Sunday, January 5, 2014

ආදරෙත් එක්ක වයසට යන්න


දින සති ගෙවෙමින් අවුරුදු ඉගිල්ලෙනවා. අතීතයට මතක පමණක් ඉතුරු කරමින් අපි පරණ මිනිස්සු වෙමින් තියෙනවා. එතරම්ම වේගයෙන් ලෝකය ඉදිරියට ගමන් කරනවා, අපි ටික ටික වෙනස් වෙමින් වයසට යනවා. 

මිනිසෙකුට ජිවිත කාළය තුලදී ප්‍රේම සම්බන්ධතා කොපමණ තිබුණද ඔහුට ආත්මීය බද්ධ ප්‍රේම සබදතාවයන් තිබිය හැකිකේ එකක්ම පමණි. ඒ තරම් බැරෑරුම් වෙන්න ශක්තියක් එන්නේ තමන්ගේ ප්‍රේමයේ ඇති ඉඩ කඩ නිසාමය. නිදහස නිසාමය. ආදරය තමන් බවටම පත් වු විටක දී ආයාසයකින් තොරව තමන්ට හැකිවෙනවා විවෘත වෙන්න. ආදරය, එහිම ස්වරූප තේරුම් ගැනීමේදී යම් නිශ්චිත මොහොතක අපිට සිද්ධ වෙනවා ආදරය දිහා බලන්න ඉන්න. එසේ නොවන තැන්හිදි අපි හැල්මේ දුවම්න් ගොස් යම් නිශ්චිත මොහොතක ඒ ආදරය විනාශ කර ගන්නවා. එයට කියන්නේ සම්බන්ධතායන් කියා මිස ආදරය කියා නොවේ. ආදරය එහි තත්වයන්ගෙන් බාර ගැනීමට ඇති නොහැකියාව නිසාත් නොදැණුවත්භාවය නිසාත් අපි ජිවිතයේ බොහෝ පඹ ගාල් වල පැටලෙමින් අපි අපිවම සොයමින් සිටිනවා. එත් අන්තිමේදි අපි තුලම තිබු දෙයක් මිස පිටතින් කිසිවක් අපිට ලැබෙන්නේ නැත. 

බොහෝ ආදරයන් පවතින්නේ කොන්දේසි, නිති රීතින් හා කඩදාසි මතම පමණි. නමුදු විශ්වාසය නැති තැනකදී ආදරයට ඇති වලංගුභාවය කෙමෙන් දියවී යනවා. ඔබ අනෙකාව වෙනස් කරන්න ගන්න උත්සහාය තුලදීම ඔබට ආදරය මග හැරෙන්න ගන්නවා. හදිසියත් කෝපයත් විසින් ඔබට ඔබව මෙන්ම ඔබගේ ආදරයද ඔබට අහිමි කරමින් ඉන්නවා. 

ජිවිතෙන් හරි අඩක් පිස්සෙක් සේ ගෙවු මට ආදරය අරං ආවේ සිහිනමය බලාපොරොත්තුවක්. අවුරුදු ගණනක් ගෙත වෙලා ගියත් ආදරය කෙරෙහි ඇති ඒ උමතුමය තත්වය තවමත් ‍එලෙසමයි. දැං මං ආදරය කියලා හදුන්වන්නේ වෙරෝනිකාව..........



2 comments:

  1. ආත්මයෙන්ම බැදුන ප්‍රේමයක් ජීවිතේ ලං වෙන්නේ හරිම කලාතුරකින්..

    ReplyDelete
  2. මං ආසයි ආදර අන්දරයක සීතලේ ගුලි වෙලා ඵයා ලඟටම වේලා ඉන්න.මම ආසයි ඔයා ගැන දැන ගන්න.මට කියා දේන්න.මගේ හඩ ඔයාට ඇහේනවද?

    ReplyDelete