Monday, July 10, 2023

වෙරෝනිකා මැරෙන්න තීරණය කරයි!






හසකුත් වේදනාවන් දරාගෙන වුවද සෑම උදයකම හිමිදිරිය සේ ඈ සිනාසුනාය, සිපගත්තාය, වැළදගත්තාය. අසීමිත වේදනාව පසෙකලා දින සති මාස මා හා ගෙව්වාය. නමුදු ඇගේ ප්‍රේමණිය හැගීම් මරාගෙන වේදනාව එන්න එන්නම උඩුදිව්වාය. ඉතිං ඒ වේදනාව උහුලණු බැරිම තැන ලය පැලී ඈ මිය ගියාය. 
වෙරෝනිකා! සිහියකින් හා අසීහියකින් මා උමතු කල එකම ප්‍රේමය! ජිවිතය සියලු දේ නොසගවා මා හා බෙදාගත් ප්‍රේමය! ඇසිල්ලකින් මා වසගකරවා මන්මත් කරවු ප්‍රේමය! හදවතේ හැම අස්සක් මුල්ලක් නෑරම අයිතිකරගත් ප්‍රේමය! එහෙත් දැං ඈත ස්ටෙප්ස් තණ බිමට නුදුරෙන් වු ගව පට්ටියට එහායින්  අසල ඇති ලදු ගාලේ ඇගේ ප්‍රේමණිය හදවත වළ දමා ඇත. අවුරුද්දකට පෙරාතුව හිටවු එකම ලීලි මල් පැලයෙන් ලිලී මල් යායක් ඇගේ හදවත් පුරා දැං අරක් ගෙන ඇත. සීත සුළගේ වුවද සීනු හඩ නගමින් ලිලී මල් නැටුවේය. 
ප්‍රේමය බරට අරගෙන වේදනාවන් මට ඉතිරි කර ඇය දැං විශ්වයේ කොතැනක හෝ සැරිසරමින් සිටිනවා ඇති. 

කළෙක ප්‍රේමය වෙනුවෙන් මරාගෙන මැරෙන්න බෝම්බකාරියක් වු ඇ; ප්‍රේමය ඇතැර ජිවිතයේ සිහිනය වෙනුවෙන් බැද තිබු බෝම්බය පුපුරවාගෙන මිය ගොස් අදට අවුරුද්දකි. සත් දොහේ මතක බණ හංදීයේ බාර් එකේ දුන් පසු ඈ වළ දැමු පැරණි මතක ආයෙමත් හාරන්නේ අවුරුද්දකිනි. එතරම්ම දිගු කාළයක් මා මාවම රවට්ටමින් හැංගෙමින් කට්ටි පැනමින් සිටියේ තවමත් කියා හෝ ලියා ඉවර නොකල ශේෂයක් ගලක් මෙන් බරට හිත තුල තබාගෙනය. එසේ නොවිනම් සිරෝසියස් හෝ පිළිකාවකින් මාද මිය යන්නට ඉඩ තිබිණි. ඇගේ සියදිවි හානිකර ගැනිම මගේ පව නිසාවෙන්ම ඒ වේදනාව විදව විදවා මාද ලය පැලි මිය යායුතු බැවින් මම ජිවිතයේ ලග වංගු නැව්වේමි. සෑම රෑයකම මැද නැගිට යහනේ අනෙක් පස ඈව සෙව්වෙමි. සෑම හිමිදිරියකම ඇගේ හාදු නැතිව හිත සුසුම් ලෑවෙමි. සෑම වෙහෙස කර දිනක අවසන වු නිශ්ෂ්බ්දතාවය මා නොමරා මැරුවෙමි. ඉතිං ඇය තබා ගිය මං සළකුණු හැමතැනමය. මෙතරම් කාළයක් බර සුසුමක් හෙලා අනෙක් මොහොත හා ගැට ගැසී ජිවිතය ගෙවුණේය. වේදනාව නිහඩ සුසුම් වල පාවී ඈතට ඇදුණි. ඒසැණින් තවත් මතකයක් හදව පහුරු ගෑවේය.


 


වෙරෝනිකා! ජිවිතයේ අතරමැද මග හැරුණු අසීමාන්තික ප්‍රේම අස්වැන්න. ජිවිතයේ මග කියා දුන් ප්‍රේමන්විත භාර්‍ය්ව. සිහිනයක් වීරියෙන් යාථාර්තය තල්ලු කල ප්‍රේමවන්තිය. මහලු වනතුරු එකට වසමු යැයි කියා අතරමග අතැරුනු සිහිනය. දැං ඉතිං වසන්තය ආවත් එකයි නාවත් එකයි! 

සිතේ පිරිතිබු වේදනාත්මක කෙන්තිය යන්නටත් එක්ක මුලු ලිලී මල් යායම මම උදලු ගෑවෙමි. සීත කලුවර දිනක් වුවද මා ගතම දහදියෙන් නැහැවුණි. ඇයට ඕනෑනම් ඉස්සර වගේ ආයෙමත් දොඩමලු විය හැකිව තිබිණ. එහෙත් පසු අවුරුද්ද මෙන් තවමත් ඈ නිහඩ පිළිවෙතෙහිම සිටියාය. කෑගසා අඩන්නට උවමනා වුවත් තවත් මගේ කදුලු ඇගේ හදවතට බර කිරිමට උවමනාවක් නොවිනු හෙයින් ඇගේ හදවත වළදැමු තැනට හරියටම අඩියක් ඉහලින් අඩි තුනක් ගැඹුරට වළක් හාරා ගෙන ආ එක් විලෝ ගසක් එතැන පැල කළෙමි. අඩි පහක් පහළින් තවත් වළක් හාරා ලයිලැක් ගසක් සිටෙව්වෙමි. මහන්සියට මා ඈ අසලම වැතුරුනෙමි.  නමුදු එදා විදි උණුහුම තවත් එහි නැත. 

විලෝ ගස් සෙවණක
අලු පැහැති හැන්දෑවක
ලිලී මල් කිණිත්තක් හිස ගසාගෙන
හිනා වෙනවද
මටයි මගේ හිතටයි

ඇස් කොණින්වත් වැටෙන්නට නොදී
හිත පුරා ඉඩ හැදුව
දැං ඉතිං තනිව ඇවිද යන
හිනා වෙනවද
මටයි මගේ හිතටයි

හීන මංසල පාලුයි
වචනයක්වත් නැහැ කවියකට ඈදෙන
සමු නොදී සමුගැන්මනම් මේ
එක වරක් තව හිනාවෙන්න
මටයි මගේ හිතටයි!

ඇයට දකුණු පසින් තවත් වළක් හාරා මම මගේ හදවතද වළ දමමි. පිළුණු වු අතීතයකුයි, සාපලත් අනාගතයක්ද රැගෙන මම එදා මෙන්ම කලුවරේම නික්ම යමි. ඉතිං සමහර විට පාලු විදී වල හදවත නැති මිනිසෙක් ඔබටද හමුවිය හැක. 

වෙරෝනිකාගේ ප්‍රේමය මෙසේ අවසන්‍ ය.



Sunday, March 12, 2023

ඒ කතා කරන ඇස්!

මම ඇය  දැන අදුනගන්නා කාළයේදි ඇයට තිබුණේ කතා කරන ඇස් දෙකක් සහ වසගකාරි සිනාහවක්. හමුවෙන හැම දවසකම වගේ ඇග‌ේ ඇස් ඒක්ක මට ලොකු කතාවක් තිබුණා. බොහෝ වෙලාවට මම ඇගේ ඇස් දිහා බලා හිදින විට ඇය කිව්වේ "ඔහොම බලන්න ඒපා මං දියවෙලා යයි" කියලා. එවුණාට ඇගේ වචන වලට වඩා ඇස් වල කතාව වෙනස්ය, බලාපොරොත්තු සහගතය, ලෙංගතුය. ගැහැණියකගේ කාන්තිමත් ඇස් වලට ආස නොකර පිරිමියා කවුද? ඒත් මේ ඇස් අනෙක් අයගේ ඇස් වලට වඩා වෙනස්ය. අමුතුය. තුවාල වන සුලුය. ඔබව ඔසවා පොළවේ ගැසීමේ හැකියාවක් ඒ ඇස් සතුය! ඒ තරම් බැතිබරය! සෙනෙහෙවන්තය! ආකර්ශණීය ය. ඒ වගේම ඇගේ වසගකාරි සිනහාව. ඔනෑම පිරිමියෙක් ගැහැණියක් වසග කළ හැකි මායාකාරී සිනහාවක් ඇය සතුවිය. ඒක අව්‍යාජය! සැහැල්ලුය! හැබැයි වෙඩි තියනවා වගේය. පපුව හරහා ඇදී ගිය ඒ හිනහව තාමත් හිත කොණක රිදුම් දෙන්නේ ඒ නිසාමය.

ඈත පාලුපාරේ කෙලවර හුරුබුහුටි තරුණ කෙල්ලක්! නොදන්නා මා ඉදිරියේ ඒ කාන්තිමත් ඇස් බැබලුනේ බොරැල්ලේ තොරණේ ලයිට් වගේ! ආසිරි ඒකේ ඒක්ස්රේ මැෂිම වගේ උඩ ඉදන් පහළටත් පහළ ඉදන් ඉහළටත් ඇගේ ඇස් දිව්වේ ඇගේ තුන් හිතකවත් මං වගේ රස්තියාදුකාර දියවෙමින් හිදපු පිරිමියෙක් ගැන අදහසක් තිබුණේ නැති විත්තිය තහවුරු කරමිනි. ඒ ඇස්වලටත් හිනාවටත් දැකපු පළමු වතාවේ ම මම ආසා කළේමි! ප්‍රේමයක් බැදුණෙමි! ඒහෙත් ඇය තවම සිටියේ අස්ථාවර ස්ථානයකමය. බොහෝ කැපවීම් කළ යුතුව ඇතැයි ඒ මොහොත මගේ හිතට සංඥා කළේය. ඒක දුරදිග විහිදුමක්ය.

ඇය කතා කිරිමට රිසිය. මට අහං ඉන්න පුලුවන්ය. අතෝරක් නැතිව කියවන වෙලාවට මට හිතේනනේම ඇගේ දොතලේ සිප ගන්නය. ඒ තරම් ඒය හැඩය! රසය! මනබදින සුලුය! ඇය ටිකෙන් ටික ප්‍රේමය තුල දියවෙන්ටත් මම ඒ ප්‍රේමය තුලම ආශ්වාදි ලෙස සැරිසරන්නටත් පටන් ගතිමු. ප්‍රේමයේදී ඇගේ වාන් දොරටු සියල්ල ඇරදමා ඇය රිසි සේ ප්‍රේමයෙන් අතරමං වුවාය. අගේ දොතොල් වලටත් කතා කරන ඇස් වලටත් මං දැඩි ලෝභකමකින් මනබදින්නට විය. මගේ හිත ඇතුලේ මේ නැවුම් ඇහැරීම මම හෙමෙන් වචන කරමින ලියන්නට පෙළඹුනෙමි. ඇය ඇඩි ලේභකමකිනුත්, ඇල්මකිණුත් ඒ සියල්ල ඒකතු කරන්නට වුණා. පුංචි පුංචි දේවල් ගොඩාක් ඇයට වටිනා දේවල් බවට පත්වුණා. දේවල් වෙනුවට මොහොතවල් ඒකතු කරන්න ඇය පෙළඹුනා. මේ සියලු දේම මගේ සියලු ආශාව, පැවැත්ම, ප්‍රේමය බවට පත්වුණා! රස්තියාදුකාර දියවෙමින් හිටපු මම ඇගේ හිත තුල ආයෙමත් ඉපදෙන්න වුණා. සිගරටි වලට කලු ගැහුනු මගේ දෙතොල් වලට ඇය ජිවිතය අරං ආවා. කොටින්ම කිව්වොත් පප නොදන්නා ලෝකයකට ඇය රැගෙන යමින් තිබුණා. ඇගේ හිත තුල අතරං වෙමින් සිටි මට ඒ කිසිවක් වැදගත් නොවුණේම ඒ අතරමං විමට මම මනබැදී නිසාමය.


ඒහෙත් කාලෙකට පස්සේ අපි විවහා වුණා! ඊට පස්සේ ඇගේ කතා කරන ඇස් ගොලු වුණා! මගේ වාන්දාපු හිත හිදිලා ගියා! අපෙයි කියලා පොළවක් අපිට නැතිවුණා! අපි ඔහේ කාළය ගෙවලා දැම්මා. ඇයට ප්‍රේමය අහිමි වුණා! මට ජිවිතය නැතිවුණා. ඊටත් කාළෙකට පස්සේ අපි වෙන්වුණා! මට ආයෙමත් ජිවිතය හමුවුණා! සිගරට් ලගම මිතුරෙක් වුණා. විස්කි වලින් දුක තුනි වුණා! මම ආයෙමත් ලියන්න ගත්තා. වැඩ කරන්න ගත්තා. ඒත් මට ප්‍රේමය මගහැරුණා!  


 

Wednesday, February 1, 2023

ඔබ එදා ගිය නිසා!

 




එක නාදුනන නගරයකි. එක නොදන්නා සීත සෘතුවකි. වෙනදාටත් කලියෙන්ම කලුවර නගරය පුරාම පැතිරෙමින තිබුණු අතර මිනිසුන් උණුසුමක් හොයමින් තම තමන්ගේ නිවෙස් තුල ගුලුවෙමනි ඉන්න ඇති. කලුවරට වඩා අප අතර තිබු විරසකය එන්න ඒන්නම උඩු දුවමින් තිබුණා. නිතර නිතර සැක කිරිම්, හිත් රිදවිම්, මානසික වියවුල් මෙන්ම තවදුරටත් ඒකම වහල යට වාසය කිරිම පවා හීනයක් වෙමින් තිබුණු රාත්‍රියක් ඒ්ක! දෙදරා යාම පැහැදිලියි! 

වෙරෝනිකා.......

මම හැමදාම ප්‍රර්ථනා කළේ ඔයාගේ සුඛවිහරණය පමණමයි. නොදන්නා රටක නොදන්නා මිනිසුන් අතර නොදන්නා භාෂාවක් එක්ක ගණුදෙණු කරමින් මගේ දහදිය මහන්සිය කදුලු හෙළමින් හැමදාම මම උත්සහා කළේ ඔයාව රැජිනක් වගේ තියන්න. පුලුවන් හැම වෙලාවකම මම ඔයාව තල්ලු කරේ ඔයාගේ දක්ෂතාවයන්ගෙන් ඉදිරියට යන්න. චිත්‍ර අදින්න ඔයා දක්ෂ නිසාම ඒ්වා පාරේ තියාගෙන විකුණන්න පවා මම ඉදිරිපත් වුණා. ඉගෙනීමට ඔයාගේ තියෙන සුවිශේෂ හැකියාව නිසාම ඔයාව උනන්දු කළේ වඩා හොද තැනකට යන්න වැඩිදුර ඉගෙන ගන්නමයි. මම ඉතාම සීමාසහිත හැසිරිම් රාටාවක් තියෙන සත්වයෙක් නිසාම මම දන්නා සියලු දේ මේ රටට මේ නගරයට මේ මිනිසුන් තවදුරටත් වැඩක් නොමැති නිසාම කම්රුවෙකු සේ වෙහෙස වුණේම ඔයාට හොද හෙටක් ලබා දෙන්න විතරමයි. මගේ පවුලේ සියලු දෙනාගෙන් හා මිතුරන් සියලු දෙනාගෙන් විතැන්වී ඔයා තුලටම මම තව තවත් කිදා බැස්සේම ඒ් තනිකම, කාන්සිය, වේදනාව මගහැර ගන්නමයි. ශක්තියක් හොයා ගන්නමයි. ‌ප්‍රේමයෙන් ආයෙමත් හට ගන්නමයි. වෙරෝනිකා තාමත් ප්‍රේමය කියන්නේම ඔයා විතරමයි.


ඒත් වෙරෝනිකා......

මේක තමයි අපිට ඒන්න පුලුවන් උපරිම දුර! තමන් වටා හිදින මිනිසුන්ගේ උවමනා එපාකම් මත ජිවිතය ගොඩ ගැහුවම යන්න පුලුවම් උපරිම දුර මෙක තමයි! තමන්ගේ ජිවිතය විනාස කරමින් අනුන් මත් ජිවිතය පැළ කලාම ඒන්න පුලුවම් දුර මෙක තමයි! 

රාත්‍රීන් කියක් ‌මේ සීතල පාරවල් ගානේ ගෙවෙන් ඇත්ද? සිගරට් කීයක් නොනිදි රාත්‍රීන් වල දවා හලු කරන්නට ඇත්ද? කාත් කවුරුවත්ම නැති කිසිදු අයෙක් හදුනන්නේ නැති නගරයක හිගන්නෙක් සේ තැනින් තැන ගමන් කිරිම ඔබට මානසිකව දැනෙන්නේ කෙසේද? 

වෙරෝනිකා......

ජිවිතයේ ලගම හිටපු අය නොදන්නා මිනිසුන් බවට පත්වෙන්න ගතවුණේ තප්පරයකටත් වඩා අඩු කාළයක්. ආදරෙන් රැකබලා ගත් සළකපු උවටැන් කරපු අය ප්‍රේමයත් ඒක්කම වළපල්ලට ගිහිං. මිනිසුස් වෙනස් වෙනවා ඒත් මෙහෙම! හිනාවෙන්න දහසක් මිනිසුන් හිටියත් ලගට ගන්න උදව් උපකාර දෙන්න ඉන්නේ ඒකයි හෝ දෙන්නයි. හැබැයි තමන්ගේ යැයි සිතා හිටි මිනිසුන් අහක බලද්දි මිනිස් කන්දක් ඒක්වරම ලග රැදීම ආදරයම මිස අන්කවරක්ද? 

ඒත් ‌‌වෙරෝනිකා වසන්තය ආයේ එනවා මට විශ්වාසයි! ඔයා ලග හිටියත් නොහිටියත්! මග බලා හිදීමට වඩා බිංදුවේ සිටම වැඩකිරිම ප්‍රමාණිකයි! දැං මේ සියල්ල වචන පමණක්ම වන ඔයාගේ ලොකෙන් ඒහා අලුත් ලෝකයක් අලුත් හීනයක් අලුත් අලුත් පරිච්ඡේදුයක් ලියමින් ඉන්නේ! 

වෙරෝනිකා මං හිතුවේ මගේ උමතු බව හින්දම මම ඔයාට ‌ප්‍රේම කරනවා කියලයි. ඒත් වෙලා තියෙන්නේ අන්ධයෙක් වගේ ඔයාව විශ්වාස කිරිම පමණක්ම යැයි කියලයි මට හිතෙන්නේ. සිගරට් වලට පුලුවන ජිවිතයක් හෙමෙන් හෙමෙන් බිලි ගන්න, අරක්කු වලට පුලුවන් මිනිහෙකුගේ මතකය මකලා දාන්න ඒත් ප්‍රේමයකට පුලුවන් මිනිහෙක්ව විනාශ කරන්නත් ඒ් මිනිහවම ආයෙමත් නැගිට්ටවන්නත්! ඉතිං වෙරෝනිකා අරක්කු සිගරට් වලට ප්‍රතිපක්ෂව මම ආයෙමත් ප්‍රේමය තෝරා ගන්නවා! ගිණි පෙල්ලෙන් බැටකෑ මිනිහා කණාමැදිරි එළියටත් බයයි කිව්වට ඒ් බයම තමයි අපිව හෙට දිනයේදී ත් ජිවත් කරවන්නේ. මිනිස්සු වුණාම වැරදි කරනවා මම හිතන්නේ නැහැ කිසිම මිනිහෙක් දැන දැන වැරදි වැඩවලට පෙළ‌ඹෙනවා ඇති කියලා. ඒහෙම වෙනවනම් ඒ් වැරැද්ද තෝරා ගන්න ඒ මිනිහටම සුවිශේෂි වු හේතුවක් ඇති. හැගීම් සමුදායක් විනාශවෙලා කිසිදු අකුරත් අමුණ ගන්නවත් බැරිව ඉන්න මිනිහෙකුගෙන් ආදරය ගැන හේතු මුමුණලා වැඩක් නැහැ. 

ප්‍රේමය කියන්නේ ලිංගිතක්වය තුල සුරාන්තයට පත්වීම පමණක්ම නෙවෙයි. හුරතල් වීම, ලංව හිදිනා මොහොතවල්, නළලත සිප ගැනීම්, පුංචි පුංචි සිපගැනීම්, වැනි කුඩා ඒකතුවීම් රාශියක් එකතුවක්! ජිවිතේ පරණ වෙන්න පරණ වෙන්න පරණ පුරුදු අපි හැමෝටම අමතකව යනවා. වෙරෝනිකා ජිවිතයේ ආදරය පිළිබද විතරක්ම විශ්වාස කරලා පාත් ඒක්ක පැනලා අපි ඔයා විදවනවා බලාගෙන තනියම සුසුම් හෙළනවා ඇරෙන්න කරන්න කිසිම දෙයක් නැතැයි කියලා හිතෙන හැම මොහොතකම පපුව කිරී ගැහිලා වේදනාවක් උඩුදුවනවා. හැමෝම හිටපු ඔයාව හැමෝම අතහැරලා දාලා තනියෙම විදවන්නේ මං හින්දා නේද කියලා හිතෙනකොට මේ මෙල්බන් නගරයම දෙදරා යන්න කෑගහන්න හිතෙනවා. සත්තමයි! එත් ආයේ ලගා වෙන්න බැරි තරම් දුරකට ඔයා මාව තල්ලු කරලා ඉවරයි. හැබැයි වෙනවීම කියන්නේ ඒකම විසදුම නම් ඔයාගේ ඒ් විසදුමට ගරු කරලා මං ඈතින ඉන්නම්! සමහර විට මෙක සමුගැනීමම වෙන්න ඇති.

වෙරෝනිකා තාමත් මම කියන්නේ 

මේ මෙහොතේ මරණිය වේදනාව මම නම් තාමත් ප්‍රේමය කියනනේ ඔයාමයි! ඔයා විතරමයි!