Monday, December 23, 2013

23 - ආදරයත් එක්ක අවුරුදු හතරක්


අද තරම් ග්‍රිස්මයක් තිබුණේ නැති වුණත් සීතලක් දෙහිතක් ඇතුලාන්තයේ ම තිබුණා. ඇත්තටම ඒ තිගැස්මේ ස්භාවයයි. ඒක ලොකු චැලෙන්ජ් එකක් ගන්නවා වගේ වැඩක් වුණාට අපේ බය නැතුවුණේම අපි අපි වෙනුවෙන්ම එකට හිටපු හින්දා. ජිවිතේ බේදාගැනීමේ ආරම්භය සනිටුහන් වුණේ එහෙමයි.

එක් මලානික දවසක්, හිරු ඇවිල්ලා හෝරා ගානක් වුණත් වළාකුළුබරිත නිසා ආලෝකයේ මලානික ස්භාවයක් තිබුණා. කිසිදු තිරණයක් නැතිව හිටි අපි හදිසියේම හදිස්සි තිරණ වලට එලඹේමින් තිබුණා. 

වෙරෝනිකා මගේම වුණා...........!!!

ඇය උන්නේ පිපෙමින්..... මගේ දිහාවට....
මං උන්නේ හින් සිරුවේ ඇය තුල මාව ඉන්දමින්..... 
දෙවිදිහක මිනිසුන් වු අපි ප්‍රේමය තුලදී එකිනෙකා අවබෝධ කර ගැනීමේ ශක්‍යතාවයෙන් පිරෙමින් තිබුණා. අපි ගමන් කරමින් හිටියේ පථයන් දෙකක වුණත් ප්‍රේමය ඇතුලේ අපිට එක ගමන් රේඛාවක් තිබුණා. වචන වලින් කියන්න බැරි බොහෝ දේවල් අපි හදුනගනිමින්, හුවමාරු කරමින්, බෙදා ගනිමින් උන්නා. 
වෙරෝනිකා ........
මගේ ලය මත ගුලි වෙමින් ජිවිතය පුරාවටම සැනසීම සොයමින් ඇගේ ජිවිතය මගේ පපුව මත තැබුවා. මම හෙමින් ඇගේ කොපුල් තල රස ගන්න වුණා. අඩවන්ව තිබු ඇගේ දෑස් වැසී ගියා. සැනසීමේ උන් ඇය පත්තුවෙන්න ගත්තා. හිමින් හිමින් ඇය මගේ පපුව උඩ දගලන්නට වුණා. 
හීන් කෙදිරියක්..............
හුස්මක් හගිමින්ඇය මගේ කනට හෙමින් මුමුණුවා.

මං ආදරෙයි.......... හැමදාම........!!!

වෙරෝනිකා අදත් මගේ පපුව උඩ ඉදන් මේක කියවලා හිනා වෙනවා...!!! ලැජ්ජාවට හුරතලෙන් මුහුණ වහා ගන්නවා. බොරු කෙන්තියක් එක්ක හාදු ඉල්ලනවා..............

ජිවිතේ කියන්නේ ආදරෙත් එක්ක එකතු වෙච්ච සිනහව වගේම කදුළු, සෝසුසුම් වගේම ඉවසීම්. එකක් පස්සේ එකක් හරියටම මෙහෙමයි කියන්න පුළුවන් රිද්මයක් නැති වුණත් ගොඩාක් දෙවල් කැකරමින් අපි ජිවිතයක් ගොඩ නැගුවා, අවුරුදු හතරක් පුරාවට මතයන් බොහෝමයක් පොදි බැදගෙන අළුත් වෙවි වෙරෝනිකා මගේ ඉස්සරහ හිනා වෙනවා.

මං ගැහැණියක් කියන්නේ වෙරෝනිකාට...... එක සුවිශේෂි තත්වයක්.........!!!


Monday, October 14, 2013

ගැහැණිය නම් මහද්වීපය


ගැහැණියක් කියන්නේ මහද්විපයක් නම් ඔබට සිද්ධ වෙනවා හොද සිහි කල්පනාවක් තියාගෙන ඇවි‍දින්නෙක් වෙන්න. මතක තියා ගන්න සිහි කල්පනාවෙන් ඉන්න. මොකද භූමිය හා එහි කාළගුණික විපර්යාස ගැන ඔබට අවබෝධයක් තිබුණේ නැතිනම් ඔබට සියල්ල මග හැරෙනවා. ඔබ නිකං විදේශිකයෙක් වගේ රවුමක් ගසා යන්නට යාවි. ඔබට සිදුවෙනවා හොද සිහියෙන් එහිම වු සුවිශේෂත්වය අභ්‍යන්තරයටම සොයා යන්න. 

ගැහැණියක් කොහොමත් පිරිමියෙකුට වඩා රස පරාසයකින් වැඩි. එක් එක් ගැහැණියට අනන්‍ය වු එක් එක් රස පරාස වෙන වෙනම දැකිය හැකි මුත්, බොහෝ රස පරාසයන් සොයා ගැන්මට ඔබට සිදුවෙනවා දිර්ඝ කාලීනව සිහි කල්පනාවක හා හොද ඉවසීමක රැදෙන්න. නමුදු මුළු ජිවිත කාළයේදීම ඔබ විසින් සොයා ගන්නේ ඉන් අඩකටත් අඩු ප්‍රමාණයකි. රස හදුනන්නන් විසින් ඒ ඒ රස වෙන වෙනම අත්හදා බලමින් ඒවා ගැහැණිය තුලින් මතු කර ගනු ලබයි. බොහෝ විට ගැහැණුන් පවා නොදන්න තමා තුල වු ඒ විභවය සොයා ගත හැක්කේම තවත් එක් රසවතෙකුටම පමණකි. ඔහු ප්‍රේමවන්තයෙක් සේ රොමෑන්තිකවද, සල්ලාලයෙක් සේ රාගිකවද, ආගන්තුකයෙකු සේ කරුණාවෙන්ද, ස්වාමියෙකු සේ වගකීමේන්ද ඒ රස සොයා ගත යුතුව ඇත. 

ඔබ හිතන්නේ නිකම්ම නිකං ගැහැණියගේ ශරීරය ගැන විතරයි. ඔව්..!! දැනටමත් ඔබ පි‍ලිස්සෙමින් සිටින රාග ගිණ්නට ඇය ඔසුවක් යැයි ඔබ සිතයි. නමුදු ඔබ රසක් නොහදුනන තාක් ඔබ ශරීර කියක් සමග සැතපී ඔසු සොයන්නනට වේදැයි ඔබම නොදනියි.  ඔබ තුල ඔඩු දුවන රාගික ගින්න විසින් ඇය තුල ඇති රසය සොයා යෑම වළකාලමින් තියෙනවා. ඉතිං ඔබට සිහියක් නැහැ, ඔබ ආතුර වුවාක් සේ ඒ ස්ත්‍රි ශරිරය මත ඒ මේ අත දගලමින් වෙහෙසෙනවා. නමුදු ඔබට කිසි විටෙකවත් රසයක් දැනෙන්නේ නැහැ. ඒක නිකම්ම නිකං ඔබගේ සිත රවටා ගැනිමක් පමණයි.  ඇගේ ශරීරය වගේම ඇගේ සිතත් ඇගේ චර්යා රටවනුත් ඔබ උකහා ගන්නා තුරු ඔබට ඒ රසය කළම්ඹා විදිනට නොහැකි වනු ඇත. යාන්ත්‍රික ජිවන හුරුපුරු හේතු කොටගෙන බොහො රස පරාසයන් ගැහැණියකගේ ගැඹුරුම තැන්වල සැගවෙමින් පවතිනවා. නමුදු රස සොයා යන්නෙකුට හැකි වෙනවා කැනීම් කර ඒ රස ඈ තුලින් උපද්දවා ගන්නට. අළුත්ම ද්විපයක් සොයා ගත් ගවේශකයෙකුට දැනෙන ආඩම්බරය හා සතුටින් ඔබ ප්‍රමෝදයට පත් වනු ඇත. ඔබගේ අත්‍යන්ත කැපවීමෙන් සහ වෙහෙසින් ඇය තුල ඇති රස ගුලාවත් ඔබගේ ධාරිතාවත්, ඔබ විසින් සොයා ගනු ඇත. 


Friday, October 11, 2013

මේ, ඒ වසන්තයේ නෙවෙයි..!!!



සද තිබුණේ මගේ උරහිස රැදිලාය. බොහෝ රළ පහරවල් වෙරළට ඇවිත් ආපහු යන්නට ඇත. බොහෝ මිනිසුන් රැල්ල සමග සෙල්ලම් කර යන්නට ඇත. ගෙදර යන අන්තිම කුරුල්ලාත් පියඹා යන්නට ඇත. එත් සද හිතේ හැටියට මා උරහිස මත හිස හොවා සිටියි. අප්‍රිකාව පැත්තෙන් ටයිටැනික් වගේ නැවක් ලයිට් ගොඩක් දාලා තිබුණා. මුහුදු හුළග මගේ නහයට ගෙන ආවේ අමුතු හැගීම් මාලාවක්. උස් පහත් වෙවි ඇහෙන එකම ගෝෂාකාරි ශබ්දය අප අතර තිබුණු නිහඩබව ගුප්ත බවකට පෙරලමින් තිබුණා. රස්තියාදුවේ ගිය අන්තිම කපුටත් පරක්කුවෙලා ගෙදර යන ගමන් හැර අහසත් හිටියේ අපි වගේම මුණිවත රකිමින්. හිරු බැස ගිහිං හෝරා කිහිපයක් වුණත් සදට වුවමනාවක් තිබුණේ නැහැ හිස ඔසවා අහසට නැග ගන්න. වෙරළ වගේම තවමත් මගේ උරහිස තෙත්බරිතය. ටිකකට වේලුනත් ආයෙමත් තෙමෙන්න ගන්නවා. 

"මේ නිහඩ බව ඇතුලේ හිරකරලා මාව මරා දාන්න මං කරපු වරද මොකක්ද....??"

මුහුදේ ගෝෂාකාරි ශබ්දයෙන් පිරි තිබු කන් අගුලු ඇරලන්න ඇය දොඩමළු වුවාය. එහෙත් තරු රෑනක් දරා සිටින අහස් කුස සේ මං නිහඩවම උන්නෙමි. 

"කියන්න..... මට කියන්න.... එන්න එන්ම ඔයා ඔයාගේ ඇතුලෙම හැංගෙන්න මගේ අතින් වු‍ණ වැරැද්ද මොකක්ද?"

ඇ සෙමෙන් ඇගේ බොද දෑස් පිසලා ගත්තාය. එහෙත් හෝ ගානා මුහුද ඇගේ චිත්‍රය නොවන වගනම් විශ්වාසය. 

"මට ආදරය කරලා.... මාව දරාගෙන ඉදලා ඔයාට තෙහෙට්ටුද...??"


පහ වසර ළමයෙකු සේ ඇය ඇසූවත් අහන්නේ විශ්ව විද්‍යාල ප්‍රශ්ණය. ජිවිතයේ හැම ගැටලුවකට ම වචන වලින් උත්තර තියෙනවා නම් අපි අලසම අලස මිනිසුන් කොඨටාසයක් වේවි. ජිවිතේට වචන ඔන වෙන්නේ බැරිම තැනක යොදන්න. අපිට අපිව නොදැනෙන්න එකත් එකට හේතුවක්ද? 

"ඔයා තනි උත්තර හොයවා! තනියෙන් උත්තර හොයනවා! ඔයා තිනයෙන් හිතනවා! ඔයා තනියෙන් ජිවත් වෙනවා! කවදා ඉදලද ඔයා ඔහොම වුණේ..??"

උරහිස මත බාවා තිබු හිස එකවරම ඔසවා ගත් ඇය කොණ්ඩය සකසා ගන්නට විය. ඈ ලක ලැහැස්ති වන්නේ පරක්කු වු විලසය. මම තවම මගේ හිතත් සමග පොර බදිමින් සංසුන්වන්නට උත්සහා ගනිමි. මෙතුවක් කල් ඇය ඇගේ හිත සමග නොනවතින අරගලයක් කොට අවසන ප්‍රශ්ණ පත්‍රයකින් හිත රවටා ගත්තාය. නමුදු මෙතුවක් නිසොල්මන්ව තිබු මගේ හිත දැං තොන්තුවන්නට විය. 

මේ නිහඩබව බිද කෑ ගසා ඇයට කියන්නට හැකිනම්......... ඇය නිසා වරින් වර තැලෙන ආයෙමත් හැදෙන හැදි හැදී බිදෙන මගේ හිතේ විලාපය. එත් මම මගේ හිත වචන වලට නොපෙරලුවෙමි. මම, මගේ හිත මාතුලම රදවාගෙන දුක්විදින්නට තිරණය කළේමි. 


මගේ දැහැන් බිදිමින් ඇය නැගිට උන්නාය. ඇගේ කතා කරන ඇස් පවා රැදි ඇත්තේ මා වෙත බව මා දනිමි. ඒ ඇස් වලින් පවා අසන පැනයන්ගෙන පැන යාමට මෙන් මං අහකම බලා උන්නෙමි. මා ගැන මටත් වඩා දන්නා ඇය අවසන් ප්‍රශ්ණය මවෙත යොමු කලාය, ඇත්තටම ඇය එයින් දමා ගැසුවාය, නැතිනම් මගේ නිහඩබව මරාගෙන මැරෙන්නට ඇය තිරණය කළාය. 

"දැං ඔයා මගේ දිහා නිකමටවත් බලන්නෙවත් නැහැ නේද...??..... කොහොම වුණත් මේ අපි අතර තියෙන නිහඩ බවට මං එච්චර කැමති නැහැ! අපි යං...."

කෙතරම් වෙරළ මත රැදෙන්නට උත්සහ කළද ආයේ ආයෙමත් මුහුදට ගහගෙන ගියත් ආයෙමත් නැගී වෙරළ මතම දිවි පුදන රළක් සේ ඇය හිත හදාගෙන ඇති බැව් මට වැටහිණි. එහෙත් ආදරය ඇතුලේ මං අබ්බගාත වෙමින් සිටිමි. මහාප්‍රණික ආදරයක් හිමින් හිමින් ඇගෙන් මග හැරෙන හැටි මං නිහඩවම බලා උන්නෙමි. මං හිතට වද දි දී ඇය සමග යන්නට හැරිණි. 
අප්‍රිකාව පැත්තේ ඇති ටයිටැනික් නැව තාම එතැනමය. ජැක් සහ රෝස් විතරක් නැත.



Monday, August 19, 2013

ඇය ආදරේ අරං ඇවිත්


ආයෙමත් හද මෝදුවන දවස ඇවිත්, කළු වළාකුළු ඈත් මෑත් කරමින් හද මුදුනට ම එන දවසක්. වෙරෝනිකා හිටියේ මගේ දකුණු පැත්තට වෙන්න. තවමත් ඇය හයියෙන් හුස්ම ගන්න හඩ මට ඇහෙනවා. ඇය හති අරිනවා... නිදහසේ. උණුහුම කැටි කරගෙන කැරකැවෙන විදුලි පංකාවට බැහැ ඇගේ දාහය නිවා දමන්න. එත් ඇය තවම නිසොල්මන්ව හති දමනවා. ඇස් කොනින් මම හොරෙන් ඇය දිහා බැලූවාම ඇය හිටියේ ලාවට හිනාවෙමින් ඇස් පියාගෙන, එයා ආදරේ කරනවා. මං මටම කියා ගත්තා. 

මම ඇගේ ලැම උඩිනි හිස තියා ගත්තා. එයා ඇස් පියාගෙනම මගේ කෙටි කොණ්ඩය අතරින් එයාගේ දිගු දෑගිලි එහෙ මෙහේ කරන්නට වුණා. දහදියත් එක්ක මුහුවුණු ඇගේ ශරීරයේ සුවඳ මාව දුර ඈතකට අරං යනවා ගිහිං හීනෙක අතරමං කරලා එනවා. මං හැමදාම ගැස්සිලා නැගිටින්නේ අතරමගක, මතුවට කිසිත් සම්බන්ධයක් නැති හිස් තැනක. 

වෙරෝනිකා මාව පුංචි එකෙක් වගේ තුරුළු කරගෙන. හැබැයි එයාට  ඕනා මගේ පුංචි සමනල් පැටික්කි වෙන්න. එත් එයා මගේ පැහිච්ච අම්මණ්ඩි හැමදාම. ලියන එකේ ඉඳන් අඳින එක දක්වා පිළිවෙළක් නියම කරමින් එයා මාව ඉස්සරහා කරනවා. එත් හැමදාම මං එකම වැරැද්ද කරමින් බැණුම් අහන අලස පෙම්වතා වෙනවා. එයාට බැණලා බැණලා එපා වෙනවා. එත් මට නෝක්කඩු අහලා එපා වෙලා නැහැ තවම. 

ඇගේ ලැම මත හිස හොවන් ඉඳලා ඇති වුණාම මං එයාගේ කම්මුල් දිගේ හාදු අතුරනවා. බොරු කේන්තියක් පෙන්වමින් වළක්වන හැදුවත් එයාගේ දෙතොල් වල මං රතු පැහැ තවරන එක වළක්වන්න එයාට කිසිම උවමනාවක් තිබුණේම නැහැ. අඩවන් වුණු ඇස් වලින් එයා ආදරය බෙදා ගනිමිනුයි හිටියේ. යටි තොලින් උඩු තොලට මාරු වෙමින් රස හොයන මට සැනසිලිදායක පේ‍්‍රමයක් ඇය විසින් මුදා හරිමින් උන්නා. ඇයට කිසිම හදිසියක් තිබුණේ ම නැහැ. හදිසියක් තිබුණේ මට, ඒ උමතු පේ‍්‍රමය තුල අතරමං වෙන්න. 

ඇගේ දුක්, කඳුළු, සෝ-සුසුම් අත්තිවාරම ලෙස ගෙන අපි හැදු පේ‍්‍රමය අතු ඉති දා ලියලමින් තිබිණ. යලි යලිත් චණ්ඩ ලෙසත් ඉතා මෘදු පෙමිනුත් ඇය මවෙතින් ආලය පමණක්ම බලාපොරොතුව උන්නාය. 

මං උන්නේ වෙරෝනිකාගේ වම් ඇලයට වෙන්න. අපි දෙන්නම රිද්මයක් නැතත් හයියෙන් හුස්ම ගනිමින් උන්නා. හිමි හිමින් ඇගේ මහන්සිය පහව ගිය විගස ඇය වචන ගලපා මගේ කනට කොදුරන්නට වුණා. 

මං ආදරෙයි........... හැමදාම..........



වෙරෝනිකා.........
බුරු ගහන විට අල්ලන ඔට්ටු ජිවිතේට දාන්න.....



Wednesday, July 31, 2013

ඒ මග වැටි ඇත්තේ නිදහස් වීම තුලයි




වෙරෝනිකා......
ඇකඩමික් දැණුමින් ඔයාට කිසිදවස අව්‍යාජ ආදරය කරන මිනිසෙක් බවට පත් වෙන්න බැහැ. එක විසින් හැමවේලාවකම ඔයාව දැණුම් තේරුම් ඇති ගැහැණයෙක් විදිහට ප්‍රක්ෂේපනය කරන්න ගන්නවා. ඔයා ඔයාගේ නොහැකියාවන් හැම එකක්ම ඇකඩමික් දැණුම මගින් වසා ගනිමින් සිටිනවා. මිනිසුන් හැමෝම එහෙමයි..!! එත් වැරදීම්, හිත් රිදවීම්, රැවටීම්, නොහැකියාවන්, කුදුළු-සුසුම්-උණුහුම මේ හැම එකක් එක්ක තමයි ආදරේ පැවැත්මේ ස්භාවය තිරණය වන්නේ.

සමහර විට ඔයා කාලයක් යද්දී අනෙකා මත යැපෙන්න ගන්නවා. ඔයා හිතනවා මේක යුතුකමේ කොටසක් කියලා. ආදරය තුල එහෙම බල අධිකාරීන් රදා පවත්නේ නැහැ කොහොමවත්ම. මොකද ආදරය කියන්නේ ඒ මොහොතේ ආදරයේ පැවැත්මේ ස්භාවය විතරක් වන නිසා. ඔයායි එකට ඔයාගේ නිරිවාචික උත්තර හොයා ගන්නේ, එක නිකම්ම ස්වයං විදීමක් වෙනවා මොහොතක. ඒ ස්වයං විදිමේ ත්වරභාවය මත ඔයා අනෙකාව තෙරුම් ගැනීම කෙරෙහි නැඹුරු වෙන්න ගන්නවා, අනෙකාට ගෞරවයක් ඇතිවෙන්නේ අන්න ඒ අවස්ථාවේදී. වචන භාවිතා කරමින් සංනිවේදනය කරන අපි ආදරය තුලටත් ඒ භාෂාවම ගෙන එමින් තියෙනවා. එත් ඇත්ත කාරණය ඔයාට හැගෙන දැනෙන දේ කියන්න භාෂාවක් මොකටද කියන කාරණයයි. අන්න එතැනදී හැමෝම වගේ මගහැර යමින් ආදරය තවත් එක් යුතුකමේ ස්භාවයක් හරි ගණු දෙණුවක් යැයි සිතමින් කටයුතු කරන්න පෙළඹෙනවා. ආදරය කෙරෙහි ඔයා සංවේදී වන තරමට තමයි අනෙකාව තමා තුල හට ගැනීමට අවකාශය සැලසෙන්නේ. එක හරියට ඔයාට පියාඹන්න පුළුවන් වුණා වගේ වැඩක්. ඔයාට දැං පියාඹන්න පුළුවන්, ඔයා හැමදේයක්ම අමතක කරලා දාලා පියාඹා යනවා වෙනත් හිත් අහසක, ඔයාට දැනෙන්නේ හරිම නිදහස් හැගීම් සමුහයක්. ඔයාගේ භාෂාවෙන් ඔයා සුරක්ෂිතයි කියලා ඔයාට දැනෙන්න ගන්නවා. හැබැයි එතැන අවධානමක් තියෙනවා. මොකද ඔයා මොහොතකය හරි ඔයාගේ සංවේදීභාවය ගැන තැකීමක් නොකරන විටදී ඔයාට පියාඹන්න තියෙන ඉඩ ඇහිරෙනවා. හැබැයි මං කියන්නේ අන්තිමට ඔයා පියාඹන්න හරි ඉගෙන ගත්තනේ...සතුටු වෙන්න!!!


වෙරෝනිකා.....
මේක තනිකරම උමතුවීමක්.....!! ගොඩක් මිනිස්සු තමන්ගේ තත්වය අරක මේක කිය කියා මග හරිමින් ඉන්න තත්වයක්.අපි අපේ ඇකඩමික් හැදියාව තුල මේ උමතු ස්භාවය වසං කරමින ඉන්නවා. කාළයක් තිස්සේ පුරුදු පුහුණු කරපු මේ දෙය හින්දා අපිට අමතකව ගිහින් ජිවිතය සතුට අරං එන්න. එත් අපි ගොඩක් දේවල් කරමින් සතුට හොයනවා. හැබැයි පිරිපුන් ඇත්ත මිනිසා ඉන්නේ ඒ උමතු ස්භාවය තුල කියලා අපි කාලාන්තරයක් මුළුල්ලේ අමතක කරලා දමලා. දිගක් පළලක් හැඩයක් නැතිව ආදරය කරන්න ඔයාට ඒ උමතු ස්භාවයට පත් වෙන්නම වෙනවා. පාසල් යන කුඩා ශිෂ්‍යාවක් වගේ ඔයාට නිදහස් වෙන්න වෙනවා. මොකද ඔයා විසින් ඔයාව වසා දමා ඇති තිර රෙදි ඉරා දමන තුරු ආදරය පවතින්නේ එයාට ගොඩක් ඈතින් නිසා. ඉතිං අනෙක් හැමෝම වගේ දෛනික ජිවිතයකට පුරුදු පුහුණු වෙලා දින ගණන් නිකං ජිවිතය විනාශ කරමින් ඉන්නවා. අපි අපේ හිත් නිර්වින්දනය කර මොලයෙන් වැඩ කරනතාක් අපිට සමාජය තුල සාර්ථක මිනිසුන් සේ පෙනි සිටිම හැකි වනු ඇත. එහෙත් ඇත්ත ජිවිතය තුල ඔයා ඉන්නේ කොච්චර කළුවරකද? කෙතරම් තනිකමකද? ඔයාට සබදතා බොහොමයක් තිබි තිබෙන්නට පුළුවන්! ඔයාට ජිවිත අහුවෙලා තියෙනවා නම් එතරම් සබදතා ගණනක් පැවැත්මට හෙතුව කුමක්ද? ඔයාට හැමතිස්සෙම ඔයා තුල තිබෙන දෙය මග හැරෙමින් තියෙනවා.

වෙරෝනකා.....
ගැහැණුන් මිනිසුන් වගේ යාන්ත්‍රිය වෙන්න පටන් අරං. යුද්දෙකට පුරුදු පුහුණු වෙන සෙබලු කොටසක් වගේ එගොල්ලෝ පිරිමි අනුකරණය කරමින් ඉන්නවා. ඉතිං හැමදාම වුණා වගේ පිරිමින්ට මග හැරුණු ආදරය ගැහැණු අතිනුත් ගිලිහෙන්න පටන් අරං. ඔයාට හිතා ගන්න පුළුවන්ද වෙරෝනිකා ව්‍යජ සම්බන්ධතාවයකදී තමන් කාට රැවටෙනවද කියලවත් නොදැන ගැහැණු හා මිනිස්සු හිනා වෙමින් සිටින අන්දම! ඔයා උමතු වෙන්න උමතු වෙන්න ඔයාට ඒ බොරුව පෙන්න ගන්නවා. හරියට නිශ්චල ජලය පෙරලා අපිට අපේ රූපය පෙන්නනවා සේ. 
ජිවිතය අදුරේ ගෙවන එක අපි නවත්වමු වෙරෝනිකා....
අදුර නසන්නට ප්‍රේමයේ පහන් අපි වෙරළාද්දර පත්තු කරමු....
මං ඔයා එනකං ගාලු මුවදොර ඇස් කන් ඇරං බලාගෙන......
ඔයා අදත් පරක්කුයි...!!!



Saturday, July 20, 2013

ආදරය කරන්න ඔබ සුදානම් ද?



ආදරය  නිර්-හිමිකාරකමක්. ආදරය යම් කෙනෙක් සමග කරන්න ඇති සෙයක් නෙමෙයි, එය ඔබගේ පැවැත්මේ තත්වයයි. ආදරය කියන්නේ සම්බන්ධතාවයක් නෙවෙයි. සම්බන්ධතාවයක් ඇති කර ගන්න පුවවන්, නමුත් ආදර සම්බන්ධතාවක් නෙමෙයි. සම්බන්ධතාවයක් පවතින්න පුළුවන් නමුත් ආදරය එයට සීමා නොවු ඊට වඩා වැඩි යමක්.

ඔබ ආදරවන්තයෙක් බවට පත් වන්න කලින්, ඔබ ආදරය බවට පත් වෙන්න ඔනේ. මිනිස්සු හිතන්නේ ඔවුන් ආදරය බවට පත් වෙන්නේ ආදරවන්තයින් බවට පත් විමෙන් පමණයි කියලා. ඔබට ආදරයක් නැතිව ආදරවන්තයෙක් වෙන්න බැහැ. 

ප්‍රේක්ෂකයෙතු රහිතව ඔබට නර්තනයේ යෙදෙන්න පුළුවන්. ඒ වගේම, ඇයි ඔබට ආදරය කරන්න බැරි එතැන යම් කෙනෙක් නැතිව? ඔබේ මනස වැරදි අන්දමට තත්වාරෝපණය කරලා. ඔබ හිතන්නේ ඔබට ආදරය කරන්න හැක්කේ එතැන ආදරය කරන්න යමෙක් ඉන්නවා නම් පමණයි කියලා. 

කවුරුවත් මත යැපෙන ආදරයක්, බොහෝ ම දුප්පත් ආදරයක්. ඔබගේ ඇතුලාන්තය නිර්මාණය කලා වු ආදරය, ඔබගේ පැවැත්ම තුලින්ම ඔබ නිර්මාණය කරන ආදරය තමයි සැබෑ ශක්තිය. 

ආදරය එය හැටියටම විකසිත විය හැක්කේ එය ඉල්ලා නොසිටිමේදීය. එය කේවලයක් නොවුනාමයි. එය තමන් එන විටදී, අවිඥාණකව පවා, එය අතිශය ලස්සනක් තිබෙනවා. ආදරය හට ගන්නේ නිදහස් මිනිස්සු දෙදෙනෙක් අතරයි, එකිනෙකාගේ වහල්ලු දෙපලක් අතර නොවේ. 



ඕෂෝ සංවාද
ජෝ. සෙනවිරත්න

Tuesday, July 2, 2013

වෙරෝනිකාගේ උමතුව - III


අපි මීටර් ටැක්සියක යමු.. 
මන්දෝදාරී වෙරෝනිකා දෙස බලා හඩ අවදි කලේ පඩිපෙල බසින ගමන්ය.

ඇයි.. ඔයාගේ කාර් එක..?

මීටර් ටැක්සියක යන එක කාර් එකේ යනවට වඩා වෙනස්.. ජීවිතේට නිතරම වෙනසක්  ඕනෙ. 
වෙරෝනිකා මන්දෝදාරිගේ කතාවට ඇහුම්කන් දෙමින් පඩිපෙල බසින්නීය. ඈට මාරිව මතක් වෙයි. විලෙත් මානසික රෝහලේදී ජීවිතේ වෙනස් කරගැනීම ගැන ප‍්‍රායෝගිකව කියාදුන් ගුරුවරිය මාරිය. ඈට මන්දෝදාරී තුලින් යලි මාරිගේ සුවද දැනෙයි. එය ඇතුලාන්තයෙන් එන සුවදකි. 

මොනවද කල්පනා කරන්නේ...? 
මන්දෝදාරී පාර දෙසට ඇවිද එන අතර තුර නිහඩතාවය බිදියි.

මට ඔයාගේ සුවද දැනෙනවා.. 
ඒ හඩ වෙරෝනිකාගේ හදවතින් ගලා ආ හඩක් බව මන්දෝදාරීට වැටහුණි. ඈ වෙරෝනිකාගේ සියුමැලි දකුණත අල්ලා ගනී. 

භාණු කියන්නෙත් ඇතුලාන්තෙන් සුවද විහිදුවන මනුස්සයෙක්.. මන්දෝදාරීගේ හඩෙහි බිදුනු ස්වරයකි. වෙරෝනිකා මොහොතක් මන්දෝදාරී දෙස බලන්නීය. අනෙකාගේ වාක්‍යයේ අග්ගිස්සෙන් අල්ලාගෙන කතා කිරීමට මන්දෝදාරී තුල ඇත්තේ අරුම පුදුම හැකියාවකි. බොහෝවිට මන්දෝදාරීගේ කතාව නාට්‍යමය ලක්‍ෂණ ගනී.  ඒ නිසාවෙන්ම ඈ දෙස බලා සිටීමට වෙරෝනිකා පි‍්‍රය කරයි. පාරේ ආ තී‍්‍රරෝද රථයකට අත දැමු මන්දෝදාරී වෙරෝනිකාගේ අතින් අල්ලාගෙන ඊට ගොඩ වේ. 

පන්නිපිටියට.... යමු.. 
මන්දෝදාරීගේ හඩ තුල සංවේදී විධානයකි. තී‍්‍රරෝධ රථය සුලංපහර කපාගෙන කොට්ටාව දෙස බලා ඇදෙන්නට විය.

භාණු කියන්නේ හොද මයිමින් ආර්ටිස් කෙනෙක්.. මට භාණුව මුලින්ව හම්බවෙන්නේ මහරගම යුත් එකේදි.. එදා ඉදල අදවෙනකම් භාණු කියන්නේ ගතිගුණෙන් නොවෙනස් මනුස්සයෙක්.  ඕනම වෙලාවක අපි ඒ වැඩේ කරමු කියල මිසක් බෑ කියල කියන මනුස්සයෙක් නෙමේ.. 
මන්දෝදාරීගේ හඩෙහි වෙව්ලූම් ස්වරූපය නිසාවෙන්ම ඈ දැන් නැතුවට දැන් හඩාවැටෙතැයි වෙරෝනිකාට සිතෙයි. එබැවින් ඈ මදකට මාතෘකාව වෙනස් කිරීමට සිතා ගනී.

යූත් එක කියන්නේ මොකක්ද...?

යූත් එක කියන්නේ ලොකු ඉතිහාසයක් විසින් ගොඩනගපු ලොකු බිල්ඩින් තියෙන ඉඩමක් මං දවසක ඔයාව එක්කගෙන යන්නම්. ලංකාවේ තරුණ නැගිටීම් දෙකක් සිද්ධ වුනා එකක් හැත්ත එකේ අවුරුද්දේ. අනික අසු අට අසු නවය අවුරුදුවල. 

තරුණනැගිටීම් වලයි ඔයා කියන යූත් එකෙයි සම්බන්දේ මොකක්ද..? වෙරෝනිකාට පැහැදිලි මදි විය.

පළවෙනි වතාවට නිදහස් ලංකාවෙ තරුණයෝ නැගිටීමක් වුනේ හැත්ත එකේ. මේකට නායකත්වේ දුන්නේ රෝහණ විජේවීර කියල තරුණයෙක්. ඒ කාලේ ලංකාවේ පාලකය විදියට හිටියේ සිරිමාවෝ බණ්ඩාරනායක කියල අගමැතිවරියක්. මේ කැරැල්ල විවිධ හේතූන් නිසා කොහොමින් කොහොම හරි මැඩපවත්ව ගත්ත ආණ්ඩුව ආපහු තරුණ නැගිටීමක් සිදුවෙන එක වැලැක්වීමේ අරමුණෙන් තමයි යූත් එක හැදුවේ... දියාරු තරුණපරම්පරාවක් නිර්මාණය කිරීම තමයි ඒ ගොල්ලන්ගේ උවමනාව උනේ. එත් ඒ අතරේ හිටියා ලේ තියෙන තරුණයෝ. ඒ ගොල්ලෝ පාලනය කරගන්න පුලූවං හයිය යූත් එකට නෑ.. ඉතිං ඒ මිනිස්සු එලියට බැස්ස. ඒ මිනිස්සු එලියට බහිද්දි වැඩ කරන්න පුලූවන් දේශපාලන සංවිධාන නෑ ඉතිං තනි තනියෙං යාලූ මිත‍්‍රයෝ එකතු කරගෙන වැඩ කරන්න පටන් ගත්තා. ඒ කට්ටිය අතරේ ඉදල තමයි මට භාණුව මුණගැහෙන්නේ.


ඇයි තරුණයන්ට වැඩකරන්න පුලූවන් දේශපාලන කණ්ඩායම් නෑ කිව්වේ ඔයා..? 
වෙරෝනිකාගේ හඩෙහි දැඩි කුතුහලයෙකි.
මන්දෝදාරීට දොස්තර ඉගෝර්ව මතක් විය. වෙරෝනිකාට වැලදී ඇති උමතුවේ ස්වභාවයන් පිළිබදව දොස්තර ඉගෝර් කල දැනුවත් කිරීමට අනුව දේශපාලනය පිළිබදව වෙරෝනිකා තුළ උනන්දුව වැඩිවන සෑම අවස්ථාවකම එය යටපත් කල යුතුය. ඊට හේතුවක් ඇත. ඒ මේ උමතුව අනුව ඈට පාලනය කරගත නොහැකි ලෙස තරහ යෑමට ඉඩ ඇති බැවිනි.

මං ඔයාට ඒ ගැන පස්සේ කියන්නං ... දැන් අපි ඉන්නේ මල ගෙදර ඉස්සරහ.. 
මන්දෝදාරී තම පසුම්බිය ගෙන තී‍්‍රරෝධ රථයේ ගාස්තුව ගෙවා දමා වෙරෝනිකාගේ අතින් අල්ලාගෙන මල ගෙදර දෙසට ඇවිද යන්නට විය.
තැන තැන දල්වාගත් විවිධ ප‍්‍රමාණයේ සිගරට් අතැති තරුණයෝ හා ශරීරයෙන් වයස්ගත එහෙත් ජීවමය දෑස් ඇති පුද්ගලයෝ අල්ලාප සල්ලාපයේ යෙදී සිටින ආකාරය දෙස විමසිලිමත්ව බලමින් වෙරෝනිකා මන්දෝදාරී පිටුපසින් ඇදී යන්නට වේ.
සියු දෙනාගේ මුවින් පිටවන වචන භාණු මාතෘකා කරගෙන සිටී. 

මගේ ෂෝට් ෆිල්ම් එකේ කැමරා කරල දුන්නේ භාණු අයියා.. උදේ තමයි කිව්වේ මේකප් කරන්න..........ට එන්න වෙන්නේ නෑ කියල. උඹ බය වෙන්න එපා කියලා එකත් කරල දුන්නා බං.. 
සිහින් දිගැටි මුහුනැති තරුණයා පමණට වඩා සංවේදීව ඇති බව වෙරෝනිකාට අවබෝධ විය.

දවසක් මචං දැන් අපි ෂුට් එකට ගිහිං ඉන්නවා.. භාණුව තමයි මේකප් කලේ ... වැඬේ ඩිරෙක් කලේ අපේ ........ ඉතිං දැන්  කොට ලොරියක් බාන සීන් එකක් ගන්න තියෙන්නේ... පොර එකසැරේට භාණු කියල භාණුට කතා කලා... මේ යක්කු ටික කොට ටික බෑව කියපංකෝ... කිහිපදෙනෙක් භාණු ගැන කිසියම් රසකථාවකි.

ගෑනුම කී දෙනෙක් ෆීල්ඞ් එකට ගෙනාවද මූ... අන්තිමට උන් සේරම මොකද කලේ... වෙන වෙන උන් එක්ක එල්ලිලා යන්න ගියා... අපේ භාණු තනි වුනා... 
එහෙම කියන්න බෑ  ඕනම කෙනෙකුට අයිතියක් තියෙනවා තමන්ට එකට ඉන්න බෑ කියලා හිතෙනවනං යන්න... භාණුවත් ඒ ගෑනුන්ට වචනයක් කිව්වේ නෑ ඔයා මොනවද මේ කියන්නේ....? 
දෙදෙනෙකු භාණුගේ පේ‍්‍රමයන් පිළිබදව සංවාදයකි.

නිවෙස තුලට ගිය වෙරෝනිකා භාණුගේ දෙන දෙස මොහොතක් නිහඩව බලා සිටී. මේ නිදන මිනිසා සදාකාලික නින්දට වැටී සිටියත් පිටත මිනිසුන්ගේ ජීවිත කෙරෙහි කොතරම් විශාල බලපෑමක් කර ඇද්ද..? වෙරෝනිකා කල්පනා කරන්නට විය. ඇතුලාන්තෙන්ම සුවද විහිදුවන මිනිසෙක් භාණු ඔබ.. වෙරෝනිකා මොහොතක් හැගීම්බරව බලා සිට නැවත මිදුල දෙසට යන්නට පිටත් වෙයි. ඈට මන්දෝදාරී භාණු පිළිබදව ලියා තිබුණු පද පේළීයක් සිහි වේ.

කලා භවන හිමිනැත නුඹට....
එයම මහ කරුමයෙක.......
නුඹේ ඔය කුඩා නිවහන .... 
කලා භවනකි අපට.... ආදරණීය භාණු.


_________________________________________ඉතිරිය පසුවට

විශේෂ ලියුම්කරුවෙකු විසිනි.