Monday, December 31, 2012




ජිවිතේ විවධ හැල හැප්පීම් ගොඩාක් එක්ක ඉදිරියටම යනවා, ටිකෙන් ටික වයසත් ගෙවෙමින් යනවා. එත් ඉස්සරම වගේ හාත්පස ම අදුර ගිලගෙන එනකොට උණුහුමක් හොයාගෙන ඔයාගේ සියුමැලි දෙතොල් පෙති රසයෙන් මත් වී මුළු රාත්‍රියම ගැඹුරු ශූංගාරයක ගිළි තරුණ වෙන්න ආයෙමත්  මං ආසාවෙන් නලියනවා. ඉතිං ඊට පස්සේ ඔය දෙතොල් රහෙන උන්මත්තක වූ මං අළුයම පිපෙන මල් කිණිත්තක් සේ ඔයා වටේ නටමින් ඉන්නවා. ඔයා ඇස් වලින් හිනා වෙනවා. කළුවරේ ඒ ඇස් දිළිසෙනකොට නටන මගේ හිතට ලයිට් වදිනවා වගේ වෙනවා. මගේ හදවත මත ඔය ඇස් මතින් අකුණු වදිනවා. මගේ ලේ ගමනා මගනය එන්න එන්න ඉක්මන් වෙනවා. මැරිච්ච සෛල වලට පවා වේගයෙන් ගලන ලේ ගංගා ඇදෙමින් යනවා. මම ඇහැරෙනවා ටික ටික.... ඔය ටිකෙන් ටික හැඩට පිපෙන්න ගන්නවා. මගේ අවපැහැති ඝණකම් දොතොල් ඔයාගේ ගෙල දිගේ හිමින් බිමට බහින විට ඔයා පාට වෙලා පිපෙන්න ගන්නවා. ඇස් ආදරේ පත්තු වෙලා අඩවන් වෙනවා.  ඔයාගේ හුස්ම සංගීත සපයනවා, වේගයෙනුත් ඉඩ තියමිනුත්, ආයෙත් හිමින් දිග සුසුම් පිට කරමින්ද ඔයා මාව අවුස්සනවා. ගෙල දිගේ හිමින් පහළට බහින කොට........................


   පා  ර  ට  ම

"වෙරෝනිකා................. ඔයා මහත්වෙලා.... ගිය අවුරුද්දට වඩා........"

"අවුරුද්දට ඔයා වෙනස් වෙලා...................................................!!!"


කළුවරේ ම මගේ ඇස් ඇයව ස්කෑන් කරනවා, ඇය බොරු තරහාවකින් මුහුණ පුරව ගන්නවා. ඇත්තටම ඇය කොහොම බැළුවත් හැඩය. ඒ ඇගේ හදවත ඇත්තටම හැඩ නිසාමය. 

"ගැහැණියෙකුට උතුරන්න ප්‍රේම කරන්න පුළුවන් මිනිහෙක් මුනගැහෙනවා කියන්නේ ඒ ගැහැණිය හැමදාම ලස්සනින් ඉන්න පුළුවන් වෙනවා කියන එක"
වෙරෝනිකා හොරෙන් මගේ කනට කෙදුරුවා. මම හීන් රිදුමකින් ඇගේ කන් පෙත්ත සිප ගත්තා. ඇය තවත් උණුහුමක් හොයමින් මගේ ගෙල වටා එතිනි. 

ලබන්නට ඇති අවුරුද්ද හොදටම ගිණියම්ය. එත් බලාපොරොත්තුව මා බදා වැලදගෙන මා අසලමය. මම ඇයව සිප ගනිමි. සැරෙන් සැරේ ආදරයෙනුත් උණුහුමිනුත්.....!!!

වෙරෝනකා....
ඔයාගේ දෑත් මගේ ගෙල වටා එති වැරයෙන් මා තුරුළු කරගෙන තියෙන්නේ. ආයෙමත් ලොවක් දික් විජය කරන්නට ජවයක් ඔබ තුලින් මා තුලට කාන්දු කරවමින්.......



මිනිස්සු ජිවිතේ තමන් ලග තියාගෙන අනුන් ලග තමන්ට අයිති දේවල් හොයන්න ගන්නවා. ඒ අත්වැරැද්ද නිසාම බොහෝ මිනිසුන් ජිවිතේ විනාශ කර ගන්නවා. ඔයාට ශක්තිය ලැබෙන අය සමග වාසයකරන්න හා ඔයා කැමති දෙයක් කරන්න අවකාශය සලසා ගන්නා අවුරුද්ද ලබමින් තියෙන්නේ, දින වකවානු ඉගිල්ලෙනවා සේම අපේ ජිවිතය ටික ටික ගෙවෙමින් යමින් තියෙන්නේ...!! ආදරය කරන්න සතුට විදගන්න තියන හැම මොහොතක්ම මග හරිමින් ඔයා තැන් තැන වල අනවශ්‍ය විදිහට අතපත ගාන එක නවත්වලා හදවතට සවන්දෙනන බලන්න. කාටවත් ජිවත් වෙන විදිහ පිළිබද ඔයාට නිදර්ශන ලබා දෙන්න පුළුවම් කමක් නැහැ. මොකද මේ ඔයාගේ ජිවිතය ගොඩ ගැහැලි තියෙන්නෙම ඔයාගේ උවමනා එපා කම් හා බැරිකම් උත්සහායන් මතින්, අනිත් හැම මිනිසෙක්ම වගේ ඔයත් තරුවක්....... දිළිසෙන්න හරිම අහස හොයා ගන්න.......!! මේ ඔයාගේ වසරයි!!!! ආදරෙන්...!!!!



Sunday, December 30, 2012

ආදරය නැතිව ලෝක විනාශය වනතුරු



කාලය ගෙවීගෙන යන්නේ අපි නොහිතන තරමක වේගයෙන්. අධිවේගී ජිවිත විලාසිතාවන් වල පැටලී උන් මිනිසුන් සිතු ආකරයෙන් ලොකය විනාශ නොවුණත් ආයෙමත් අළුත් බලාපොරොත්තු සහිතව ඔවුන් නව වසරකට බරටම ලකලැහැස්ති වෙනවා. ආදරය මිනිසුන්ගේ ජිවිත වලින් ටික ටික ඈත වෙන්න වෙන්න ඔවුන්ගේ ජිවිත හැකිලෙමින් ජිවත් වීම උදෙස එදිනෙදා බලාපොරොත්තු හරි ලොකු ශකිතියක ගෙන දෙන කාලයක් බවට පත් වෙලා.

වෙරෝනිකා
කලින් සැළසුම් කල මොකක්දෝ ආකාරයකට වගේ මේ මිනිසුන් ඔහේ එහේ මෙහේ යනවා. වටපිට බලන්නේ නැහැ. ලෝක විනාශය පරක්කු වෙලා හරි පැමිණේවි කියලා නිකමට වගේ උඩ බලනවා. එත් තවම මම පුරුදු ස්ථානයේ බිම වාඩි ඔහේ බලාගෙන ඉන්නවා. උඩ බලන් එන ගැහැණු කෙනෙක් මගේ ඇගේ හැපිලා ඔක්කාරෙන් වගේ බලා ඉන්නවා. (මම පිටසක්වල එකෙක් වගේ පේනවද දන්නේ නැහැ!!!)

වෙරෝනිකා.......
ඉස්සරම..... මම ඉස්පිරිතාලේ ඉන්නකොට මට කතා කරන්න බැරිව ගියා, මට කතා කරන්න උවමනාක් තිබුණේ නැති හින්දා හා මට කතා කරන්න කෙනෙක් නැති හින්දා මං ගොළුවෙලා ගියා. වෙරෝනිකා... ආයෙමත් ජිවිතේ හටගෙන අළුතින් දළු මල් දමාගෙන එන විට ඔයා දුරක ගියාම අද ආයෙමත් මං ගොළුව ගිහිං. කන් පිරෙන්න බොහෝ අය බොහෝ දේවල් කියද්දි හීනාවක් විතරක් කට පුරා දරාගෙන අහගෙන ඉන්නවා මිස මගේ මුවින් දැං වචනයක්වත් පිටවෙන්නේ නැහැ ආයේ. කයින් හිතන එක නැවත්වලා හිතින් හිතන්න ගත්තම නැත්නම් වචන වලින් හිතන එක නවත්තලා රූප වලින් හිතන්න ගත්තම මට මෙහෙම හිතුනා. වෙරෝනකා.....

සමුල විනාශයක් පෙර දැණුම් දීමකින් පැමිණෙන්න විදිහක් නැහැ කියලා දැන ගන්න දියුණු තාක්ෂණික මෙවලම් නෙවෙයි අවශ්‍ය වෙන්නනේ. නිදහස් මනසක්! පැවැත්මේ ස්වභාවය ප්‍රශ්ණ කරන්න තරම් අපි මොනවද ලෝකය ගැන දන්නේ? අපි දිගිං දිගටම මේ ලෝකය තේරුම් ගැන්ම අතැර දමා ලෝකය  විනාශ කරමින් අපේ ස්ථාවරත්වය ස්ථාපිත කර ගන්න වෙර දරනවා මිස අපේ බියගුළුකම නැති කර ගැන්මට කිසිදු දෙයක් සිදු කර නැහැ. ආගමික නායකයන්ගේ නාමයෙන් යුධ වැදෙන ජනතාවට විනාශ මිස ආදරය ගැන එවිට සිහි ගැනෙන්නේ නැහැ. දර්ශණ අවශ්‍ය වෙන්නේ පැවැත්ම ස්ථාවරයි කියා කියා පාන්න. ආදරය අවශ්‍ය වෙන්නේ ජිවිතේ පවතින්න.

වෙරෝනිකා...... ලෝක විනාශය මගේ මොලේ හොදටම අවුල් කරලා, ඉස්සර වගේ වැස්සේ තෙමිලා සිත සංසුන් කර ගන්නත් බැහැ දැං වහින්නේ ආසනික් වැහී නිසා. කිසිම මුණිවරයෙකුගේ භාවනා ක්‍රමයක් හදාරා නැති මම ආයෙමත් අපේ අතීතය ගැන මෙනෙහි කරමින් සිත සංසුන් කර ගන්න උත්සහා ගන්නවා. 

වෙරෝනිකා කං පිරෙන් වචන ඇහෙනවා කියලා දැනෙන්නේ තමන් ගොළුව ගිය මොහොතටම විතරක්ද?? 

ඉස්සර හොරෙන් මං උඩ පඩියට වෙලා ඔයා දිහා බලාන ඉන්නවා, එහෙමත් නැත්නම් ජනේලය ලගට වෙලා එළිමහනේ ඔයා ඇවිදිනවා බලාන ඉන්නවා. ඔයා එකපාරටම මගේ දිහා බැළුවාම, ඒ බැල්මේ තියෙන තියුණුකම හා බැරෑරුම්කම එකපාරටම මට දරා ගන්න අමාරුයි. මොකද කවුරුවත් එතරම් බැරෑරුම්ව මාව අරං නැති හින්දා.!! එත් හිමින් හිමින් මං ඔයාගේ ඇස් කියවන්න ගත්තා, ඒ බැරෑරුම් බව ලෙහා ගන්න පුරුදු වුණා, එතකොට මට තෙරුනේ මට වඩා ඔයා ගොඩක් අසරණ විත්තිය. ඔයා මුළු ජිවිතේ ගොඩාක් පීඩනයක්ගෙන් බැටකාපු කෙනෙක් යන විත්තිය. ඔයා මට කතා කලා අහම්‍‍බේන්!! එත් මං හිටියේ ඔයාගේ ඇස් කියවමින්, ආයෙමත් හට ගන්න විදිහක් හොයමින් ඔයා උන්නේ!! ඔයාගේ දෑස් නළියමින් කකියමින් තිබුණා. ඔයා හිටියේ කෑ ගහලා තම ආත්මීය වේදනාව පිට කරගන්න ඔනේ තත්වෙක. එත් ඔයා එක පිටකරේ පියානොව පිටින්!!ආත්මීය වේදනාව මොහොතකට ඔයාගෙන් ඈත් වුණා!! ඔයා පුරුදු වුණා මගේ ඇස් දිහා බලන්න, අපේ ඇස් කතා කරන්න ගත්තා........................

වෙරෝනිකා.....................
උන්මත්තකයෙක්, මානසික බෙලහීනතාවයෙන් පෙළෙන්නෙක් හා නිකමෙක්ව සිටි මට ආදරයකින් සාත්තු කර අළුත් ජිවිතයක් අරං ආවේ ඔයයි. ඒ ආදරේම අවුරුදු තුනකින් ආයෙමත් අළුත් වෙලා හාදු වැස්සක්ව පූදීනකම් මම පරණ පුරුදු තැන බලාන ඉන්නවා.
කල් යනකොට වයසත් එක්ක ජිවිතේ බරයි කියලා මිනිස්සුන්ට තේරෙන්න ගන්නවා, නමුත් ඇත්ත ආදරය නිසාම ප්‍රේමයේ වින්දනීයභාවය ඔබ අසලම දැවෙට නිසාම මිනිසුන් ජිවිතේ විවිධ විදහට හැඩ කර ගන්නවා. ජිවිතයට ඕන වෙන්නේ දර්ශණයක් නෙවෙයි, ප්‍රේමයක් කියලා මට මගේ ආදරය උගන්වමින් ඉන්නවා. නපුරු වෙමින් ආයෙමත් ආදරයෙන් වෙරෝනිකා හැමදාම මං ඔයා වෙනුවෙන් මග බලාන ඉන්නවා!!!!

ඇය ලග නැතිව ලෝක විනාශයද කල් ඉකුත් වන ලදී....!!!!



කල් දමා අළුත් කර ගන්න ලද මේ ලෝකයේදී අපි ආයෙමත් සිප ගනිමුද අළුතින්????!!

Tuesday, December 25, 2012

ආදරය ඔබ වෙන්න



තමාවම දැනගැනීම නම් සුවද, තමා තුලින්ම විකිරණය වීම ආදරය වේ. උතුරා යෑම ආදරයවේ. ඔබ ඔබව ම දකින අවස්ථාව ආදරය වේ. ඔබේ පැවැත්ම අන් අය හා බෙදා ගැනීම හැරෙන්නට වෙන කිසිවක් එවිට ඉතිරි වී නොතියේවී. ඔබ, පැවැත්මෙන් පිටස්තරයෙකු නොවන බව දකින විට දී ද ඔබ ආදරයෙනි. සියල්ල සමග සංතෘප්ත, ස්වභාවික බවක් ඔබට දැනෙන විට ඔබ ආදරයෙනි. 

ආදරය සම්බන්ධතාවක් නොවේ. ආදරය පවත්නා තත්වයකි. එහි තවත් කෙනෙකු සමග කිරීමට දෙයක් නොමැත. කෙනෙකු " ආදරයෙන්" නොවේ. කෙනෙකු "ආදරය" වේ. ඇත්තෙන්ම කෙනෙකු "ආදරය" වන විට, කෙනෙකු "ආදරයෙනි". නමුත් එය ප්‍රතිඵලයකි. නැතහොත් අතුරු ඵලයකි. එය ප්‍රභවය නොවේ. කෙනෙකු "ආදරය" වේ නම් එයයි ප්‍රභවය. 

ඉතින්, කාටද ආදරය කළ හැක්කේ? ඇත්තෙන්ම, ඔබ නොදන්නවා නම් ඔබ කවුද කියා ඔබට ආදරය කළ නොහැකිය. ඔබ බියෙන් සිටිවී. ආද‍රයේ විරුද්ධ පැත්ත බියයි. මතක තබා ගන්න, මිනිසුන් සිතන අයුරින් වෛරය, ආදරයේ විරුද්ධ පැත්ත නොවේ. ආදරය යටිකුරු වී සිටිම වෛරයයි. එය ආදරයේ විරුද්ධ පැත්ත නොවේ. ආදරයේ නියම විරුද්ධ පැත්ත වන්නේ බියයි. ආදරය තුලින් කෙනෙකු ප්‍රසාරණය වන අතර බිය කෙනෙකු හකුලවයි. බියේදී කෙනෙකු සංවෘත වේ. ආදරයේදී කෙනෙකු විවෘත වේ. බියේදී කෙනෙකු සැක කරයි. ආදරයේදී කෙනෙකු විශ්වාස කරයි. බිය කෙනෙකු හුදකලා කරයි. ආදරය කෙනෙකු අතුරුදහන් කරයි. එම නිසා එහිදී කෙහෙත්ම හුදකලාව පිළිබද ප්‍රශ්ණයක් පැන නොනගී. කෙනෙකු නොමැති විට, කෙහොමද අයෙක් හුදකලා වන්නේ? 

(ඕෂෝ - අපුර්ව දේශනා || පර්වර්තනය සුදත් පොඩිරත්න)



මේ මුළු අහසම ඔබම වෙන්න
මුළු මහා පොළවම ඔබම වෙන්න
ගස් වැල් තරු මල් ඔබම වෙන්න
ඔය පෙම්බර හිත මගෙම වෙන්න

______________ ajith kumarasiri




Friday, August 17, 2012



අර උස මඋස තාප්පෙන් මෙහාට පන්නගෙන ඔයාව ආපු එක වැරදී කියලා මට තේරෙන්න ගිය කළක් වෙරෝනිකා......
බලන්න... දෙනෝදහාක් ඔයා වටේ හිටියත් ඔයා අද කොච්චර අදරණ වෙලාද කියල! කාත් කවුරුවත් නැහැ වගේ ඔයා තනි වෙලා, ඔයා හිනාවෙනවා, කනවා බොනවා, සතුටු සාමිච්චියේ යෙදෙනෙවා.... එත් ඔයාගේ මුළු හිතම තිනකමින් වෙලීලා අදුරු වෙලා ගිහින්....

වෙරෝනිකා.... ගෙන්දගම් නගරයේ ඔයා මං හින්දා තනි වෙලා, ආදරේ ඔයාගෙන් දුර ගිහිල්ලා. වෙළෙන්දෝ අතරේ ලංසු ති‍යන තවත් එක් මලක් බවට ඔයා පත්වෙලා.......
මං ඔහේ පාළමෙන් ඉස්මත්තේ පේන අහස දිහා බලාගෙන ඔයා ගැන හිත හිත ඉන්නවා, ඔයා අතරින් පතර මට දුක පා කරලා එවනවා, ඒ දුකට මැදිහත් වෙන්න බැරිව වේගයෙන් කැරකෙන රෝද දිහා බලාගෙන මං සුසුම්ලනවා.... ඒකට දිවා රෑ කියලා වෙනසක් කොයින්ද? අප්‍රමාණිකව ආදරේ පාර අයිනක අපතේ යනවා.....!!! 

වෙරෝනිකා දාලා යන්න බැරි කිසි දෙයක් මේ ලෝකේ ඉතිරි වෙන්නේ නැහැ.... මං හිගන්නේක්, රස්තියාදුකාරයෙක් වගේ මුඵ ලෝකයකටම පෙනෙද්දී, සිටු කුමරියක්ව උන්නු ඔයාගේ අසනීපය ගැනවත් නොහිතා මං හිතුවක්කාර වෙනවා, එකෙන් වඩාත්ම අසරණ වෙලා ඉන්නේ දැං ඔයා කියලා මට දැනෙන්න පටන් ගන්නකොට මං සපත්තු මල් දෙවියන්ට පුජා කරලා මටම සාප කර ගන්නවා.....

වෙරෝනිකා පාරෙදී මං ඉගෙන ගත්ත දෙයක් තමයි ආදරේ කියන්නේ අත් කර ගැනීමට වඩා පරිත්‍යාග කිරිමක් කියලා, එත් වෙරෝනිකා ආදරයෙන් පැරදිච්ච මොඩයෝ ගොඩාක් එහෙම කියද්දි ආයෙමත් අතරමගින් හරි ඔයාගේ ජිවිතේට මැදිහත් වෙලා ඔයාගේ ජිවිතේ අවුල් කරලා ඔයාගේ ආදරේ තුල හුරතල් වෙන්න මං ලොකු ආසාවකින් පෙළෙනවා......

වෙරෝනිකා.......
පලා යෑමට වඩා අවසන් හුස්ම දක්වා සටන් කිරිම මාර වැඩක් කියලා මං දැක්කා මීට අවුරුදු දෙකකට කලින්

ජිවිතේ හමුවෙලත් අතර මග මං එනතුරු ඔයා බලා ඉන්නවා කියලා මං දන්නවා..... එත් මං තවම පරණ රස්තියාදුකාරයාමයි....!!!


Wednesday, August 15, 2012

වෙරෝනිකාගේ උමතුව

1 කොටස
Helene Smith Photography. 

වෙරෝනිකා නැවත උමතු විය. එය සිදු වුයේ හරියටම මීට සතියකට පෙරය. එදුවා වහා දොස්තර ඉගෝර් සොයාගෙන ගියේය. වෙරෝනිකා හා එදුවා විලෙත් මානසික රෝහලෙන් පැන ගිය පසු එදුවා දොස්තර ඉගෝර් හමුවන පළමු අවස්ථාවයි. 

එදුවා කාමරයට ඇතුළු වෙද්දී දොස්තර ඉගෝර් මේසය මත ඇති රෝගී සටහන් පොතක් පෙරලාගෙන ඊට නැඹුරු වී කිසියම් සටහනක යෙදී සිටියේය. එදුවා කාමරය සිසාරා දෙනෙත් යොමු කළේය. තමා පැමිණියේ කෙතරම් කලකට පසුය වුවත් තවමත් විලෙත් වාට්ටුව හා දොස්තර ඉගෝර්ගේ කාමරය වෙනස් වී නොමැත. දොස්තර ඉගෝර් තවමත් තම සටහනට සම වැදී සිටියි. එදුවා තම උගුර පාදන්නට තීරණය කළේය, දොස්තර ඉගෝර්ට තමා පැමිණි බව දැණුම් දීමටය. 

දොස්තර බගෝර්ගේ අවධානය සැබෑවටම තිබුණේ රෝගී සටහන් පොතේ නොවෙයි. ඔහු එදුවා තම කාමරයට ඇතුලුවනු දුටුවා පමණක් නොව, මෙතෙක් වේලා එදුවාගේ හැසිරීමද දුටුවේය. එහෙත් තම අවධානය රෝගී සටහන් පොතට යොමු කර ඇති බවක් හිතාමතාම එදුවාට පෙන්වීමට ප්‍රවේශම් විය. 

එදුවාගේ උගුර පෑදීමේ හඩට දොස්තර ඉගෝර් හිස ඔසවා එදුවා දෙස බැලුවේය. තමා ඉදිරිපස ඇති පුටුවේ හිද ගන්නා ලෙස අතින් සන් කර නැවත රෝගී සටහන් පොත වෙත අවධානය යොමු කරනා විලසෙන් එදුවා නිරික්ෂණය කරන්නට විය. 

මොහොතකට පසු දොස්තර ඉගෝර් හිස ඔසවා එදුවා දෙස බැලුවේය. දැන් එදුවා සම්පුර්ණයෙන්ම සුව අතට පත්ව ඇති බව ඉගෝර්ගේ නිරික්ෂණ දෑස වටහා ගත්තේය. 

"ඉතිං කොහොමද....? සෑහෙන කාලෙකට පස්සේ...."

එදුවා දුක්බර සිනහාවක් යාන්තමට තොල් අතරින් මුදා හැරියේය. 

"වෙරෝනිකා............................."

ඔහුට කියන්නට ලැබුණේ ඇගේ නම පමණි.  ඉතිරි වචන ඔහුගේ දොතොලග නතර විය. එදුවා ඉතා අසීරුවෙන් තම හැගීම් පාලනය කරගෙන ඉවත බලා ගත්තේය. 

"මං දැනගෙන හිටියා......... වෙරෝනිකාගේ උමතුව කවදාවත් සනීප වෙන එකක් නෙවෙයි කියලා..... මොකද එයාට නිතරම වෙනසක් අවශ්‍යයයි. ඉතිං මට කියන්න කොහොමද එයාගේ හැසීරීම...." 




දොස්තර ඉගෝර් එදුවාගේ දෑස දෙස එක එල්ලයේ බලාගෙන ඔහුගේ පිළිතුර අපේක්ෂාවෙන් පසු වුයේය. එදුවාගේ ආදරයෙන් බිදුණු හඩ කෙමෙන් අවදි විය. 

" එයා සෑහෙන්න දරුණු වෙලා..... පුංචි දේටත් ගොඩක් තරහා යනවා.... අපේ වීදියේ ඉන්න ගොඩාක් අය එයාව දකින්නත් බයයි....!! මුලදී මම බයේ හිටියේ ආපහු එයා සියදිවි හානිකර ගන්න හදයි කියලා......"

දොස්තර ඉගෝර්ට සිනහා ගියේය. ඔහු එදුවා අසලට තම පුටුවෙන් නැගිට පැමිණ, 

"එයා සියදිවි හානි කර ගන්නේ නැහැ.... ඔයා ඒ ගැන බය වෙන්න එපා... එත් වෙරෝනිකා මේ ඉන්නේ ඉතාම නරක තත්වයක..... එයාව සුවපත් කරන්න ආපහු විලෙත් වාට්ටුවට බැහැ..!! එයාව සුවපත් කරන්න නම් යවන්න තියෙන්නේ එකම එක තැනයි...........
අපි එයාවව එහේට යවමු.....!!" 

දොස්තර ඉගෝර්ගේ අදහස අනුව වෙරෝනිකා ලංකාව බලා පිටත් කිරිමට සියලු කටයුතු සංවිධානය කෙරිණී. එදුවා ඇය සමග යෑමට සැරසුණත් දොස්තර ඉගෝර් ඊට හරස් විය. 

ඒ අනුව වෙරෝනිකා රැගත් ගුවන් යානය ලංකාව බලා පියා සැර කරන්නට නියමිතය.



________________________________________________________________ඉතිරිය පසුවට

Thursday, June 7, 2012

මේ අමාවක දුරලන්න______________



වෙරෝනිකා......
පුරුදු පරිදි සද අහසේ අගිස්සටම මෝදුවෙනවා, තරු වැල් අහස පුරා විසිර ගොසින් රටා මවනවා, පෙළින් පෙළ ඇදෙන පුංචි පුංචි වළාකුළු සදේ ආඩම්බරකම වඩවනවා. එත් වෙරෝනිකා ‍නොපෙන දුරක, නොඇසෙන දුරක ඔයා.......

වෙරෝනිකා.......
නිහඩබව තුල ගිලී ගුලි ගැහි උන්නු මාව වචන මතින් අරං ඇවිත් දොඩමළු කළේ ඔයා...., තනිකම උඩ දිග ඇදිලා දෑස් පියාගෙන ඉද්දි ප්‍රේමණිය හාදුවකින් කූද්දා සම්බන්ධතාවයන්ට හුරු කළේ ඔයා...... ලෝකයකට බයේ සිහි විකලෙන් උන්නු මාව සනීප කළේ ඔයා.......
වෙරෝනිකා....
ඔයා අද දුර ඈත..............!!!

පුරුදු පරිදි සියල්ල සිදුවෙමින්තියෙනවා. හැමදාම වගේ මිනිසුන් එකම තැනින් එකම ගමන යනවා. ඔළුව උස්සලා බලන්නේ නැති මිනිසුන්ට සද මිස්වෙනවා. දැණුවත්භාවයකින් හුස්ම ගන්නේ නැති මිනිසුන්ට අළුත් වාතය මග හැරෙනවා. අනුන් දිහාම බලං ඉන්න මිනිසුන්ට තමන්ව අමතක වෙලා යනවා. අන්තිමට ජිවිතේ මග හැරේනවා. එත් මිනිස්සු හිනා වෙනවා. අනුන් වෙනුවෙන්.....

වෙරෝනිකා එත් මට තාම ඔයාව මතකයි.....!!!

වෙරෝනිකා............
මම ඇස් පියාන ඔයාගේ තුරුලේ උණූහුමට තුරුල් වුණේ හෙට අනිද්දා විනාශ වෙන ලෝකේ ගැන අමතක කරන්න. ඔයාට පුදුම ඉවසීමක් තිබුණෞ මගේ හිනාව දකිනකං, ඔයා ගැබ්බර අහසක් වගේ උහුලගෙන උන්නා, බරට බරේ මගේ නොපනත්කම්...........
එත් ඔයාගේ ඇහි පිල්ලම් මත හාද්දක් වී වෑහෙන විට, වෙරෝනිකා සත්තමයි ඒ වැළද ගැනීම තුල ඒ ආදරේ දැණූනා කේශ නාලිකා වලටම. හිතුවක්කාර සුමුදු තොල් පෙති මගේ ගෙල වටා ඇවිදින විට ඇත්තමයි වෙරෝනිකා මම ප්‍රේමයෙන් ගිණි ගෙන තිබුණා. ඔය දිගු නියපොතු මගේ ‍කශේරුකාවේ ඇට ගණන් තබන විට වෙරෝනිකා මගේ හුස්ම වැටුනෙත් බාගෙට. කවදත් මට අකීකරු ඔයාගේ කෙහේ රැල්ල විටින් විට ඇවිත් මගේ දැහැන බිදිමින් මට ඔච්චම් කරමින් තිබුණා. ඔයාගේ ප්‍රේමණිය විමානය තුල මම කෙමෙන් කෙමෙන් අතරමං වෙමින් හිටියේ, කෙහොමත් ඔයාගේ හිත තුල වීසා නැතිව සරණ මට වන සියළු අවධානම දැරීමේ පරම අදිටනින් මම ඔයාව තුරුළු කර ගත්තා.
වෙරෝනිකා..................
හීනී පොද වැස්ස මහා වැස්සක්ව සතර අත ගලා යමින් තිබුණේ. ඒ මතට වැටුණු සද එළිය දිය කෙළිමින් හිටියේ. පුංචි පුංචි දියකඩිති පිරී ඉතිරෙමින් තිබුණා. වෙරෝනිකා....... මගේ තුරුලේ ඔයා පිපෙමින් හිටියේ මෘදු රෝස මලක් වගේ. ඔයා රතු වෙලා වැහී සීතලට, 

වෙරෝනිකා........
ඒ සදම අදත් ඇවිත් ඉහට උඩින් ඔයා ගැන අහනවා, වෙරෝනිකා මං තනිවෙලා තනියෙන් හීන දකිනවා නොදන්නා ඔයා ගැන මේ තට්ටු හයක් උස් බිල්ඩිමේ උඩම තට්ටුවේ හුළගත් එක්ක මං ඉන්නේ පාළුවෙන් මට පිස්සු නැහැ කියන්න ආයෙමත් ඇවිත් යන්න මා බලන්න........


Tuesday, May 15, 2012



සදවත්, සදට තනි රකින තරුවක්වත් නැතිව මුළු ස්ටෙප්ස් තණ බිමම අන්ධකාරයේ ගිලෙමින් යනවා. උතුරින් හමා එන සීතල සුළග මරණිය තනීකම ත්වර කරමින් හදේ ඇති එකම තුවාලය ආයේ ආයෙමත් පාරමින් තියෙනවා. දසතම පැතිරි ඇති අන්ධකාරය විසින් දොඩමළු වන හිතට අගුළු දමමින් සිටිනවා. තණ පලස මත මිදෙමින් ඇති පුංචි පුංචි පිණි බිදු ඇගේ කදුළු යැයි සිත රවට්මින් හිදිනවා. 

වෙරෝනිකා....................... ආදරය ඒකපාර්ශවීය වුණාම ඇත්තෙන්ම වේදනාවයි.............

හිතින් හිතන් නැතිව උන්නාට හිතට ආදරේ ගලන්නේ මගෙන් අහලා නෙවෙයි. හඩන්න සුසුම් නොහෙලා හිටියට කදුළු එන්නේ මගේ උවමනාවට නෙවෙයි. ජිවිතේ වෙහෙසත්, ප්‍රේමයේ තනිකමත්, බලාපොරොත්තුවේ හිස්කමත් අරගෙන මම තණ පලස මත දිගා වුණා. මුළු අහසම කළු පාට එක ගුලියක්. මට නොතෙරේන ඔයා අදින චිත්‍රයක් වගේ කියලා මං නොහිතුවත් හිත එහෙම හිතන්න පුරුදුවෙලා දැං. 

වෙරෝනිකා.................... ආදරෙන් මුමුනන්න ලග නැති අඩුව පැහැව පැහැව හද තුල වද දෙනවා.

මේ මුළු තණ පලස පුරාම පිනුම් ගගහා ඇවිද යන්න පුළුවන් වුණත් ආදරයේ තනිකම විසින් මාව කළුවරක් තුල ගාල් කරනවා. පුංචි කණාමැදිරි එළියක් ලග නැවතිලා මම මගේ හිත ඒ එළියෙන් එලියට අදිනවා. එන්න එන්නම මේ දැනෙන වෙදනාව ඩිංගක් හරි අඩුවෙන්න කියලා මං මේ මොහොතේ ඉදන් මගේ හිත ගලෝලා අරං තියෙනවා පරිස්සමට... ඔයා එනකං ආයෙමත් ආදරේන්...............

බිමට බර කර ගත් දෙනෙතින් යුතුව ඔයා එනවා හැමදාම මම හීනෙන් දකිනවා. ඔයාට තිබුණේ පුදුම සංයමයක්. දිළිසෙන බැල්මක්, පැහැපත් ඇස් දෙකක්. ඔයා තවමත් බලන් ඉන්නේ බිම, එත් ඔයාගේ හිත මගේ ඇස් වල. දශමයෙන් දශමය ඔයාගේ හිත මගේ ඇස් උරා ගනිමින් තියෙනවා. එත් ඇයි ඔයා බිම බලාගෙන....???  මං ආසම හිනාවෙන් ඔයාගේ කම්මුල් පිරිලා තියෙනවට එත් ඔයා තම මුහුණ හංගගෙන. 

වෙරෝනිකා........ හීනෙනුත් මගේ හිත රිදවන ඒ හිනෙට කැමති නැහැ. 




Sunday, April 15, 2012



ගැඹුරු ප්‍රේමයේදී මිනිස්සු බයයි පිස්සු හැදෙන්න එනවා. නැත්තං මැරෙන්න යනවා කියලා. එවිට මොනවා වේවිද? අගාධය එහි කට අරී. මුලු පැවැත්මම ඈණුම් අරි. ඉතිං ක්ෂණයකින් ඔබ එහිය. නැත්තං ඔබට එයට වැටෙත හැකියි. කෙනෙකු ප්‍රේමයට බිය වෙයි. එවිට මිනිසුන් සෑහීමකට පත් වෙනවා ලිංගික ආශ්වාදයෙන්. ඉතිං ඔවුන් ඔවුන්ගේ ලිංගික ආශ්වාදයට ප්‍රේමය යැයි කියනවා. 

________________________________________________________ ඕෂෝ රාජිනිෂ්





ආදරය ගිවිසුමක් අත්සන් කිරිමෙන් ජනිත කල නොහැකිය. එය පිනවීම, බෙදා ගැනීම, අන‍්‍යා්න‍්‍ය ආරක්ෂාව හා සුවපහසුව මත නොරැදේ. මේ සියලු දෙය මනස සතුය. ආදරය අපේ ජිවිතය තුල එතරම් සුළු කොටසක් හිමි කරගෙන ඇත්තේ එහෙයිනි. ආදරය මනස සතු නොවේ. එය මනසෙහි කපටි ගණය සහිත සිතුවිලි වලින් හා ආත්මාරක්ෂක අවශ්‍ය සහ ප්‍රතිචාරයන්ගෙන් නිදහස්ය. 

_______________________________________________________ ක්‍රිෂ්ණ මුර්ති








"සොන්යා මං වැද වැටෙන්නේ ඔබට නොමෙයි සොන්යා, ඔබ තුළ දුක් විදින මනුෂ්‍යාත්මභාවයටයි!"

______________________________________________________ රස්කොල්නිකොව්
                                                                                        "අපරාධය හා දඩුවම" - පයදෝර් දොස්තයෙව්සිකි.

උපුටා ගැන්මකි.

Saturday, April 14, 2012

අළුත් නොවන අළුත් අවුරුද්ද



"ජිවිතය කිසිදිනෙක අපව අතහැර ගොස් තිබුණේ නැත. අප විසින් අපව ජිවත් කිරිම සහමුලින්ම අමතක කර දමා ඇත."


වෙරෝනිකා..................
පාළමේ අත් වැටට උඩින් බෝ ගහේ කොළ හැළුනු අතු අතරින් ඈත අළුතින් හැදෙන උස බිල්ඩිමටත් උඩින් තාම හද පායලා හරි අපුරුවට. කිසිම අඩුවක් නැතිව මුළු ලෝකයටම එකසේ තම සිසිලස බෙදා දෙමින්. 
ආදරේ කියන්නේ තරගයක් මේ කාලයේ හැමෝම අඩුවැඩි වශයෙන් නිරතවන. නමුත් ආදරේ නාමයෙන් දිවි සරුකරගන්න මිනිසුන් බොහෝමයකට මේ චමත්කාරය මග හැරෙන්නේ ඇයි? තම හිසට උඩින් පායා ඇති සදේ චමත්කාරයත්, තම අවට ලෝක‍ය තුල ඇති වින්දනීය ස්වභාවයත් මග හැරෙන්නේ ඇයි? 
තම  පෙම්වතිය තවත් මිනිහෙක් එක්ක ඉන්නවා දැක්කම  පෙම්වතා එකපාරටම අහන්නේ 
'උඹ උත් එක්ක නිදිය ගත්තද?' කියලා
ඊට වෙනස්ව පෙම්වතෙක් වෙනත් ගැහැණියක් එක්ක ඉන්නවා දැක්කම පෙම්වතිය අහන්නේ
'ඔයා එයාට ආදරේද කියලා?


වෙරෝනිකා.......
මේක මස් වැද්දන්ගේ කාළයක්........ කිසිම කෙනෙකුට මේ චමත්කාර මොහොතේ වටිනාකම නැතිවෙලා ගිහිං, නැකතට පහන පත්තු කරන්නේ හදිසි වැඩ අතරමග දාලා ඇවිල්ලා වගේ, ඔයා දවසින් දවස ජිවිතේ අතහැර ගන්නවා. 
කවුද කැමති මේ දුවන රෙස් එකෙන් අයින්වෙලා ආදරේ විදින්න! තම තත්වය, වටිනාකම අත්හැරදාල අවිත් ආදරේන් එකපාර ඔයාව සිප ගන්න! ඔයාට මේ සමාජයේ හැදිලා තියෙන ඉඩ මග හැරලා ආයෙමත් ඇයව තුරුළු කරගෙන හිරිපොදේ තෙමෙන්න! 






ඔයා රෙස් එකේ දුවනකං  ඔයාට ආදරය මග හැරේනවා. 
ජිවිතේ හොයා නොගන්නකං කිසිම අවුරුද්දක් අළුත් වෙන්නේ නැහැ, ඒක මුණිච්චාවට කියන කිසි තේරුමක් නැති නිකංම්ම නිකං හිස් වචන ටිකක්, ආදරේ ඔයාගේ ජිවිතේ බලාපොරොත්තුව නොවන තාක් ඔයාට ජිවිතේ මග හැරෙවී. 
දුවලා දුවලා හතිවැටුනම වෙරෝනකා............
ජිවිතේට ආදරේ ඔනී වෙනවා!!


ආදරණිය මිනිසුන්ට ආදරෙන්


Tuesday, March 6, 2012

හිරු බිහිරී සඳ ගොළුයි තරකා අන්දයි_________


වෙරෝනිකා...................
ඉස්සර පුංචි හිත් පීඩාවකට වුණත් මං දුවගෙන එන්නේ ඔයා ලගට, ඇවිත් කිසිම හාවක් හුවක් නැතිව ඔයාගේ පපුව මත ඔළුව ගහගෙන සැනසීම හොයනවා. මුළු විශ්වයම පැරදිලා හිටියත්, මුළු විශ්වයම මට එරෙහින නැගී හිටියත් ඔයාගේ පපු තුරුලේ මට ශාන්තියක් තිබුණා, සැනසිල්ලක් තිබුණා, ආදරයක් තිබුණා. ඔයා මගේ ඉත්තෑ කූරු කෙස් අතර ඔයාගේ දිගු ඇගිලි තුඩු වලින් මට සෙත්පතනවා. මම ඔයාගේ සුවද ඉව කර කර සැනසීම මගේ කර ගන්නවා. මොහොතක් ඉන්න ඔයා දොඩමළු වෙනවා. දවස ගැන, සිද්ධි ගැන, මිනිස්සු ගැන, දේවල් ගැන..... ලොකු විස්තරයක්..... මම ඇස් වහගෙනම අහං ඉන්නවා, ඔයාගේ පැහිච්චකං ගැන තනියෙන් හිනා වෙනවා. කල් වේලා අරං හෙමින් සැරේ ඔයා අහනවා 'මගේ කුමාරයට මොකද දුක හිතුනේ' කියලා... ඔයාට මතකද මම ඇස් ඇරලා ඔළුව උස්සලා ඔයාගේ දිහා බලනවා, ඔයා කිව්වා වගේ ලොකු විස්තරයක් මගේ ඇස් ඇතුලේ............

වෙරෝනිකා......
ඔයාට ඇරෙන්න මේ ඇස් කියවන්න පුළුවන් වෙන කාටද? ඔයා තව තවත් තදට මාව තුරුල්කර ගන්නවා. ඔයා සතු හැම ශක්තියක්ම පාවිච්චි කරලා, ඔයා සතු මුළු ආදරේම මා තුලට කාන්දු වෙන්න ඉඩ හැරලා ඔයා මාව ආයෙමත් ජිවත් කරවනවා. ආයේ ආයෙමත් මාව ඔයාගේ බවට පත් කර ගන්නවා. ආදරේ කියන්නේ කැරැල්ලක්, නිම නොවන සදාතනික කැරැල්ලක්,  තමන් තුලම තමන් වෙනුවෙන් කරන. තමන්ගේ මමත්වය කුඩු කර ගන්න ට්‍රයි කිරිමක්, තනියෙන් බුදු වෙන්න තියෙන ඉඩ අහුරවගෙන ඒ මග අනෙකෙකු හා බෙදා ගන්නා තත්වයක්. 

වෙරෝනිකා..........
එහෙම නිර්වාණික ප්‍රේමයක් මම ඔයාගෙන්  අත්විදින්නේ , එහෙම නිදහස්කාමි ප්‍රේමයක් මං ඔයාගෙන් අත්විදින්නේ, 
ගත වන හැම තප්පරයක්ම ඉස්සර වගේ නොවුණත් ඉස්සර වගේම හැම වෙලාවෙම මට හිතෙනවා ඔයාගේ තුරුලට දුවගෙන එන්න. ඉස්සර වගේ ඔයාගේ ආදරය ඇතුලේ ආයෙමත් දියවෙන්න.....

වෙරෝනිකා මට ඉඩ දෙන්න...........

Monday, February 27, 2012

ආදරේ වැස්සක්ව______________



පුංචි පුංචි වැහි බිදු ගොඩාක් වෙලා වැටිලා මහන්සියටදෝ කොහෙද දැං මහා හයියෙන් වැස්ස වැටෙන්න පටන් ගත්තා. මැලවිලා තිබුණු පුංචි ඉපනැළි එකිනෙකා පරයමින් ඉස්සි ඉස්සි වැස්සේ නාන අපුරුව. ඈත ලයිට් කණුවකින් විසිකරන මලානික නියෝන එළිය හිල් කරගෙන ඝණ වැහිබිංදු පොළව මත පතිත වෙනවා. පොළව ඒ වැහි බිදු වලට තියෙන ආදරේ තරමක්. හරිම සුරක්ෂිතව හරිම ආදරේන ඒ වැහිබිදු පොළව වැළද ගන්න හැටි අරුමයක්.

වෙරෝනිකා........
අපි ආයෙමත් වැස්සේ නටමුද...? අර ඉස්සරෝ ම දවස් වල වගේ ඇදුම් තෙත් ‍වෙලා ඇගටම ඇලෙනකම්.
ඔයාට මතකද මිනිස්සු අපි දිහා බලං හිටියේ කටවල් ඇරගෙන, 

ඇත්තමයි වෙරෝනිකා...
උන් බලං හිටියේ වතුරට පෙගුණු ඔයාගේ ශරීරය දිහා.......
ඔයාට මතකද මංදා ඒ දාහක් රකුසු ඇස් වලින් මං ඔයාව ගලවගෙන පුංචි පෙට්ටි කඩයකට ඔයාව ඇදගෙන ආවා, දුං දාන උණු උණු කොපි කොප්පයක් දෙපැත්තේ සීතලින් වෙවුලන තොල් දෙකක්...... තොල් දෙකෙන් නික්මෙන් අළුත් බලාපොරොත්තු ගොන්නක්.......  වචන නැතිව ජිවිතේ  කියවන ඇස් යුගලවල් දෙකක්........ මේ හැම මැදින් හීනියට ඇදෙන ලා දුම් රැල්ලක්.......

ආහා........ ඒ කෝපී කොප්පයේ සුවද......

ඔයාගේ නහය දිගේ පුංචි පුංචි වතුර බිංදු ගලං ඇවිත් නහය අග වැනි වැනි තියෙනවා. ඔයා හිටියේ පොඩි එකෙක් වගේ උද්දාමයෙන්, හරිම ත්‍රාසජනක වැඩක් කරලා වගේ..... ඔයාගේ ඇස් පෙට්ටි කඩේම ආලෝකමත් කලා. පුංචි කුප්පි ලාම්පුවට වඩා එළියකින් ඔයාගේ ඇස් දිළිසෙමින් තිබුණා. ඒ දිළීසිමෙන් මගේ හිත පත්තුවෙලයි තිබුණේ. නා කපන වැස්සේ තෙතබරිතව වුනත් මං හිටියේ ගිණි ගනිමින්. ඔයා වඩ වඩාත් දිලිසෙන්න උනා.

මහා හයියෙන් ගහපු අකුණු සැරයකට බයවෙලා කෝපි කොප්පයත් මගේ ඇගට හලාගෙන ඔයා මට තුරුල් වුණා, උණුහුමයි ආරක්ෂාවයි දෙකම හොයාගෙන. 

වෙරෝනිකා.......
ඔයා මගේ බෙල්ල වැරෙන් බදාගෙන උන්නේ..... ඔයාගේ දෙතොල් මගේ ගෙල දිගේ උණුහුමක් හොයමින් සක්මන් කරනවා............... 

පුංචි තණකොළ ගස් යට වෙන්න තරම් දැං වතුර.
වෙරෝනිකා....
මං නම් තනියම තෙමෙනවා......
ඔයත් එහෙමද ඔහේ....!

Thursday, February 23, 2012

ලෝකය භ්‍රමණය වේ_____________


රත් වුණු ඉර එළිය විසින් මුළු හවස් කාළයම වර්ණවත් ලෙස පාට කරමින් හිටියා. කාටවත් ඒ වර්ණ භාවිතාව ගැන වගක් තිබුණේ නැහැ. මං හිටියේ තහනම් කලාපෙක දුම්වැටියක් උර උර..... බිම ඇණ තියාගෙන, නව යොවුන් යුවතීයෝ මෙන්ම මැදිවියේ යොවුන් යුවතියෝ ද මා දෙස පුදු‍මයෙන් මෙන් බලමින් ගියා. කල්ලී පිටින් ඇදුණු අය මගක් ගොස් මට හොදටම හිනා වෙන හඩ ඇසුනා. 
තමන් විසින් තමන් ගැන සාදාගත්  බරක් උස්සාගෙන සිටිනවාදැයි ඔවුන් කිසිවෙකුටවත් ගණනක් තිබුණේ නැහැ. එත් බර බිමින් තියා සැහැල්ලුවෙන් හිදින මට සියල්ලෝ ම සිනාසුනහ. සමච්චලයටත් ඉරිසියාවටත් ඔවුන් මට සුණාසුනහ. අනුන්ගේ කැමැත්ත අකමැත්ත ගැන වගක් කිසි කළේක තිබුණේ නැති මම, මගේ පාඩුවේ හිරුගේ මනස්කාන්තික පෙලහැර පෑම දෙසම බලා හිටියා.

මම හිටියේ ඒ චිත්‍රයෙන් වශිකෘත වෙලා. එත්.....ඔයාට මතකද ඒ සුවද? ඒක බේබික්ලෝන් සුවදක්......... හුරුපුරුදු ක්ලෝන් සුවදක්! මගේ දැහැන් බිදගෙන මටත් හොරෙන් මගේ හිත පරණ ඈතක.
හමස් පෙට්ටි අදිනවා සේ මතකය තුලට ම ඇදී ගොසින් මගේ හිත ඒ සුවද හොයනවා. ඒකේ මුල් හොයනවා. 

වෙරෝනිකා.....
ඉස්සර හැම වෙලාවෙම ඔයා ලගින් වහනය වන සුවද! ඔයාටත් හොරෙන් මං හැදාකම ගෙදර අරං ගිය සුවද! ඔයා ලග නැති වුණත් මට ඉතිරි වුණු එකම අරුත..........
ඒ සුවද........

මම මගේ දෑස් ඉරෙන් මෑත් කලා. තද ආලෝකයට නිරාවරණය වෙලා තිබුණු ඇස් දෙක පාට පාට සමනළියන්ගේ විච්චුරණයෙන් තවත් ගිණි කන වැටුණා. හැබැයි ඒ දෙනෝදහක් දෙනා අතරේ සංසාරිකව මං පතන රූව මා මග හැර ඉදිරියට ඇදෙනවා.

වෙරෝනිකා..........

මං හුන්තැනින් නැගිටමින් කෑ ගැහුවා.... නැහැ.... මට මො‍කක්දෝ වෙලා කෑ ගැහුණා.

වෙරෝනිකා.....
මං දකින්න ආසම ඔයාගේ ඇස්. ඉස්සර වගේම ඒවා තවම මායාකාරියි. මං දන්න කාලේ කොටට තිබුණු කොණ්ඩය දැං හරි දිගයි හරියට ඔයා මට දුරයි වගේ.

වෙරෝනිකා.....
තාවමත් ඔයත් මාත් අතර පරතරයක් ලොකුත් නැති පොඩිත් නැති පරතරයක්. ඔයා ඉස්සර හැමතිස්සෙම කිව්වේ මේ පරතරය විසින් කවදාක හරි අපිට අපි නැති කරන විත්තිය. 

ඔයාට කොහොමද....?
තිගැස්මෙන්ම ඔයා ලග තිබුණේ සිනහවක්. දැං ඔයාගේ ඇස් ඉස්සර වගේ කතා කරන්නෙත් නැහැ වෙරෝනිකා....

ඔයා මොකද පාරේ ඉදගෙන කරන්නේ?
හැමෝටම තිබුණු ප්‍රශ්ණේ ම ඔයා මගේන ඇහුවා.

මං බෝධිසත්වවරයෙක්........ බුදුවෙන්න පෙරුම් පුරනවා......

ඔයාට මහා හයියෙන් හිනා ගියා..... ඇත්තටම ඔයාට හිනාව නවත්ත ගන්න බැරිවුණා, බස් ස්ටෑන්ඩ් එකේ හිටපු හැමෝම අපේ දිහා බැලුවා. ඒ ප්‍රශ්ණාර්ථ ඇස් නාභි ගත වෙලා තිබුණේ මට ඔයාට නෙවෙයි. මට ලැජ්ජත් හිතුණා වෙරෝනිකා. 

ඔයා තාම හිනාවෙනවා.......
ඔව් ඔයා තාම මට හිනා වෙනවා

ඔයා ඔහෝම හිනාවෙනකොට හරි හැඩයි......

Monday, February 13, 2012

ආදරේ මේ තරම් නිසා_________


ප්‍රේමය එයටම ආවේණීක වු විධික්‍රමයන්ගෙන් හැම විටෙකම අපි අතර සැරිසරමින් ඉන්නවා. එත් වෙරෝනිකා අපිට ඉස්පාසුවක් නැහැ අප අවට නිරන්තරයෙන් සැරිසරමින් තිබෙන්නා වු ප්‍රේමය අතිවිදිනට. අපි ජිවිතය කියමින් කාළකණ්නි මජර ක්‍රමවේදයක පැටලිලා ජිවිතේ සංවේදනාවක්, ස්නායු ගැහීමක් නැතිව මළමනිසුන් සේ ජිවිතය ගො දමමින් ඉන්නවා.


වෙරෝනිකා...........
ඔයාගේ කේශනාලිකා පවා මගේ ආදරයෙන් මුසපත් වෙලා උන්නේ. පුංචි පිණි බිදුවකින් ගත කීරී ගැහෙන්නා සේ මගේ ප්‍රේමය තුල ඔයා උන්නේ උන්මත්තිකාවක් සේය.
වෙරෝනිකා.........
නිද්‍රවක උන්නු මාව පත්තු කළේ ඔයාමයි. දැං මේ වාන් දමන ප්‍රේමයේ තනි උරුමක්කාරියත් ඔයාමයි.


එන්න ආයේමත්
දින සීයයයේ පාළමක් යටදී ප්‍රේමයෙන් අතුර වෙන්න......


මං ආදරේ යි........................

Thursday, January 26, 2012

මේ බලා සිටිමේ මොහොතයි.............



තවදුරටත් හිතූ සේ ආදරය කරන්න පොළවක් අහිමි වෙමින් පවතින කාළයක් මේක. පෞද්ගලික ගැටලු, සිත් රිදවීම්, කෝප ගැනිවීම්, ව්‍යාපෘතීන් එකිමෙකි නොකී බෝහෝ දේ විසින් ආදරයට තිබු ඉඩකඩ කෙමෙන් කෙමෙන් ආක්‍රමණය කරමින් සිටියි. මම තවදුරටත් සටන් කිරිම නවතා මට අයිති තැන නිශ්චලව සිටගෙන සිටිමි. 

සියල්ල උදුරා දැමිය හැකි ලෙස දේවල් වෙනස් වෙමින් පවති. ලෝක අවසාන යැයි කියන්නේද මේ ව්‍යාකූලත්වයද විය හැක. එහෙත් මට ආයෙමත් ආදරය කරන්න ඔනේ......

එත් ........ 
මේ එකට කාළය නෙවෙයි.....................