Tuesday, May 15, 2012



සදවත්, සදට තනි රකින තරුවක්වත් නැතිව මුළු ස්ටෙප්ස් තණ බිමම අන්ධකාරයේ ගිලෙමින් යනවා. උතුරින් හමා එන සීතල සුළග මරණිය තනීකම ත්වර කරමින් හදේ ඇති එකම තුවාලය ආයේ ආයෙමත් පාරමින් තියෙනවා. දසතම පැතිරි ඇති අන්ධකාරය විසින් දොඩමළු වන හිතට අගුළු දමමින් සිටිනවා. තණ පලස මත මිදෙමින් ඇති පුංචි පුංචි පිණි බිදු ඇගේ කදුළු යැයි සිත රවට්මින් හිදිනවා. 

වෙරෝනිකා....................... ආදරය ඒකපාර්ශවීය වුණාම ඇත්තෙන්ම වේදනාවයි.............

හිතින් හිතන් නැතිව උන්නාට හිතට ආදරේ ගලන්නේ මගෙන් අහලා නෙවෙයි. හඩන්න සුසුම් නොහෙලා හිටියට කදුළු එන්නේ මගේ උවමනාවට නෙවෙයි. ජිවිතේ වෙහෙසත්, ප්‍රේමයේ තනිකමත්, බලාපොරොත්තුවේ හිස්කමත් අරගෙන මම තණ පලස මත දිගා වුණා. මුළු අහසම කළු පාට එක ගුලියක්. මට නොතෙරේන ඔයා අදින චිත්‍රයක් වගේ කියලා මං නොහිතුවත් හිත එහෙම හිතන්න පුරුදුවෙලා දැං. 

වෙරෝනිකා.................... ආදරෙන් මුමුනන්න ලග නැති අඩුව පැහැව පැහැව හද තුල වද දෙනවා.

මේ මුළු තණ පලස පුරාම පිනුම් ගගහා ඇවිද යන්න පුළුවන් වුණත් ආදරයේ තනිකම විසින් මාව කළුවරක් තුල ගාල් කරනවා. පුංචි කණාමැදිරි එළියක් ලග නැවතිලා මම මගේ හිත ඒ එළියෙන් එලියට අදිනවා. එන්න එන්නම මේ දැනෙන වෙදනාව ඩිංගක් හරි අඩුවෙන්න කියලා මං මේ මොහොතේ ඉදන් මගේ හිත ගලෝලා අරං තියෙනවා පරිස්සමට... ඔයා එනකං ආයෙමත් ආදරේන්...............

බිමට බර කර ගත් දෙනෙතින් යුතුව ඔයා එනවා හැමදාම මම හීනෙන් දකිනවා. ඔයාට තිබුණේ පුදුම සංයමයක්. දිළිසෙන බැල්මක්, පැහැපත් ඇස් දෙකක්. ඔයා තවමත් බලන් ඉන්නේ බිම, එත් ඔයාගේ හිත මගේ ඇස් වල. දශමයෙන් දශමය ඔයාගේ හිත මගේ ඇස් උරා ගනිමින් තියෙනවා. එත් ඇයි ඔයා බිම බලාගෙන....???  මං ආසම හිනාවෙන් ඔයාගේ කම්මුල් පිරිලා තියෙනවට එත් ඔයා තම මුහුණ හංගගෙන. 

වෙරෝනිකා........ හීනෙනුත් මගේ හිත රිදවන ඒ හිනෙට කැමති නැහැ.