Wednesday, January 1, 2020

පරණ වු ආලයක්!



න්දකාරයත් වැහී බීරම් විසින් වෙලාසනිම්ම මිනිසුන්ව ගෙවල් වලට ගාල් කරලා. ඈතින් පේන පාළම මත දිදුළන විදුලි ආලෝකයට රටාවකට නැති වුණත් වැටෙන වැස්ස හරි හැඩයි. මිනිස්සුන්ට එක එක අර්ථ දැක්වීම් තිබුණා ඔයා ගැන වෙරෝනිකා. සමහර ඒවා ඔයා මට කිව්වේ බෙහෝම උජාරුවෙන්, තවත් සමහර ඒවා ඔයා කිව්වේ නොක්කඩු ස්වරූපයෙන්. හැබැයි ඒ හැම දෙයක්ම අඩු වැඩි වශයෙන් ඔයාගේ ජිවිතයට බලපාන විත්තිය නිහඩවම මම දැනගෙන උන්නා. දැං ගොඩාක් කාළයක් මම මග බලාන ඉන්නවා ඔයා ආයෙමත් ඒවී කියලා. එත් දැං මං දන්න දේ තමයි ඒ ආවත් එන්නේ මං දන්න වෙරෝනිකා නොවන විත්තිය. ජිවිතේ අඩු පුරවන්න ඕනෑම දෙයක් කල හැකි මිනිසුන් සිටින සමාජයක වෙරෝනිකා ඔයත් තව එක්කෙනක් විතරයි කියලා මට පසක් වෙමින් තියෙනවා. තමන්ගේ වැරදීකාරිත්වය තමන්ගෙන්ම වහගෙන මිනිසුන් විවිධ දේ ඒ සදහා කියමින් හා කරමින් ඉන්නවා. 

වෙරෝනිකා....

මේ බියර් මත නිසා මගේ ඔළුව පැලෙන්න කකියනවා. එත් පෙන නගමින් විදුරුව මතට පිරෙන බියර් වඩියක් මගේ උගුරෙන් පහලට යන්නේ අපි ගැන මතක සියල්ලම දවා හළු කරගෙන. එත් එක පාරටම ඔයාගේ දෙතොල් මගේ දෙතොල් ඉස්සරහා තියෙද්දිම මට පියවි සිහිය හැමදාම එනවා. සිගරට් ෆිල්ටරයට කළු ගැහිලා, තැම්බිලා තියෙන දෙතොල් ආයෙමත් අස්වද්දදන්න ඇයි තවම ප්‍රමාද...??? 
වෙරෝනිකා....
ඔයා හිටියේ ඇස් තදින් වහගෙන... හරියටම කෙස් ගස් දෙකක් දුරින් ඔයාගේ දෙත‍ොල් නැවතිලා තිබුණේ මගේ දෙතාල් වලට. ඇස් ඇරං හිටපු මට නළියන ඔයාගේ දෙකම්මුල් හයියෙන් හපන්න හිතුනා. එත් ඔයාගේ දෙතොල් මග හැරලා එහෙම කරන්න විදිහක් මට නැහැ. ලා රෝස පැහැති තොල් සායම් දියවෙලා ගියදෙන් කියලා මම ඔයාගේ දෙතොල් සිප ගත්තේ....... 
වෙරෝනිකා....
මත් බව කියන්නේ මේකටනේ............ මගේ මුළු ශරීරය පුරාම විදුලි දහරාවක් ගමන් කරමින් තිබුණේ, ඒ නිසාම මම ඉපිලෙමින්, ආයෙමත් ඉපදෙමින් හිටියා. අඩ අදුර විසින් තව තවත් මා මොහොනයට පත් කරමින් තිබුණා. මට තිබුණේ බොහෝම කලබලයක්...
වෙරෝනිකා ..... මං කල්පයක් බලා උන්නා.....

මං දැං ඔයාගේ ලගනේ.... මාව වැළද ගෙනම ඉන්න.... තදින්

ඇයගේ හඩ සිහින්ය. රෝමෑන්තිකය. වශි කරවන සුළුය. ඔයාගේ දෙතොල් වලින් බැස්ස මගේ දෙතොල් ඊලගට නැවතුනේ ඔයාගේ දෙවුර මත. මම හිමිහිට ඔයාගේ ඇදන් සිටි ටී ෂර්ට කර එහා මෙහා කර මගේ හාදු ඒ සියුමැලි පුළුල් දෙවුර මත සිටෙව්වෙමි. ඒ වනවිටත් ඔයා ඉඩ හසර ලබා දෙමින් තිබු‌ෙණේ පහලට රූටන්න. මේ තරම් සැහැල්ලුවෙන් ඔයා මාව ඉවසන්න කොහොම පුරුදු වුණාද මංදා...?? හැමදාම මම ආස විලවුන් සුවද අදත් මට ගෙන දෙන්නේ ඔයා ගැන රෝමෑන්තික හීනමයි. එත් මම පියවී සිහියෙන් ඉන්න වගබලාගෙන උන්නේ හොදට.මගේ කරවටක් අත් යවමින් ඔයා හිටියේ ඇවිලෙන්න බලාගෙන. මම මාස ගණනක් තිස්සේ දැල් වෙමින් හිටියේ. 


තවදුරටත් මගේ වීදුරුව තුල බියර නැති බව හැගීමෙන් මම පියවි සිහිය එළඹවා ගතිමි. සිහිනයෙන් හරි මම ආසම ඔයාව සිප ගන්න, ලගට ගෙන මගේ ඇකයේ තුරුළු කර ගන්න, වෙරෝනිකා තව කල්පයක් මට බලාන ඉන්න වේවිද මෙහෙම....?? 

ඒක හීනයක් යැයි හිතපු කාළය ‌ග‌ෙවිලා ව‌ෙර‌ෝනිකා ඔයා දැං සදහටම මගේ ලග! රිදුණු තැන් පුරුද්ද ගනිමිුතු, කැඩුණු තැන් තනියම හදා ගනිමිනුත්, ව‌ේදනාව තනිව විද දරා ගනිමිනුත් මගේ හිතුවක්කාර හි‍ත ලග අවුරුදුම දහයක් ඔයා නැවතිලා! ආදරේ අඩු වැඩි වශයෙන්ද, ව‌ේදනාව මැනිය ‌න‌ො හැකි ප්‍රමාණයකින්ද සිනහාව අල්ප මාත්‍රයකින්ද දරාගෙන ආදරී ඔයා තාම මාගාව! ‌‌ක‌ොළඹ සද වගේ ‌ෙනොවුණත් ම‌ෙල්බන් හදත් හරි හැඩ තමයි! ඒත් ව‌ෙර‌ෝනිකා හද බලන්වත් මට ඉස්පාසුවක් තිබුණාද? 

ආදරේ පෑල ද‌ො රින් පැනලා යන්නේ හිටගන්න ‌ප‌ොළවක් නැති වුණාමද? ඒ්ක මගේ විකාරයක් විතරමද? ඒත් ව‌ෙර‌ෝනිකා සෑම ‌ද‌ොරක්ම විවෘත කරමින් ඔයාා තාමත් මට ආදරේ ඉස්සෝරෝම වගේ! මට ඒ්ම ඇති!!

No comments:

Post a Comment