Saturday, September 24, 2011



මහා වැස්සක් මා මත වැටි මුළු සරුවාන්ගෙම තෙත බරිත වෙලා සීතලෙන් ගැහී ගැහී ඉන්න ආසාවකින් මාව පෙළෙනවා. ඉස්සර දවසක් ඇර දවසක් වගේ ඔයාව විකසිත වෙලා මා මත දෝරේ ගලමින් තිබුණා කාළයක් මටත් තිබුණා කියලා ඔයාට දැං මතකයක්වත් නැතිව ඇති. එත් ඔයා මා ලග නැවතුණේම මත්කමකින් හිත සංතර්පනය කර රෝම කූප විකසිත් කරගන්නම විතරක් නෙවෙයි කියලා මං අදටත් විශ්වාස කරනවා. 
වෙරෝනිකා.......
ඔයාගේ ආදරය විසින් මරණය පමණක්ම මට ගෙන එමින් තිබියදී කිසිදු ගාණක් නැතිව ඔයාගේ ඇස් ආයෙමත් දිළිහෙනවා මං දැක්කා. ඔයාගේ තුල වන විප්ලවීය අරගලයත් ඒ වෙනුවෙන් ඔයා තුලින් වැගිරෙන දහදිය මහන්සියත් ඔයාව හෙම්බත් කරමින් ඉන්නවා මං දැක්කා. මේ මුළු කාළය පුරාම මං හිටියේ ඔයාගේ සෙවනැල්ලෙන් වැහිලයි. ඔයා රිසි සේ ඔයාට ඔනේ තැන් වල ආවා ගියා. අදත් ඔයා ගිහිං ඔයාට ඔනේ දිහාවක. මං උන්නේ ඔය හද බිදගත්තම අස්වසන්න විතරක්ම කියලා මට තෙරේන්න පටන් ගෙන....

වෙරෝනිකා.....
මේ කොළඹ පාරක් පාරක් ගානේ ඇවිදලා හරි මං මේ මතකයන් මරා දමනවා. මං අළුතින් ඉපදෙන්න තිරණය කලා. ඔයාට ඒකට කියන්න කෙතරම් කැත වචන පේළි තිබුණත් මං තාම ඔයා ලගදී නිහඩයි. එත් මං ආයෙමත් හොයන්න ඔනේ මට අළුතින්, වෙනස් විදිහට ඉපදිය හැකි හදවතක්

වෙරෝනිකා.....
මාව දරන්න පුළුවන් ගර්භාශයක් මට ඕනෑ කර තිබේ....
වෙරෝනිකා.....
මේ උතුරමින් පවතින ආදරය, සෙනෙහස වෛරයකට පෙරලෙන්න මත්තෙන් මට නැවුම් හදකට ආලය කළ යුතුව ඇත. 
වෙරෝනිකා.....
කුළය, නිළය, තානාන්තර නොසොයන මිනිසුන් පිරිසක් මට ඕනෑ කර තිබේ.....
බලය විසින් හැගීම් හසුරණ, ඒ බලය නියෝජනය කරමින් දේවල් වෙනස් කරමින් ඉන්න කාළකණ්නී මිනිසුන්ගෙන් වහං වෙන්න මට ඕනේ...
වෙරෝනිකා.....
මේ කොළඹ මට උදව් කරත්වා.......


No comments:

Post a Comment