Friday, August 5, 2011

තමන් ප්‍රේමවන්තයෝ යැයි සිතන මිනිස්සු_________



ආදරය රැදෙන්නේ එක මොහොතකට වුවත්, එය සම්පුර්ණ නම්, එක දිව්‍යයමයයි. ඔබ කෙනෙක් එක්ක මුළු ජිවිත කාළයම ගත කලත් ඒක සම්පුර්ණ ඇත්තක් නොවුණා නම්, ඒක අවලස්සනයි. එය ඔබව දීප්තිමක් කරන්නේ නැහැ. එය අනෙකාවත් සෑහීමකට පත් කරන්නේ නැහැ. ඒ නිසා තමන්ව ඔහු තුල ගිල්ලවා දමන්න. ඔහුටත් ඔබ තුල ගිලෙන්න ඉඩ ලබා දෙන්න.

වනාන්තරයේ ජිවත්වන නුගත් මිනිහෙක් වඩා යහපත්, මොකද ඔහුට වැඩියෙන් ආදරයත්, අඩුවෙන් තරගකාරීත්වයක් තිබේන නිසා, හදවත වැඩියෙන් මනස අඩුවෙන් වැඩ කරන කෙනෙක් නිසා.

ප්‍රේමවන්තයන් දෙපළකට නිශ්ශබ්ධතාවයේ එකින් එකා සමග වාඩී වී සිටිය හැකිය. නිශ්ශබ්ධතාවය ඔබ එකතු කරන්නා බවට පත් විය හැකිය. සත්තකින්ම...!! ප්‍රේමවන්තයන්ට පමණයි නිශ්ශබ්ධතාවය තුල එකට වාඩී වී සිටිය හැක්කේ. ප්‍රේමවන්තයෝ එකට එකතු වන ඕනෑම විටෙක ඔවුන් නිශ්ශබ්ධව සිටිවී. මොකද නිශ්ශබ්ධතාවයේදී දෙදෙකාටම එකතු වීමට, ඒකාත්මික වන්නට හැකියාව උදා වන නිසා. 

පුද්ගලයන් දෙදෙනෙක් ඇත්තෙන්ම එකිනෙකාට ආදරය කරනවා නම්, ඔවුන් කිසිමදාක කුමන කාර්්‍යයක් අරබාවත් රණ්ඩු කරන්න  සිදුවනවා යන්න අදහා ගන්න බැහැ. මොනම හේතුවක් නිසාවත් එක් අයෙක් මොනම හෝ අදහසක් බලෙන් පටවන්න ඔවුන් උත්සහා කරන්නේ නැහැ. ඔවුන් හැම විටම අනෙකාගේ මතයටත් ඉඩ සලසා දෙන්න උත්සහා කරාවී. රළු ක්‍රියාවකට යන්නේ නැතිව.

තමන් ප්‍රේමවන්තයෝ යැයි සිතන මිනිස්සු අඛණ්ඩවම එකිනෙකාට හිරිහැර කිරිමේ යෙදී සිටිනවා. ඔවුන්ට ඕනෑ කරන ප්‍රතිරූපය නිර්මාණය කර ගන්න අනෙක් පුද්ගලයගේ, සෑම කෙනෙකුටම ඕනේ අනෙක් පුද්ගලයා තමන්ගේ හුදු රූකඩයක් බවට පත් කර ගන්න. රැහැන් තමන් අත තබා ගත හැකි. මේ නිසා දැං නිරන්තර ගැටුම්, වේදනාව අමිහිරි පිළිකුල් සහ කාළකණ්නිකමයි පවතින් යන්නේ.

ඔබ අහස නම්, ඔබ නිර්භීතව සිටින විටදී, එවිට එතැන සගවන්නට දෙයක් ඉතිරිව නැහැ. එවිට ඔබට විවෘත විය හැකියි, එවිට ඔබ ඔබගේ සියලු සීමා මායිම් අස්කර ගන්න පුළුවන්. එවිට ඔබට හැකියාව ලැබෙනවා අනෙක් තැනැත්තාට ඔබව පසාරූ කරගෙන ඔබේ අරටුව දක්වාම එන්නට යැයි ආරාධනා කරන්න. 

වැඩෙන්න, වඩ වඩාත් අව්‍යාජ පුද්ගලෙයෙකු බවට පත්වී තමන්ට ආදරය කරන්න. තමන්ට ගරු කරන්න පැවැත්ම ඔබව නිර්මාණය කල ආකාරයටම. 

----ඔෂෝ----

No comments:

Post a Comment