Friday, August 12, 2011

~ හීනයක් දුර ඈත ~


___________3 වැනි පාරටත්

ඇය මා අස්වසාලීමට සමත් විය. වැස්සත් මේ සෙලයින් සහිත ඇදත් අතර දුර මට මතක නැත. මට ඒ ගැන දැන ගැන්මටද උවමනාවක් නැත. වෙරෝනිකා... මම මේ කොහේද ඉන්නේ... මම ඉන්නේ මැරෙන්න වැටිලද? එහෙම නැතිනම් මට වෙන අනතුරක් වුණාද? වෙරෝනිකා.... මං ඔයා ගැන සිහිනයක් දකියමිනුයි හිටියේ. එත් හිටි හැටියෙම මම ඇහැරෙන්නේ ඇදක් මත. මේ අර කටුක යථාර්තයද?
අදුර හෙමෙන් හෙමෙන් හාත් පසම ගිල ගනිමින් ඇත. කෙළවරක විවෘත්තව ඇති ජනේලයෙන් සිසිල් සුළගක් විත් මගේ කෙඩෙත්තු ගතිය මදකට හෝ නිවා දමමින් සිටියි. සුළගේ එහේ මෙහේ නටන ජනේල් තිරය අතරින් කෙළවරක් නැති අහස් ඉම රත් පාටින් බබළනු මට පෙනෙයි. මෙවන්ම වු සැදෑවක දින සියයෙන් හැදු පාළමක් යටදී මම ඔයාව සිප ගත්තා ඔයාට මතකද? යනෙන දෙනොදහකගේ වපර ඇස් තිබුණේ අපි වෙතටම නාභි ගත වෙලා. ඔයා මාව තල්ලු කරලා දලා මගේ ඇකයෙන් මිදිලා දිව්වා මතකද? එතැනින් ගිය හැට පැනපු අංකල් කෙනෙක් මට ඇහෙන නැහෙන ගාණට කිව්වේ වනචර හැත්ත කියලා. අංකල්ගේ ඇරියස් මගෙන් කවර් කර ගන්න හදන එකට මට අංකල් ගැන දුක හිතුනා. එහෙත් අද අපි කෙළවරක් හොයාගෙන ඇත. ඔයා මගෙන් ඈතටම පියාඹලා යන්න තිරණයක් අරං, එක්කෝ මෙහෙම විදවන එක ඔයාට ඇති වෙලා වෙනත් වේදනාවකට පථය ඔයා මාරු කරගෙන. එතැන් පටන් මම ඉබාගාතයේ සරන්නෙකු සේ සැරි සරන්නෙමි. මම යන අතක් ගැන මමද නොදැන උන්නෙමි. ඔයාට ලියපු කවි සීතලම රෑක ඔක්කෝම ගොඩ ගහලා ගිණි තියලා මම ගිණි තැපුවා. මම ඔයාට ලියන එක නැවැත්තුවා. මගේ වචන වලින් වෙනත් ගැහැණුන් සන්තර්පනය ලබනවාට ඔයා අකමැති නිසාම මම මගේ හිත වාන් දා ගැන්ම අත්හිටෙව්වා. හිස් වෙච්ච ජිවිත මා ඉදිරියේ ලෙහා දමා මගේ වචන වලින් ඔවුන් ආයෙමත් ඔවුන්ගේ ජිවිතය පුරව ගනිමින් හිටියා. මම හිතුවේ එක පිං අතේ වැඩක් කියලා. එත් ඔයා කිව්වේ එක සල්ලාළකමක් කියලා. මං පිං කරන එකත් නවතා දැමුවා.
ගණ අදුරට යට වෙමින් තිබු මගේ කාමරයේ විදුලි ආලෝකය දල්වාගෙනම නර්ස් ඇතුලට ආවා. බෙහෙත් තැබු බන්දේසියක් අතැතිව ඇය නැවතුනේ මා අසලය.

ඉතිං කොහොමද ඔයාට.....
මම මද සිනහවක් ආයාසයෙන් නංවා ගතිමි.....


ඇයි ඔයා සිය දිවි හානිකර ගන්න උත්සහා කළේ.....
මගේ ඇස් උඩ ඉන්දවිය. ඇය මේ කියන්නේ මොනවාද? මම එහෙම දෙයකට කිසිවිටෙක් නොපෙළඹුණෙමි. ඇය උන්නේ මගේ බෙහෙත් පිරික්සමිනි. මම දෙතුන් විටක් ඇගේ මුහුණ දෙස එක එල්ලයේ බලා සිටියද ඇය තම කාර්යයේම නිරත වී උන්නාය.

  මම එහෙම දෙයක් කර ගන්න හැදුවේ නැහැ...
ඇය එක්වරම සිනහා වෙන්නට පටන් ගත්තාය. ඇගේ සිනහා හඩට මට යකා අරූඪ විය. ඒ බැව දැණිදෝ කොහේද ඇය ඒ වෙනුවෙන් මගේ සමාව ඉල්ලා සිටියාය.

ඒ වුණාට ඔයා පාළමකින් පල්ලෙහාට පනින්න උත්සහා කරන වෙලාවේ ඒක දැකලා තමයි මනුස්සයෙක් ඔයාව ඉස්පිරිතාලයට ගෙනත් ඇරවලා තියෙන්නේ... වෙලාවට ලොකු තුවාලයක් මුකුත් නැහැ. කකුල තමයි......
මම ක්ෂණයකින් පොරෝණය මෑත් කර මගේ වම් කකුල දෙස බැලුවෙමි. විලුබේ සිට දණ හිස දක්වා එය වෙලා ඇත. වම් කකුලක් මට තියේනවාද කියා නොදැනෙයි. මම අතිශය කම්පාවකින් යුතුව ඇය දෙස බැලුවෙමි. ඇය ඉන්ජෙක්ෂන් කටුවක් ගෙන මගේ වම් අත පුළුන් කැබැල්ලකින් පිරිසිදු කර බෙහෙත් එන්නත් කලාය.

බයවෙන්න එපා දවස් තුන හතරක් යනකං ඇදෙන් බහින් බැරි වෙයි....

ඇය බන්දේසියත් රැගෙන යාමට සැරසෙමින් උන්නාය.

මිස්..... වෙරෝනිකා දන්නවද මේ කිසි දෙයක්....???

ඇයගේ අව්‍යාජ සිනහාව මා වසග කරමින් සිටියි. ඇය ඇස් වලින් නැතැයි කියා දොර තදින් වසාගෙන නික්ම ගියාය.
ඇය විසින් එන්නත් කරන ලද බෙහෙත් මට මාරාන්තික නින්දක් කැදවාගෙන එයි. එත් මට ඔනේ සිහියෙන් යුතුව ඇස් ඇරැං වෙන දේ පිළීබද අවබෝධයක් ලබා ගැනීමටයි. මාස ගණනක සිහිවිකල් තත්වය අවසන මගේ කකුලක් ඔත්පල කර ඇත. මම බෙහෙත් සැර සමග පොර බැද බැද මගේන් වසං වී සිටින අතීතය සොයමින් මගේ මනස හාර අවුස්සන්නට විය. ඔබම ඇරෙන්න අන්කිසිවක් මගේ මනස තුලත් නැතිහැටි වෙරෝනිකා.... මං හිතුවේ හිතට විතරයි පිස්සු කියලා... දැං බලාන ගියාම මනසටත් පිස්සු හැදිලා. කියන්නේ මම මානසික රෝගියෙක් වෙමින්වත් ඉන්නවද....
ඔව් ම කොහොමත් පිස්සුවක් තිබුණා. ඔයාට මතකද මම ඔයාව ඔඩොක්කුවේ තියාගෙන බත් කවනකොට ඔයා කිව්වේ
'අනේ මගේ පිස්සෝ ජිවිතේ කාළයම මෙහෙම බත් කවලා ඇති වුණොත්..??'
තවත් ලොකු බත් කටක් ඔයාගේ කටට ඔබලා හිනාවෙලා මම හිටියත් ඔයා දැනං උන්නා මට කවමදාවත් ඔයාව එපා නොවන විත්තිය. ඔයා මගේ බෙල්ල බදාගෙන ඉදුල් තොල් වලින්ම දිග හාදුවක් මගේ කම්මුලට දුන්නා මතකද? පුංචි පුංචි මතක එකතු කරලා තිබුණේ ඔයා විතරක් නෙවෙයි වෙරෝනිකා... ඔයාගේ සමස්ථයම මට සුබදායි සැනසීමක්........!!
ඔයාට මතකද දවසක් මම ඔයාගේ පිටේ කවියක් ලීවා, තමයි මම කවියෙක් වෙන්න ඔනේ කියලා හිතපු වෙලාව. නිහඩව ඉන්න මගේ හිත පුරා උතුරා ගලා යන ඔයාගේ හැඩකාරකම්, දගකාරකමි කවිකම් කරන්න ඔනේ කියලා මං හිතපු කාළය. ඔයාට මතකද ඒක





හැමදාම වගේ මේ තරගයේ හැමෝම පාස් කරං දුවලා තිබුණා. ඔයත් අන්තිමට ඇවිල්ලා ඇහුවේ ආදරේ ඇරෙන්න ඔයා ලග තියෙන වත්කම් මොනවද කියලා. අදත් වගෙයි වෙරෝනිකා...... මේ බෙහෙත් මා පරාජය කරමින් මගේ ඇග තුලම හිද මට හිනා වෙනවා. මම පරාජය බාර ගෙන නිදහස් නින්දක් අපේක්ෂාවෙන් හිත වසා දමමි. ඇස් අග කදුලක ඔයාවම රදවගෙන ඇස් පියන් වසා දමමි.ජිවිතේ හැම අපේක්ෂාවක්ම අතැර ගිය කල මම ජිවිතය වසා දමමි. මට තාවකාලික නින්දකට වඩා සදාකාළික නින්දකට ජිවිතය බැර කරමි.

To be Cont...


No comments:

Post a Comment