Friday, June 28, 2013

අධිවේගී ජිවිතයට ආදරය අළුතින්



වෙරෝනිකා............!!!
මානසික රෝහලෙන් පැන ආ දා පටන් මම නිහඩවම නිසොල්මන්ව බලාගෙන ඉන්නවා. එක් පැත්තකින් අතෝරක් නැතිව කියවගෙන කියවගෙන යන ඔයා, අනෙක් පැත්තේ හැල්මේ දුවන ලෝකයක්. හැමෝටම තියෙන්නේ පුදුමාකාර හදිසියක්. නිශ්චිත කාළ සටහනකට හුරුවු ජිවිත ගොඩක්. ඒ කෙටි කාළය තුල ගොඩ ගසා ගත්තා වු භෞතික සම්පත් ගොන්නක්.

වෙරෝනිකා..............
යම් නිශ්චිත කාලක් ආවම මේ සියලූ සබඳකම් අවසන් කර අපිට යන්න වෙනවා. ඉතිං මං කැමති ඔයාටත් යෝජනාවක් කරන්න. අපි දුවන එක නවත්වමු. මොකද අපි කොච්චර හයියෙන් දිව්වත් අපිට අපි නොදන්න අවසානයක් උරුමයි. අපි හිමින් මේ ජිවිතය විදිමු. ගැහැණියකගේ ආදරය වෙනුවෙන් බැගෑපත් වන ඉවසීම නැහැ ඒ ගැහැණිය තමන්ගේ කර ගත්තහම. ඒ ඉවසීම එන්න එන්න හීන වෙමින් හීන වෙමින් යනවා. මට කියා දෙන්න ඔයාට හැමදාම වෙනස් ආදරයක් ගෙන එනවිදිහ.
ඔයාට මතකද ඔයා මාව මුල් සැරේ සිපගත් විලාසය. එතැන බයක් තිබුණා ආගන්තුක අත්දැකීම් ගොන්නක් එක්ක. නුහුරුකමක් තිබුණා ලොකු ඉවසීමක් හා බලාපොරොත්තුවක් එක්ක. එන්න එන්න අපි එක අතුරුදහන් කර ගනිමින් ඉන්නවා. 


ඔයාට දැං වුණත් ලොකු හදිසියක් තියෙනවා මේක කියවගෙන කියවගෙන යන්න. මේ වචන අතර තියෙන ඉඩ පවා නොතකන්න තරම් ඔයා වේගවත් වෙලා. එහෙම හුරුවෙලා. ගැහැණියක් කියවන්න, වේගය නෙවෙයි අවශ්‍ය වෙනනේ ඉවසීම. ලෝකයක් පිළිබඳ අවබෝධය. කිසිදු දෙයක් නොදන්නා මිනිහෙකුගෙන් ගැහැණියක් බලාපොරොත්තු වෙන්නේ මොනවද? මග හැර හිදීම හා බලාපොරොත්තුව හිදීම කියන්නේ කාරණා දෙකක්. ගැහැණීයක් තම මුලූ ජිවිත කාළය පුරාම කරමින් හිදින්නේ බලාපොරොත්තුව හිඳිම පමණක්මයි. ඇයව පිරිවීම සඳහා ඔබ කරමින් ඉන්නේ මොනවද කියන කාරණයයි මෙතැනදි වැදගත් වෙනනේ. සමහර විට ඔබ මේ සියලූ සුඛෝපබෝගී ජිවිතයන් අල්ලා ගැන්මට තැත් කරන්නේ එනිසා යැයි ඔබ කියයි. එත් ඇත්ත කාරණය ඔබ, ඔබට ඇය අභිමුඛ නොවී සිටිමට මේ හැමදේම කරමිනුයි සිටින්නේ. ඔබ බයයි, ඔබ බයයි ඔබව නිරාවරණය වෙයි කියා. ඔබ බයයි ඔබේ අඳුරු කුටිය තුලට ඇය රුගෙන එන ආලෝක කදම්බයට. ඔබ කවමදාවත් ආලෝකය දැකලා තිබුණේ නැහැ. ඔබ ඒ ගැන අසා තිබුණා පමණැක්මැයි. ඉතිං ඔබ හොඳ පවුල් ජිවිතයක් ගෙවන්නේ කෙසේද කියා පොත් පීරමින් ඉගෙන ගනිමින් ඉන්නවා. 

වෙරෝනිකා
ඔයා මොකද කියන්නේ මගේ යෝජනාවට. හැමදාම දෙන හාදුව ජිවිතේ පළමු වැනි හාදුව සේ වෙන්න ඔබ කැමති ද. ඔයාව තිගැස්සිලා ඇවිස්සෙනවට ඔයා ආසා ද. පුරුදු පුහුණු වීම කියන කාරණා අපි අත්හැර නුපුහුණු පෙම්වතුන් සේ ජිවිතය අතිවිඳමු ද. 
කුඩා අංශූමාත්‍රිකව වර්ග වෙමින් හිදින ලොකයක් තුල අපි අන්තය සේ ආදරය කරන්න පෙළඹේමුද? වචන දිගේ ආදරය හොයන එක අතුහැරලා දාලා ජිවිතය ආදරයෙන් පුරවන මං හොයමුද? කාර්්‍යය බහුල ජිවිතය තුල මන්දගාමිව ආදරය පුරමුද?

වෙරෝනික....... 
අර උස තාප්පෙන් මෙහා පැත්තට මං පැන්නේ හීන කන්දක් හිසේ තියාගෙන. එත් මට දැං තියෙන්නේ එක හීනයයි. ඒක උන්මත්තක හිනයක්, දිග පළලක් නැති හරි හමන් හැඩයක් නැති ඒ ආදරේ හැටිමයි. ඒ ආදයේ නම වෙරෝනිකායි. ඉතිං මං පරණ ලෙඩේ අළුතින් වැළදුණු රෝගියා සේ ඔයාට ආතුරවෙලා....!!!







3 comments:

  1. පරණ ලෙඩේ අළුතෙන් වැලදුන රෝගියෙක්
    ලෙඩේ නිරන්තරයෙන් අළුත් වෙනවනම්
    ලෙඩේ පරණ වෙලා භයානක වෙන එක නවතිනවා
    හැල්මේ දුවන ජීවිත ටිකට නැවතිලා ආදරේ කරන්න
    ආයෙම ඉස්සර වගේ
    හැංගි හොරා කව්රුත් දකිව්යැයි බයෙන්
    ඉස්සර ඔනි උනේ
    එලිපිට ආදරේ කරන්න
    ඒත් එතකොට ටික දවසකින්
    ආදරේ රසය අඩු උනාද මන්දා
    ජිවිතය ඒකාකාරී උනාම.

    ReplyDelete
  2. //ගැහැණියකගේ ආදරය වෙනුවෙන් බැගෑපත් වන ඉවසීම නැහැ ඒ ගැහැණිය තමන්ගේ කර ගත්තහම. //

    පහු පහු වෙනකොට, කොහු කොහු න්‍යාය! ඒ න්‍යාය අවලංගු කරන්න වෙරෝනිකා වුනත් අකමෙති වෙන එකක් නෑ..

    ReplyDelete
  3. ස්තුතියි හැමෝට!!! මේ ආදරේ හැමෝගෙම!!!

    ReplyDelete