Sunday, April 15, 2012



ගැඹුරු ප්‍රේමයේදී මිනිස්සු බයයි පිස්සු හැදෙන්න එනවා. නැත්තං මැරෙන්න යනවා කියලා. එවිට මොනවා වේවිද? අගාධය එහි කට අරී. මුලු පැවැත්මම ඈණුම් අරි. ඉතිං ක්ෂණයකින් ඔබ එහිය. නැත්තං ඔබට එයට වැටෙත හැකියි. කෙනෙකු ප්‍රේමයට බිය වෙයි. එවිට මිනිසුන් සෑහීමකට පත් වෙනවා ලිංගික ආශ්වාදයෙන්. ඉතිං ඔවුන් ඔවුන්ගේ ලිංගික ආශ්වාදයට ප්‍රේමය යැයි කියනවා. 

________________________________________________________ ඕෂෝ රාජිනිෂ්





ආදරය ගිවිසුමක් අත්සන් කිරිමෙන් ජනිත කල නොහැකිය. එය පිනවීම, බෙදා ගැනීම, අන‍්‍යා්න‍්‍ය ආරක්ෂාව හා සුවපහසුව මත නොරැදේ. මේ සියලු දෙය මනස සතුය. ආදරය අපේ ජිවිතය තුල එතරම් සුළු කොටසක් හිමි කරගෙන ඇත්තේ එහෙයිනි. ආදරය මනස සතු නොවේ. එය මනසෙහි කපටි ගණය සහිත සිතුවිලි වලින් හා ආත්මාරක්ෂක අවශ්‍ය සහ ප්‍රතිචාරයන්ගෙන් නිදහස්ය. 

_______________________________________________________ ක්‍රිෂ්ණ මුර්ති








"සොන්යා මං වැද වැටෙන්නේ ඔබට නොමෙයි සොන්යා, ඔබ තුළ දුක් විදින මනුෂ්‍යාත්මභාවයටයි!"

______________________________________________________ රස්කොල්නිකොව්
                                                                                        "අපරාධය හා දඩුවම" - පයදෝර් දොස්තයෙව්සිකි.

උපුටා ගැන්මකි.

Saturday, April 14, 2012

අළුත් නොවන අළුත් අවුරුද්ද



"ජිවිතය කිසිදිනෙක අපව අතහැර ගොස් තිබුණේ නැත. අප විසින් අපව ජිවත් කිරිම සහමුලින්ම අමතක කර දමා ඇත."


වෙරෝනිකා..................
පාළමේ අත් වැටට උඩින් බෝ ගහේ කොළ හැළුනු අතු අතරින් ඈත අළුතින් හැදෙන උස බිල්ඩිමටත් උඩින් තාම හද පායලා හරි අපුරුවට. කිසිම අඩුවක් නැතිව මුළු ලෝකයටම එකසේ තම සිසිලස බෙදා දෙමින්. 
ආදරේ කියන්නේ තරගයක් මේ කාලයේ හැමෝම අඩුවැඩි වශයෙන් නිරතවන. නමුත් ආදරේ නාමයෙන් දිවි සරුකරගන්න මිනිසුන් බොහෝමයකට මේ චමත්කාරය මග හැරෙන්නේ ඇයි? තම හිසට උඩින් පායා ඇති සදේ චමත්කාරයත්, තම අවට ලෝක‍ය තුල ඇති වින්දනීය ස්වභාවයත් මග හැරෙන්නේ ඇයි? 
තම  පෙම්වතිය තවත් මිනිහෙක් එක්ක ඉන්නවා දැක්කම  පෙම්වතා එකපාරටම අහන්නේ 
'උඹ උත් එක්ක නිදිය ගත්තද?' කියලා
ඊට වෙනස්ව පෙම්වතෙක් වෙනත් ගැහැණියක් එක්ක ඉන්නවා දැක්කම පෙම්වතිය අහන්නේ
'ඔයා එයාට ආදරේද කියලා?


වෙරෝනිකා.......
මේක මස් වැද්දන්ගේ කාළයක්........ කිසිම කෙනෙකුට මේ චමත්කාර මොහොතේ වටිනාකම නැතිවෙලා ගිහිං, නැකතට පහන පත්තු කරන්නේ හදිසි වැඩ අතරමග දාලා ඇවිල්ලා වගේ, ඔයා දවසින් දවස ජිවිතේ අතහැර ගන්නවා. 
කවුද කැමති මේ දුවන රෙස් එකෙන් අයින්වෙලා ආදරේ විදින්න! තම තත්වය, වටිනාකම අත්හැරදාල අවිත් ආදරේන් එකපාර ඔයාව සිප ගන්න! ඔයාට මේ සමාජයේ හැදිලා තියෙන ඉඩ මග හැරලා ආයෙමත් ඇයව තුරුළු කරගෙන හිරිපොදේ තෙමෙන්න! 






ඔයා රෙස් එකේ දුවනකං  ඔයාට ආදරය මග හැරේනවා. 
ජිවිතේ හොයා නොගන්නකං කිසිම අවුරුද්දක් අළුත් වෙන්නේ නැහැ, ඒක මුණිච්චාවට කියන කිසි තේරුමක් නැති නිකංම්ම නිකං හිස් වචන ටිකක්, ආදරේ ඔයාගේ ජිවිතේ බලාපොරොත්තුව නොවන තාක් ඔයාට ජිවිතේ මග හැරෙවී. 
දුවලා දුවලා හතිවැටුනම වෙරෝනකා............
ජිවිතේට ආදරේ ඔනී වෙනවා!!


ආදරණිය මිනිසුන්ට ආදරෙන්


Tuesday, March 6, 2012

හිරු බිහිරී සඳ ගොළුයි තරකා අන්දයි_________


වෙරෝනිකා...................
ඉස්සර පුංචි හිත් පීඩාවකට වුණත් මං දුවගෙන එන්නේ ඔයා ලගට, ඇවිත් කිසිම හාවක් හුවක් නැතිව ඔයාගේ පපුව මත ඔළුව ගහගෙන සැනසීම හොයනවා. මුළු විශ්වයම පැරදිලා හිටියත්, මුළු විශ්වයම මට එරෙහින නැගී හිටියත් ඔයාගේ පපු තුරුලේ මට ශාන්තියක් තිබුණා, සැනසිල්ලක් තිබුණා, ආදරයක් තිබුණා. ඔයා මගේ ඉත්තෑ කූරු කෙස් අතර ඔයාගේ දිගු ඇගිලි තුඩු වලින් මට සෙත්පතනවා. මම ඔයාගේ සුවද ඉව කර කර සැනසීම මගේ කර ගන්නවා. මොහොතක් ඉන්න ඔයා දොඩමළු වෙනවා. දවස ගැන, සිද්ධි ගැන, මිනිස්සු ගැන, දේවල් ගැන..... ලොකු විස්තරයක්..... මම ඇස් වහගෙනම අහං ඉන්නවා, ඔයාගේ පැහිච්චකං ගැන තනියෙන් හිනා වෙනවා. කල් වේලා අරං හෙමින් සැරේ ඔයා අහනවා 'මගේ කුමාරයට මොකද දුක හිතුනේ' කියලා... ඔයාට මතකද මම ඇස් ඇරලා ඔළුව උස්සලා ඔයාගේ දිහා බලනවා, ඔයා කිව්වා වගේ ලොකු විස්තරයක් මගේ ඇස් ඇතුලේ............

වෙරෝනිකා......
ඔයාට ඇරෙන්න මේ ඇස් කියවන්න පුළුවන් වෙන කාටද? ඔයා තව තවත් තදට මාව තුරුල්කර ගන්නවා. ඔයා සතු හැම ශක්තියක්ම පාවිච්චි කරලා, ඔයා සතු මුළු ආදරේම මා තුලට කාන්දු වෙන්න ඉඩ හැරලා ඔයා මාව ආයෙමත් ජිවත් කරවනවා. ආයේ ආයෙමත් මාව ඔයාගේ බවට පත් කර ගන්නවා. ආදරේ කියන්නේ කැරැල්ලක්, නිම නොවන සදාතනික කැරැල්ලක්,  තමන් තුලම තමන් වෙනුවෙන් කරන. තමන්ගේ මමත්වය කුඩු කර ගන්න ට්‍රයි කිරිමක්, තනියෙන් බුදු වෙන්න තියෙන ඉඩ අහුරවගෙන ඒ මග අනෙකෙකු හා බෙදා ගන්නා තත්වයක්. 

වෙරෝනිකා..........
එහෙම නිර්වාණික ප්‍රේමයක් මම ඔයාගෙන්  අත්විදින්නේ , එහෙම නිදහස්කාමි ප්‍රේමයක් මං ඔයාගෙන් අත්විදින්නේ, 
ගත වන හැම තප්පරයක්ම ඉස්සර වගේ නොවුණත් ඉස්සර වගේම හැම වෙලාවෙම මට හිතෙනවා ඔයාගේ තුරුලට දුවගෙන එන්න. ඉස්සර වගේ ඔයාගේ ආදරය ඇතුලේ ආයෙමත් දියවෙන්න.....

වෙරෝනිකා මට ඉඩ දෙන්න...........

Monday, February 27, 2012

ආදරේ වැස්සක්ව______________



පුංචි පුංචි වැහි බිදු ගොඩාක් වෙලා වැටිලා මහන්සියටදෝ කොහෙද දැං මහා හයියෙන් වැස්ස වැටෙන්න පටන් ගත්තා. මැලවිලා තිබුණු පුංචි ඉපනැළි එකිනෙකා පරයමින් ඉස්සි ඉස්සි වැස්සේ නාන අපුරුව. ඈත ලයිට් කණුවකින් විසිකරන මලානික නියෝන එළිය හිල් කරගෙන ඝණ වැහිබිංදු පොළව මත පතිත වෙනවා. පොළව ඒ වැහි බිදු වලට තියෙන ආදරේ තරමක්. හරිම සුරක්ෂිතව හරිම ආදරේන ඒ වැහිබිදු පොළව වැළද ගන්න හැටි අරුමයක්.

වෙරෝනිකා........
අපි ආයෙමත් වැස්සේ නටමුද...? අර ඉස්සරෝ ම දවස් වල වගේ ඇදුම් තෙත් ‍වෙලා ඇගටම ඇලෙනකම්.
ඔයාට මතකද මිනිස්සු අපි දිහා බලං හිටියේ කටවල් ඇරගෙන, 

ඇත්තමයි වෙරෝනිකා...
උන් බලං හිටියේ වතුරට පෙගුණු ඔයාගේ ශරීරය දිහා.......
ඔයාට මතකද මංදා ඒ දාහක් රකුසු ඇස් වලින් මං ඔයාව ගලවගෙන පුංචි පෙට්ටි කඩයකට ඔයාව ඇදගෙන ආවා, දුං දාන උණු උණු කොපි කොප්පයක් දෙපැත්තේ සීතලින් වෙවුලන තොල් දෙකක්...... තොල් දෙකෙන් නික්මෙන් අළුත් බලාපොරොත්තු ගොන්නක්.......  වචන නැතිව ජිවිතේ  කියවන ඇස් යුගලවල් දෙකක්........ මේ හැම මැදින් හීනියට ඇදෙන ලා දුම් රැල්ලක්.......

ආහා........ ඒ කෝපී කොප්පයේ සුවද......

ඔයාගේ නහය දිගේ පුංචි පුංචි වතුර බිංදු ගලං ඇවිත් නහය අග වැනි වැනි තියෙනවා. ඔයා හිටියේ පොඩි එකෙක් වගේ උද්දාමයෙන්, හරිම ත්‍රාසජනක වැඩක් කරලා වගේ..... ඔයාගේ ඇස් පෙට්ටි කඩේම ආලෝකමත් කලා. පුංචි කුප්පි ලාම්පුවට වඩා එළියකින් ඔයාගේ ඇස් දිළිසෙමින් තිබුණා. ඒ දිළීසිමෙන් මගේ හිත පත්තුවෙලයි තිබුණේ. නා කපන වැස්සේ තෙතබරිතව වුනත් මං හිටියේ ගිණි ගනිමින්. ඔයා වඩ වඩාත් දිලිසෙන්න උනා.

මහා හයියෙන් ගහපු අකුණු සැරයකට බයවෙලා කෝපි කොප්පයත් මගේ ඇගට හලාගෙන ඔයා මට තුරුල් වුණා, උණුහුමයි ආරක්ෂාවයි දෙකම හොයාගෙන. 

වෙරෝනිකා.......
ඔයා මගේ බෙල්ල වැරෙන් බදාගෙන උන්නේ..... ඔයාගේ දෙතොල් මගේ ගෙල දිගේ උණුහුමක් හොයමින් සක්මන් කරනවා............... 

පුංචි තණකොළ ගස් යට වෙන්න තරම් දැං වතුර.
වෙරෝනිකා....
මං නම් තනියම තෙමෙනවා......
ඔයත් එහෙමද ඔහේ....!

Thursday, February 23, 2012

ලෝකය භ්‍රමණය වේ_____________


රත් වුණු ඉර එළිය විසින් මුළු හවස් කාළයම වර්ණවත් ලෙස පාට කරමින් හිටියා. කාටවත් ඒ වර්ණ භාවිතාව ගැන වගක් තිබුණේ නැහැ. මං හිටියේ තහනම් කලාපෙක දුම්වැටියක් උර උර..... බිම ඇණ තියාගෙන, නව යොවුන් යුවතීයෝ මෙන්ම මැදිවියේ යොවුන් යුවතියෝ ද මා දෙස පුදු‍මයෙන් මෙන් බලමින් ගියා. කල්ලී පිටින් ඇදුණු අය මගක් ගොස් මට හොදටම හිනා වෙන හඩ ඇසුනා. 
තමන් විසින් තමන් ගැන සාදාගත්  බරක් උස්සාගෙන සිටිනවාදැයි ඔවුන් කිසිවෙකුටවත් ගණනක් තිබුණේ නැහැ. එත් බර බිමින් තියා සැහැල්ලුවෙන් හිදින මට සියල්ලෝ ම සිනාසුනහ. සමච්චලයටත් ඉරිසියාවටත් ඔවුන් මට සුණාසුනහ. අනුන්ගේ කැමැත්ත අකමැත්ත ගැන වගක් කිසි කළේක තිබුණේ නැති මම, මගේ පාඩුවේ හිරුගේ මනස්කාන්තික පෙලහැර පෑම දෙසම බලා හිටියා.

මම හිටියේ ඒ චිත්‍රයෙන් වශිකෘත වෙලා. එත්.....ඔයාට මතකද ඒ සුවද? ඒක බේබික්ලෝන් සුවදක්......... හුරුපුරුදු ක්ලෝන් සුවදක්! මගේ දැහැන් බිදගෙන මටත් හොරෙන් මගේ හිත පරණ ඈතක.
හමස් පෙට්ටි අදිනවා සේ මතකය තුලට ම ඇදී ගොසින් මගේ හිත ඒ සුවද හොයනවා. ඒකේ මුල් හොයනවා. 

වෙරෝනිකා.....
ඉස්සර හැම වෙලාවෙම ඔයා ලගින් වහනය වන සුවද! ඔයාටත් හොරෙන් මං හැදාකම ගෙදර අරං ගිය සුවද! ඔයා ලග නැති වුණත් මට ඉතිරි වුණු එකම අරුත..........
ඒ සුවද........

මම මගේ දෑස් ඉරෙන් මෑත් කලා. තද ආලෝකයට නිරාවරණය වෙලා තිබුණු ඇස් දෙක පාට පාට සමනළියන්ගේ විච්චුරණයෙන් තවත් ගිණි කන වැටුණා. හැබැයි ඒ දෙනෝදහක් දෙනා අතරේ සංසාරිකව මං පතන රූව මා මග හැර ඉදිරියට ඇදෙනවා.

වෙරෝනිකා..........

මං හුන්තැනින් නැගිටමින් කෑ ගැහුවා.... නැහැ.... මට මො‍කක්දෝ වෙලා කෑ ගැහුණා.

වෙරෝනිකා.....
මං දකින්න ආසම ඔයාගේ ඇස්. ඉස්සර වගේම ඒවා තවම මායාකාරියි. මං දන්න කාලේ කොටට තිබුණු කොණ්ඩය දැං හරි දිගයි හරියට ඔයා මට දුරයි වගේ.

වෙරෝනිකා.....
තාවමත් ඔයත් මාත් අතර පරතරයක් ලොකුත් නැති පොඩිත් නැති පරතරයක්. ඔයා ඉස්සර හැමතිස්සෙම කිව්වේ මේ පරතරය විසින් කවදාක හරි අපිට අපි නැති කරන විත්තිය. 

ඔයාට කොහොමද....?
තිගැස්මෙන්ම ඔයා ලග තිබුණේ සිනහවක්. දැං ඔයාගේ ඇස් ඉස්සර වගේ කතා කරන්නෙත් නැහැ වෙරෝනිකා....

ඔයා මොකද පාරේ ඉදගෙන කරන්නේ?
හැමෝටම තිබුණු ප්‍රශ්ණේ ම ඔයා මගේන ඇහුවා.

මං බෝධිසත්වවරයෙක්........ බුදුවෙන්න පෙරුම් පුරනවා......

ඔයාට මහා හයියෙන් හිනා ගියා..... ඇත්තටම ඔයාට හිනාව නවත්ත ගන්න බැරිවුණා, බස් ස්ටෑන්ඩ් එකේ හිටපු හැමෝම අපේ දිහා බැලුවා. ඒ ප්‍රශ්ණාර්ථ ඇස් නාභි ගත වෙලා තිබුණේ මට ඔයාට නෙවෙයි. මට ලැජ්ජත් හිතුණා වෙරෝනිකා. 

ඔයා තාම හිනාවෙනවා.......
ඔව් ඔයා තාම මට හිනා වෙනවා

ඔයා ඔහෝම හිනාවෙනකොට හරි හැඩයි......

Monday, February 13, 2012

ආදරේ මේ තරම් නිසා_________


ප්‍රේමය එයටම ආවේණීක වු විධික්‍රමයන්ගෙන් හැම විටෙකම අපි අතර සැරිසරමින් ඉන්නවා. එත් වෙරෝනිකා අපිට ඉස්පාසුවක් නැහැ අප අවට නිරන්තරයෙන් සැරිසරමින් තිබෙන්නා වු ප්‍රේමය අතිවිදිනට. අපි ජිවිතය කියමින් කාළකණ්නි මජර ක්‍රමවේදයක පැටලිලා ජිවිතේ සංවේදනාවක්, ස්නායු ගැහීමක් නැතිව මළමනිසුන් සේ ජිවිතය ගො දමමින් ඉන්නවා.


වෙරෝනිකා...........
ඔයාගේ කේශනාලිකා පවා මගේ ආදරයෙන් මුසපත් වෙලා උන්නේ. පුංචි පිණි බිදුවකින් ගත කීරී ගැහෙන්නා සේ මගේ ප්‍රේමය තුල ඔයා උන්නේ උන්මත්තිකාවක් සේය.
වෙරෝනිකා.........
නිද්‍රවක උන්නු මාව පත්තු කළේ ඔයාමයි. දැං මේ වාන් දමන ප්‍රේමයේ තනි උරුමක්කාරියත් ඔයාමයි.


එන්න ආයේමත්
දින සීයයයේ පාළමක් යටදී ප්‍රේමයෙන් අතුර වෙන්න......


මං ආදරේ යි........................

Thursday, January 26, 2012

මේ බලා සිටිමේ මොහොතයි.............



තවදුරටත් හිතූ සේ ආදරය කරන්න පොළවක් අහිමි වෙමින් පවතින කාළයක් මේක. පෞද්ගලික ගැටලු, සිත් රිදවීම්, කෝප ගැනිවීම්, ව්‍යාපෘතීන් එකිමෙකි නොකී බෝහෝ දේ විසින් ආදරයට තිබු ඉඩකඩ කෙමෙන් කෙමෙන් ආක්‍රමණය කරමින් සිටියි. මම තවදුරටත් සටන් කිරිම නවතා මට අයිති තැන නිශ්චලව සිටගෙන සිටිමි. 

සියල්ල උදුරා දැමිය හැකි ලෙස දේවල් වෙනස් වෙමින් පවති. ලෝක අවසාන යැයි කියන්නේද මේ ව්‍යාකූලත්වයද විය හැක. එහෙත් මට ආයෙමත් ආදරය කරන්න ඔනේ......

එත් ........ 
මේ එකට කාළය නෙවෙයි.....................