Monday, July 10, 2023

වෙරෝනිකා මැරෙන්න තීරණය කරයි!






හසකුත් වේදනාවන් දරාගෙන වුවද සෑම උදයකම හිමිදිරිය සේ ඈ සිනාසුනාය, සිපගත්තාය, වැළදගත්තාය. අසීමිත වේදනාව පසෙකලා දින සති මාස මා හා ගෙව්වාය. නමුදු ඇගේ ප්‍රේමණිය හැගීම් මරාගෙන වේදනාව එන්න එන්නම උඩුදිව්වාය. ඉතිං ඒ වේදනාව උහුලණු බැරිම තැන ලය පැලී ඈ මිය ගියාය. 
වෙරෝනිකා! සිහියකින් හා අසීහියකින් මා උමතු කල එකම ප්‍රේමය! ජිවිතය සියලු දේ නොසගවා මා හා බෙදාගත් ප්‍රේමය! ඇසිල්ලකින් මා වසගකරවා මන්මත් කරවු ප්‍රේමය! හදවතේ හැම අස්සක් මුල්ලක් නෑරම අයිතිකරගත් ප්‍රේමය! එහෙත් දැං ඈත ස්ටෙප්ස් තණ බිමට නුදුරෙන් වු ගව පට්ටියට එහායින්  අසල ඇති ලදු ගාලේ ඇගේ ප්‍රේමණිය හදවත වළ දමා ඇත. අවුරුද්දකට පෙරාතුව හිටවු එකම ලීලි මල් පැලයෙන් ලිලී මල් යායක් ඇගේ හදවත් පුරා දැං අරක් ගෙන ඇත. සීත සුළගේ වුවද සීනු හඩ නගමින් ලිලී මල් නැටුවේය. 
ප්‍රේමය බරට අරගෙන වේදනාවන් මට ඉතිරි කර ඇය දැං විශ්වයේ කොතැනක හෝ සැරිසරමින් සිටිනවා ඇති. 

කළෙක ප්‍රේමය වෙනුවෙන් මරාගෙන මැරෙන්න බෝම්බකාරියක් වු ඇ; ප්‍රේමය ඇතැර ජිවිතයේ සිහිනය වෙනුවෙන් බැද තිබු බෝම්බය පුපුරවාගෙන මිය ගොස් අදට අවුරුද්දකි. සත් දොහේ මතක බණ හංදීයේ බාර් එකේ දුන් පසු ඈ වළ දැමු පැරණි මතක ආයෙමත් හාරන්නේ අවුරුද්දකිනි. එතරම්ම දිගු කාළයක් මා මාවම රවට්ටමින් හැංගෙමින් කට්ටි පැනමින් සිටියේ තවමත් කියා හෝ ලියා ඉවර නොකල ශේෂයක් ගලක් මෙන් බරට හිත තුල තබාගෙනය. එසේ නොවිනම් සිරෝසියස් හෝ පිළිකාවකින් මාද මිය යන්නට ඉඩ තිබිණි. ඇගේ සියදිවි හානිකර ගැනිම මගේ පව නිසාවෙන්ම ඒ වේදනාව විදව විදවා මාද ලය පැලි මිය යායුතු බැවින් මම ජිවිතයේ ලග වංගු නැව්වේමි. සෑම රෑයකම මැද නැගිට යහනේ අනෙක් පස ඈව සෙව්වෙමි. සෑම හිමිදිරියකම ඇගේ හාදු නැතිව හිත සුසුම් ලෑවෙමි. සෑම වෙහෙස කර දිනක අවසන වු නිශ්ෂ්බ්දතාවය මා නොමරා මැරුවෙමි. ඉතිං ඇය තබා ගිය මං සළකුණු හැමතැනමය. මෙතරම් කාළයක් බර සුසුමක් හෙලා අනෙක් මොහොත හා ගැට ගැසී ජිවිතය ගෙවුණේය. වේදනාව නිහඩ සුසුම් වල පාවී ඈතට ඇදුණි. ඒසැණින් තවත් මතකයක් හදව පහුරු ගෑවේය.


 


වෙරෝනිකා! ජිවිතයේ අතරමැද මග හැරුණු අසීමාන්තික ප්‍රේම අස්වැන්න. ජිවිතයේ මග කියා දුන් ප්‍රේමන්විත භාර්‍ය්ව. සිහිනයක් වීරියෙන් යාථාර්තය තල්ලු කල ප්‍රේමවන්තිය. මහලු වනතුරු එකට වසමු යැයි කියා අතරමග අතැරුනු සිහිනය. දැං ඉතිං වසන්තය ආවත් එකයි නාවත් එකයි! 

සිතේ පිරිතිබු වේදනාත්මක කෙන්තිය යන්නටත් එක්ක මුලු ලිලී මල් යායම මම උදලු ගෑවෙමි. සීත කලුවර දිනක් වුවද මා ගතම දහදියෙන් නැහැවුණි. ඇයට ඕනෑනම් ඉස්සර වගේ ආයෙමත් දොඩමලු විය හැකිව තිබිණ. එහෙත් පසු අවුරුද්ද මෙන් තවමත් ඈ නිහඩ පිළිවෙතෙහිම සිටියාය. කෑගසා අඩන්නට උවමනා වුවත් තවත් මගේ කදුලු ඇගේ හදවතට බර කිරිමට උවමනාවක් නොවිනු හෙයින් ඇගේ හදවත වළදැමු තැනට හරියටම අඩියක් ඉහලින් අඩි තුනක් ගැඹුරට වළක් හාරා ගෙන ආ එක් විලෝ ගසක් එතැන පැල කළෙමි. අඩි පහක් පහළින් තවත් වළක් හාරා ලයිලැක් ගසක් සිටෙව්වෙමි. මහන්සියට මා ඈ අසලම වැතුරුනෙමි.  නමුදු එදා විදි උණුහුම තවත් එහි නැත. 

විලෝ ගස් සෙවණක
අලු පැහැති හැන්දෑවක
ලිලී මල් කිණිත්තක් හිස ගසාගෙන
හිනා වෙනවද
මටයි මගේ හිතටයි

ඇස් කොණින්වත් වැටෙන්නට නොදී
හිත පුරා ඉඩ හැදුව
දැං ඉතිං තනිව ඇවිද යන
හිනා වෙනවද
මටයි මගේ හිතටයි

හීන මංසල පාලුයි
වචනයක්වත් නැහැ කවියකට ඈදෙන
සමු නොදී සමුගැන්මනම් මේ
එක වරක් තව හිනාවෙන්න
මටයි මගේ හිතටයි!

ඇයට දකුණු පසින් තවත් වළක් හාරා මම මගේ හදවතද වළ දමමි. පිළුණු වු අතීතයකුයි, සාපලත් අනාගතයක්ද රැගෙන මම එදා මෙන්ම කලුවරේම නික්ම යමි. ඉතිං සමහර විට පාලු විදී වල හදවත නැති මිනිසෙක් ඔබටද හමුවිය හැක. 

වෙරෝනිකාගේ ප්‍රේමය මෙසේ අවසන්‍ ය.



No comments:

Post a Comment