Sunday, March 24, 2013

ආදරයේදී ගිණියම් වන හීන



ඔබට ඇය නැතිව නින්දට යා හැකිය. නමුදු ඔබට ඇය නැතිව සිහින දැකිමට පුළුවම් කමක් නැත. තනියහනක ඔබේ සිහින ගිණියම්ව පවතින්නට පුළුවන. ඔබ සිහිනයෙන් සිනාසෙන්නට පුළුවන්ය. බාගවෙලාවට ඔබ අඩ නින්දෙන් ආදර බස්ද තෙපුලන්න පුළුවන්ය. එත් ඒ නිමේෂයෙන් ඔබ ඇහැරුණු විටදී ඔබ ආදරයෙන් ඈත්වේ. ඔබ ඇද පුරා ඇයව හොයන්නට ගනිවි. ඔබ තනියෙන් සුසුම්ලන්න පටන් ගනිවි. වෙන කවරදාකවත් නැති පාළු මුසල හැගීමක් එවිට ඔබේ හිතට ගලා ඒවී. ආයෙමත් ඔබ ඒ සිහින හැගුමන් හිතින් මතක් කර ගනිමින් තුටු වේවි.!

එත් ඔබ පුල පුලා කියමින් සිටින්නේ ඔබ ආදරවන්තෙයෙකු බවය. ආදරවන්තියෙකු බවය. ඔබ ඔබේ ආදරවන්තයාට ආදරේ නැතැයි චෝදනා කරාවි. එත්  ඔබ තව තවත් ආදරයෙන් තෙදොල් වෙවි ඔබ වටා ඇති ආදරය අමතක කරමිනුයි ඉන්නේ. 

ඇයගේ හඩ නැසි සිටින මොහොතක මොහොතක පාසා ඔබ ගිණියම්ව දැවේවි. ඔබ මග බල බලා උත්තරයක් එනකං නොවිසිලිවන්තව හිදිවි. ඒ හැමදේම ඔබ ඉවසාගෙන උන්නත් ඇගේ මහා බරසාර ආදරය ඔබට දරා ගන්නට ශක්තියක් නැතිනම් ඔබ තප්පරයට කෙතෙකුත් වතාවක් ඇයට ආදරේ යැයි පැවසුවත් වැඩක් නැත. මක්නිසාද ඔබේ වචන වලට එහායින් ගිය තැනකින් ඇය ඔබගේ ආදරය හදුනාගෙන ඇත්තේ, ඔබ වචනයෙන් ඇයට ආදරේ කියන්නට පෙර ඒ ප්‍රේමණිය බව ඇය ඔබේ ඇස්වලින් විදිමිනුයි සිටිමින් ඇත්තේ, එහෙව් ඇයව දරා ගැන්මට ඔබට මහා ඉවසීමක් අවශ්‍යව ඇත. එහෙව් අයව විදගැන්මට ඔබට මහා නිහඩබවක් අවශ්‍යව ඇත. එහෙව් ඇයව රස බැලීමට ඔබට විශාල පරිකල්පනයක් අවශ්‍යව ඇත. 

ඔබට ඇය නැතිව නින්දට යා හැකිය. නමුදු ඔබට ඇය නැතිව සිහින දැකිමට පුළුවම් කමක් නැත. ඒ ඇගේ බරසාර මුළු ආදරේන්ම ඔබ හුස්ම ගන්න නිසා, ඔබ තනි ඇද මත ඒ මේ අත ඇඹරෙමින් සුසුම්ලන්න පුළුවන්, එවිටම ඇය ඔබ අමතාවි. ආදර බස් තෙපුලාවි. ආදරයෙන් ගිණියම්ව සිටි ඔබව සනසාවි ඔබ ආදරය පිළිබද විශ්වාසය තබාගෙන සිටිනතාක් ආදරය ඔබව හැර දමා නොයාවි.

ඔබ ඔබේ ආදරයට සවන දුන්නේ අන්තිමට කවදාද??


1 comment:

  1. "ඔබ ඇහැරුණු විටදී ඔබ ආදරයෙන් ඈත්වේ. ඔබ ඇද පුරා ඇයව හොයන්නට ගනිවි. ඔබ තනියෙන් සුසුම්ලන්න පටන් ගනිවි. වෙන කවරදාකවත් නැති පාළු මුසල හැගීමක් එවිට ඔබේ හිතට ගලා ඒවී..." ඇත්ත...!

    ReplyDelete