Monday, October 14, 2013

ගැහැණිය නම් මහද්වීපය


ගැහැණියක් කියන්නේ මහද්විපයක් නම් ඔබට සිද්ධ වෙනවා හොද සිහි කල්පනාවක් තියාගෙන ඇවි‍දින්නෙක් වෙන්න. මතක තියා ගන්න සිහි කල්පනාවෙන් ඉන්න. මොකද භූමිය හා එහි කාළගුණික විපර්යාස ගැන ඔබට අවබෝධයක් තිබුණේ නැතිනම් ඔබට සියල්ල මග හැරෙනවා. ඔබ නිකං විදේශිකයෙක් වගේ රවුමක් ගසා යන්නට යාවි. ඔබට සිදුවෙනවා හොද සිහියෙන් එහිම වු සුවිශේෂත්වය අභ්‍යන්තරයටම සොයා යන්න. 

ගැහැණියක් කොහොමත් පිරිමියෙකුට වඩා රස පරාසයකින් වැඩි. එක් එක් ගැහැණියට අනන්‍ය වු එක් එක් රස පරාස වෙන වෙනම දැකිය හැකි මුත්, බොහෝ රස පරාසයන් සොයා ගැන්මට ඔබට සිදුවෙනවා දිර්ඝ කාලීනව සිහි කල්පනාවක හා හොද ඉවසීමක රැදෙන්න. නමුදු මුළු ජිවිත කාළයේදීම ඔබ විසින් සොයා ගන්නේ ඉන් අඩකටත් අඩු ප්‍රමාණයකි. රස හදුනන්නන් විසින් ඒ ඒ රස වෙන වෙනම අත්හදා බලමින් ඒවා ගැහැණිය තුලින් මතු කර ගනු ලබයි. බොහෝ විට ගැහැණුන් පවා නොදන්න තමා තුල වු ඒ විභවය සොයා ගත හැක්කේම තවත් එක් රසවතෙකුටම පමණකි. ඔහු ප්‍රේමවන්තයෙක් සේ රොමෑන්තිකවද, සල්ලාලයෙක් සේ රාගිකවද, ආගන්තුකයෙකු සේ කරුණාවෙන්ද, ස්වාමියෙකු සේ වගකීමේන්ද ඒ රස සොයා ගත යුතුව ඇත. 

ඔබ හිතන්නේ නිකම්ම නිකං ගැහැණියගේ ශරීරය ගැන විතරයි. ඔව්..!! දැනටමත් ඔබ පි‍ලිස්සෙමින් සිටින රාග ගිණ්නට ඇය ඔසුවක් යැයි ඔබ සිතයි. නමුදු ඔබ රසක් නොහදුනන තාක් ඔබ ශරීර කියක් සමග සැතපී ඔසු සොයන්නනට වේදැයි ඔබම නොදනියි.  ඔබ තුල ඔඩු දුවන රාගික ගින්න විසින් ඇය තුල ඇති රසය සොයා යෑම වළකාලමින් තියෙනවා. ඉතිං ඔබට සිහියක් නැහැ, ඔබ ආතුර වුවාක් සේ ඒ ස්ත්‍රි ශරිරය මත ඒ මේ අත දගලමින් වෙහෙසෙනවා. නමුදු ඔබට කිසි විටෙකවත් රසයක් දැනෙන්නේ නැහැ. ඒක නිකම්ම නිකං ඔබගේ සිත රවටා ගැනිමක් පමණයි.  ඇගේ ශරීරය වගේම ඇගේ සිතත් ඇගේ චර්යා රටවනුත් ඔබ උකහා ගන්නා තුරු ඔබට ඒ රසය කළම්ඹා විදිනට නොහැකි වනු ඇත. යාන්ත්‍රික ජිවන හුරුපුරු හේතු කොටගෙන බොහො රස පරාසයන් ගැහැණියකගේ ගැඹුරුම තැන්වල සැගවෙමින් පවතිනවා. නමුදු රස සොයා යන්නෙකුට හැකි වෙනවා කැනීම් කර ඒ රස ඈ තුලින් උපද්දවා ගන්නට. අළුත්ම ද්විපයක් සොයා ගත් ගවේශකයෙකුට දැනෙන ආඩම්බරය හා සතුටින් ඔබ ප්‍රමෝදයට පත් වනු ඇත. ඔබගේ අත්‍යන්ත කැපවීමෙන් සහ වෙහෙසින් ඇය තුල ඇති රස ගුලාවත් ඔබගේ ධාරිතාවත්, ඔබ විසින් සොයා ගනු ඇත. 


6 comments:

  1. ආදරයත් රාගයත් අතරේ ලොකු වෙනසක් තියෙනවා කියලා හිතන්නේ කීප දෙනෙක් විතරයි..

    ReplyDelete
  2. //බොහෝ විට ගැහැණුන් පවා නොදන්න තමා තුල වු ඒ විභවය සොයා ගත හැක්කේම තවත් එක් රසවතෙකුටම පමණකි. ඔහු ප්‍රේමවන්තයෙක් සේ රොමෑන්තිකවද, සල්ලාලයෙක් සේ රාගිකවද, ආගන්තුකයෙකු සේ කරුණාවෙන්ද, ස්වාමියෙකු සේ වගකීමේන්ද ඒ රස සොයා ගත යුතුව ඇත.// මෙන්න මේ ටික නම් හිතට ඇල්ලුවා. මේ කිවුව චරිත ටික ඔක්කම උඩ කමෙන්ට් කරපු කෙනාටනම් තියෙනවා තව පියෙක් වගේ වගකිමෙන් කියන කොටසත් එයාගේ චරිත ගොඩට එකතු වෙනවා.

    ගැහැණිය කියන්නෙ කවදාවත් පැහැදිලිව තෙරැම් ගන්න බැරි නිරන්තරයෙන් වෙනස් වෙන සුළු කෙනෙක්. අනික් එකින් එක්කෙනාට බොහොම පැහැදිලි විශාල පරාසයක විහිදිච්ච වෙනස් විම් ගොඩක් තියෙනවා. මේ ලිපියේ ඒ අදහස තියෙනවා. ඇත්තටම යාන්තමට හරි මේ ලිපිය හැම කෙනෙක්ම කියවුවනම් හොදයි කියලා හිතෙනවා. :)

    ReplyDelete
  3. ස්තුතියි හැමෝටම....!!!

    ReplyDelete
  4. ආදරයක් රාගයත් වෙන් කරලා හදුන ගත්තට මදි ඒක විඳින කෙනත් වෙන වෙනම විඳින්න ඕන

    ReplyDelete
  5. ලස්සන කතාවක්. හොඳට ලියලා තියෙනවා. ඔයාට සුබ පතතවා....

    ReplyDelete
  6. ගුණ දොස් කියන හැමෝටම මගෙන් ආදරය!!! තුති!!!

    ReplyDelete