ඈත පාලුපාරේ කෙලවර හුරුබුහුටි තරුණ කෙල්ලක්! නොදන්නා මා ඉදිරියේ ඒ කාන්තිමත් ඇස් බැබලුනේ බොරැල්ලේ තොරණේ ලයිට් වගේ! ආසිරි ඒකේ ඒක්ස්රේ මැෂිම වගේ උඩ ඉදන් පහළටත් පහළ ඉදන් ඉහළටත් ඇගේ ඇස් දිව්වේ ඇගේ තුන් හිතකවත් මං වගේ රස්තියාදුකාර දියවෙමින් හිදපු පිරිමියෙක් ගැන අදහසක් තිබුණේ නැති විත්තිය තහවුරු කරමිනි. ඒ ඇස්වලටත් හිනාවටත් දැකපු පළමු වතාවේ ම මම ආසා කළේමි! ප්‍රේමයක් බැදුණෙමි! ඒහෙත් ඇය තවම සිටියේ අස්ථාවර ස්ථානයකමය. බොහෝ කැපවීම් කළ යුතුව ඇතැයි ඒ මොහොත මගේ හිතට සංඥා කළේය. ඒක දුරදිග විහිදුමක්ය.
ඇය කතා කිරිමට රිසිය. මට අහං ඉන්න පුලුවන්ය. අතෝරක් නැතිව කියවන වෙලාවට මට හිතේනනේම ඇගේ දොතලේ සිප ගන්නය. ඒ තරම් ඒය හැඩය! රසය! මනබදින සුලුය! ඇය ටිකෙන් ටික ප්‍රේමය තුල දියවෙන්ටත් මම ඒ ප්‍රේමය තුලම ආශ්වාදි ලෙස සැරිසරන්නටත් පටන් ගතිමු. ප්‍රේමයේදී ඇගේ වාන් දොරටු සියල්ල ඇරදමා ඇය රිසි සේ ප්‍රේමයෙන් අතරමං වුවාය. අගේ දොතොල් වලටත් කතා කරන ඇස් වලටත් මං දැඩි ලෝභකමකින් මනබදින්නට විය. මගේ හිත ඇතුලේ මේ නැවුම් ඇහැරීම මම හෙමෙන් වචන කරමින ලියන්නට පෙළඹුනෙමි. ඇය ඇඩි ලේභකමකිනුත්, ඇල්මකිණුත් ඒ සියල්ල ඒකතු කරන්නට වුණා. පුංචි පුංචි දේවල් ගොඩාක් ඇයට වටිනා දේවල් බවට පත්වුණා. දේවල් වෙනුවට මොහොතවල් ඒකතු කරන්න ඇය පෙළඹුනා. මේ සියලු දේම මගේ සියලු ආශාව, පැවැත්ම, ප්‍රේමය බවට පත්වුණා! රස්තියාදුකාර දියවෙමින් හිටපු මම ඇගේ හිත තුල ආයෙමත් ඉපදෙන්න වුණා. සිගරටි වලට කලු ගැහුනු මගේ දෙතොල් වලට ඇය ජිවිතය අරං ආවා. කොටින්ම කිව්වොත් පප නොදන්නා ලෝකයකට ඇය රැගෙන යමින් තිබුණා. ඇගේ හිත තුල අතරං වෙමින් සිටි මට ඒ කිසිවක් වැදගත් නොවුණේම ඒ අතරමං විමට මම මනබැදී නිසාමය.
ඒහෙත් කාලෙකට පස්සේ අපි විවහා වුණා! ඊට පස්සේ ඇගේ කතා කරන ඇස් ගොලු වුණා! මගේ වාන්දාපු හිත හිදිලා ගියා! අපෙයි කියලා පොළවක් අපිට නැතිවුණා! අපි ඔහේ කාළය ගෙවලා දැම්මා. ඇයට ප්‍රේමය අහිමි වුණා! මට ජිවිතය නැතිවුණා. ඊටත් කාළෙකට පස්සේ අපි වෙන්වුණා! මට ආයෙමත් ජිවිතය හමුවුණා! සිගරට් ලගම මිතුරෙක් වුණා. විස්කි වලින් දුක තුනි වුණා! මම ආයෙමත් ලියන්න ගත්තා. වැඩ කරන්න ගත්තා. ඒත් මට ප්‍රේමය මගහැරුණා!
No comments:
Post a Comment