Thursday, May 23, 2013

ප්‍රේමය වැස්සක්ව වහින් ඉඩ දෙන්න



වෙරෝනිකා.....
ආදරය කියන්නේ සිප වැළද ගැනීම්, යහන් ගතවීම්, තොදොල්බස් දෙඩවීම් කියන සමස්ථයට. එත් ඒවා වෙන වෙන වශයෙන් දකින්න උත්සහා කරන්න හදන්නේ ඇයි කියලා මට තෙරෙන්නේ නැහැ. බොහො විට නිදියහනට ගොඩ වැදුණු වහාම ප්‍රේමය අතුරුදහන්ව සමාජ විරෝධි වැඩක් කරනවා වගේ බියක් හිතේ ජනිත වෙන්නේ ඇයි? ආදරය ඇතුලේ යහන් ගතවීමට සුවිශේෂි ස්ථානයක් අත්වෙන්නනේ ඇයි? අනිත් හැම දෙයම එතැන තියෙද්දි ප්‍රේමය විතරක් යහන මත නැත්තේ ඇයි?

වෙරෝනිකා..... ඔයාගේ සමස්ථය නොදැන මම කොහොමද ඔයත් එක්ක මුළු ජිවිත කාළයක් ගෙවා දමන්නේ. ඔයාට පුළුවන්ද වචන මතම විතරක් මාව තේරුම් ගන්න. 

වේදනාවක් අස්සේ මිරිකි මිරිකි ඉන්නවට වඩා ජිවිතය තෙරුම් ගැනිම මෙතැනදි වැදගත් වෙනවා. අපි දන්න කාළයක ඉදලා යහන් ගතවීම කියන්නේ පාපකාරි ක්‍රියාවක් ලෙස අප තුලට කා වද්දලා තියෙනවා. ආගමිකවත්, සමාජීයවත් අපිව බය කරලා තියෙන්නේ! එහෙත් ප්‍රේමයේ සමස්ථය ඇතුලේ කුඩු වෙන්න අපේ ශරීර කුඩු දෙක එකට එකාසු වෙන්න ඔන වෙනවා, ඒක හුදු යහන් ගතවීමකට එහා ගිය ප්‍රේමණීය කුඩු වීමක්. එත් අවාසනාවට ඔයා ඒක ඇතුලට වෙන වෙන කරුණු කාරනා ගෙන
එමින් ඉන්නවා. ඔයා ශාරීරිකව එක් තැනක උන්නට ඔයාගේ හිත එහේ මෙහේ. අනික වක්කඩේ කැඩුවා සේ ඔයා යහන මත කියවනවා. නමුත් ඇය ඔයාව කියවමින් ඉන්නවා, නිහඩවම. දැං ඔයාට සිද්ධවෙනවා අළුතින් හිතන්න, එයාව පුර්ණ වශයෙන් දැන ගන්න. ඔයාසේම ඇයවද මේ ප්‍රේමය ඇතුලේ දෝරේ ගලන්න හරින්න ඔයාට මෙතැනදි සිද්ධ වෙනවා අළුත් ප්‍රවේශයක් ගන්න. ඇය කාළාන්තරයක් තිස්සේ උන්නු හෙම්බත්විම පසෙකලා ඇයට අළුත් මාර්ගයක් හොයලා දෙන්න ඔයාගේ ප්‍රේමයට පුළුවන් වෙන්න ඔනී. මෙතෙක් ඔයා ඇය හා දොඩමළු වෙච්ච කිසිදු වචනයක් මෙතැනදි වලංගු වෙන්නේ නැහැ. මේක හුදු හිස් අවකාශයක් අවබෝධ කර ගැනීමට ඔයාට භාවනාවක් අවශයි. ඉවසීමක් අවශයි. ඉවක් අවශයි.

ටිකෙන් ටික රෝස මලක් පිපෙනවා සේ ඇය ඔයාගේ ප්‍රේමය තුල දෝරේ ගලමින් පිපෙන්ට ගනිවී. ඔයාගේ ආදරයේ පරිමාව මත ඔයාට පුළුවන් ඇයට අළුත් මගක් කියලා දෙන්න ඔයාගේ ප්‍රේමයට ඇතුළු වෙන්න. මලක් වුණත් ලස්සන පුර්ණව පිපලා තියෙන විටකයි! 

ඉතිං මේක අවධනමක්...!! ඔයා ප්‍රේමය තුලට ඇත්ත ඔයාව ගෙන නොඑනතාක් ඔයා යහන් ගතවෙන්නේ ගිණි ගොඩක් උඩ.

වෙ‍රෝනිකා..!! අපිට අපිව හදුන ගන්න අපි අපිට ම අවංක වෙන්න වෙනවා. අපේ නොහැකියාවන හැම එකක්ම අනෙකෙක් එක්ක බෙදා ගන්න වෙනවා. සිනහව වගේම කදුලත්, සතුට වගේම දුකත් ඔයාට බෙදා ගන්න සිදු වෙනවා. එතැනදි බය නැතුව ඔයා කට ඇරලා කියන්න පුළුවන් නම් ' මං ඔයාට ආදරෙයි, මං ඔයත් එක්ක ඉන්නවා' කියලා එක ඔහුට ලොකු ශක්තියක් වෙව් ආදරය තුල ඔයාව රැක බලා ගන්න.

හැමතිස්සෙම ආදරය මගහැර ගන්නේ ඔබ විසින්මයි. මේ සදත් ගැබ්බරව ඉන්න කාළයයි. ඇයි ඔබ තවම තනියම!! 


1 comment:

  1. උඹ හදිස්සියෙන් ලිව්වද නැත්තම මං හදිස්සියෙන් කියෙව්වද
    ඔක්කොටම වඩා උඹ ලියන්නේ ඔළුවටද හදවතටද

    ReplyDelete