Thursday, August 18, 2011

හිස්තැනක් පුරවන්න______________




වෙරෝනිකා........

ගොඩාක් අයට අනුව මිනිස්සු ලියන්නේ තමන් අහපු දැකපු දේ තමන්ගේ ඇසකින්ලු. එත් මිනිහෙක්ට පුළුවන් වුණොත් තමන් ගැ නතමන්ටම  දැනෙන විදිය, හොද විදිය වගේම කැත විදිහත්, උතුම්කම වගේම ජඩකමත් එක වගේම ලියන්න. වෙරෝනිකා මට එහෙම හිතන්න ලොකු කාළයක් ඉතුරු වෙලා නැහැ. එත් ඔයා ගියපු දවසේ ඉදන් මං හිස් වුණු තරම මේ අකුරු ප්‍රමාණය මදි මට ලියලා ඉවර කරන්න. එත් වෙරෝනිකා මං වගේ පහර බල්ලෙක්ව මගදි ඇතැර දුවන එකමයි හොද...

වෙරෝනිකා..... 
කොළඹ අහස දිහා බලාගෙන හිදලා මට මිනිස්සු නුහුරු වෙලා ගිහිං. මං මිනිස්සුන් අතැරදාලා හිස්කමකට හුරු වෙලා. ආයෙමත් පුරව ගන්න බැරි තරම් මං හිස්වෙලා. මේ අහස වගේ නිදහසේ මං ඔයාට ප්‍රේම කරා... මේ අහස වගේ අසීමාන්තිකව මං ඔයාට ප්‍රේම කලා... මේ අහස වගේ ඉඩක් තිබුණා මගේ ඇතුලේ.... වෙරෝනිකා හෙට මං ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන්..... මේ වෙද්දු ඉස්සර වුණේ නැත්නම් අපි සදහටම වෙන්වෙනවා.......

මේ අහස තරම්ම විශාල මරණයක් එනතෙක්, මේ මොහොතේ මම බලං ඉන්නවා.... 
වචන වලට බැරි වුණාට අඩු පුරවන්න, පුළුවන් හැම තැනදිම ඔයාගේ ජිවිතේ කොටු පිරෙව්වේ මම. මගේ ජිවිතේ විශාල වුණේ ඔයා, ඔයාගේ ජිවිතේ මගේ ජිවිතයට මුහු කරපු හින්දා වෙරෝනිකා..... දැං මේ මානසික රෝහලට  ඔයා අයිති නැහැ. තව මොහොතකින් මං අයිතිත් නැහැ. එත් මේ තමයි අපිට අයිති ස්වර්ගය. ඔයාට වගේම ඔයාව හමුවුණ මේ තැනටත් මම ඒ වගේම ආදරේයි.

වෙරෝනිකා....
ආයේ කවමදාවත් පිස්සු හදා ගන්න එපා.... මොකද තවදුරටත් මම මේ රෝහලේ ඉන්නේ නැති වෙයි.

මේ කොළඹ පාළු වුණේ මගේ හිතත් එක්ක, මිනිස්සුන්ට ඒක දේශපාලනයක්. හිත් නැති මිනිසුන්ට මොන පාලනයකින්වත් වැඩක් වෙයිද??
මේ කොළඹ පාළු වුණේ ඔයා පිටමං කල දවසේ ඉදං, ලක්ෂයක් මිනිස්සු එහා මෙහා උදේ හවස ගියත් කොච්චර පාළුයිද බලන්න??
වෙරෝනිකා එයා ඇවිල්ලා.....
පල්ලේහා පඩිපෙළ නගිනවා....
ඇහෙනවද සද්දේ.....





No comments:

Post a Comment