Friday, August 17, 2012
අර උස මඋස තාප්පෙන් මෙහාට පන්නගෙන ඔයාව ආපු එක වැරදී කියලා මට තේරෙන්න ගිය කළක් වෙරෝනිකා......
බලන්න... දෙනෝදහාක් ඔයා වටේ හිටියත් ඔයා අද කොච්චර අදරණ වෙලාද කියල! කාත් කවුරුවත් නැහැ වගේ ඔයා තනි වෙලා, ඔයා හිනාවෙනවා, කනවා බොනවා, සතුටු සාමිච්චියේ යෙදෙනෙවා.... එත් ඔයාගේ මුළු හිතම තිනකමින් වෙලීලා අදුරු වෙලා ගිහින්....
වෙරෝනිකා.... ගෙන්දගම් නගරයේ ඔයා මං හින්දා තනි වෙලා, ආදරේ ඔයාගෙන් දුර ගිහිල්ලා. වෙළෙන්දෝ අතරේ ලංසු තියන තවත් එක් මලක් බවට ඔයා පත්වෙලා.......
මං ඔහේ පාළමෙන් ඉස්මත්තේ පේන අහස දිහා බලාගෙන ඔයා ගැන හිත හිත ඉන්නවා, ඔයා අතරින් පතර මට දුක පා කරලා එවනවා, ඒ දුකට මැදිහත් වෙන්න බැරිව වේගයෙන් කැරකෙන රෝද දිහා බලාගෙන මං සුසුම්ලනවා.... ඒකට දිවා රෑ කියලා වෙනසක් කොයින්ද? අප්‍රමාණිකව ආදරේ පාර අයිනක අපතේ යනවා.....!!!
වෙරෝනිකා දාලා යන්න බැරි කිසි දෙයක් මේ ලෝකේ ඉතිරි වෙන්නේ නැහැ.... මං හිගන්නේක්, රස්තියාදුකාරයෙක් වගේ මුඵ ලෝකයකටම පෙනෙද්දී, සිටු කුමරියක්ව උන්නු ඔයාගේ අසනීපය ගැනවත් නොහිතා මං හිතුවක්කාර වෙනවා, එකෙන් වඩාත්ම අසරණ වෙලා ඉන්නේ දැං ඔයා කියලා මට දැනෙන්න පටන් ගන්නකොට මං සපත්තු මල් දෙවියන්ට පුජා කරලා මටම සාප කර ගන්නවා.....
වෙරෝනිකා පාරෙදී මං ඉගෙන ගත්ත දෙයක් තමයි ආදරේ කියන්නේ අත් කර ගැනීමට වඩා පරිත්‍යාග කිරිමක් කියලා, එත් වෙරෝනිකා ආදරයෙන් පැරදිච්ච මොඩයෝ ගොඩාක් එහෙම කියද්දි ආයෙමත් අතරමගින් හරි ඔයාගේ ජිවිතේට මැදිහත් වෙලා ඔයාගේ ජිවිතේ අවුල් කරලා ඔයාගේ ආදරේ තුල හුරතල් වෙන්න මං ලොකු ආසාවකින් පෙළෙනවා......
වෙරෝනිකා.......
පලා යෑමට වඩා අවසන් හුස්ම දක්වා සටන් කිරිම මාර වැඩක් කියලා මං දැක්කා මීට අවුරුදු දෙකකට කලින්
ජිවිතේ හමුවෙලත් අතර මග මං එනතුරු ඔයා බලා ඉන්නවා කියලා මං දන්නවා..... එත් මං තවම පරණ රස්තියාදුකාරයාමයි....!!!
Subscribe to:
Post Comments (Atom)
මාසෙකින් එක පොස්ට් එකක් වත් නැ මොකො දන්නැ.
ReplyDeleteඇත්තටම කියනව නම් වෙරොනිකා බ්ලොග් එක මම හුගක් ආස කරන තැනක් එ ඇයිද කියන්න නම් දන්නෙ නැ එත් මෙකෙ ලියවෙන හැම පොස්ට් එකකටම මම හෙතු විරහිතව කැමති දිගටම ලියමු
වෙරෝනිකා, මේ පෝස්ට් එක පත්තරේක පළ වුනාට කමක් නැතිද? හැකි ඉක්මනින් මට විද්‍යුත් ලිපියක් එවන්න
ReplyDelete