Tuesday, January 29, 2013

ආදරය එහෙමයි________________



"ඉවසීමක් නැතිව ඔයාට ගගේ පිහිනන්න යන්න අමාරුයි. උත්සහාය විතරක් තිබුණට මදි එකට ඔනෑකමකුත් තියෙන්න ඔනේ."

අද වගේම පුංචි කාලෙත් කලබල දවාලට වඩා නිහඩ රාත්‍රියට මං ප්‍රිය කලා. ඉස්සරෝම මගේ තාත්තා වැඩ ඇරිලා කඩචෝරුත් අරං එනකං නිදි කිර කිරා ඉදන් හිටපු අතීතයක් මට තිබුණා. අදත් ඔයා එනකං කළුවරට ඇස් පුරුදු කරං මං මග බලාන ඉන්නවා. හැමදාම ඇස් මානය බොහෝ දුරක රදවගෙන.

වෙරෝනිකා
තරුණයෙකුට ආදරය ගැන විවිධ හීන තියෙනවා. ඒවා පාට පාට හීන, එත් මගේ හීන ඔක්කම කළු-සුදු සහ අළු. ඔය අතර තිබුණු එකම වර්ණ හීනය තමයි සුරංගනාවියක් ගැන මට තිබුණු නිමා නොවේනා හීනය.  රත්තරං පාට හිසකේ තියෙන, දිගු නිල් පාට ඇස් තියෙන සුරංගනාවියක් එක්ක මං තනියම හීන මැව්වා. හිනා වුණා, ඉද හිට කතාත් කලා. එත් කිසිදිනෙක එයා මගේ කර ගන්න කියලා මට ඔන කමක්තිබුණේ නැහැ. එත් මං ආදරයෙන් මත්වෙන්න ගන්නකොට මගේ ප්‍රේමවන්තියෝ ඒ දිගු නිල් ඇස් තියෙන සුරංගනාවියන් බවට පත් වෙන්න පෙරුම්පිරුවා. ඒගොල්ලෝ ඇස පිය පවා නොගහා ඉන්න උත්සහා කලා. ආදරේ එහෙමයි කියලා මං හිත හදා ගත්තා. ත් ඒ ප්ලැස්තර ගොඩක් කල් අල්ලා හිටියේ නැති නිසාම බොහෝ ප්‍රේම සම්බන්ධතා අතරමග ඉවර වුණා. 


වෙරෝනිකා..................
මං අසනීප වුණා, ඇත්තටම මගේ ජිවිතේ ඔත්පල වුණා. මට ගිණියමට උණ අරං තිබුණා. කාත් කවුරුවත් නැතිව මං තනියම හිනාවෙන්න ගත්තා. සුරංගනාවිය එක්ක තනියම. දින ගණනක් එහෙම මං හිනා වුණා. මගේ පෙම්වතියෝ මට නිට්ටාවටම පිස්සු යැයි තර්ක කරන්න වුණා. මං පිස්සං කොටුවට එන්න සිදුධ වුණා. එතැනදි මම ගොළු වුණා ආයෙමත් තනි වුණා. නිහඩ බවත් එක්ක මට වචන අමතක වුණා. මං හීන වලට පාට එකතු කරන්න ගත්තේ මේ කාලේ.

වෙරෝනිකා ඔයා හිටියේ මට වඩා අසරණ වෙලා, ඔයාගේ මුහුණම සුදු මැළි වෙලා තිබුණේ. මානසික ව්‍යාකූලතාවය ඔයාට දරා ගන්න බැරි තවත් බරක් බවට පත් වෙලා තිබුණේ. ඔයා අඩු වයසින් ජිවිතය කළු ගලක ගහගෙන. මට සුවදක් දැණුනා ඔයා ලග. හරිම පුරුදු ලෙනගතු සුවදක්....!!! ඔයා ගාව පාට තියෙන වබත් මං දැක්කා. නේක වර්ණ වලින් හැමතිස්සේම ඔයා හිටියේ හැඩ වෙලා. අර නිල් පාට ඇස් සැරෙන් සැරේ මට මැවෙන්න ගත්තා. ඉතිං වෙරෝනිකා හොරෙන් හොරේන් මං ඔයාව කියවන්න හිතුවා. භාවනාවක් වගේ මං ඔයාව දැක්කා. එත් ඔයා හිටියේ කලබලෙන්, නිතී රීති ගොඩක් වට කරගෙන. එත් මොකක්දෝ අමුතු හැගීමක් මට ඔයා ගැන දැණෙන්න ගත්තා. එක් මගේ පරණ පෙම්වතියන්ගෙන් මම නොවිදපු හැගීමක්. එක ගොඩාක් රසවත් වේවි කියන ඉවත් මට තිබුණා. අනික හීන පාට කිරිමේ නොනිත් ආසාවෙන් පෙලෙමින් හිටි මට ඔයාව පාට පැන්සල් පෙට්ටියක් වගේ වුණා. 
දවසක් අදුරු රාත්‍රීන් ගොඩකට පස්සේ මං සැනසුම් හීනයක් දැක්කා. ඔයා සුරංගනාවියක් වගේ උඩින් ඇවිත් මගේ ඔළුව අත ගානවා. ඔයා ඇත්තටම පොළවට අඩි ගාණනක් උඩින් ඉන්න බව ඒ හීනෙත් එක්ක මට පසක් වෙන්න ගත්තා. එත් මං ඉවසීමෙන් අපි අතර ඇති පරතරය දරාගෙන උන්නා. මට ගුරුවරියක් ඔනේ බව මගේ හිත කියමින් උන්නා. මට කලින් මගේ හිත ඔයාට වහා වැටිලා. මං හිත හදාගෙන උන්නේ ආයාසයෙන්.
ඔන්න ඔයත් මං ගැන විපරමින්, ඔත්තුකාරයෝ ඇතැයි බයෙන් ඔයත් මං ගැන විපරමින්,
එකලස් කරගෙන හිටිය හිත මහවැලිය ඇරියා වගේ හොස් ගාලා ගම්බිම් යට කරගෙන යන්න ගත්තා...

            වෙරෝනිකා මං............. ඔයාට................. ආදරෙයි...!!!

            ඇයි???

ඔයා ඇහුවේ මං බලාපොරොත්තු වුණ ප්‍රශ්ණය නොවුණත් එකට මට උත්තරයක් තිබුණා. එත් මං නිහඩව හිටියා. ඔයා නක්කලේට හිනා වුණා. මං හිතට දිරි දුන්නා. බොක්කෙම්ම විසිල් පාරක් ගහාලා හිත උස්සලා ගත්තා.
ගොඩ නිහැඩියාවකට පස්සේ ඔයා ඇහුවා
           කොච්චරක් ද ...??

වෙරෝනිකා දිග පළලක් හැඩයක් නැතිව මං ඔයාට ආදරේ කරන බව මට තේරුම් ගන්න බෙහෝ කල් ගියා. එත් ඔයා සුරංගනාවියක් වුණේ නැහැ තවම. ඒ හින්දා මං ඔයාට වැඩියෙනුත් ආදරෙයි...!!! ඔයාට තිබුණේ ඔයාගේ හීන, ඔයාගේ හීන ඔයා මගෙන් බලාපොරොත්තු වුණේ නැහැ, එත් ඔයා මට ආදරේ බව මට දැණෙන්න ගත්තම මං හිමින් ඔයාතුල අවත් ආදරයක් පැළ කලා.

වෙරෝනිකා.......... මට පිස්සු කියපු හැමෝම බැහැර කරලා දින සීයයේ පාළමක් යට ඔයා මාව සිප ගත්තා. ඔයාගේ වගේම මගෙත් දෙතොල් සලීත වෙන්න ගත්තා. ඒ රස මගේ කළු-සුදු-අළු ජිවිතය ටික ටික වර්ණ ගන්වන්න වුණා. වර්ණ අන්ධතාවයෙන් මං මිදුනා. වෙරෝනිකා ඔයා ඇත්තටම හැඩයි!!!! ඔයාගේ ආදරය ඊටත් වඩා හැඩයි.
ආදරේට මිනිමරා ගන්න කොදෙව්වක අපිට තිබුණේ භාවනාවක යෙදෙන්න. අපි විරසක වුණා, අපි රණ්ඩු සරුවල් වුණා, අපි කතා නොකර හිටියා. එත් අපේ ආදරේ හැමදාම ජිවමාන වුණා.


වෙරෝනිකා.....

මට ආදරේ විතරක් වෙන්න....!!!