Saturday, March 2, 2013

ගෝලීය උණුසුම් ආදරය______________




ඇය උන්නේ අඩ නිරුවත්ව, උණුසුම් වාතය විසින් මුළු හැගීම් සමුදායම ගිණියම් කරමින් තිබුණා. කළුවර විසින් ආදරය ඉස්මතු කරමින් තිබුණා. පොහොය ගත වී දින කිහිපයක් ගත වුවත් පුර්ණ චන්ද්‍රයා ඈත ආකාසයේ ඉදන් ආදරය දිහා තවමත් බලමින් හුන්නා. නින්දත් නොනින්දත් අතර ඇය පෙර මග බලා ගෙන හිටියා. තෙහෙට්ටුවත්, විඩාවත්, සිත් රිදවීමුත් එක්ක ආදරය ලග ලග එතැයි කියා. 

ඇය උන්නේ අඩ නිරුවත්ව, හරියට ආදරයට අඩ ගසන්නා සේය. වේගවත්ව කැරකුණ ලෝක මන්ද වේගයෙන් නින්දකට සැරසෙන්නට විය. ආලෝකයෙන් දිළිසුණු සියලු දේම අදුරට පොට්ට පාට විය. එහෙත් ඇය කිරා වැටෙන දෑස් දල්වාගෙන පෙර මග බලා උන්නා. ඇය ජිවිතය සොයාගෙන තිබුණේ උන්මත්තක රස්සයාදුකාරයෙකුගෙනි. ඉතිං ඇය බැති සිතින් හදවත දල්වාගෙන පෙර මග බලා සිටියාය.

ඇය උන්නේ අඩ නිරුවත්ව, තනි යහන මත ඒ මේ අත පෙරලෙමින් ඇයව වෙලා ගනිමින් උන්නු නින්දක් සමග පොර බදිමිනි. එහෙත් ඇය ආදරයම ඉල්ලමින් ඒ අදුරු රැයෙහිදි නින්ද මරා දැමුවාය. ඇය උණුහුමකට තුරුළු වී රොමෑන්තික හාදුවකින් ආයෙමත් මුසපත් වෙන්න මග බලා උන්නාය. ගෝලීය උණුසුම ශරීරය මෙන්ම ආදරයද උණුහුමකට ඇද යමින් තිබුණා. එහෙත් ඇය බලාපොරොත්තු දල්වාගෙන සිටියා.


දාහය මදකට හරි පලවා හරිමින් පැමිණි යාන්තම් සුළගින් ඇගේ පියයුරු පිපෙන්නට විය. අදුරේ වුවත් ඇගේ දෑස් ආදරයෙන් දැල්වෙන්ට විය. ඉවසමින් ඉවසමින් හිද බැරිම තැන ඇය  ප්‍රේමණිය උණුහුමකට තුරු වුණාය. 
සත්යි....... ඇය තවමත් සියුමැලි මලක් සේ සුවදවත්ය, අයාලේ ඇදනෙ සුළගක් සේ වසගකාරීය, ඉඩෝරයකදී ඉද හිට බිම තෙමන හිරි පොදක් සේ කාරුණිකය. එහෙත් දැන් ඇය ප්‍රේමයෙන් ගිණියම්ව මගේ දෙතොල'ගම රැදෙමින් හාදු හොරා ගනිමින් සිටින්නීය. කෙමෙන් කෙමෙන් ඇගේ සියුමැලි කම්මුල් රත් පැහැ ගැනිවිණ. අදුරේ වුවත් ඇගේ වටෝර ඒ මේ අත ඇඹරෙන හැටි මට හොදින් පෙනෙන්නට විය. මම තව තවත් ඇවිස්සෙමින් ඇයව තදින් වැළද ගතිමි. ඇය මා අතික්‍රමණය කර මා මතට පැන්නාය. ඇය, ඇගේ සියලු ඇදුම් මා මතින් උනා දැමුවාය. 


මහා හඩින් වැදෙන එලාම් සද්දෙන් මම යථාර්තයට ඇහැරුණෙමි. වෙලාව උදෑසන පහයි. 
වෙරෝනිකා එක් එක් දිනයන් වලට වෙන වෙනම නම් තිබුණත් මේ හැම දිනයක්ම එක වගේ. අඩුම ගානේ නිවි සැනසිල්ලේ හීනයක් දකින්නවත් අපිට දිනයක් ඇත්තමෙ නැහැ. 
ආයෙමත් හාදුවක් වෙලා ඔයා මා මත පිපෙනකං ඇස් ඇරං හීන දකින එක මං නැවැත්තුවා.......



1 comment:

  1. සමහර වෙලාවල් වලදි යථාර්තය හීනයක් විදිහටත් හීනය යථාර්තයක් විදිහටත් හිතලා රැවටෙන්න අපි කැමති

    ReplyDelete