Thursday, August 4, 2011

හිමින් සැරේ ඔබ ආවා

හිමින් සැරේ ඔබ ආවා 
මගේ ලෝකෙට
මා බලා සිටියා ආදරේ නොකියා //

හීන වලට දුක ගාලා 
ඔබ ආවා මගේ ලෝකෙට
මා බලා සිටියා
ආදරේ නොකියා

සුසුම් වලට දරා ගන්න බැරුවා
දොර කවුළු තිර විවර වුණා‍
ඔල්වර සන් නැගුනා හිත 
ඈ රැගුමන් රැගුවා

කාළය ගෙවී ගියා 
අපේ ලෝකේ
අප බලා සිටියා 
ආදරේ නොකියා

හෙමෙන් සැරේ ඔහු ආවා 
ඔබේ ලෝකෙට
මා බලා සිටියා
ආදරේ නොකියා

හිමින් සැරේ ඔබ පිටව ගියා
මගේ ලෝකෙන්
මා බලා සිටියා
ආදරේ නොකියා



~ අජිත් කුමාරසිරි ~

2 comments:

  1. නොකී ආදරය.. සරලව ලියලා තියෙනවා..

    ReplyDelete
  2. මම දන්න විදියට මේක මුලින්ම ලියලා කියලා අයිතිය ගත්තේ සන්නස්ගල මහත්මයා, හැබැයි මේකේ සැබෑ අයිතිය ඇත්තේ අජිත් කුමාරසිරිට කියලා තමයි අරංචිය.
    සන්නස්ගල මහාතාගේ තරමක වෙනස් පද රටාවක් ඇති අතර ඒක මොරිස් ගායනා කරනවා.

    ReplyDelete