Sunday, December 30, 2012

ආදරය නැතිව ලෝක විනාශය වනතුරු



කාලය ගෙවීගෙන යන්නේ අපි නොහිතන තරමක වේගයෙන්. අධිවේගී ජිවිත විලාසිතාවන් වල පැටලී උන් මිනිසුන් සිතු ආකරයෙන් ලොකය විනාශ නොවුණත් ආයෙමත් අළුත් බලාපොරොත්තු සහිතව ඔවුන් නව වසරකට බරටම ලකලැහැස්ති වෙනවා. ආදරය මිනිසුන්ගේ ජිවිත වලින් ටික ටික ඈත වෙන්න වෙන්න ඔවුන්ගේ ජිවිත හැකිලෙමින් ජිවත් වීම උදෙස එදිනෙදා බලාපොරොත්තු හරි ලොකු ශකිතියක ගෙන දෙන කාලයක් බවට පත් වෙලා.

වෙරෝනිකා
කලින් සැළසුම් කල මොකක්දෝ ආකාරයකට වගේ මේ මිනිසුන් ඔහේ එහේ මෙහේ යනවා. වටපිට බලන්නේ නැහැ. ලෝක විනාශය පරක්කු වෙලා හරි පැමිණේවි කියලා නිකමට වගේ උඩ බලනවා. එත් තවම මම පුරුදු ස්ථානයේ බිම වාඩි ඔහේ බලාගෙන ඉන්නවා. උඩ බලන් එන ගැහැණු කෙනෙක් මගේ ඇගේ හැපිලා ඔක්කාරෙන් වගේ බලා ඉන්නවා. (මම පිටසක්වල එකෙක් වගේ පේනවද දන්නේ නැහැ!!!)

වෙරෝනිකා.......
ඉස්සරම..... මම ඉස්පිරිතාලේ ඉන්නකොට මට කතා කරන්න බැරිව ගියා, මට කතා කරන්න උවමනාක් තිබුණේ නැති හින්දා හා මට කතා කරන්න කෙනෙක් නැති හින්දා මං ගොළුවෙලා ගියා. වෙරෝනිකා... ආයෙමත් ජිවිතේ හටගෙන අළුතින් දළු මල් දමාගෙන එන විට ඔයා දුරක ගියාම අද ආයෙමත් මං ගොළුව ගිහිං. කන් පිරෙන්න බොහෝ අය බොහෝ දේවල් කියද්දි හීනාවක් විතරක් කට පුරා දරාගෙන අහගෙන ඉන්නවා මිස මගේ මුවින් දැං වචනයක්වත් පිටවෙන්නේ නැහැ ආයේ. කයින් හිතන එක නැවත්වලා හිතින් හිතන්න ගත්තම නැත්නම් වචන වලින් හිතන එක නවත්තලා රූප වලින් හිතන්න ගත්තම මට මෙහෙම හිතුනා. වෙරෝනකා.....

සමුල විනාශයක් පෙර දැණුම් දීමකින් පැමිණෙන්න විදිහක් නැහැ කියලා දැන ගන්න දියුණු තාක්ෂණික මෙවලම් නෙවෙයි අවශ්‍ය වෙන්නනේ. නිදහස් මනසක්! පැවැත්මේ ස්වභාවය ප්‍රශ්ණ කරන්න තරම් අපි මොනවද ලෝකය ගැන දන්නේ? අපි දිගිං දිගටම මේ ලෝකය තේරුම් ගැන්ම අතැර දමා ලෝකය  විනාශ කරමින් අපේ ස්ථාවරත්වය ස්ථාපිත කර ගන්න වෙර දරනවා මිස අපේ බියගුළුකම නැති කර ගැන්මට කිසිදු දෙයක් සිදු කර නැහැ. ආගමික නායකයන්ගේ නාමයෙන් යුධ වැදෙන ජනතාවට විනාශ මිස ආදරය ගැන එවිට සිහි ගැනෙන්නේ නැහැ. දර්ශණ අවශ්‍ය වෙන්නේ පැවැත්ම ස්ථාවරයි කියා කියා පාන්න. ආදරය අවශ්‍ය වෙන්නේ ජිවිතේ පවතින්න.

වෙරෝනිකා...... ලෝක විනාශය මගේ මොලේ හොදටම අවුල් කරලා, ඉස්සර වගේ වැස්සේ තෙමිලා සිත සංසුන් කර ගන්නත් බැහැ දැං වහින්නේ ආසනික් වැහී නිසා. කිසිම මුණිවරයෙකුගේ භාවනා ක්‍රමයක් හදාරා නැති මම ආයෙමත් අපේ අතීතය ගැන මෙනෙහි කරමින් සිත සංසුන් කර ගන්න උත්සහා ගන්නවා. 

වෙරෝනිකා කං පිරෙන් වචන ඇහෙනවා කියලා දැනෙන්නේ තමන් ගොළුව ගිය මොහොතටම විතරක්ද?? 

ඉස්සර හොරෙන් මං උඩ පඩියට වෙලා ඔයා දිහා බලාන ඉන්නවා, එහෙමත් නැත්නම් ජනේලය ලගට වෙලා එළිමහනේ ඔයා ඇවිදිනවා බලාන ඉන්නවා. ඔයා එකපාරටම මගේ දිහා බැළුවාම, ඒ බැල්මේ තියෙන තියුණුකම හා බැරෑරුම්කම එකපාරටම මට දරා ගන්න අමාරුයි. මොකද කවුරුවත් එතරම් බැරෑරුම්ව මාව අරං නැති හින්දා.!! එත් හිමින් හිමින් මං ඔයාගේ ඇස් කියවන්න ගත්තා, ඒ බැරෑරුම් බව ලෙහා ගන්න පුරුදු වුණා, එතකොට මට තෙරුනේ මට වඩා ඔයා ගොඩක් අසරණ විත්තිය. ඔයා මුළු ජිවිතේ ගොඩාක් පීඩනයක්ගෙන් බැටකාපු කෙනෙක් යන විත්තිය. ඔයා මට කතා කලා අහම්‍‍බේන්!! එත් මං හිටියේ ඔයාගේ ඇස් කියවමින්, ආයෙමත් හට ගන්න විදිහක් හොයමින් ඔයා උන්නේ!! ඔයාගේ දෑස් නළියමින් කකියමින් තිබුණා. ඔයා හිටියේ කෑ ගහලා තම ආත්මීය වේදනාව පිට කරගන්න ඔනේ තත්වෙක. එත් ඔයා එක පිටකරේ පියානොව පිටින්!!ආත්මීය වේදනාව මොහොතකට ඔයාගෙන් ඈත් වුණා!! ඔයා පුරුදු වුණා මගේ ඇස් දිහා බලන්න, අපේ ඇස් කතා කරන්න ගත්තා........................

වෙරෝනිකා.....................
උන්මත්තකයෙක්, මානසික බෙලහීනතාවයෙන් පෙළෙන්නෙක් හා නිකමෙක්ව සිටි මට ආදරයකින් සාත්තු කර අළුත් ජිවිතයක් අරං ආවේ ඔයයි. ඒ ආදරේම අවුරුදු තුනකින් ආයෙමත් අළුත් වෙලා හාදු වැස්සක්ව පූදීනකම් මම පරණ පුරුදු තැන බලාන ඉන්නවා.
කල් යනකොට වයසත් එක්ක ජිවිතේ බරයි කියලා මිනිස්සුන්ට තේරෙන්න ගන්නවා, නමුත් ඇත්ත ආදරය නිසාම ප්‍රේමයේ වින්දනීයභාවය ඔබ අසලම දැවෙට නිසාම මිනිසුන් ජිවිතේ විවිධ විදහට හැඩ කර ගන්නවා. ජිවිතයට ඕන වෙන්නේ දර්ශණයක් නෙවෙයි, ප්‍රේමයක් කියලා මට මගේ ආදරය උගන්වමින් ඉන්නවා. නපුරු වෙමින් ආයෙමත් ආදරයෙන් වෙරෝනිකා හැමදාම මං ඔයා වෙනුවෙන් මග බලාන ඉන්නවා!!!!

ඇය ලග නැතිව ලෝක විනාශයද කල් ඉකුත් වන ලදී....!!!!



කල් දමා අළුත් කර ගන්න ලද මේ ලෝකයේදී අපි ආයෙමත් සිප ගනිමුද අළුතින්????!!

2 comments: