වෙරෝනිකා......
අන්ධකාර රැයක උමතුවෙන් ඔයාගේ ඇගිලි පියානෝව මත එහේ මෙහේ දුවනවා... ඔයා මතින් ඔයාව වාන් දමන්න ඔන්න මෙන්න කියාලා තියෙනවා වගේ. ඒ කළුවරේ වුණත් ඔයාගේ දෑස් දැල්වුණේ ගිණී පිළිගු වගේ. ඔයා විශ්වාසයක් හගිමින් උන්නේ... ඔයා භක්තිවන්තියක් සේ පේ වී උන්නේ.... ඔයාගේ හිත පියානෝව මත උතුරමින් උන්නත් ඔයාගේ ඇස් මාව හොයමින් ඝණ කළුවරම පීරමින් තිබුණු මොහොතක් ඒක.... ඔයාට ඔයාව හොයා ගන්න, ආයේමත් අළුතින් ඉපදෙන්න හදවතක් අවශ්‍යව තිබුණු මෙහොතක් ඒක.... ඔයාව පුංචි පුංචි තැන් වලින් කළඹපු ඇස් දෙකක් හොයමින් ඔයා උන්නේ දැවෙමින්....... ඔයාගේ උතුරා යෑම ත්ව්ර ස්වර වල දැවටිලා මගේ හදවත පසාරු කරගෙන යමිනුයි තිබුනේ. ජිවිතයේ වැඩි කාළයක් නිහඩව, නිසලව උන්නු මාව ඔය ඇස් ඒ රාත්‍රීයේදී උස්ලා පොළවේ ගහන්න සමත් වුණා. තව දුරටත් කළුවර තුල හැංගිමුත්තන් කරන්න මගේ හිත මට ඉඩ දුන්නේ නැහැ.
මුළු සප්ත ස්වරයන්ම කළඹලා ඔයා මා වෙනුවෙන් වැයුවා... ඔයාගේ ආත්මයේ හඩගා කියන හඩ ඔයා මං වෙනුවෙන් වැයුවා...... වෙරෝනිකා......
ඔයාගේ හීනි දෙතොල් පෙති හීනියට සැළෙමින් තිබුණේ නැවුම් උණුහුම් හාදුවක් වෙනුවෙන්...... එක් වරම ඔයා පියානෝව වයන එක නතර කලා, ඇත්තටම ඔයා මාව කන්දක් මුදුනතටම අරං ඇවිත් තිබුණා ඒ වන විටත්, ආයේමත් දෙපාරක් හිතන්නේ නැතුව මට තිබුණේ මේ හමා යන සුළග සමග මුහුවෙන්න.... වෙරෝනිකා......
මුළු කළුවරම යටපත් කරමින් ඔයාගේ ආදරයේ ආලෝක එළිබහිමින් තිබුණා. මම හෙමෙන් සැරේ ඔයාව මගේ තුල රදව ගනිමින් උන්නා.... පරිස්සමට ඔයාව කළතමින් උන්නා.... ඔයාගේ රහා මගේ තුල කිදා බහිමින් තිබුණා.....
ඒ තමයි ඔයාට ඔයාව හමුවුණ එකම රැය.........
ඒ තමයි මං ප්‍රේමයෙන් උන්මත්තක වු රැය......
No comments:
Post a Comment