Saturday, August 13, 2011

~ හීනයක් දුර ඈත ~



___________4 වැනි පාරටත්



සීතල යමක් මගේ පපු පෙදෙස සිසාරා ගමන් කරයි. මම අනිවාර්යෙන්ම මේ සිටින්නේ පරලෝකයක විය යුතුය. ඔවුන් මගේ නපුරු හදවත පලා පිරික්සා බලනු ඇත. වෙරෝනිකා.... ඔයාට දුන්නු දුක් ගින්දරට ඔවුන් මට දැඩි දඩුවම් පමුණුවනු ඇත. ඒ සියල්ල මම විදිමට එක සිතින් සුදානම්ව සිටිමි. මම ඒ පව් ඔක්කෝම ගෙවා දලා ආයෙමත් ඔයාව හොයාගෙන එනවා. ආත්මයක් ආත්මයක් පසා... ඇවිත් ඔයාට තුරුළු වෙලා හීන දකිනවා.

                                                                                    වෙරෝනිකා......

යමක් පොළවේ වැටී සී සී කඩ කුඩු වී යන හඩට කන් දීගෙනම මම ඇස් ඇරියෙමි. මම තවම අංක 432 වැනි කාමරයේමය. මට කෙලින්ම ඇස් ඇරිය සැණින් පෙනෙන්නට ඇත්තේ දොරෙහි ගසා ඇති ඒ අංක පෙළය. සුපුරුදු රූමත් හෙදිය තැතිගත් මුහුණින් යුතුව මා දෙස පැත්තක බලා හිදියි.

          මට සමාවෙන්න මිස්............ මම හීනයක් දැක්කා.....

ඇය දිගු සුසුමක් පිට කරමින් සී සී කඩ විසිරි ඇති වීදුරු කැබලිති ඇහිදින්නට පටන් ගත්තාය. ඇය තනිකරලට කොණ්ඩය ගොතා වට දහයක් පමණ කරකවා ගසා පිටුපසට කොට බැද ඇත. ඇය හීන්දෑරිය. දෙවුර එතරම් පළල් නැති, ඇගේ උසට සරිලන මහතය. පැහැත්කමද ඇයට ඔපයක් ගෙන දෙයි. ඇය සීසාර දුවන මගේ ඇස් ඇගේ ඇස් වලට හමු වුණේ අහම්බයකිනි. මම ලැජ්ජාවෙන් රතු වුණේමි. ඇය කොපමණ වේලා මා දෙස බලා හිටියදා මම නොදනිමි. ඇයද, මා සල්ලාලයෙකු සේ සිතනවා නොඅනුමානය. එහෙත් ඒ ඇස් තුල තේරුම් ගැනිමට නොහැකි යමක් හීරවී තිබේනු යැයි මට සිතේ. 

            ඔය... මාරාන්තික හීනයෙන් අවදිවෙන්න .......... එක ඔයාව   
            ඇදගෙන යන්නේ ලොකු හෙලකට....

ඇය මා වෙතම රදවා ගත් නෙතින් යුතුව දෙඩුවාය. අපහැදිලිව තිබු ඇගේ ඇස් තියුණු වන්නට විය. කරුණාබර ඇගේ මුහුණෙහි අත්මශක්තියක් වැඩෙන්නට  විය. මම ඇයව මග හැරීමට ඇදෙන් බහින්නට උත්සහා කරමි.

            හිතුවක්කාර වෙන්න එපා නිම්න......

මගේ හදවත තුල විදුලි සැරක් එක්වරම දස අත දිව්වේය. ඒ ස්වරයෙන් මා තිගැස්සිණි. මගේ හදවත ගැහේන සද්දය මටම ඇහෙන්නට විය. මම මහා බයාදුකමකින් හා චකිතයකින් යුතුව ඈ දෙස බැලුවෙමි.

          හිතුවක්කාර වෙන්න එපා.. 
          ඔයාට ඇදෙන් බහින්න හොද නැහැ තවම...

මම ඇය දෙස බලා උන්නෙමි. මම ඇයව හොදින් නිරික්ෂණය කළේමි. ඇයට වසං වී සිටිනා ඔයාව හොයන්න මම ඇය දෙස ඇසිපිය නොහේලාම බලා උන්නෙමි. ඒ බැල්මේ බර දරා ගැන්මට නොහැකිව ඇය මගේ බැල්ම මග හැර පොළව පුරා විසිවි ඇති මගේ හදවත ඇහිදින්නට පටන් ගත්තාය. මවිසින් පොළවේ ගසා සී සී කඩ කුඩු පට්ටම් වන්නට දැමු හදවතේ සියුම් කැඹිලිති ඇය ඇහිදමින් උන්නා. අත්වැරැද්දකින් මගේ අතින් ගිලිහි ගිය ඔයාගේ හදවත ඇය ඇහිදමින් උන්නාය.

                මට වතුර එකක් දෙනවද......??

සිහිනයක් තුල ගිලෙමින් උන් මම ඇය මතින් එළියට පණින්නට වෙර දැරුවෙමි. මගේ තොලකට වේලුම් කා ඇත. මම ඇස් පනා පිට පෙනෙන සිහිනයට බියවීමි. කුඩා ළමුන් බිය කරනා වර්ගයේ නපුරු සිහිනයක් සිතා මම වර්ථමානයෙන් අවදිවිමී.
ඇය ලතාවක නැගී උන්නාය. ඇය නැගී සිටින විට කොට රෝස පාට ගවුමේ බොත්තම් අතරින් ඇගේ රන්වන් පා ශරීරය මදකට නිරාවරණ විය. මම ඇගෙන් ඇස් අහකට ගත්තෙමි. වෙරෝනිකා.........


ඇය දොර විවර කර කාටදෝ කතා කර දොර අඩවන්ව තබා සීරුවට ජොගුවෙන් වතුර රැගෙන මගේ හිස යටින් ඇගේ සිහින් අත යවා මගේ හිස ඇගේ අතෙහි වාරුවට ගෙන මා මදක් උස්සා අනෙක් අතින් මට වතුර පෙව්වාය. වෙරෝනිකා....... මම අසනීපයි කිව්වම තකහනියක් ඔයා දුවගෙන ආවා. ඇවිත් මගේ ලගටම වෙලා මගේ ඔළුව අත ගගා උන්නා. ඇත්තටම මට තිබුණේ බොරු ලෙඩක් එදා. එට ඔනේ වුණේම ඔයා ලගට වෙලා හුරතල් වෙමින් ඉන්න.
අඩවන් කල දොර මුළු මනින්ම විවර කරමින් වයසක මිනිසෙක් මගේ කාමරය තුලට පිවියේය.

                  ගුණදාස ඔය දොර වහන්න..... 
                 පේෂන්ව එළියට පේන්න දෙන්න එපා කියලා කියලා 
                 තියෙනවා මතක නැද්ද....??

ඇගේ වදන් නපුරුය. ඒ නපුරුකම මා සමගය. ඇය වීදුරුව අල්ලා සිටි අත මම තදින් මිරිකුවෙමි. මෙතෙක් ගුණදාස වෙත නෙත් රදවාගෙන උන් ඇය ක්ෂණිකව මා දෙස බලා අත අහකට ඇද ගත්තාය. මගේ නපුරු ඇගිලි තුඩු නිය පහරින් ඇයගේ අත සිරෙන්නට ඇත. ඇය ගස්සාගෙන ඔනෑවට එපාවට මා හෙලා දමා මගෙන් ඈත් වුවාය.
ඔයාට තරම් මාව ඉවසන්න පුළුවන් කාටද වෙරෝනිකා....... මිනිස්සු දන්නවද මම කොච්චර නපුරුදු කියලා....... මහා දවාලක රත්වෙච්ච තාර පොළවක් මත මම ඔයාගේ හදවත පලා ගිජු ලිහිණියෙකු සේ අනුභව කල බව මොවුන් දන්නවා නම් මේතරම් අනුකම්පාවක් මට දක්වන්නේ නැත. මම ගුණදාසත් ඇයවත් මග හැරීමට ඔළුව අනෙක් ඇලයට හරවාගෙන මද සුළගේ නටන ජනෙල් තිරයෙන් පෙනෙන ඈත දෙසට නෙතු රදවා ගතිමි. 
ඒ ඈත කෙළවරක කොහේ හරි ඔයා ඇති. තනි වෙලා ඔයා ඇති. අඩ අඩා ඔයා ඇති..... වෙරෝනිකා..... මේ මුළු කොළඹම පීරා මම ඔයාව හෙව්වා....... කොළඹ තරම් ම හයිය නැති වුණත් මම දරා ගෙන උන්නා........ ඔයාව..... හැම ඉරියව්වක්ම්.... ඔයාගේ කේශ නාලිකා දෙකක් අතර දුර පවා මම දැනං උන්නා... සමහර විට ඔයාවත් දන්නේ නැහැ මං ඔයා ගැන දන්න දේවල්...... හැල්මේ දුවන මිනිස්සුන්ට ජිවිතේ මග හැරේනවා වැඩියි වෙරෝනිකා.... ඔයාගේ අත්ල මත මගේ උතුරා ඇද හැලෙන ආදරය ප්‍රකාශ කර දවසේ ඉදලා මම හැම හැම විදියකින්ම ඔයාගෙන් මගේ හිත පුරව ගත්තා. මට ඒකට ලොකු නිවාඩුවක් තිබුණා. මම හීන දකින්නෙක්, ඒ හීන වලට බාහිරෙන් මං දැකපු පුංචි සුරංගනාවිය ඔයා. මිනිස්සු තත්වය, සල්ලී, භාවනා, යෝගී ක්‍රම පස්සේ දුවද්දී මම පේමන් එකේ කොණක වාඩි වෙලා ඔයා දිහා බලාගෙන හිටියා. පිච්චන ඉර අව්වෙත් ඇහිපිය නොහෙළා මම ඔයා දිහා බලං හිටියා. ඔයා ලස්සන මොන විදිහටද කියලා දැනං උන්නේ ඔයා නෙවෙයි මම... දේදුන්නක් වගේ ඔයා ලස්සන වෙනවට මම හැමදාම කැමති ඒකයි. එත් වෙරෝනිකා හැමෝම මගේ දිහා බලන කණ්නාඩි කුට්ටම පළදගෙන ඔයා කොහොමද මගේ දිහා බැලුවේ...... කණාමැදිරි එළියෙන් ඔයාට කවිකම් කල මං කණාමැදරියෝ අල්ලා අකුරු අතර හිර කෙරුවා. දැං අකුරු මත ලයිට් දාලා හරියට කුරුම්බැට්ට් ප්ලේන් එයි කියලා කොළඹ අහසට ලයිට් ගැහුවා වගේ.... මගේ වචන වල ආලෝකය වුණේ ඔයා... බලන්න ඔයා නැතුව ඒ වචන ඔක්කෝම කළුවරේ...... ඔයාටවත් පෙන්නේ නැහැ දැං වෙරෝනිකා....
මහා හයියෙන් දොර වැසෙන හඩින් ඔයා පිළීබද විචිත්‍ර සිහිනය බිදි ගියේය. දොරෙ වැසුණු ශබිදය තවම මසිත තුල දොංකාර නැගෙයි. හරියට අපිට අපිත් එක්ක තරහා වෙන්න බැරිකමට අපි අපිට රිද්ද ගන්නවා වගේ......


To be Cont.....

2 comments:

  1. අගේ ඇති ප්‍රකාශන විදියක්...

    ReplyDelete
  2. ස්තුතියි.... මෙහි කලින් කොටස් කිහිපයක්ද ඇත

    ReplyDelete