Sunday, August 7, 2011

~ හීනයක් දුර ඈත ~

2 වැනි කොටස 


(1 කොටසට මෙතැනින් )





මම තවම උන්නේ දෑස් තදින් පියාගෙන අහස දෙසට නැඹුරු වු
හිසින් යුතුවය. දැවැන්ත සුදු ආලෝකයක් මගේ ඇස් අතර එහේමෙහේ දොලනය වනු මට දැනේ. විවිධ කටහඩවල් කිහිපයක්ද පසෙකින් මට යාන්තමින් ඇසේ. වෙරෝනිකා... ඒ බියකරු යථාර්තය නම් ඉතිං මට ඔයාව සදහටම මග හැරේවිද?? ඔයාගේ ප්‍රේමය මට කිසි දිනෙක ආයේ නොලැබි යාවිද?? මම තව තවත් තදින් දෑස් වසා ගෙනම උන්නෙමි.

පාළම මුදුනතින්
සද දිලෙයි
මුඩිය ලෙහී
ජිවිතය වැක්කෙරෙයි
මදු විත ම

දැං ඉතිං අමාවකයි

වැහී බිරමක්ඇස් අගම නළියන කල
අන්ධකාරය මත
හිස ගසාගෙන හිදිමි
තොල් අගින් ගිලිහෙන
ඉකිබිදුම 
විවර කල බෝතලය මත වැදී
ජිවිතය ඉල්ලයි
ආයේමත්
නුඹේන් 

එත් මේ...අමාවකයි
නිකටින් දුමින් පැසවන
කල් ඉකුත් වී ගිය 
ප්‍රේමය
ඉඩෝරයක් කැන්දයි
රැයක දිග මත
නිදිවරව දිග ඇදී
අවසන් කවත් පබදමි
නුඹ නමට ම 

හෙට ඉදන් අමාවකී

සුරුට්ටුවක් අග
නිවී නිවී දැල්වෙන
දැල්වේවී අළු වන
මතක වැළකි

අඩක් හිස් වු 
විදුරුව තුල දිදුළන 
තරු පොකුරුකි
තරු අතර සැගව 
දුර ඈත යන
නුඹ ගැනමි සිතමි

ඒ නිසයි මේ අමාවක



මම දැස් හෙමෙන් විවර කළේමි. ඉහළින් පවතින යමකින් විහිදුවන සුදු ආලෝකය එක්වරම මට දරා ගත නොහැකිව මම නැවත ඇස් තද කර ගතිමි. යමෙකු මගේ කම්මුලට තට්ටු කිරිමෙන් මම ඇස් විවර කර බැලුවෙමි. සුදු හැදගත් පිරිසක් මා වටලාගෙ හිදියි. මෙතෙක් පැවති එළිමහන් වර්ෂාව වෙනුවට සංවෘත කාමරයක ඇදක මම ලැග සිටිමි. මම වට පිට බැලුවෙමි.

         කෝ වෙරෝනිකා...... කෝ වෙරෝනිකා..

මම ඇද මත ඒ මේ අත දගලන්නට වීමි.

වෙ   රෝ   නි   කා  ...........

මම කෑ ගැසුවෙම්. මම ශබ්දය හාත්පසම ගිගුම් දෙන්නට විය. නැවත නැවතත් මට මගේම හඩ ඇසෙන්නට විය. කටුවක් මගේ උරය විදගෙන ඇතුලට ගිලා බසියි. වේදනාවත් සමගම මම ඒ දෙස බැලුවෙමි. මා සිටින්නේ ගිලන්වය. ඔයාගේ නමින් හදවතේ පවතින වේදනාව තරම් වේදනාවක් කාටවත් පිටින් දෙන්න බැහැ ආයෙමත් මට....... මට.... මම.... කළු පාට සංවෘත රාමුවක ගිලෙමින් හිදිමි. එත් කෙළවර පිහිටි අලෝකයේ උන්නේ ඔයා... හිනා වීගෙන ම.........

මට කාළය ගැන හරි නිර්ණායකයක් දැං නැත. මා සිටින්නේ කොහේද? මා සිටියේ කොහේද? මා මෙතැනට ආවේ කොහොමද? යන්න පිළිබද මම කිසිත් නොදනිමි. මම සිටින්නේ පුද්ගලික රෝහලක් වැනි ස්ථානයක බව පමණක් මට පැහැදිලිය. දොරක් විවර කරගෙන පැමිනි මෙදියක් මගේ ඇදේ කෙළවර තිබු පත්‍රිකාවක් බලා පසෙකට වී මොනවදෝ කුරුටු ගායි.

   
   මිස්...... වෙරෝනිකා ආවේ නැද්ද...??

ඇය තැතිගැන්මකින් යුතුව මා දෙස බලා උන්නාය. මදවේලාවක් එසේ සිටි ඇය ක්ෂණිකව කාමරයෙන් පිටව ගියාය. ඇය මට එතරම් බියවන්නට හේතුව කුමක්දැයි මම නොදනිමි. ඇය සමග ඊළගට කාමරයට පිවිසියේ දොස්තරවරයෙකි. ඔහු කුඩා ටොචයක් මගේ ඇසි වලට අල්ලමින් මා පරික්ෂා කරමින් හිදියි. නැවත පසෙක වු පත්‍රිකාව රැගෙන යමක් ලියා තබයි.


         
ඩොක්ටර්.... වෙරෝනිකා ආවේ නැද්ද....?
දොස්තර තෙමේ සෙමෙන් මා අසලට පැමිණියහ.

කවුද මේ වෙරෝනිකා...??
මම ඔහු දෙසත් හෙදිය දෙසත් වරක් බැලුවෙමි.

මගේ බිරිද......!!!

හ්ම්..... තාම කවුරුත් ආවේ නැහැ ඔයාව බලන්න....


යැයි පවසමින් ඔහු කාමරයෙන් පිටවිය. හෙදිය මට ලබා දෙමින් තිබු සේලයින් බෝතලය මාරු කරමින් උන්නාය. ඇය හුරුබුහුටි චාම් ලක්ෂන ඇති තරුණියකි. ඇගේ ඇහි බැම මදක් ඝණව පිහිටා ඇති අතර ඇස් ආලේපණ නිසා ඇගේ මුහුණ වඩාත් කැපී පෙනෙන්නට විය.

මිස්..... අද දිනේ කවදද..? මම කවදද මෙහේට ආවේ....?

ඔයා ඇවිල්ලා අදට දින හතරක් වෙනවා. අද 23 වැනිදා...
ඇගේ හඩ කරුණාබරය.

අද වගේ දවසක තමයි මමයි වෙරෝනිකයි හොරෙන් කසාද බැන්දේ...!!

ඇය කරමින් හුන් වැඩය මදකට නවත්වා මා දෙස බලා උන්නාය. ඇගේ මුහුණේ අව්‍යාජ සිනහාවක් දක්නට තිබිණ. ඇය මා අසලට පැමිණ මගේ හිස සෙමෙන් පිරිමැද්දාය.


පස්සේ වෙලාවක මට කියන්නකෝ ඔය වෙරෝනිකා ගැන විස්තර ටිකක්... මමත් ආසයි ඔය තරම්ම වසානාව ඇති එයා ගැන දැන ගන්න....

To be Cont........

No comments:

Post a Comment