Friday, September 23, 2011

ඔයාට ගී කියන්නද මං_________



මට පිස්සුද නැද්ද කියලා ඔයාම තිරණය කරන්න. එත් මම ඉන්නේ විස්සෝප වෙලා.... ඇවිස්සිලා... 
වෙ  රෝ  නි  කා...............

මානසික රෝගියෙකුගෙන පාර අහන්න ඔයා මොන එකකට මං ලග දැවටුනාද මංදා? බලන්න එක නිසා සිද්ධ වුණ අලකලංචිය..... කොච්චර දුර කතරක් මං ඇවිල්ලද පිපාසාවෙන්..... අතරමගදි කවුදෝ ඔයාගේ නමට ගී කියනවා

බලන්න මං ගැනවත්ද.....



Thursday, September 22, 2011

අවසන මා ඇයව දිටිමි_____________

An inspi
               ration,
A legend and a man with a sim
                                                                               ply beautiful soul 
        whom I'll res
                              pect a life time to 
                                                         go 
                                                         on......






වෙරෝනිකා ගග දිගේ ඉනි හැම තැනම..........

ජිවිතයට ජිවත්වෙන්න ඉඩ හරින්න__________



තමන්ටත් තමන්ව නැති වුණ යුගයක බොහෝ අය ආදරය කියලා වාණිජ ගණුදෙනුවක නිරතවෙමින් ඉන්නවා. තමන් තුල උතුරා යන හැගීම් ප්‍රමාණය කාළයක් තිස්සේ ගල් කර තබා ගැනීම හේතුවෙන් ඔවුන් අසංවේදී මිනිසුන් බවට පත්ව හිදියි.
වෙරෝනිකා.........
ආදරය වෙනුවෙන් ඔනේ දෙයක් කිරිමට පෙර දැරීව උන් ඔයාත් සුළගට ගහං ගිහිං. හැමදේම අත්හැරලා දාලා පවතින ක්‍රමය තුල ස්ථාවරයක් හොයා ගන්න ඔයා දගලන දැගලිල්ල..... 
වෙරෝනිකා.......
මේ දුවක රේස් එකේ මාවත් අරං දුවන්න ඔයා අප්‍රමාණ උත්සහා කලා තමයි අතරමග මාව දාලා යන්න බැරිකමට. එත් වෙරෝනිකා... මට ඔනී හැල්මේ දුවන මිනිසුන් දිහා පැත්තකට වෙලා බලා ඉන්න. දුවන මිනිස්සු මොහොතකට නැවතිලා මා දිහා බලලා පව් මෝඩයා කියන එකට ඔයා ඔච්චර බය වුණාද...?? ආත්මයක් බරට ඔයාට ආදරය කරන්න මට පුළුවන් වුණේ කල් වේලා අරං ඔයාව කියවන්න මට තිබුණු හැකියාව නිසයි, පුංචි කුරුලු පැටියෙක් සේ නිදහසේ සැරිසරන්න අහසක් තරම් ආදරයක් ඔයාට ලැබුණේ හැල්මේ දුවන්නේ නැතිව ඔයාව තේරුම් ගත්තු හින්දයි.
වෙරෝනිකා......
‍ලෝකය කොහොමත් ලගදිම විනාශ වෙනවා.......
ඉතිං ඇයි මේ හදිසියේ විනාශය දෙසට දුවන්නේ.... එන්න අපි විවේකිව ජිවිතය විදගමු......


Wednesday, September 21, 2011

අන්ධකාරය මැද පිපුණි ඇය___________



වෙරෝනිකා......
අන්ධකාර රැයක උමතුවෙන් ඔයාගේ ඇගිලි පියානෝව මත එහේ මෙහේ දුවනවා... ඔයා මතින් ඔයාව වාන් දමන්න ඔන්න මෙන්න කියාලා තියෙනවා වගේ. ඒ කළුවරේ වුණත් ඔයාගේ දෑස් දැල්වුණේ ගිණී පිළිගු වගේ. ඔයා විශ්වාසයක් හගිමින් උන්නේ... ඔයා භක්තිවන්තියක් සේ පේ වී උන්නේ.... ඔයාගේ හිත පියානෝව මත උතුරමින් උන්නත් ඔයාගේ ඇස් මාව හොයමින් ඝණ කළුවරම පීරමින් තිබුණු මොහොතක් ඒක.... ඔයාට ඔයාව හොයා ගන්න, ආයේමත් අළුතින් ඉපදෙන්න හදවතක් අවශ්‍යව තිබුණු මෙහොතක් ඒක.... ඔයාව පුංචි පුංචි තැන් වලින් කළඹපු ඇස් දෙකක් හොයමින් ඔයා උන්නේ දැවෙමින්....... ඔයාගේ උතුරා යෑම ත්ව්ර ස්වර වල දැවටිලා මගේ හදවත පසාරු කරගෙන යමිනුයි තිබුනේ. ජිවිතයේ වැඩි කාළයක් නිහඩව, නිසලව උන්නු මාව ඔය ඇස් ඒ රාත්‍රීයේදී උස්ලා පොළවේ ගහන්න සමත් වුණා. තව දුරටත් කළුවර තුල හැංගිමුත්තන් කරන්න මගේ හිත මට ඉඩ දුන්නේ නැහැ. 

මුළු සප්ත ස්වරයන්ම කළඹලා ඔයා මා වෙනුවෙන් වැයුවා... ඔයාගේ ආත්මයේ හඩගා කියන හඩ ඔයා මං වෙනුවෙන් වැයුවා...... වෙරෝනිකා......
ඔයාගේ හීනි දෙතොල් පෙති හීනියට සැළෙමින් තිබුණේ නැවුම් උණුහුම් හාදුවක් වෙනුවෙන්...... එක් වරම ඔයා පියානෝව වයන එක නතර කලා, ඇත්තටම ඔයා මාව කන්දක් මුදුනතටම අරං ඇවිත් තිබුණා ඒ වන විටත්, ආයේමත් දෙපාරක් හිතන්නේ නැතුව මට තිබුණේ මේ හමා යන සුළග සමග මුහුවෙන්න.... වෙරෝනිකා......
මුළු කළුවරම යටපත් කරමින් ඔයාගේ ආදරයේ ආලෝක එළිබහිමින් තිබුණා. මම හෙමෙන් සැරේ ඔයාව මගේ තුල රදව ගනිමින් උන්නා.... පරිස්සමට ඔයාව කළතමින් උන්නා.... ඔයාගේ රහා මගේ තුල කිදා බහිමින් තිබුණා..... 

ඒ තමයි ඔයාට ඔයාව හමුවුණ එකම රැය.........
ඒ තමයි මං ප්‍රේමයෙන් උන්මත්තක වු රැය......


නැතිවුණ කොටස හොයා ගන්න____________



ඔය දෙන්නා මුහුණට මුහුණ බලගෙන කිසිවක් මුමුණන්නේ නැතිව කොච්චර වෙලාවක් ඉදලා තියෙනවද? අඩුම ගාණේ එහේම හිටපු කාළයක්වත් මතක තියෙනවද? ඇයි ඔච්චරම වචන එක්ක එයාව රවට්ටන්න හදන්නේ.... ඔයාම දන්නවා ඔයා තුල ඇයට කිසිම ආදරයක් නැහැ කියලා... ඇයත් දන්නවා ඇය තුල ඔයා කෙරෙහි කිසිම ආදරයක් නැහැ කියලා.... එත් එහෙම වගේ දෙන්නට දෙන්නා පෙන්වමින් ඉන්නවා... ඔයා ආදරේ නම් ඔය තරමටම ඇයි ඔයා ඔයාගේ පත්තුවෙලා උතුරා ඇද හැලෙන දෑස් ඇයට නිරාවරණය කරන්නේ නැත්තේ...?? 

ඇයව දැවිලා අළුවෙලා යන්න... ඇයව කැළඹිලා උතුරා වාන් දමන්න..... ගැහැණියෙක් හැමතිස්සෙම බලාගෙන ඉන්නේ පිරිමි ඇස් දෙකක් ඇතුලේ අතරමං වෙලා වල්මත්වෙන්න. ඒ වල්මත් වුණු ඇස් දෙක ඇතුලෙන් ශූංගාර කලාපයකට දොර කවුලු විවර කර ගන්න. එත් ඔක්කෝටම කලින් ඔයා ඔයාව වහලා අගුලු දාලත් ඉවරයි..... .

ගැහැණියක් සමග ඇදට නගින එක ඔයාට ඔය තරම්ම පහසු කාරියක් වුණත් තාම ඔයාගේ ඇතුලේ ඔයා දැවෙමින් ඉන්නේ ඇයි...?? පව්කාරකමක් පළිසන්දෙනවා වගේ තාමත් ඔයා තෘප්තිමත් නැත්තේ ඇයි....?? ඔයාට විවේකයක් තිබිලා නැහැ මුළු ජිවිත කාළයෙන්ම තප්පරයක් ඇයව ඔයාගේ ඇස් ඇතුලේ රදව ගන්න. ඇගේ රෝම කූපයක් ගාණේ විදගන්න. ආයෙමත් ඔයා ගැහැණු ශරිරයක් මතින් නැගිටින්නේ හිස් මිනිහෙක් විදිහටමයි..... ඇයි කවමදාවත් ඔයාට බැරි වුණේ  ඇයට ඔයා තුල ගිලෙන්න ඉඩ හරින්න.... ඇයි ඔයාට මගහැරුනේ ඇය තුල ගිළිලා ඔයාව හොයා ගන්න එක... කාලෙකට පස්සේ ජිවිතේ පිරිපුන් හැගීමක් ඔයාට ඇතිවේවි....!!



ඔබ පිහිනුවොතින් ඔබට ඔබව මග හැරෙනවා_____________



ඔයා පිහිනන්න දැනගෙන හිටියත්, ඒක අමතක කරලා දාන්න මේක තමයි වෙලාව. වඩදිය ඔයාව ඉවුරට අරං ඇවිල්ලා. ඉතිං ඔයා පිහිනන්න යන්නේ කොහාටද? ඔයා වැල්ලේ පිහිනන්නද යන්නේ? වඩදිය ඔයාව වෙරළ බවුරට අරං දාපු නිසාම ඔයා වාසනාවන්තයි. දැං මොට්ට වෙන්න හදන්න එපා. දැං ඔබ පිහිනන්නට පටන් ගත්තොත්, ඔබ ඔබට එරෙහිවයි පිහිනා යන්නේ.....
එතකොට වඩදිය විසින් කරපු දේට අනිත් පැත්ත ඔබ කරා වෙනවා. අපිට කරන්නට බැහැ. සිද්ධවෙන දේවල් විතරක් පවතිනවා. එච්චරයි. කිරීම කියන්නේ බොහෝ පොදු ව්‍යාපාරවල දේවල්. ඒ කියන්නේ ලෞකික දේවල් පවතින විදිහයි. 
ඔබට මුදල් උපයා ගැනීම සදහා යම් දෙයක් කල හැකියි. ඔබට නම්බුව ලබා ගැනීමට යම් දේයක් කළ හැකියි. එත් ආදරය අදාල වෙන තාක් දුරට ඔබට කිසිවක් කළ නොහැකියි. කෘතඥතාව අදාල වෙන තාක් දුරට ඔබට කිසිවක් කළ නොහැකියි. නිහඩතාව අදාල වෙන තාක් දුරට ඔබට කිසිවක් කළ නොහැකියි.
ඉතාම හැගවුම්කරණීය දෙයක් තේරුම් ගැනීමට තිබෙනවා. කිරීම යන්නෙහි අර්ථය ලෝකයයි. නොකිරීම යන්නෙහී අර්ථය තිබෙන්නේ ලෝකයෙන් එපිටයයි. එතැනදි දේවල් සිද්ධ වෙනවා. එතැනදි ඔබව මුහුදු වෙරළ වෙතට රැගෙන යන්නේ වඩදිය විසින් විතරයි. ඔබ විසින් නෙවෙයි....

ඔබ පිහිනුවොතින් ඔබට ඔබව මග හැරෙනවා.........

මුනිවර පිළීසදර
~අරවින්ද හෙට්ටිආරච්චි~

Sunday, September 18, 2011

අතරමග නැවතී______________



මුඑ කොළඹ පුරාම රාත්‍රීයට අඩ සිහියෙන් කරක්ගහද්දී රෑ සුරූපිනියන්ගේ ඇස් මාව ගිල ගන්න වගේ බලාගෙන උන්නා. එත් ඒ ඇස් අග දිලුහුණේ කීයක් හරි හොයා ගන්න කාගේ හරි කැවුත්ත කඩා ගන්න අහිංසක ප්‍රර්ථනාවක්. මුඑ දවසක් පුරාම වැඩ කරලා අන්තිම බස් එක එන තෙක් මග බලා සිටින ගැහැණුන්ගේ හා මිනිසුන්ගේ ඇස් මා වෙතම එල්ල වුණේ හරියට හොරෙක්, ත්‍රස්තවාදියෙක් දිහා බලන විදිහට. ඒ හැම දෙයක්ම මග හැරලා මම තාම ඔයාව හොයනවා.

ඔයා කොළඹ අත්හැරලා පල්ලම් බැහැලා කියලයි ආරංචිය. එත් මං දැං මේ කොළඹට ආදරේ කරනවා. ඔයා වගේම විටෙක මාව අතර මං කලත් විටෙක මාව රැවැට්ටුවත් ඔයාට වගේ ම මං මේ ගෙන්දගම් පොළවට ආදරය කරමින් ඉන්නවා. වෙනකිසි දෙයක් හින්දා නෙවෙයි උස තාප්පෙකින් පැනලා ඇවිත් කිසිම දෙයක් නොදැන ඉන්න කාලේක කොළම විසින් මට උගන්වපු දේවල් අනන්තයි.
දිළිසෙන ඇස් වල බබළන්නේ ප්‍රේමය නොවන වග මං දැං හොදින්ම දන්නවා වෙරෝනිකා. අනිත් හැම දේයක්ම වගේ එකත් නිකම්ම නිකං වෙළද සුරුවමක්, මිනිස්සු කාටවත් මරාගෙන මැරෙන්න ආදරය කරන්න ඔනේ කමක් නැහැ. පුංචි ශාරිරික උවමනාවක් ආදරය කියන අකුරු අතරේ හංගලා වෙළද පොළ තුල උත්කර්ශයට නංවලා තියෙනවා මං දැක්කා. හැම මනුස්ස සබදකමකටම තියෙන්නේ වාණිජ වටිනාකමක්..... මං නහින්නේ එහෙම දෙයකටද වෙරෝනිකා....??
මං උන්මත්තකයෙක් නිසා මං කියන දේ කිසිවෙකුටවත් වැඩක් නැති වුණත් මං කියන්නේ ඇත්ත කියලා මට හැගෙනවා. ආදරය කියන මිත්‍යාමතයෙන් බැහැර වෙන්න මමත් කොහොම හරි උත්සහා දරනවා. එහෙම නැති වුනෝත් ආයෙමත් මට පිස්සු කියලා මේ චණ්ඩි ටික මාව කුදලගෙන ගිහිං අරක ඇතුලේ ගාල් කරනවා. මම ඒ කළුවරට දැං බයයි වෙරෝනිකා..... මම දැං ඒ තනිකමට බයයි වෙරෝනිකා.....

මගේ ආදරය කොහොම ඔයා තේරුම් ගත්තද කියලා මං දන්නේ නැහැ..... එත් එක නිමේශක අත්වැරැද්දකදී ඔයාට පුළුවන් වුණා මට තිබුණු ආලය ඉහරව ගන්න.... වෙනතැනක හට ගන්න.... ආයෙමත් මාව නොදැක ඉන්න...... බලං ඉදලා බලං ඉදලා බැරිම තැන තමයි මං ඔයාව හොයාගෙන ආවේ...... මගේ පරක්කුව ගෙන ආවේ මට මරණිය වේදනාවක්..... එක හැම තප්පරයකදීම මගේ පපුව කීතු කීතු වලට ඉරනවා. මට අඩන්න දන්නේ නැති නිසාම මම කරබාගෙන ඉවසගෙන ඉන්නවා.... හදිසියෙවත් මං ඇඩුවොත් ඒ කදුළු ගංවතුරේ ඔයාවත් ගහගෙන යයි වෙරෝනිකා....

වෙරෝනිකා ඔයා දැකපු සුන්දර මනුස්සයා මරාගෙන මං ආයෙමත් ඉපදෙන්න ඔනේ.... එහෙම නැත්නම් ඒ සුන්දර මනුස්සයා මට ගෙන එන්නේ විනාසයම පමණයි
වෙ  රෝ  නි  කා   මං මොකද කරන්නේ.........???