Wednesday, July 31, 2013

ඒ මග වැටි ඇත්තේ නිදහස් වීම තුලයි




වෙරෝනිකා......
ඇකඩමික් දැණුමින් ඔයාට කිසිදවස අව්‍යාජ ආදරය කරන මිනිසෙක් බවට පත් වෙන්න බැහැ. එක විසින් හැමවේලාවකම ඔයාව දැණුම් තේරුම් ඇති ගැහැණයෙක් විදිහට ප්‍රක්ෂේපනය කරන්න ගන්නවා. ඔයා ඔයාගේ නොහැකියාවන් හැම එකක්ම ඇකඩමික් දැණුම මගින් වසා ගනිමින් සිටිනවා. මිනිසුන් හැමෝම එහෙමයි..!! එත් වැරදීම්, හිත් රිදවීම්, රැවටීම්, නොහැකියාවන්, කුදුළු-සුසුම්-උණුහුම මේ හැම එකක් එක්ක තමයි ආදරේ පැවැත්මේ ස්භාවය තිරණය වන්නේ.

සමහර විට ඔයා කාලයක් යද්දී අනෙකා මත යැපෙන්න ගන්නවා. ඔයා හිතනවා මේක යුතුකමේ කොටසක් කියලා. ආදරය තුල එහෙම බල අධිකාරීන් රදා පවත්නේ නැහැ කොහොමවත්ම. මොකද ආදරය කියන්නේ ඒ මොහොතේ ආදරයේ පැවැත්මේ ස්භාවය විතරක් වන නිසා. ඔයායි එකට ඔයාගේ නිරිවාචික උත්තර හොයා ගන්නේ, එක නිකම්ම ස්වයං විදීමක් වෙනවා මොහොතක. ඒ ස්වයං විදිමේ ත්වරභාවය මත ඔයා අනෙකාව තෙරුම් ගැනීම කෙරෙහි නැඹුරු වෙන්න ගන්නවා, අනෙකාට ගෞරවයක් ඇතිවෙන්නේ අන්න ඒ අවස්ථාවේදී. වචන භාවිතා කරමින් සංනිවේදනය කරන අපි ආදරය තුලටත් ඒ භාෂාවම ගෙන එමින් තියෙනවා. එත් ඇත්ත කාරණය ඔයාට හැගෙන දැනෙන දේ කියන්න භාෂාවක් මොකටද කියන කාරණයයි. අන්න එතැනදී හැමෝම වගේ මගහැර යමින් ආදරය තවත් එක් යුතුකමේ ස්භාවයක් හරි ගණු දෙණුවක් යැයි සිතමින් කටයුතු කරන්න පෙළඹෙනවා. ආදරය කෙරෙහි ඔයා සංවේදී වන තරමට තමයි අනෙකාව තමා තුල හට ගැනීමට අවකාශය සැලසෙන්නේ. එක හරියට ඔයාට පියාඹන්න පුළුවන් වුණා වගේ වැඩක්. ඔයාට දැං පියාඹන්න පුළුවන්, ඔයා හැමදේයක්ම අමතක කරලා දාලා පියාඹා යනවා වෙනත් හිත් අහසක, ඔයාට දැනෙන්නේ හරිම නිදහස් හැගීම් සමුහයක්. ඔයාගේ භාෂාවෙන් ඔයා සුරක්ෂිතයි කියලා ඔයාට දැනෙන්න ගන්නවා. හැබැයි එතැන අවධානමක් තියෙනවා. මොකද ඔයා මොහොතකය හරි ඔයාගේ සංවේදීභාවය ගැන තැකීමක් නොකරන විටදී ඔයාට පියාඹන්න තියෙන ඉඩ ඇහිරෙනවා. හැබැයි මං කියන්නේ අන්තිමට ඔයා පියාඹන්න හරි ඉගෙන ගත්තනේ...සතුටු වෙන්න!!!


වෙරෝනිකා.....
මේක තනිකරම උමතුවීමක්.....!! ගොඩක් මිනිස්සු තමන්ගේ තත්වය අරක මේක කිය කියා මග හරිමින් ඉන්න තත්වයක්.අපි අපේ ඇකඩමික් හැදියාව තුල මේ උමතු ස්භාවය වසං කරමින ඉන්නවා. කාළයක් තිස්සේ පුරුදු පුහුණු කරපු මේ දෙය හින්දා අපිට අමතකව ගිහින් ජිවිතය සතුට අරං එන්න. එත් අපි ගොඩක් දේවල් කරමින් සතුට හොයනවා. හැබැයි පිරිපුන් ඇත්ත මිනිසා ඉන්නේ ඒ උමතු ස්භාවය තුල කියලා අපි කාලාන්තරයක් මුළුල්ලේ අමතක කරලා දමලා. දිගක් පළලක් හැඩයක් නැතිව ආදරය කරන්න ඔයාට ඒ උමතු ස්භාවයට පත් වෙන්නම වෙනවා. පාසල් යන කුඩා ශිෂ්‍යාවක් වගේ ඔයාට නිදහස් වෙන්න වෙනවා. මොකද ඔයා විසින් ඔයාව වසා දමා ඇති තිර රෙදි ඉරා දමන තුරු ආදරය පවතින්නේ එයාට ගොඩක් ඈතින් නිසා. ඉතිං අනෙක් හැමෝම වගේ දෛනික ජිවිතයකට පුරුදු පුහුණු වෙලා දින ගණන් නිකං ජිවිතය විනාශ කරමින් ඉන්නවා. අපි අපේ හිත් නිර්වින්දනය කර මොලයෙන් වැඩ කරනතාක් අපිට සමාජය තුල සාර්ථක මිනිසුන් සේ පෙනි සිටිම හැකි වනු ඇත. එහෙත් ඇත්ත ජිවිතය තුල ඔයා ඉන්නේ කොච්චර කළුවරකද? කෙතරම් තනිකමකද? ඔයාට සබදතා බොහොමයක් තිබි තිබෙන්නට පුළුවන්! ඔයාට ජිවිත අහුවෙලා තියෙනවා නම් එතරම් සබදතා ගණනක් පැවැත්මට හෙතුව කුමක්ද? ඔයාට හැමතිස්සෙම ඔයා තුල තිබෙන දෙය මග හැරෙමින් තියෙනවා.

වෙරෝනකා.....
ගැහැණුන් මිනිසුන් වගේ යාන්ත්‍රිය වෙන්න පටන් අරං. යුද්දෙකට පුරුදු පුහුණු වෙන සෙබලු කොටසක් වගේ එගොල්ලෝ පිරිමි අනුකරණය කරමින් ඉන්නවා. ඉතිං හැමදාම වුණා වගේ පිරිමින්ට මග හැරුණු ආදරය ගැහැණු අතිනුත් ගිලිහෙන්න පටන් අරං. ඔයාට හිතා ගන්න පුළුවන්ද වෙරෝනිකා ව්‍යජ සම්බන්ධතාවයකදී තමන් කාට රැවටෙනවද කියලවත් නොදැන ගැහැණු හා මිනිස්සු හිනා වෙමින් සිටින අන්දම! ඔයා උමතු වෙන්න උමතු වෙන්න ඔයාට ඒ බොරුව පෙන්න ගන්නවා. හරියට නිශ්චල ජලය පෙරලා අපිට අපේ රූපය පෙන්නනවා සේ. 
ජිවිතය අදුරේ ගෙවන එක අපි නවත්වමු වෙරෝනිකා....
අදුර නසන්නට ප්‍රේමයේ පහන් අපි වෙරළාද්දර පත්තු කරමු....
මං ඔයා එනකං ගාලු මුවදොර ඇස් කන් ඇරං බලාගෙන......
ඔයා අදත් පරක්කුයි...!!!



No comments:

Post a Comment