Saturday, May 4, 2013

එන්න මේ වැස්ස විදින්න




දිර්ඝ පෑවිල්ලකට පසු එන වැස්සත් එක්ක හැමදාම වගේ පාරේ බැහැලා යන්න බැරි කමක් එනවා. පොඩි වැස්සකින් පවා මුළු නගරය තදබදයකින් වෙලා ගන්නවා. එක පෙලට ලයිට් පත්තු කර ගනිපු සුඛෝපභෝගී වාහාන හිමින් හිමින් ඇදෙන්න ගන්නවා. මෙච්චර දවසක් කිසිදු හදිසියක් නොතිබුණු මිනිසුන් වැස්සත් එක්ක ලොකු හදිසියකින් ගෙදර දුවන්න ගන්නවා හැමෝම එක විට. පොඩි පාරක වාහාන ගොඩක්......

වෙරෝනිකා........
ජිවිතය තනිව ජීවත් වීම හැර ‍අන් රස මගක් මෙලොව නැහැ. ඔයත් එක්ක ජිවිතේ මුහු වුණාම මගේ ලෝකය විශාල වෙනවා. එත් ඒ විශාලත්වයට අපි හැමෝම බයයි. ඒක දරා ගන්න පුළුවන් දැණුමක් අපිට කෙහෙන්වත් හමුවෙලා නැහැ. විරසකවීම් ඇතුලේ තියෙන්නේ එකිනෙකාට තර්ජනය කර ගැනීම්. ආදරය කරන්න පුළුවන් මිනිස්සු මේ දුපතේ නැහැ කියලා මං තේරුම් ගනිමින් ඉන්වා. තව මිනිසෙක් තම ජිවිතය දික් විජය කරමින් යන විට එක යටහත් විමක් ලෙස අපි ඔළුවෙන් තේරුම් ගන්න හදනවා. එත් හදවත කියන්නේ අන්යමක්. අවුරුදු ගණනක් ඔළුව පාවිච්චි කරලා වැඩ කරපු මිනිස්සු විදිහට ආදරය ඇතුලේ තියන මනුස්සකමත් අපි භාර ගන්නේ ඔළුවෙන් මිස හදවතින් නෙවෙයි. අපි තර්ක ගේනවා. හුදෙක් ඒ මෙහොතේ ඇති ශූංගාරත්මක රසය මග හරිමින් අපි අපේ උගත්කම ඉදිරියට ගෙනෙමින් ඉන්වා. කොටින්ම අපි පොරත්වය චූන් කරන්න හදනවා අතිශය පෞද්ගලික වූත් අතිශය මානුශික වුත් තැනකට. 

එක පෙලට යන රථ පෙරහැර දිගේ වැස්සේ තෙමි තෙමි මේ මොහොතේ බලා ඉන්න එකම මිනිසා මම, මම වැස්සට ආදරෙයි. මට මගේ ශරීරය මත වැටෙන හැම වැහි බිදුවකම විශාලත්වය වෙන වෙනම දැණෙනවා. ඒවා වේගවත්ව මහා වැස්සකට අර අදින කොට තෙතබරිත කම විසින් ජිවිතයට ගෙන එන්නේ අස්වැසිල්ලක්. නිවනක්. වැස්ස කියන්නේ භාවනාවක් ආදරය වගේ. ඔයා එකට කවි ලියනවා, ඔයා ඒකට දාර්ශණික සංකල්ප ගෙන එනවා. එත් ඔයා වැස්සේ තෙමෙනේනේ නැතිව වාහනයට ගොඩ වැදිලා ගෙදර හදිසියේ දුවනවා. වැස්සට ඔයාගේ තත්වය දියවෙයි කියලා ඔයා බයයි. වැස්සට ඔයා වෙනස් වෙයි කියලා ඔයා බයයි. එත් වැස්ස කවි ලියනවා, ඔයා ඒකට දාර්ශණික සංකල්ප ගෙන එනවා. 

ඔයා බොහොමයක් දේවල් එක්ක එකට පැටලිලා..... මගේ තොල් ඔයාගේ ගෙල දිගේ පහලට රූටා එනකොට ඔයාගේ අඩවන් වන දෑස් වලින් වචනයෙන් කියන්න බැරි බොහෝ දේවල් කියමින් හිටියේ. ඒක ඔයාගේ පියයුරුවක් මත රැදෙද්දී ඔයාගේ හුස්ම ඉහළ පහල යෑමේ වේගය වෙනස්වීම හරියට වැස්ස වගේ, එක වෙලාවකට ලොකු වැහි බිංදු තව වෙලාවක තද වැස්සක්.... එත් ඔයාට තිබුණේ රාගයයක්, මට තිබුණේ ආලයක් මම හිටියේ ඔයාගේ ශරීරයේ දිග පළල මැන මැන. වැස්ස වැටෙන්න කාළයක් ගන්නා සේම ඔයාව තෙතබරිත කරන්න මට කාළයක් ඔනේ. ඒක වචන වලට එහා ගිය අවබෝධය පිළිබද ගැටලුවක්. ඔයා නිරුවතින් කියලා ලෝකයාම දැන ගත් විට ගල් ගහන්න ඒ මිනිසුන්ට පහසුයි. එත් ලෝකයක් ඉදිරියේ නිරුවත් වෙන්න ආත්ම ශක්තියක් තියෙන්න ඔනේ. ඔයාගේ ම වචන ආයෙමත් පාරා වළලක් සේ ඔයාටම දමල ගහද්දී මිනිස්සුන්ට දැනෙන්නේ නිරුවත් වීම පිළිබද ලැජ්ජාවකට වඩා ඒ ගැනකළකිරිමක්. එත් ඔයා තුල තියෙන ආත්ම ශක්තිය පිළිබද හරි ඔයාට සතුටු වෙන්න පුළුවන්. මොකද හැම එකාම දිර්ග කාලිනව බලා හිද ඇත්තේ ගල් අතැතිව මිසක් ආත්ම ශක්තිය හිතේ දරාන නෙවේයි. 


වෙරෝනිකා........
ජිවිතය කියන්නේ දෙවියෝ, යක්ෂයෝ සහ තිරිසන්නු නෙවේයි. ජිවිතය කියන්නේ උදෑසන පිබිද හිරු කිරණ සමග මිලින වී යන මලක උනන්දුවයි. එක් තුල මහා දාර්ශණික තර්ක නැහැ. පළමු හිරු කිරණ පහසින් නටන මල් වල ඇත්තේ උද්යෝගය හා දෝරේ ගලා යන සතුටයි.  තව මොහොතකින් මිය යෑමට සුදානම්ව සිටියද හිරු කිරණ ගැන ඒ මලට ආදරයක් තිබේනවා. ඒක පැවැත්මේ ගැටලුවක්. 
වෙරෝනිකා....... ආදරය යනු අරක මේක නෙවේයි. ආදරය යනු මේ මොහොතේ ඔයා‍මයි. ඉතිං ඔයාට දැං ඔයාව මග හැරිලා....එත් මං තාම ආදරය හොයනවා පත්තු වෙච්ච ඇස් දෙකක් ඇතුලේ


4 comments:

  1. //වෙරෝනිකා....... ආදරය යනු අරක මේක නෙවේයි. ආදරය යනු මේ මොහොතේ ඔයා‍මයි. ඉතිං ඔයාට දැං ඔයාව මග හැරිලා....එත් මං තාම ආදරය හොයනවා පත්තු වෙච්ච ඇස් දෙකක් ඇතුලේ
    //

    ප්‍රේමණියයි!!!!!! ලස්සනයි!!! තවත් මොනාද???

    ReplyDelete
  2. වෙරෝනිකාගේ පෝස්ට් වලින් මගේ වැඩියෙන්ම හිත ගත්ත පෝස්ට් එක මේකයි කිවුවොත් වැරදි නෑ මම හිතන්නේ.. ඇත්තටම ලස්සනයි..

    ReplyDelete
  3. ඇත්තෙන්ම ගොඩක් ලස්සනයි...

    "වෙරෝනිකා" කියන්නෙ මම ආසම නම් කිහිපයෙන් එකක් :) එක දැකලයි ගොඩ උනේ :P

    ReplyDelete