Saturday, August 27, 2011

දැල්වෙන දෑසක් මග නොහරින්න....




ළමයෝ.......
ගැහැණියකගේ ආදරේ තෙරුම් ගන්න බැහැ කියන්නේ ම කාළකණ්ණිකමක්, ඇය හැම දෙයක්ම කරන්නේ ඔයාට තියෙන ආදරයේ දිග පළල දන්වන්න. ඔයා ඇය ගැන විශ්වාස කරන තුරු ඇගේ ප්‍රේමය නම් ශුංගාර පොකුණට ඔයාට බහින්න බැහැ. මොකද ඒක තුල ගිලෙන්න ඔයා දන්නේ නැහැ. ඔයා තුල තවදුරටත් ඊට ශක්තියක් ඉතුරුවෙලා නැහැ. ඔයා හැම ශක්ති ප්‍රභේදයක්ම වැඩක් නැති වැඩවලට යොදවලා ඉවර කරගෙන... බලන්න ඇය ඔබ ඉදිරියේ දැල් වුණු දෑස් ඇතුව බලා ඉන්නා අපුරුව, එත් ඔයාගේ ඇස් එහේ මෙහේ දුවනවා. ඔයාට  ඔයාවම මෙල්ල කර ගන්න බැරි වෙලා තියෙනවා. කිසිදිනෙක භාවනාවක නිරත වෙලා නැති ඔයා ඇගේ දෑස් දිහා විතරක් ම බලා ඉන්න. බලන්න හිතට දැනෙන නිවි සැනසිල්ල... හිස්තැනක් නැති අවකාශයක අතරමං වෙන්න දෙන්න ජිවිතේ.... දැන දැන මං මුලා වුණ ජිවිතේ ටික වෙලාවකට හරි නොදැන අතරමං වෙන්න බැරිද? පළදගෙන ඉන්න හැම වෙස් මුහුණක්ම ගලවා දමා ඇය දෙසම බලා හිදින්න. හිතනවාට වඩා ඇගේ ලෝකය විශාලව පේන්න ගනිවී. ඇගේ ප්‍රේමය ඉදිරියේ ඔබට ඔබව අගුටුමිට්ටෙක් සේ දැනෙන්න ගනිවි. මොහොතකටවත් ඇස් පිය නොගසන්න ඒ මොහොත ඇති කෙනෙකුට ඔබ දකින හීනය සොරා ගන්න ......


Monday, August 22, 2011

දිව යන කාළයට හැකිද උතුරන ඔබ නවත්වන්න_______




ජිවිතය ඇත්තේ සිහිනය තුලම නොවේ. මොහොතක අතරමං වීම සදාකාළික ප්‍රේම වෘතාන්තයක දක්වා ගෙන යා හැක්කේ ම ඔබ තුල අව්‍යාජව අනෙකාට පෙනී සිටින තාක් පමණෙකි. ජිවිතයේ අනෙක් සියල්ල පසේක ලා තම සිත මුසපත් කලා වු ප්‍රේමයක් වෙනුවෙන් අරගල කල හැක්කේ ම ආත්මයක් බරට බැදි මිනිසුන්ට හා ගැහැණුන්ට ම පමණෙකි. 
ඇය මේ සොයා යන්නේ තම ආත්මය අත්පත් කර ගත් තම ප්‍රේමවන්තයා සොයාගෙනය. මේ ඇය ආලය කල හැටිය. ප්‍රේමය තුල උස්සා පො‍ළවේ ගැසු පසු දැනෙන ප්‍රීතිය ඇය ආත්මශක්තිය කොට ගෙන ගව්ගණනක් දුර පීරා යමින් අවසන ප්‍රේමය අසල ඇසිපිය නොහෙලා නතරවේ. 
ඒක උමතුවක්.... සංවිධ ලෙස ප්‍රේම කරන්නට යන්නන්ට අත්වන්නේම බොරුව හා රැවටීමය. ජිවිතයේදී එක් වරක් හෝ ඔබ තුල වන ප්‍රේමයට උතුරා දෝරේ ගලන්නට ඉඩ දෙන්න.... එවිට මේ ලෝකයම ලස්සන වේවි...!!

හොයාගෙන බලන්න Very Long Engagement - Directored by Audrey Tautou


Sunday, August 21, 2011

ලෝකාන්තයේ සිට පහළ බැලුවෙමි_______



වෙරෝනිකා....
ආදරය වෙනුවෙන් ජිවිතය පරිත්‍යාග කිරිම ඔයාටත් අද කාළයටත් අනුව කරන්න පුළුවන් ලොකුම මෝඩ වැ‍ඩකි. එත් වෙරෝනිකා හිස්කමක් එක්ක ජිවත් වනවාට වඩා මරණය සිප වැළද ගැනිම කෙතරන්නම් සුන්දර වේද? මිනිසුන් ඔවුන්ගේ හිස්කමේ ප්‍රමාණ පිළීබද දැන ගත් වහාම තැතිගැන්මට ලක් වෙනවා. ඒ තැති ගැන්ම වළක්වා ගැන්මට ඔවුන් විසින් විවිධ දේවල් සමාජය තුල කරමින් ඉන්නවා. එත් මට මගේ හිස්කම මුණ ගැසුනාම එක වහගන්න නොහැකි බව තේරුම් ගියා. සමහර විට මේ මගේ පිස්සුව හින්දා මට එක වහ ගන්න තේරෙන්නේ නැතිව ඇති. එත් මං දැං ඒ සිතුවිල්ලට ගොඩාක් කැමතියි.......

මිනිහෙකුට කොපමණ කාළයක් ආහාර නොගෙන සිටිය හැකිද? එපමණ කාළයක් මම වීරිය වඩමි. වතුර උගුරක් ගෙන මිනිහෙකුට කොපමණ කාළයක් දිවි ගෙවිය හැකිද? එපමණ කාළයක් මම බවුන් වඩමි. ජිවිතය අතැර පලා යෑම නිවට කමක් නම් මම ඒ නිවටයා වෙමි. ප්‍රේමයේ අල්හාදය වෙනුවෙන් සියදිවි හානි කර ගැනිම අණුවනකමක් නම් මම ඒ අණුවන ක්‍රියාව කරමි. ලෝකයා පිස්සෙක් යැයි හදුන්වන මට තව මොනවා කීවත් කම් නැත. මම ඒ සියල්ලෝම වෙමි. මැරෙන්නට ෂොට්කට් තිබියදී මම අමාරුම විදිය තෝර ගත්තා. එක්වර ශන්තියක් අත්කර දෙන මරණයක් මට වැසි නැත. ඉතා දරදඩු, අප්පිරියා සහගත මරණයක් මම පතමින් හිදිමි. කාළකණ්නියෙකුට උරුම විය යුත්තේ කාළකණ්නි මරණයකි. මම එයට සුදානම්ව පෙර මග බලා හිදිමි.

වෙරෝනිකා....
හැමෝටම හොරෙන් රෑ මැදක උස තාප්පයකින් පැනලා මං ආවේ ඔයා ගාව තුරුළු වෙන්න. ඔයාගේ දෙකොපුල් සිප ගන්න. ඔයාගේ නළලත සිප මාව ඔයාගේ තුල දිය කර ගන්න. එත් වෙරෝනිකා මට හමුවුණේ හිස්තැනක්...... 
ඔයාගේ හිත පිරිලා තියේනවා මං දැක්කා..... ඒ බලාපොරොත්තුව වෙනුවෙන් ඔයා හඩා වැටෙනවා මම දැක්කා.... ඒ සුන්දර සිහිනය වෙනුවෙන් ඔයා තුල පවතින අරගලය මං දැක්කා. නාගසාකියට පරමාණු බෝම්බයක් වැටුනා වගේ මගේ හිත ගොළුවෙලා ගිහිං. මම සියලු දේ පිළිබදව ඇති අශාව දමනය කරගෙන දැං ජිවිතයට මුහුණ දෙමි. 
වෙරෝනිකා ඔය දිළීසෙන දෑසින් මට මරණය අරං එනවද......!!!

ආ        මේ       න්


Friday, August 19, 2011

ආදරීය මේ සමුගැන්මයි______________


වෙරෝනිකා.......
මං යන්නම්
උණුහුමට ඔය ආදරේ තුරුල් කරං
ගල් ගැසුණු කදුලක් තුල
අපේ අතීතය රදවගෙන
පරිස්සමට
මේ හොදම වෙලාවයි...
හිත පිරෙන්න
ඔබ දුන්නු ආදරයත්
මුව පිරෙන්න 
ඔබ දුන්නු හාදු මල් පොකුරත්
අරං
සමු ගන්නම්
සදහටම
මේ ඒ වෙලාවයි
සොදුර....


සැරිසැරුමක දිග හැරුම_________


"මග දාලා ආපු දේවල් ගැන විස්සෝප වෙන්න එපා." වැලි කතර තරණය කිරීම අරඹන මොහොතේදී රස විදඥයා කොලුවාට එසේ කීවේය. "මේ ලොවේ පවතින හැම දෙයක්ම විශ්වාත්මය තුල ලියවිලා තියෙන්නේ. ඒ නිසා ඒවා සදාකල් පවතිවී."

"මිනිස්සු වැඩිපුරම හීන දකින්නේ පිටත් වෙලා යන එක ගැන නෙවෙයි. ආපසු එන එක ගැනයි." කොලුවා කීවේය. ඔහු මේ වන විටත් කාන්තාරයේ ගුප්ත නිහැඩියාවට යළි හුරු වී උන්නේය. 

"යමෙකුට හමුවන දෙයක් නිර්මල දේ වලින් නිර්මාණය වෙලා තියෙන කොට එය කිසිම දවසක විනාශ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි පිටවෙලා යන ඔනෑම කෙනෙකුට ආපහු එන්න පුළුවන්. එහෙත්, දැනට ඔබට හමු වී ඇති දේවල් හරියට උල්කාපාතයක් ඇද හැලෙන විට ඇතිවන ක්ෂණික ආලෝක දහරාවක් මෙන් පමණක් වන නිසා ආපසු ඒමේදී ඔබට ලැබෙන්නේ ශූණ්‍යත්වයක් පමණයි."
මිනිසා කතා කරමින් උන්නේ රස විද්‍යාවේ භාෂාවයි, එහෙත් ඉන් ඔහු අදහස් කරන්නේ ෆාතිමා ගැන බව කොලුවා වටහා ගනී. 

එහෙත් අසීරුම දෙය වුයේ අතරමග දමා ආ දේවල් පිළිබදව කල්පනා නොකර සිටීමය. කාන්තාරයේ ඇගේ නිම්හිම් නැති ඒකාකාරීත්වය මගීන් සිහින දැකීම වෙත කොලුවාව තල්ලු කර හැරීයාය. එහෙයින් කොලුවාට තවමත් අර තල් ගස්, ළිං මෙන් ම ඔහුගේ ආදරය උරුම කර ගත් කාන්තාවගේ මුහුණ දැකීමට හැකි වුණි. එමෙන්ම තම පරික්ෂණයන්හී නිරතව ඉන්නා ඉංග්‍රීසිකාරයාට මෙන්ම තමා ගුරුවරයෙකු බව නොදැනම ගුරුවරයෙකු බවට පත්ව ඉන්නා ඔටුවන් දක්වන්නාවද ඔහුට දැකිය හැක. "මේ රස විද්‍යාඥයා නම් කවම කවදාවත් හැබෑ ආදරේක පැටලිලා නැතිව ඇති." කොලුවා කල්පනා කළේය. 

The Alchemist - Paulo Coelho
සන්තියාගෝ නම් සැරිසරන්නා - චුලානන්ද සමරනායක



මම සහ මම අතර______________





ගොඩාක් ආදරේ කරන ප්‍රේමණිය අතීතයක් මටත් තිබුණා. හිත් රිදව ගැනීම්, සිප ගැනීම්, ආදර තෙපුල් පිරී අතීතයක් මටත් තිබුණා. මට ඉස්සර තිබුණේ රහස් පෙමක්. මම එය මගේ නපුරු හදවතේ ගැඹුරුම තැනක සගවාගෙන රැක්කෙමි. අතැරයාම්, මං වැරදීම් බලා හිද ඇති වී තනිව ආපසු යෑම් බහුලව තිබු ඒ රහස් පෙමට මම අදත් ප්‍රේම කරමි. ඒ එතරම්ම දරා ගැනීමක් මට උරුම වුයේ වෙරෝනිකා ඔයා හින්දා... ඔයාගේ ප්‍රේමයේ ආශිර්වාදය හින්දා.... ඇත්තටම මම ඔයාව ලෝකයක් වගේ දැකපු හින්දා.....


වර්ථමානයේ මට අනියම් සබදතාවක් ඇත.අනුන්ට අයිති  පුංචි සුරංගනාවියකට දුර ඉදන් ප්‍රේම කරන අනියම් පෙමක් දැං මටද තිබේ. එය දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩකි. වීසා නැතිව අනුන්ගේ හිත් අහසේ සරන්නා සේ වැඩකි. අවදානම කෙසේ බැලුවත් ඇත්තේ මා අතේය. තැලේන යකඩ වටවී උඩ පැන පැන තලපු නිසාවෙන් තවදුරටත් තලා ගන්නට කොනක්වත් ඉතිරි නැති මගේ හිත සියලු දේ ඔහේ ඉවසා වදාරා හිදියි. මට මගේ හිත ගැන දුකක්ද විටෙක ඉපදෙයි. එත් දැං මං මේ අනියම් පෙමට පෙම් කරමි. මම එය මගේ නපුරු හදවතේ ගැඹුරුම තැනක සගවාගෙන ආරක්ෂා කරමි. ඒ තරම්ම එය මට මාව පිළීකුල් කරමින් හිදියි. ඒ තරම්ම එය මට මගෙන් ඈත්වෙන්නට උගන්වමින් හිදියි. වෙරෝනිකා.......................................................
මගේ කාළය කෙමෙන් කෙමෙන් ගත වෙමින් යනවා. එත් මේ යක්ෂායා තාම මාව හොයා ගත්තේ නැහැනේ.
පෙම්වතෙක් විදිහට හැරෙන්න අනෙක් හැම ආකාරයේම බහුවිධ චරිත මම රගපා ඇත. ඒ මට උරුම චරිත යැයි මම හිතමි. ඒ හැම චරිතයක් සදහාම මට හැකි උපරිම සතුට, විනෝදය, ත්‍රා‍සය, භීතිය, කුතුහලය හා ප්‍රේමය මම නොඅඩුව ලබා දී ඇත. ඔබේ සිනහාවට මං තවමත් කැමතියි වෙරෝනිකි.....
හෙට මට ඉර පෑයුවොත් හමු වෙමු.


Thursday, August 18, 2011

ඔබ දකින කැඩපත ඔබම වෙන්න________






යේසුස් මෙසේ කියන්නට පුරුදුව හිටියා.
ඔබට බීජ විසිකර දැමිය හැකියි.
ඒවායින් සමහරක් පර්වත මත්තෙහී වැටී
කිසිදා වර්ධනය නොවී තියේවී.
තවත් සමහරක් ඔබගේම දෙපා යන මාවතෙහී වැටිය හැකියි.
ඒවා වැඩී ආ හැකියි.
නමුත් එම ගමන් මග පසු කරමින් යන මිනිසුන් 
නිරන්තර ඒවා පොඩිකර දමාවී.
තවත් සමහරක් නියම පස මත වැටේවී.
ඒවා එහි අවසාන පීදීම තෙක්ම වැඩේවී.
එයින් අරමුණ ඉෂ්ඨ වේවී.
ඉතිං ඒවා සුළගෙ හී නටාවී.
හිරු තුල නටාවී.
වැස්සෙහී නටාවී.
තම කෘතඥතාව පළ කරමින් නටාවී.
මෙය උයනක්, 
ඉතිං මම ඔබ සමග කියන්නේ කුමක් වුවත් කම්නැහැ
එය විසින් නියම බිම සපයා දෙනවා.


-- ඕෂෝ --
(උපුටා ගැන්ම මුණිවර පිළිසදර - අරවින්ද හෙට්ටිආරච්චි)


හිස්තැනක් පුරවන්න______________




වෙරෝනිකා........

ගොඩාක් අයට අනුව මිනිස්සු ලියන්නේ තමන් අහපු දැකපු දේ තමන්ගේ ඇසකින්ලු. එත් මිනිහෙක්ට පුළුවන් වුණොත් තමන් ගැ නතමන්ටම  දැනෙන විදිය, හොද විදිය වගේම කැත විදිහත්, උතුම්කම වගේම ජඩකමත් එක වගේම ලියන්න. වෙරෝනිකා මට එහෙම හිතන්න ලොකු කාළයක් ඉතුරු වෙලා නැහැ. එත් ඔයා ගියපු දවසේ ඉදන් මං හිස් වුණු තරම මේ අකුරු ප්‍රමාණය මදි මට ලියලා ඉවර කරන්න. එත් වෙරෝනිකා මං වගේ පහර බල්ලෙක්ව මගදි ඇතැර දුවන එකමයි හොද...

වෙරෝනිකා..... 
කොළඹ අහස දිහා බලාගෙන හිදලා මට මිනිස්සු නුහුරු වෙලා ගිහිං. මං මිනිස්සුන් අතැරදාලා හිස්කමකට හුරු වෙලා. ආයෙමත් පුරව ගන්න බැරි තරම් මං හිස්වෙලා. මේ අහස වගේ නිදහසේ මං ඔයාට ප්‍රේම කරා... මේ අහස වගේ අසීමාන්තිකව මං ඔයාට ප්‍රේම කලා... මේ අහස වගේ ඉඩක් තිබුණා මගේ ඇතුලේ.... වෙරෝනිකා හෙට මං ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන්..... මේ වෙද්දු ඉස්සර වුණේ නැත්නම් අපි සදහටම වෙන්වෙනවා.......

මේ අහස තරම්ම විශාල මරණයක් එනතෙක්, මේ මොහොතේ මම බලං ඉන්නවා.... 
වචන වලට බැරි වුණාට අඩු පුරවන්න, පුළුවන් හැම තැනදිම ඔයාගේ ජිවිතේ කොටු පිරෙව්වේ මම. මගේ ජිවිතේ විශාල වුණේ ඔයා, ඔයාගේ ජිවිතේ මගේ ජිවිතයට මුහු කරපු හින්දා වෙරෝනිකා..... දැං මේ මානසික රෝහලට  ඔයා අයිති නැහැ. තව මොහොතකින් මං අයිතිත් නැහැ. එත් මේ තමයි අපිට අයිති ස්වර්ගය. ඔයාට වගේම ඔයාව හමුවුණ මේ තැනටත් මම ඒ වගේම ආදරේයි.

වෙරෝනිකා....
ආයේ කවමදාවත් පිස්සු හදා ගන්න එපා.... මොකද තවදුරටත් මම මේ රෝහලේ ඉන්නේ නැති වෙයි.

මේ කොළඹ පාළු වුණේ මගේ හිතත් එක්ක, මිනිස්සුන්ට ඒක දේශපාලනයක්. හිත් නැති මිනිසුන්ට මොන පාලනයකින්වත් වැඩක් වෙයිද??
මේ කොළඹ පාළු වුණේ ඔයා පිටමං කල දවසේ ඉදං, ලක්ෂයක් මිනිස්සු එහා මෙහා උදේ හවස ගියත් කොච්චර පාළුයිද බලන්න??
වෙරෝනිකා එයා ඇවිල්ලා.....
පල්ලේහා පඩිපෙළ නගිනවා....
ඇහෙනවද සද්දේ.....





Wednesday, August 17, 2011

Love her like nothing___________



You may not her first, her last, or her only.
She loved before she may love again.
but if she loves you now, what else matters?
She is not perfect , you arn't either,
and the two of you may never be perfect together
but if she can make you laugh, cause you to think twice,
and admit to being human and making mistakes,
hold onto her and give her the most you can.
She may not be thinking about you every second of the day,
but she will give you a part of her that she knows you can break her heart .
so dont hurt her,dont change her,dont analyze her
and dont expect more than she can give.
Smile when she makes you happy,
Let her know when she makes you happy,
Let her know when she makes you mad,
and miss her when she not there

~ Bob Marley ~


Tuesday, August 16, 2011

You're My Best Friend



You placed gold on my finger
You brought love like I've never known
You gave life to our children
And to me a reason to go on.

You're my bread when I'm hungry
You're my shelter from troubled winds
You're my anchor in life's ocean
But most of all you're my best friend.

When I need hope and inspiration
You're always strong when I'm tired and weak
I could search This whole world over
You'll still be everything that I need.

You're my bread when I'm hungry
You're my shelter from troubled winds
You're my anchor in life's ocean
But most of all you're my best friend.

You're my bread when I'm hungry
You're my shelter from troubled winds
You're my anchor in life's ocean
But most of all you're my best friend...


කල්පිත හීන___________






නේක පැහැගෙන
අවර්ණ ජීවිතය තුල
පිංතාරූ කල
ඇගේ ප්‍රේමය
හැඩ නැති වචන ගෙන
පෙළට අමුණා තනුවකට්‍
මගේ ජිවිතය කවියක් කල
ඇගේ ප්‍රේමය


පව් පුරන හිත ලගම
උවැසියක් මෙන්, මෙත් සිතින් පිං පිරෑ ඇගේ ප්‍රේමයයි.....
මට කිසිදා ඇය ගැන ලිවිමට ආයාසයක් අවැසි නොවිය. මම ඇස් පියාගෙනම හෝ ඈ ගැන පද පැබදුවෙමි. සාංසාරික පුරැද්දකින් මෙන් මට ඇයව ඉවෙන් මෙන් දැනෙමින් තිබිණි. මේ නිල් අහස යට ඇගේ ප්‍රේමය ඇර වෙන දෙයක් මම අදුනන්නේ නැත. ඩම් සද, හිරැ, තාරැකා මැද ඇගේ ප්‍රේමය ඇර මට අන් දෙයක් අවැසි නැත. අහිකුණ්ඨකයෙක් වගේ මංමාවත් දිගේ ඔහේ ඇවිද ගිය මට, ඇගේ හද තුල නවාතැන් දුන්නාය. දාහ අතේ විසිරිලා ඉරිතලා ගිය හදවත දෝතින්ම එක්කරලා සුව කලේ ඇයමයි. ලෝක වෙළද මධ්‍යස්ථානය මෙන් බිමට සමතලා වෙමින් සිටි මට අස්වැසිල්ලක්, ශක්තියක් වුයේ ඇයමයි. ඉතිං තප්පරයෙන් පංගුවකටත් අඩු කාලයකදි මම නැවත ජිවත් වෙන්න තිරණය කළේමි.

සංසාර පිං සුළග අරං

පිංවන්ති ඇවිත් මගේ හිත ගාව
ඇස් අරින්නත් බයයි දැං
ජිවිතේ.....
නුඹ මගේ හීනයයි...


ඉර මුදුන් වෙලා ඇති කොන්ක්‍රීට් වනාන්තරයක් මැද කන පැලෙන්න බීලා හතර ගාතේ දාල‍මෙං වැටිලා හිටියා. සිල් ගත්ත පිංවතුන් පව් පුරන්න බයටදෝ මංදා මාව යට කරන් ගිහින් නැහැ තාම. හැබැයි පාලියෙන් මොන මොනවදෝ කියනවා මට තේරුණේ අම්මට කියන වචනේ ඇහුණමයි. අහිංසකලා වගේ මිනිස්සු ඉන්න භුමියක මරණය සිගා යදිමින් මම නිල් අහස යට කලු තාර ගොඩක් උඩ හතර ගාතින්. අපිට ඕනෑ වෙලාවක ඉපදෙන්න බැරි වුණත් අපිට ඕනේ වෙලාවක මැරෙන්න අයිතිවාසිකමක් තියෙන්න ඕනේ....

ජිවිතේ හට ගත්තු හේතුව අපෙන්ඈත් වුණාම මරණය ඇරෙන්න මිනිසෙකුට අවැසි අන් යමක් වෙත්ද...??? බැරැක්ක වලට වි අවි අමෝරා නැතිව ගිය සතුරා එන තෙක් මග බලා ඉන්න සොල්දාදු උන්නැහේලාටවත් මගේ අවනඩුව දැනෙන්නේ නැති හැටි. මගේ පියවී සිහිය තැන් තැන් වලට දිව ගොස් එක් එක් ඉසව්වන් හී ගාල් වි ඇත. මට කොටුවේ පිට්ටු බම්බුවෙන් පහළට පැනිය යුතුව ඇත. ඔලුව කුඩු වී මොළය එළියට පැන මස් වැදලි බල්ලන් ඇදන් යන තරමටම මට කුඩු වන්නට ඕනෑ කමක් ඇත. අතපය දස අතේ විසිරී ඇස් ගෙඩි එළියට පැන විරූපී තත්වයක මරණයක් මට අවැසිව ඇත. සමාදානෙන් සැතපෙන්න මගේ හිතේ ශන්තියක් තවදුරටත් නැත. එහෙයින් මට වියරූ වු මරණයක් අවශමය. එහෙත් මේ බමන ගතිය හේතුවෙන් මට දැං කෙළින් සිට ගැනීමටවත්  නොහැක. ඔබට පුලුවන්ද මාව එතැනට රැගෙන යන්න......


 සද නැති රැයක
තරු එළිය දිගේ
මරණය ඇවිල්ලා
මගේ දොරකඩට
රැගෙන යන්න මා...
සිතිජ ඉම කෙළවරේ
ඉර බොක්කුවේ ගිලෙන 
වේලාවේතනි පංගලමේ
තනි හිත ලගට 
මගේ මරණය ඇවිල්ලා
කප්පරක් හින ටික
ඇයට මුමුණන්නත් පෙර
අවසන් හාදු වී
දෙතොලතර පිපෙන්නට මත්තෙන්
අගුලු නොදැමු දොරකඩට 
                                                           මගේමරණය ඇවිත්
                                                           රැගෙන යන්න මා....





දෝතින්ම බදා වැළදගෙන ලයට තුරුළු කරමා ඇයට පෙමි කළේමි. ඇහිපිල්ලමක්වත් නොගහා මම ඇයව මගේ නෙත් තුලම සතපවා ගත්තෙමි. දිගු හුස්මක් සමග ඇයව මම මගේ හිත් පතුලේ ගැඹුරුම තැනක රදවා ගතිමි. එහෙත් මගේ සුසුම් වැල් ඉවසන්නට ඇයට අවැසි නොවීය. මගේ පීඩාවට කන් දෙන්නට ඇයට උවමනාවක් නොවිය. මගේ තෙහෙටිටුවට සිසිලසක් වෙන්න ඇය සිතාවත් නැත. සමාජීය ඝට්ටනයත්, සංකෝචනයත්, ප්‍රතිරෝධතාත්, තෙහෙට්ටුවට හෙළන කදුලුත්, විඩාවට නැගෙන සෝ සුසුමුත්, සමනළ කන්ද සේ බර ඈ ත් තනි මගේ සිතින් දරාගෙන ඉවසිමෙන් මම උන්නෙමි. ගිණි කන්දක් සේ නාය නොගියද මහා වෘක්ෂයක් වටා එතුනු වැළක් හේතුවෙන් අකලට වියැකෙමින් යන්නා සේ මා ද වියැකෙමින් උන්නෙමි. එය නාය යෑමත් නොවේ.... දරා ගැනිමට නොහැකි බවත් නොවේ..... එපා විමත් නොවෙයි......
ඉතා සෙමෙන් කල් යල් බලමින් හිද ඇගේ කොපුල් තලය සීරූවට මම සිප ගත්තෙමි. සීතලට උණුහුමක් සොයන බිළිදියක් සේ ඈ තව තවත් මගේ උණුසුමි වෙමින් තිබු ආත්මය වටා බැදෙමින් තිබිණ. ඇය, ඇගේ සීමාව අතික්‍රමණයකර මගේ සීමාව දික් විජය කරමින් උන්නාය. සින්නක්කර ලියා දුන් හදවතකට ප්‍රණ භුක්තිය මොකටදැයි සිතු මම ඈට රිසි සේ මගේ හිතේ දගලන්නට ඉඩ දුන්නෙමි. ඇය තව තවත් ඒ හිත උඩ ඉඩ සොයමින් ගුලි ගැහුණාය. මගේ සකල විද පීඩා ඇයට නොපෙනෙන පරිදි මම මේ මොහොතේ ඈතකින් තබමි. මට ඇයව සැනසිමට අවශ්‍යව ඇත. ඇගේ කොපුල් තලයත් ගෙලත් සීරූ මාරූවට මම මගේ උණුහුම් වෙමින් පවතින දෙකපුලෙන් දෝවනය කලේමි. තඹර හංස පිපී උණු ප්‍රශ්වාසයක් හගිමින් සිටියි. ඇගේ සියෝලගම දැවී දැවී පවති. නාය යන අයිස් බරැවක් සේ මම ඈ මත පතිත වුයේමි. උණුහුම එකිනෙකා හරහා හුවමාරු වෙමින් තිබිණි. මම ඇය මත අන්තිම අංශුව තෙක් දිය වුණේමි. මගේ පිරිමිකම ගැහැණු ශරිරයක් තුල මම මුදා හළේමි. දිව්‍යමය සතුටක් මගේ හිතේ මෝදු වෙමින් පැවතින. ජිවිතේ කිසිකලේක නොලත් සැනසිමකින්ද නිදහස් බවකින්ද මා වෙලෙමින් උන්නෙමි. මම තව තවත් ඇයව මා උණුහුමට තද කර ගතිමි. මහත් වු ස්නෙහයක් මසිතේ දඑ දමමින් පවතියි. එහි සෑම බිංදුවකම හිමිකාරිය ඇයම පමණකි. ඇය විතරකි. ඉතිං මගේ හදින් ඇගේ හදට ඒ ස්නෙහය කාන්දු කරවීමට ඇයව මගේ පපුව මත මම තබා ගතිමි. ගැහැණියකට පිරිමි පපුවක් මත වැතිරෙනවා කියන්නේ අයිතිවාසිකමක්, පිරිමියෙකුට එය ස්නෙහයක්. පිරිමියෙක් තම ගැහැණු ශරිරය මත දියවෙනවා කියන්නේ සකල විද හේතුන් වලට මුහුණ දීමක්, පිරිමියෙකුට නමි එය ඔයිල් මාරූ කිරිමකි. ප්‍රේමය නැතිව ගැහැණු සියයක් සමග නිදි වැදුනද ඔබට සැනසිල්ල අත්වන්නේ නමි නැත. එහෙයින් ඔබ හෙටත් තවත් ගැහැණු ශරීරයක් සොයා රස්තියාදුවේ යයි. ඇගේ හදවතත්, ඇගේ ආත්මයත්, ඇගේ ජිවිතයත් යන තුන් කාරණා එකිනෙකා හා සම්බන්ධ කිරිමට ප්‍රේමයට හැර අන් දෙයකට නොහැක. එවිට මනුෂ්‍යය ආත්මයට සැනසිල්ල ලගා වෙයි. ගිහි ජිවිතයට නිවන සම්ප්‍රප්ත වෙයි. කාළකණ්නිකමට බලාපොරොත්තුව මුසු වෙයි. මට මගේ සැනසිමත්, නිවනත්, බලාපොරොත්තුවත්, හීනයත්, ජිවිතයත් එකවරම ලැබී ඇත. 




හැන්දෑවේ රත් පැහැති අහස යට 
ප්‍රේමයේ විලිරුදාවෙන් ඇඹරෙමින් 
නැවුම් හුස්මක් හගිමින්
ගල්පරයන් හී හැපෙමින් 
නිරිත දිග මෝසම මෙන්
කදුලු වගුරුවමින්
ඈ රිද්දවමින්ද
ඈ අවුස්සවමින්ද
ඈ පීඩාවට පත් කරමින් 
නපුරු විණ
මගේ ප්‍රේමය....


        ආදරේයි.... ආදරේයි කිව්වට මට ‍ඕන තැන්වලදි ඔයා මත් එක්ක 
        හිටගෙන    නැහැනේ..... 
       කාළන්තරයක් තිස්සේ ඔයා මත පැටවිලා තියෙන දේමයි ඔයා    කරමින්

        ඉන්නේ... අර ඉස්සර දවස් වල ඔයාට මතකද ඔයා මට ආදරෙයි කියලා
        කිව්වේ මගේ අත්ලේ ලියලා..... පස්සේ ට්ක ටික පරණවෙන්න ගත්තා......

ඇය හුස්මක් කටක් නැතිව, මගේ දිහාවත් නොබලා එක පෙළට කතා කරයි. 

         මට ඕන කලේ හැම උදයක්ම අලුත් උදෑසනක් වෙන්න........ 
         හැම සිප ගැනීමක් ආයේ ආයේ අලුත් වෙන්න... 
         එත් අනිත් හැම කෙනාම වගේ ටික කාලකින් ඔයා පරණ වෙනවා ජිවක......

ලෝකොත්තර දෙයක් වෙනුවෙන් බලා හිදීමක් නැතිනමි විදවීමක් කියන්නේ නිර්මාණශීලි දෙයක්. එත් මනුෂ්‍යය සමිබන්ධතාවක් ඇතුලේ බලා හිදිමක් හරි විදවීමක් හරි කියන්නේ කාළකණ්නි දෙයක්. වරදකාරි හැගීමක්. තමන් තුල මරාගෙන මැරෙන අරගලයක්. මම ඒ මොහොතට මුහුණ දෙමින් සිටිමි. ශෘංගාර මොහොතකට පසු අපේ ආදරේ ඇතුලත ඉඩක් නිර්මාණය වී තිබිණ. ඉඩ විසින් පරතරය නිර්මාණය කර තිබිණ. පරතරය විසින් අසීමාන්තික දුකක් අප හදවත් වලට බෝ කර තිබිණ. ඉතිං ඒ අසිමාන්තික දුකකිනුත්, මහාප්‍රණික කඩා වැටීමකිනුත් අවසන ඇගේ වදන් එවැනි විය. 


මගේ ප්‍රේමය 
කරුමයක්ව 
පාරවයි ඒ හිත
ගිණි තියයි 
ඇගේ නිසල ජිවිතයට 
පාරිශුද්ධ ප්‍රේමයට 
මෛත්‍රී සිතින් පෙම් බැන්ද මසිත 
දින සියයෙන් හදපු 
පාළමක් යට 
නාය යන 
කාළකණ්නි රාත්‍රියකි මේ.
 පුංචි රෝස කුසුමික් 
කදුලු වාන් දමමින් 
හිත දස අතේ ගසමින්, 
තුවාල කර ගන්නා 
මුසලම රාත්‍රියකි මේ.....

ඇය මගේ ජිවිතයම විය. ඇය මගේ හුස්ම පොදම විය. එහෙත් පටන් ගත් තැනම මට වැරදී ඇත. කන්ටෙනරයකට පස්ස ගාත් යට වු බල්ලෙකු සේ මම වෙදනාවෙන් මිරිකෙමින් හිදිමි. මදුරු කොයිල් දුමට අන්දමන්දව දිව යන මදුරුවෙකු සේ මම තැති ගනිමින් හිදිමි. උවැසියක් ඉදිරිපිට අදනකඩය ලිහි ගිය සාමණේර නමක් සේ මම ලජ්ජාවට පත් වෙමින් උන්නෙමි. හැමදාම එකම හඩින් වේදනාවෙන් කෑ ගසන මුහුදු වෙරළ අභියස මගේ සිහිය මම විකල් කර ගත්තෙමි. පියවි සිහිය දැං මට රැගෙන එන්නේම මාරාන්තික හීන පමණෙකි. මගේ අතින් ඇගේ හිත කුඩු වී ඇත. ඇගේ දෙනෙතට කදුලු උරුම කර ඇත. ඇගේ ජිවිතය උඩු යටිකුරු කර ඇත. තව දුරටත් පියවි සිහියෙන් මට සිටිය නොහැක. අසීහියෙන් මම වෙරළ කොනක පුංචි වලක් හාරා මගේ තඩි කවි හිත වළ දැමුවෙමි. මුහුදු වතුර වල තුලට කාණ්දු වීම හේතුවෙන් හෙට එළි වන විට එය කුණු වී ගද ගසනු ඇත. නැතහොත් කුපාඩි බල්ලෙක් එය හාරා එළියට ඇද දමනු ඇත. කුමක් වුවත් දැං මට කම් නැත. කාළකණ්නිකමද කරපින්නාගෙන මම වාරුවෙන් ගාලු පාර දෙසට පිය ඔසවමි. ඔබේ ඇගේ හැපුනොත් ඉතිං මට සමාවෙන්න....

මතට තිත වෙනුවට අත්වැරද්දකින් මම තබා ඇත්තේ කොමාවකි........

ජිවිතය පිළීබද සකල සිහින කුණාටුවක හසු වු පසු ගොඩබිමක් ගැන ආයේමත් සිහිනයක්වත් මට නැත. ලග නැතත් දුර ඈතින් හෝ මරණය ඒවී යැයි සිතමින් මම පියනගමි. මට ඇත්තේ තව සුළු මොහොතක් පමණි. 

වෙරෝනිකා 
හැමදාමත් මං ආදරේයි........




Sunday, August 14, 2011

ඉතිං ඇවිද යන්න ඈතකටම....



මේ ඒ මොහොතයි
ආපසු හැරි නොබලන්න
හඩා වැටෙන් මගේ හදවත දෙස
කළුවර වන මගේ ඇස් දෙස
මේ නියම කාළයයි
ඈතකට පියාඹා යන්න
ජිවිතය ආයේමත් නොවරදින්න 
ඔය දොර වසා
ඔබ යන්න
මගේ ආශිර්වාදය විතරක්ම අරගෙන


Saturday, August 13, 2011

~ හීනයක් දුර ඈත ~



___________4 වැනි පාරටත්



සීතල යමක් මගේ පපු පෙදෙස සිසාරා ගමන් කරයි. මම අනිවාර්යෙන්ම මේ සිටින්නේ පරලෝකයක විය යුතුය. ඔවුන් මගේ නපුරු හදවත පලා පිරික්සා බලනු ඇත. වෙරෝනිකා.... ඔයාට දුන්නු දුක් ගින්දරට ඔවුන් මට දැඩි දඩුවම් පමුණුවනු ඇත. ඒ සියල්ල මම විදිමට එක සිතින් සුදානම්ව සිටිමි. මම ඒ පව් ඔක්කෝම ගෙවා දලා ආයෙමත් ඔයාව හොයාගෙන එනවා. ආත්මයක් ආත්මයක් පසා... ඇවිත් ඔයාට තුරුළු වෙලා හීන දකිනවා.

                                                                                    වෙරෝනිකා......

යමක් පොළවේ වැටී සී සී කඩ කුඩු වී යන හඩට කන් දීගෙනම මම ඇස් ඇරියෙමි. මම තවම අංක 432 වැනි කාමරයේමය. මට කෙලින්ම ඇස් ඇරිය සැණින් පෙනෙන්නට ඇත්තේ දොරෙහි ගසා ඇති ඒ අංක පෙළය. සුපුරුදු රූමත් හෙදිය තැතිගත් මුහුණින් යුතුව මා දෙස පැත්තක බලා හිදියි.

          මට සමාවෙන්න මිස්............ මම හීනයක් දැක්කා.....

ඇය දිගු සුසුමක් පිට කරමින් සී සී කඩ විසිරි ඇති වීදුරු කැබලිති ඇහිදින්නට පටන් ගත්තාය. ඇය තනිකරලට කොණ්ඩය ගොතා වට දහයක් පමණ කරකවා ගසා පිටුපසට කොට බැද ඇත. ඇය හීන්දෑරිය. දෙවුර එතරම් පළල් නැති, ඇගේ උසට සරිලන මහතය. පැහැත්කමද ඇයට ඔපයක් ගෙන දෙයි. ඇය සීසාර දුවන මගේ ඇස් ඇගේ ඇස් වලට හමු වුණේ අහම්බයකිනි. මම ලැජ්ජාවෙන් රතු වුණේමි. ඇය කොපමණ වේලා මා දෙස බලා හිටියදා මම නොදනිමි. ඇයද, මා සල්ලාලයෙකු සේ සිතනවා නොඅනුමානය. එහෙත් ඒ ඇස් තුල තේරුම් ගැනිමට නොහැකි යමක් හීරවී තිබේනු යැයි මට සිතේ. 

            ඔය... මාරාන්තික හීනයෙන් අවදිවෙන්න .......... එක ඔයාව   
            ඇදගෙන යන්නේ ලොකු හෙලකට....

ඇය මා වෙතම රදවා ගත් නෙතින් යුතුව දෙඩුවාය. අපහැදිලිව තිබු ඇගේ ඇස් තියුණු වන්නට විය. කරුණාබර ඇගේ මුහුණෙහි අත්මශක්තියක් වැඩෙන්නට  විය. මම ඇයව මග හැරීමට ඇදෙන් බහින්නට උත්සහා කරමි.

            හිතුවක්කාර වෙන්න එපා නිම්න......

මගේ හදවත තුල විදුලි සැරක් එක්වරම දස අත දිව්වේය. ඒ ස්වරයෙන් මා තිගැස්සිණි. මගේ හදවත ගැහේන සද්දය මටම ඇහෙන්නට විය. මම මහා බයාදුකමකින් හා චකිතයකින් යුතුව ඈ දෙස බැලුවෙමි.

          හිතුවක්කාර වෙන්න එපා.. 
          ඔයාට ඇදෙන් බහින්න හොද නැහැ තවම...

මම ඇය දෙස බලා උන්නෙමි. මම ඇයව හොදින් නිරික්ෂණය කළේමි. ඇයට වසං වී සිටිනා ඔයාව හොයන්න මම ඇය දෙස ඇසිපිය නොහේලාම බලා උන්නෙමි. ඒ බැල්මේ බර දරා ගැන්මට නොහැකිව ඇය මගේ බැල්ම මග හැර පොළව පුරා විසිවි ඇති මගේ හදවත ඇහිදින්නට පටන් ගත්තාය. මවිසින් පොළවේ ගසා සී සී කඩ කුඩු පට්ටම් වන්නට දැමු හදවතේ සියුම් කැඹිලිති ඇය ඇහිදමින් උන්නා. අත්වැරැද්දකින් මගේ අතින් ගිලිහි ගිය ඔයාගේ හදවත ඇය ඇහිදමින් උන්නාය.

                මට වතුර එකක් දෙනවද......??

සිහිනයක් තුල ගිලෙමින් උන් මම ඇය මතින් එළියට පණින්නට වෙර දැරුවෙමි. මගේ තොලකට වේලුම් කා ඇත. මම ඇස් පනා පිට පෙනෙන සිහිනයට බියවීමි. කුඩා ළමුන් බිය කරනා වර්ගයේ නපුරු සිහිනයක් සිතා මම වර්ථමානයෙන් අවදිවිමී.
ඇය ලතාවක නැගී උන්නාය. ඇය නැගී සිටින විට කොට රෝස පාට ගවුමේ බොත්තම් අතරින් ඇගේ රන්වන් පා ශරීරය මදකට නිරාවරණ විය. මම ඇගෙන් ඇස් අහකට ගත්තෙමි. වෙරෝනිකා.........


ඇය දොර විවර කර කාටදෝ කතා කර දොර අඩවන්ව තබා සීරුවට ජොගුවෙන් වතුර රැගෙන මගේ හිස යටින් ඇගේ සිහින් අත යවා මගේ හිස ඇගේ අතෙහි වාරුවට ගෙන මා මදක් උස්සා අනෙක් අතින් මට වතුර පෙව්වාය. වෙරෝනිකා....... මම අසනීපයි කිව්වම තකහනියක් ඔයා දුවගෙන ආවා. ඇවිත් මගේ ලගටම වෙලා මගේ ඔළුව අත ගගා උන්නා. ඇත්තටම මට තිබුණේ බොරු ලෙඩක් එදා. එට ඔනේ වුණේම ඔයා ලගට වෙලා හුරතල් වෙමින් ඉන්න.
අඩවන් කල දොර මුළු මනින්ම විවර කරමින් වයසක මිනිසෙක් මගේ කාමරය තුලට පිවියේය.

                  ගුණදාස ඔය දොර වහන්න..... 
                 පේෂන්ව එළියට පේන්න දෙන්න එපා කියලා කියලා 
                 තියෙනවා මතක නැද්ද....??

ඇගේ වදන් නපුරුය. ඒ නපුරුකම මා සමගය. ඇය වීදුරුව අල්ලා සිටි අත මම තදින් මිරිකුවෙමි. මෙතෙක් ගුණදාස වෙත නෙත් රදවාගෙන උන් ඇය ක්ෂණිකව මා දෙස බලා අත අහකට ඇද ගත්තාය. මගේ නපුරු ඇගිලි තුඩු නිය පහරින් ඇයගේ අත සිරෙන්නට ඇත. ඇය ගස්සාගෙන ඔනෑවට එපාවට මා හෙලා දමා මගෙන් ඈත් වුවාය.
ඔයාට තරම් මාව ඉවසන්න පුළුවන් කාටද වෙරෝනිකා....... මිනිස්සු දන්නවද මම කොච්චර නපුරුදු කියලා....... මහා දවාලක රත්වෙච්ච තාර පොළවක් මත මම ඔයාගේ හදවත පලා ගිජු ලිහිණියෙකු සේ අනුභව කල බව මොවුන් දන්නවා නම් මේතරම් අනුකම්පාවක් මට දක්වන්නේ නැත. මම ගුණදාසත් ඇයවත් මග හැරීමට ඔළුව අනෙක් ඇලයට හරවාගෙන මද සුළගේ නටන ජනෙල් තිරයෙන් පෙනෙන ඈත දෙසට නෙතු රදවා ගතිමි. 
ඒ ඈත කෙළවරක කොහේ හරි ඔයා ඇති. තනි වෙලා ඔයා ඇති. අඩ අඩා ඔයා ඇති..... වෙරෝනිකා..... මේ මුළු කොළඹම පීරා මම ඔයාව හෙව්වා....... කොළඹ තරම් ම හයිය නැති වුණත් මම දරා ගෙන උන්නා........ ඔයාව..... හැම ඉරියව්වක්ම්.... ඔයාගේ කේශ නාලිකා දෙකක් අතර දුර පවා මම දැනං උන්නා... සමහර විට ඔයාවත් දන්නේ නැහැ මං ඔයා ගැන දන්න දේවල්...... හැල්මේ දුවන මිනිස්සුන්ට ජිවිතේ මග හැරේනවා වැඩියි වෙරෝනිකා.... ඔයාගේ අත්ල මත මගේ උතුරා ඇද හැලෙන ආදරය ප්‍රකාශ කර දවසේ ඉදලා මම හැම හැම විදියකින්ම ඔයාගෙන් මගේ හිත පුරව ගත්තා. මට ඒකට ලොකු නිවාඩුවක් තිබුණා. මම හීන දකින්නෙක්, ඒ හීන වලට බාහිරෙන් මං දැකපු පුංචි සුරංගනාවිය ඔයා. මිනිස්සු තත්වය, සල්ලී, භාවනා, යෝගී ක්‍රම පස්සේ දුවද්දී මම පේමන් එකේ කොණක වාඩි වෙලා ඔයා දිහා බලාගෙන හිටියා. පිච්චන ඉර අව්වෙත් ඇහිපිය නොහෙළා මම ඔයා දිහා බලං හිටියා. ඔයා ලස්සන මොන විදිහටද කියලා දැනං උන්නේ ඔයා නෙවෙයි මම... දේදුන්නක් වගේ ඔයා ලස්සන වෙනවට මම හැමදාම කැමති ඒකයි. එත් වෙරෝනිකා හැමෝම මගේ දිහා බලන කණ්නාඩි කුට්ටම පළදගෙන ඔයා කොහොමද මගේ දිහා බැලුවේ...... කණාමැදිරි එළියෙන් ඔයාට කවිකම් කල මං කණාමැදරියෝ අල්ලා අකුරු අතර හිර කෙරුවා. දැං අකුරු මත ලයිට් දාලා හරියට කුරුම්බැට්ට් ප්ලේන් එයි කියලා කොළඹ අහසට ලයිට් ගැහුවා වගේ.... මගේ වචන වල ආලෝකය වුණේ ඔයා... බලන්න ඔයා නැතුව ඒ වචන ඔක්කෝම කළුවරේ...... ඔයාටවත් පෙන්නේ නැහැ දැං වෙරෝනිකා....
මහා හයියෙන් දොර වැසෙන හඩින් ඔයා පිළීබද විචිත්‍ර සිහිනය බිදි ගියේය. දොරෙ වැසුණු ශබිදය තවම මසිත තුල දොංකාර නැගෙයි. හරියට අපිට අපිත් එක්ක තරහා වෙන්න බැරිකමට අපි අපිට රිද්ද ගන්නවා වගේ......


To be Cont.....