගිණියම්ව පවතින්නට පුළුවන. ඔබ සිහිනයෙන් සිනාසෙන්නට පුළුවන්ය. බාගවෙලාවට ඔබ අඩ නින්දෙන් ආදර බස්ද තෙපුලන්න පුළුවන්ය. එත් ඒ නිමේෂයෙන් ඔබ ඇහැරුණු විටදී ඔබ ආදරයෙන් ඈත්වේ. ඔබ ඇද පුරා ඇයව හොයන්නට ගනිවි. ඔබ තනියෙන් සුසුම්ලන්න පටන් ගනිවි. වෙන කවරදාකවත් නැති පාළු මුසල හැගීමක් එවිට ඔබේ හිතට ගලා ඒවී. ආයෙමත් ඔබ ඒ සිහින හැගුමන් හිතින් මතක් කර ගනිමින් තුටු වේවි.!

එත් ඔබ පුල පුලා කියමින් සිටින්නේ ඔබ ආදරවන්තෙයෙකු බවය. ආදරවන්තියෙකු බවය. ඔබ ඔබේ ආදරවන්තයාට ආදරේ නැතැයි චෝදනා කරාවි. එත්  ඔබ තව තවත් ආදරයෙන් තෙදොල් වෙවි ඔබ වටා ඇති ආදරය අමතක කරමිනුයි ඉන්නේ. 

ඇයගේ හඩ නැසි සිටින මොහොතක මොහොතක පාසා ඔබ ගිණියම්ව දැවේවි. ඔබ මග බල බලා උත්තරයක් එනකං නොවිසිලිවන්තව හිදිවි. ඒ හැමදේම ඔබ ඉවසාගෙන උන්නත් ඇගේ මහා බරසාර ආදරය ඔබට දරා ගන්නට ශක්තියක් නැතිනම් ඔබ තප්පරයට කෙතෙකුත් වතාවක් ඇයට ආදරේ යැයි පැවසුවත් වැඩක් නැත. මක්නිසාද ඔබේ වචන වලට එහායින් ගිය තැනකින් ඇය ඔබගේ ආදරය හදුනාගෙන ඇත්තේ, ඔබ වචනයෙන් ඇයට ආදරේ කියන්නට පෙර ඒ ප්‍රේමණිය බව ඇය ඔබේ ඇස්වලින් විදිමිනුයි සිටිමින් ඇත්තේ, එහෙව් ඇයව දරා ගැන්මට ඔබට මහා ඉවසීමක් අවශ්‍යව ඇත. එහෙව් අයව විදගැන්මට ඔබට මහා නිහඩබවක් අවශ්‍යව ඇත. එහෙව් ඇයව රස බැලීමට ඔබට විශාල පරිකල්පනයක් අවශ්‍යව ඇත. 

ඔබට ඇය නැතිව නින්දට යා හැකිය. නමුදු ඔබට ඇය නැතිව සිහින දැකිමට පුළුවම් කමක් නැත. ඒ ඇගේ බරසාර මුළු ආදරේන්ම ඔබ හුස්ම ගන්න නිසා, ඔබ තනි ඇද මත ඒ මේ අත ඇඹරෙමින් සුසුම්ලන්න පුළුවන්, එවිටම ඇය ඔබ අමතාවි. ආදර බස් තෙපුලාවි. ආදරයෙන් ගිණියම්ව සිටි ඔබව සනසාවි ඔබ ආදරය පිළිබද විශ්වාසය තබාගෙන සිටිනතාක් ආදරය ඔබව හැර දමා නොයාවි.

ඔබ ඔබේ ආදරයට සවන දුන්නේ අන්තිමට කවදාද??


Saturday, March 2, 2013

ගෝලීය උණුසුම් ආදරය______________




ඇය උන්නේ අඩ නිරුවත්ව, උණුසුම් වාතය විසින් මුළු හැගීම් සමුදායම ගිණියම් කරමින් තිබුණා. කළුවර විසින් ආදරය ඉස්මතු කරමින් තිබුණා. පොහොය ගත වී දින කිහිපයක් ගත වුවත් පුර්ණ චන්ද්‍රයා ඈත ආකාසයේ ඉදන් ආදරය දිහා තවමත් බලමින් හුන්නා. නින්දත් නොනින්දත් අතර ඇය පෙර මග බලා ගෙන හිටියා. තෙහෙට්ටුවත්, විඩාවත්, සිත් රිදවීමුත් එක්ක ආදරය ලග ලග එතැයි කියා. 

ඇය උන්නේ අඩ නිරුවත්ව, හරියට ආදරයට අඩ ගසන්නා සේය. වේගවත්ව කැරකුණ ලෝක මන්ද වේගයෙන් නින්දකට සැරසෙන්නට විය. ආලෝකයෙන් දිළිසුණු සියලු දේම අදුරට පොට්ට පාට විය. එහෙත් ඇය කිරා වැටෙන දෑස් දල්වාගෙන පෙර මග බලා උන්නා. ඇය ජිවිතය සොයාගෙන තිබුණේ උන්මත්තක රස්සයාදුකාරයෙකුගෙනි. ඉතිං ඇය බැති සිතින් හදවත දල්වාගෙන පෙර මග බලා සිටියාය.

ඇය උන්නේ අඩ නිරුවත්ව, තනි යහන මත ඒ මේ අත පෙරලෙමින් ඇයව වෙලා ගනිමින් උන්නු නින්දක් සමග පොර බදිමිනි. එහෙත් ඇය ආදරයම ඉල්ලමින් ඒ අදුරු රැයෙහිදි නින්ද මරා දැමුවාය. ඇය උණුහුමකට තුරුළු වී රොමෑන්තික හාදුවකින් ආයෙමත් මුසපත් වෙන්න මග බලා උන්නාය. ගෝලීය උණුසුම ශරීරය මෙන්ම ආදරයද උණුහුමකට ඇද යමින් තිබුණා. එහෙත් ඇය බලාපොරොත්තු දල්වාගෙන සිටියා.


දාහය මදකට හරි පලවා හරිමින් පැමිණි යාන්තම් සුළගින් ඇගේ පියයුරු පිපෙන්නට විය. අදුරේ වුවත් ඇගේ දෑස් ආදරයෙන් දැල්වෙන්ට විය. ඉවසමින් ඉවසමින් හිද බැරිම තැන ඇය  ප්‍රේමණිය උණුහුමකට තුරු වුණාය. 
සත්යි....... ඇය තවමත් සියුමැලි මලක් සේ සුවදවත්ය, අයාලේ ඇදනෙ සුළගක් සේ වසගකාරීය, ඉඩෝරයකදී ඉද හිට බිම තෙමන හිරි පොදක් සේ කාරුණිකය. එහෙත් දැන් ඇය ප්‍රේමයෙන් ගිණියම්ව මගේ දෙතොල'ගම රැදෙමින් හාදු හොරා ගනිමින් සිටින්නීය. කෙමෙන් කෙමෙන් ඇගේ සියුමැලි කම්මුල් රත් පැහැ ගැනිවිණ. අදුරේ වුවත් ඇගේ වටෝර ඒ මේ අත ඇඹරෙන හැටි මට හොදින් පෙනෙන්නට විය. මම තව තවත් ඇවිස්සෙමින් ඇයව තදින් වැළද ගතිමි. ඇය මා අතික්‍රමණය කර මා මතට පැන්නාය. ඇය, ඇගේ සියලු ඇදුම් මා මතින් උනා දැමුවාය. 


මහා හඩින් වැදෙන එලාම් සද්දෙන් මම යථාර්තයට ඇහැරුණෙමි. වෙලාව උදෑසන පහයි. 
වෙරෝනිකා එක් එක් දිනයන් වලට වෙන වෙනම නම් තිබුණත් මේ හැම දිනයක්ම එක වගේ. අඩුම ගානේ නිවි සැනසිල්ලේ හීනයක් දකින්නවත් අපිට දිනයක් ඇත්තමෙ නැහැ. 
ආයෙමත් හාදුවක් වෙලා ඔයා මා මත පිපෙනකං ඇස් ඇරං හීන දකින එක මං නැවැත්තුවා.......



Tuesday, January 29, 2013

ආදරය එහෙමයි________________



"ඉවසීමක් නැතිව ඔයාට ගගේ පිහිනන්න යන්න අමාරුයි. උත්සහාය විතරක් තිබුණට මදි එකට ඔනෑකමකුත් තියෙන්න ඔනේ."

අද වගේම පුංචි කාලෙත් කලබල දවාලට වඩා නිහඩ රාත්‍රියට මං ප්‍රිය කලා. ඉස්සරෝම මගේ තාත්තා වැඩ ඇරිලා කඩචෝරුත් අරං එනකං නිදි කිර කිරා ඉදන් හිටපු අතීතයක් මට තිබුණා. අදත් ඔයා එනකං කළුවරට ඇස් පුරුදු කරං මං මග බලාන ඉන්නවා. හැමදාම ඇස් මානය බොහෝ දුරක රදවගෙන.

වෙරෝනිකා
තරුණයෙකුට ආදරය ගැන විවිධ හීන තියෙනවා. ඒවා පාට පාට හීන, එත් මගේ හීන ඔක්කම කළු-සුදු සහ අළු. ඔය අතර තිබුණු එකම වර්ණ හීනය තමයි සුරංගනාවියක් ගැන මට තිබුණු නිමා නොවේනා හීනය.  රත්තරං පාට හිසකේ තියෙන, දිගු නිල් පාට ඇස් තියෙන සුරංගනාවියක් එක්ක මං තනියම හීන මැව්වා. හිනා වුණා, ඉද හිට කතාත් කලා. එත් කිසිදිනෙක එයා මගේ කර ගන්න කියලා මට ඔන කමක්තිබුණේ නැහැ. එත් මං ආදරයෙන් මත්වෙන්න ගන්නකොට මගේ ප්‍රේමවන්තියෝ ඒ දිගු නිල් ඇස් තියෙන සුරංගනාවියන් බවට පත් වෙන්න පෙරුම්පිරුවා. ඒගොල්ලෝ ඇස පිය පවා නොගහා ඉන්න උත්සහා කලා. ආදරේ එහෙමයි කියලා මං හිත හදා ගත්තා. ත් ඒ ප්ලැස්තර ගොඩක් කල් අල්ලා හිටියේ නැති නිසාම බොහෝ ප්‍රේම සම්බන්ධතා අතරමග ඉවර වුණා. 


වෙරෝනිකා..................
මං අසනීප වුණා, ඇත්තටම මගේ ජිවිතේ ඔත්පල වුණා. මට ගිණියමට උණ අරං තිබුණා. කාත් කවුරුවත් නැතිව මං තනියම හිනාවෙන්න ගත්තා. සුරංගනාවිය එක්ක තනියම. දින ගණනක් එහෙම මං හිනා වුණා. මගේ පෙම්වතියෝ මට නිට්ටාවටම පිස්සු යැයි තර්ක කරන්න වුණා. මං පිස්සං කොටුවට එන්න සිදුධ වුණා. එතැනදි මම ගොළු වුණා ආයෙමත් තනි වුණා. නිහඩ බවත් එක්ක මට වචන අමතක වුණා. මං හීන වලට පාට එකතු කරන්න ගත්තේ මේ කාලේ.

වෙරෝනිකා ඔයා හිටියේ මට වඩා අසරණ වෙලා, ඔයාගේ මුහුණම සුදු මැළි වෙලා තිබුණේ. මානසික ව්‍යාකූලතාවය ඔයාට දරා ගන්න බැරි තවත් බරක් බවට පත් වෙලා තිබුණේ. ඔයා අඩු වයසින් ජිවිතය කළු ගලක ගහගෙන. මට සුවදක් දැණුනා ඔයා ලග. හරිම පුරුදු ලෙනගතු සුවදක්....!!! ඔයා ගාව පාට තියෙන වබත් මං දැක්කා. නේක වර්ණ වලින් හැමතිස්සේම ඔයා හිටියේ හැඩ වෙලා. අර නිල් පාට ඇස් සැරෙන් සැරේ මට මැවෙන්න ගත්තා. ඉතිං වෙරෝනිකා හොරෙන් හොරේන් මං ඔයාව කියවන්න හිතුවා. භාවනාවක් වගේ මං ඔයාව දැක්කා. එත් ඔයා හිටියේ කලබලෙන්, නිතී රීති ගොඩක් වට කරගෙන. එත් මොකක්දෝ අමුතු හැගීමක් මට ඔයා ගැන දැණෙන්න ගත්තා. එක් මගේ පරණ පෙම්වතියන්ගෙන් මම නොවිදපු හැගීමක්. එක ගොඩාක් රසවත් වේවි කියන ඉවත් මට තිබුණා. අනික හීන පාට කිරිමේ නොනිත් ආසාවෙන් පෙලෙමින් හිටි මට ඔයාව පාට පැන්සල් පෙට්ටියක් වගේ වුණා. 
දවසක් අදුරු රාත්‍රීන් ගොඩකට පස්සේ මං සැනසුම් හීනයක් දැක්කා. ඔයා සුරංගනාවියක් වගේ උඩින් ඇවිත් මගේ ඔළුව අත ගානවා. ඔයා ඇත්තටම පොළවට අඩි ගාණනක් උඩින් ඉන්න බව ඒ හීනෙත් එක්ක මට පසක් වෙන්න ගත්තා. එත් මං ඉවසීමෙන් අපි අතර ඇති පරතරය දරාගෙන උන්නා. මට ගුරුවරියක් ඔනේ බව මගේ හිත කියමින් උන්නා. මට කලින් මගේ හිත ඔයාට වහා වැටිලා. මං හිත හදාගෙන උන්නේ ආයාසයෙන්.
ඔන්න ඔයත් මං ගැන විපරමින්, ඔත්තුකාරයෝ ඇතැයි බයෙන් ඔයත් මං ගැන විපරමින්,
එකලස් කරගෙන හිටිය හිත මහවැලිය ඇරියා වගේ හොස් ගාලා ගම්බිම් යට කරගෙන යන්න ගත්තා...

            වෙරෝනිකා මං............. ඔයාට................. ආදරෙයි...!!!

            ඇයි???

ඔයා ඇහුවේ මං බලාපොරොත්තු වුණ ප්‍රශ්ණය නොවුණත් එකට මට උත්තරයක් තිබුණා. එත් මං නිහඩව හිටියා. ඔයා නක්කලේට හිනා වුණා. මං හිතට දිරි දුන්නා. බොක්කෙම්ම විසිල් පාරක් ගහාලා හිත උස්සලා ගත්තා.
ගොඩ නිහැඩියාවකට පස්සේ ඔයා ඇහුවා
           කොච්චරක් ද ...??

වෙරෝනිකා දිග පළලක් හැඩයක් නැතිව මං ඔයාට ආදරේ කරන බව මට තේරුම් ගන්න බෙහෝ කල් ගියා. එත් ඔයා සුරංගනාවියක් වුණේ නැහැ තවම. ඒ හින්දා මං ඔයාට වැඩියෙනුත් ආදරෙයි...!!! ඔයාට තිබුණේ ඔයාගේ හීන, ඔයාගේ හීන ඔයා මගෙන් බලාපොරොත්තු වුණේ නැහැ, එත් ඔයා මට ආදරේ බව මට දැණෙන්න ගත්තම මං හිමින් ඔයාතුල අවත් ආදරයක් පැළ කලා.

වෙරෝනිකා.......... මට පිස්සු කියපු හැමෝම බැහැර කරලා දින සීයයේ පාළමක් යට ඔයා මාව සිප ගත්තා. ඔයාගේ වගේම මගෙත් දෙතොල් සලීත වෙන්න ගත්තා. ඒ රස මගේ කළු-සුදු-අළු ජිවිතය ටික ටික වර්ණ ගන්වන්න වුණා. වර්ණ අන්ධතාවයෙන් මං මිදුනා. වෙරෝනිකා ඔයා ඇත්තටම හැඩයි!!!! ඔයාගේ ආදරය ඊටත් වඩා හැඩයි.
ආදරේට මිනිමරා ගන්න කොදෙව්වක අපිට තිබුණේ භාවනාවක යෙදෙන්න. අපි විරසක වුණා, අපි රණ්ඩු සරුවල් වුණා, අපි කතා නොකර හිටියා. එත් අපේ ආදරේ හැමදාම ජිවමාන වුණා.


වෙරෝනිකා.....

මට ආදරේ විතරක් වෙන්න....!!!