Friday, June 28, 2013

අධිවේගී ජිවිතයට ආදරය අළුතින්



වෙරෝනිකා............!!!
මානසික රෝහලෙන් පැන ආ දා පටන් මම නිහඩවම නිසොල්මන්ව බලාගෙන ඉන්නවා. එක් පැත්තකින් අතෝරක් නැතිව කියවගෙන කියවගෙන යන ඔයා, අනෙක් පැත්තේ හැල්මේ දුවන ලෝකයක්. හැමෝටම තියෙන්නේ පුදුමාකාර හදිසියක්. නිශ්චිත කාළ සටහනකට හුරුවු ජිවිත ගොඩක්. ඒ කෙටි කාළය තුල ගොඩ ගසා ගත්තා වු භෞතික සම්පත් ගොන්නක්.

වෙරෝනිකා..............
යම් නිශ්චිත කාලක් ආවම මේ සියලූ සබඳකම් අවසන් කර අපිට යන්න වෙනවා. ඉතිං මං කැමති ඔයාටත් යෝජනාවක් කරන්න. අපි දුවන එක නවත්වමු. මොකද අපි කොච්චර හයියෙන් දිව්වත් අපිට අපි නොදන්න අවසානයක් උරුමයි. අපි හිමින් මේ ජිවිතය විදිමු. ගැහැණියකගේ ආදරය වෙනුවෙන් බැගෑපත් වන ඉවසීම නැහැ ඒ ගැහැණිය තමන්ගේ කර ගත්තහම. ඒ ඉවසීම එන්න එන්න හීන වෙමින් හීන වෙමින් යනවා. මට කියා දෙන්න ඔයාට හැමදාම වෙනස් ආදරයක් ගෙන එනවිදිහ.
ඔයාට මතකද ඔයා මාව මුල් සැරේ සිපගත් විලාසය. එතැන බයක් තිබුණා ආගන්තුක අත්දැකීම් ගොන්නක් එක්ක. නුහුරුකමක් තිබුණා ලොකු ඉවසීමක් හා බලාපොරොත්තුවක් එක්ක. එන්න එන්න අපි එක අතුරුදහන් කර ගනිමින් ඉන්නවා. 


ඔයාට දැං වුණත් ලොකු හදිසියක් තියෙනවා මේක කියවගෙන කියවගෙන යන්න. මේ වචන අතර තියෙන ඉඩ පවා නොතකන්න තරම් ඔයා වේගවත් වෙලා. එහෙම හුරුවෙලා. ගැහැණියක් කියවන්න, වේගය නෙවෙයි අවශ්‍ය වෙනනේ ඉවසීම. ලෝකයක් පිළිබඳ අවබෝධය. කිසිදු දෙයක් නොදන්නා මිනිහෙකුගෙන් ගැහැණියක් බලාපොරොත්තු වෙන්නේ මොනවද? මග හැර හිදීම හා බලාපොරොත්තුව හිදීම කියන්නේ කාරණා දෙකක්. ගැහැණීයක් තම මුලූ ජිවිත කාළය පුරාම කරමින් හිදින්නේ බලාපොරොත්තුව හිඳිම පමණක්මයි. ඇයව පිරිවීම සඳහා ඔබ කරමින් ඉන්නේ මොනවද කියන කාරණයයි මෙතැනදි වැදගත් වෙනනේ. සමහර විට ඔබ මේ සියලූ සුඛෝපබෝගී ජිවිතයන් අල්ලා ගැන්මට තැත් කරන්නේ එනිසා යැයි ඔබ කියයි. එත් ඇත්ත කාරණය ඔබ, ඔබට ඇය අභිමුඛ නොවී සිටිමට මේ හැමදේම කරමිනුයි සිටින්නේ. ඔබ බයයි, ඔබ බයයි ඔබව නිරාවරණය වෙයි කියා. ඔබ බයයි ඔබේ අඳුරු කුටිය තුලට ඇය රුගෙන එන ආලෝක කදම්බයට. ඔබ කවමදාවත් ආලෝකය දැකලා තිබුණේ නැහැ. ඔබ ඒ ගැන අසා තිබුණා පමණැක්මැයි. ඉතිං ඔබ හොඳ පවුල් ජිවිතයක් ගෙවන්නේ කෙසේද කියා පොත් පීරමින් ඉගෙන ගනිමින් ඉන්නවා. 

වෙරෝනිකා
ඔයා මොකද කියන්නේ මගේ යෝජනාවට. හැමදාම දෙන හාදුව ජිවිතේ පළමු වැනි හාදුව සේ වෙන්න ඔබ කැමති ද. ඔයාව තිගැස්සිලා ඇවිස්සෙනවට ඔයා ආසා ද. පුරුදු පුහුණු වීම කියන කාරණා අපි අත්හැර නුපුහුණු පෙම්වතුන් සේ ජිවිතය අතිවිඳමු ද. 
කුඩා අංශූමාත්‍රිකව වර්ග වෙමින් හිදින ලොකයක් තුල අපි අන්තය සේ ආදරය කරන්න පෙළඹේමුද? වචන දිගේ ආදරය හොයන එක අතුහැරලා දාලා ජිවිතය ආදරයෙන් පුරවන මං හොයමුද? කාර්්‍යය බහුල ජිවිතය තුල මන්දගාමිව ආදරය පුරමුද?

වෙරෝනික....... 
අර උස තාප්පෙන් මෙහා පැත්තට මං පැන්නේ හීන කන්දක් හිසේ තියාගෙන. එත් මට දැං තියෙන්නේ එක හීනයයි. ඒක උන්මත්තක හිනයක්, දිග පළලක් නැති හරි හමන් හැඩයක් නැති ඒ ආදරේ හැටිමයි. ඒ ආදයේ නම වෙරෝනිකායි. ඉතිං මං පරණ ලෙඩේ අළුතින් වැළදුණු රෝගියා සේ ඔයාට ආතුරවෙලා....!!!







Thursday, June 27, 2013

වෙරෝනිකාගේ උමතුව - II




 වෙරෝනිකා කටුනායක ගුවන් තොටුපලෙන් බසින විට සවස හය පසුවි තිබුණි. ඈ තම ගමන් මල්ලද ඔසවාගෙන පිටවීමේ දොරටුව වෙත ලගාවුනි. කාකි නිල ඇදුම් ඇගලාගත් බොහෝ පිරිසක් අවට හැම තැනම රැකවල් ලා සිටිනු වෙරෝනිකාට මතක අඩ සිහියෙනි.
අනේ එදුවා ඔයා මාව එවල තියෙන්නේ ලෝකෙ තියෙන ලොකුම පිස්සන් කොටුවට ද...? තම ගමන් මල්ල බිම තැබූ ඇය දෑස් පිසදා වට පිට බලන්නට විය. මේ වාට්ටුවේ ඉන්න පිස්සෝ විලෙත් වලට වඩා ගොඩක් නපුරු අය වෙන්න  ඕනෙ ඈ තමාටම කියා ගත්තාය. එපමණක් නොවේ ඈ තමන් පිළිබදව පරෙස්සම් වීමටද සිතා ගත්තාය. 
කාකි නිල ඇදුම් වෙරෝනිකාට කෙතරම් බිය ඉපද වූවාද යත් ඇගේ හිස කකියන්නට පටන් ගත්තාය. මීට පෙර විලෙත් වාට්ටුවේදි තමාට සැර බෙහෙත් ලබා දුන් අවස්ථාවේදි ඇතිවූ වේදනාවට වඩා අධික වේදනාවක් වෙරෝනිකාට දැනෙන්නට විය. මේ දැන් තමා බිම ඇද වැටේවියැයි සිතුනු නිසාවෙන් ඈ බිම ඉද ගත්තාය. කෝ මේ මන්දෝදාරී.......?
............................................................................................................

මන්දෝදාරී නිළියකි. දොස්තර ඉගෝර්ගේ හිතවතියකි. ඒ මීට වසර කිහිපයකට පෙරය. එකල දොස්තර ඉගෝර් ලංකාව පිළිබදව අධ්‍යනයක යෙදී සිටි කාලයකි. එකල ඉගෝර් කි කතන්දරයක් දැනුදු ඇගේ සිහියට එයි. 

මනෝවෛද්‍යවරු හැදෙන තරමට මේ රටට වැදගත්.. 
මන්දෝදාරී ඉගෝර් දෙස බලා හඩනගා සිනාසුනාය. 

ඩොක්ටර් කියන්නේ අපේ රටේ ඉන්නේ පිස්සෝ කියලද...? 

අනේ නෑ... ඒත් මේ රට යන්නේ පිස්සු අවසානෙකට. පිස්සුවකට යන රටක ඉන්න මිනිස්සු එක්කෝ පිස්සෝ වෙනවා. එහෙම වෙන්න බැරි අය සියදිවි නසා ගන්නවා. එහෙමත් නැතුව ජීවත් වෙන්න උත්සාහ කරන මිනිස්සු මරලා දාන්න සිද්ද වෙනවා... 
දොස්තර  ඉගෝර් හඩනගා සිනාසුනත් මන්දෝදාරීට එලෙස සිනාසිය නොහැකි විය. ඈ ඉගෝර් දොස්තරගේ දෑත් දැඩිව අල්ලාගෙන ඔහුගේ දෑසට එබුනි. 

ඔයා කියන විදියට වෙයි නම්... ඇයි අපට මනෝවෛද්‍යවරු...?

බය වෙන්න එපා...
දොස්තර ඉගෝර් සාමාන්‍ය පරිදි සැහැල්ලූ සිනාවක් පා මන්දෝදාරී කිටි කිටියේ අල්වාගෙන සිටි තම අත් මුදා ගනිමින් කතා කරන්නට විය. 

මනෝ වෛද්‍යවරු උවමනා වෙන්නේ උමතුනොවී ඉන්න මිනිස්සු උමතු කරන්න.
............................................................................................................

මන්දෝදාරි වෙරෝනිකාව පහසුවෙන්ම හදුනා ගත්තාය. ඈ වෙරෝනිකා අසලට දිවවිත් ඇයව නැගිට්ටුවා ගත්තාය.    

යමු වෙරෝනිකා.... 
වෙරෝනිකා මන්දෝදාරී දෙස තම දෑස් විසල් කරමින් බැලූවාය.  

මම ඩොක්ට ඉගෝර්ගේ යාලූවා මන්දෝදාරී....

ඔයා හෙදියක්ද...? වෙරෝනිකා අසිරුවෙන් වචන එකතු කලාය.

නෑ මම නිළියක්.... මන්දෝදාරී පිළිතරු දුන්නාය. 

මං මේ ඉන්නේ මානසික රෝහලක නේද...? 

මන්දෝදාරී කිසිවක් නොපැවසුවාය. ඈ වෙරෝනිකාගේ බෑගයද ගෙන තම කාරය වෙත ගමන් කලාය. වෙරෝනිකාව කාරයට නංවාගත් ඇය සුහදව වෙරෝනිකා දෙස බැලූවාය.. මේක රටක්. විලෙත් වලට වඩා නපුරු වාට්ටුවක් කියල හිතන්න එතකොට ඔයාට ජීවත් වෙන්න ලේසි වෙයි. නැවතත් හොදින් දෑස් හැර අවට බැලූ වෙරෝනිකා කාරයේ තම අසුනට බරවි නින්දට වැටුනාය. කාරය පිටත් වුනි. වරින්වර අදුර මැදින් විවිද පැහැති එලි තම මුහුණට වැටෙනු ඈට සිහිනෙන් මෙන් මතකය.
අගෝස්තු මාසයේ ලංකාවට පැමිනි වෙරෝනිකා මහරගම පිලියන්දල පාරේ මන්දෝදාරිගේ නිවසේ නවාතැන් ගත්තාය. පෙරේදා වන තුරු ඈ හොදින් නිදා ගත්තාය. දොස්තර  ඉගෝර් ඉඩලද හැම විටම මන්දෝදාරීට කතා කර විස්තර විමසු අතර ඈට බාදා නොකරන්නැයි මන්දෝදාරිට පැවසුවේය.

මේ දවස්වල වෙරෝනිකාව අවදි කරන්න එපා විශේෂයෙන්ම එයාට ටීවී එකනම් බලන්න දෙන්න එපා. මොකද මං දැක්කා පහුගිය දවස් වල ඔයාලගේ රටේ අතුරුදන් වෙච්ච මාධ්‍යවේදියෙක් ගැන පාර්ලිමේන්තු කතාව. ඒ විතරක් නෙමේ ඔයාලගේ රටේ මිනිස්සුන්ට ලෝක ප‍්‍රජාව තහනං කලා කියපු කොටි සංවිධානය පහුගිය දවස්වල එංගලන්තෙදි කි‍්‍රකට් ග‍්‍රවුන්ඞ් එකට බැහැල කරපු දේ මං දැක්කා. මේ දෙවල් වලට ඔයාගේ රටේ මිනිස්සුන්ට ප‍්‍රශ්නයක් වෙන්නේ නෑ එයාලා උපතින්ම රැවටීම උරුමකරගෙන ඉපදුනු මිනිස්සු නිසා.. එත් මේ දේවල් වෙරෝනිකාට දැන්ම ප‍්‍රශ්න වෙන්න පුලූවන්... මොකද එයාට ඇත්ත හා බොරුව කියන දේ තේරුම් ගන්න බැරිවෙයි. එහෙම උනොත් ඒක ලොකු ප‍්‍රශ්නයක් වෙනවා...

දොස්තර ඉගෝර්ගේ පෙරැත්ත නිසාවෙන් මන්දෝදාරී වෙරෝනිකාට රිසි සේ නිදා ගන්නට ඉඩ දුන්නාය. මන්දෝදාරීගේ හිතවතෙකු මිය ගිය පුවත පොහෝදින උදෑසන ඇයට දැන ගන්නට ලැබුණු නිසාවෙන් මන්දෝදාරීට මල ගෙදර යාමට උවමනා විය. වෙරෝනිකා තනිකර දමා යෑමට නොහැකි නිසාවෙන් ඈ වෙරෝනිකාව අවදි කලාය.

වෙරෝනිකා අවදි වූයේ භානුගේ මලගමට යෑමටය.

_________________________________________ඉතිරිය පසුවට

විශේෂ ලියුම්කරුවෙකු විසිනි.


Thursday, May 23, 2013

ප්‍රේමය වැස්සක්ව වහින් ඉඩ දෙන්න



වෙරෝනිකා.....
ආදරය කියන්නේ සිප වැළද ගැනීම්, යහන් ගතවීම්, තොදොල්බස් දෙඩවීම් කියන සමස්ථයට. එත් ඒවා වෙන වෙන වශයෙන් දකින්න උත්සහා කරන්න හදන්නේ ඇයි කියලා මට තෙරෙන්නේ නැහැ. බොහො විට නිදියහනට ගොඩ වැදුණු වහාම ප්‍රේමය අතුරුදහන්ව සමාජ විරෝධි වැඩක් කරනවා වගේ බියක් හිතේ ජනිත වෙන්නේ ඇයි? ආදරය ඇතුලේ යහන් ගතවීමට සුවිශේෂි ස්ථානයක් අත්වෙන්නනේ ඇයි? අනිත් හැම දෙයම එතැන තියෙද්දි ප්‍රේමය විතරක් යහන මත නැත්තේ ඇයි?

වෙරෝනිකා..... ඔයාගේ සමස්ථය නොදැන මම කොහොමද ඔයත් එක්ක මුළු ජිවිත කාළයක් ගෙවා දමන්නේ. ඔයාට පුළුවන්ද වචන මතම විතරක් මාව තේරුම් ගන්න. 

වේදනාවක් අස්සේ මිරිකි මිරිකි ඉන්නවට වඩා ජිවිතය තෙරුම් ගැනිම මෙතැනදි වැදගත් වෙනවා. අපි දන්න කාළයක ඉදලා යහන් ගතවීම කියන්නේ පාපකාරි ක්‍රියාවක් ලෙස අප තුලට කා වද්දලා තියෙනවා. ආගමිකවත්, සමාජීයවත් අපිව බය කරලා තියෙන්නේ! එහෙත් ප්‍රේමයේ සමස්ථය ඇතුලේ කුඩු වෙන්න අපේ ශරීර කුඩු දෙක එකට එකාසු වෙන්න ඔන වෙනවා, ඒක හුදු යහන් ගතවීමකට එහා ගිය ප්‍රේමණීය කුඩු වීමක්. එත් අවාසනාවට ඔයා ඒක ඇතුලට වෙන වෙන කරුණු කාරනා ගෙන
එමින් ඉන්නවා. ඔයා ශාරීරිකව එක් තැනක උන්නට ඔයාගේ හිත එහේ මෙහේ. අනික වක්කඩේ කැඩුවා සේ ඔයා යහන මත කියවනවා. නමුත් ඇය ඔයාව කියවමින් ඉන්නවා, නිහඩවම. දැං ඔයාට සිද්ධවෙනවා අළුතින් හිතන්න, එයාව පුර්ණ වශයෙන් දැන ගන්න. ඔයාසේම ඇයවද මේ ප්‍රේමය ඇතුලේ දෝරේ ගලන්න හරින්න ඔයාට මෙතැනදි සිද්ධ වෙනවා අළුත් ප්‍රවේශයක් ගන්න. ඇය කාළාන්තරයක් තිස්සේ උන්නු හෙම්බත්විම පසෙකලා ඇයට අළුත් මාර්ගයක් හොයලා දෙන්න ඔයාගේ ප්‍රේමයට පුළුවන් වෙන්න ඔනී. මෙතෙක් ඔයා ඇය හා දොඩමළු වෙච්ච කිසිදු වචනයක් මෙතැනදි වලංගු වෙන්නේ නැහැ. මේක හුදු හිස් අවකාශයක් අවබෝධ කර ගැනීමට ඔයාට භාවනාවක් අවශයි. ඉවසීමක් අවශයි. ඉවක් අවශයි.

ටිකෙන් ටික රෝස මලක් පිපෙනවා සේ ඇය ඔයාගේ ප්‍රේමය තුල දෝරේ ගලමින් පිපෙන්ට ගනිවී. ඔයාගේ ආදරයේ පරිමාව මත ඔයාට පුළුවන් ඇයට අළුත් මගක් කියලා දෙන්න ඔයාගේ ප්‍රේමයට ඇතුළු වෙන්න. මලක් වුණත් ලස්සන පුර්ණව පිපලා තියෙන විටකයි! 

ඉතිං මේක අවධනමක්...!! ඔයා ප්‍රේමය තුලට ඇත්ත ඔයාව ගෙන නොඑනතාක් ඔයා යහන් ගතවෙන්නේ ගිණි ගොඩක් උඩ.

වෙ‍රෝනිකා..!! අපිට අපිව හදුන ගන්න අපි අපිට ම අවංක වෙන්න වෙනවා. අපේ නොහැකියාවන හැම එකක්ම අනෙකෙක් එක්ක බෙදා ගන්න වෙනවා. සිනහව වගේම කදුලත්, සතුට වගේම දුකත් ඔයාට බෙදා ගන්න සිදු වෙනවා. එතැනදි බය නැතුව ඔයා කට ඇරලා කියන්න පුළුවන් නම් ' මං ඔයාට ආදරෙයි, මං ඔයත් එක්ක ඉන්නවා' කියලා එක ඔහුට ලොකු ශක්තියක් වෙව් ආදරය තුල ඔයාව රැක බලා ගන්න.

හැමතිස්සෙම ආදරය මගහැර ගන්නේ ඔබ විසින්මයි. මේ සදත් ගැබ්බරව ඉන්න කාළයයි. ඇයි ඔබ තවම තනියම!! 


Saturday, May 4, 2013

එන්න මේ වැස්ස විදින්න




දිර්ඝ පෑවිල්ලකට පසු එන වැස්සත් එක්ක හැමදාම වගේ පාරේ බැහැලා යන්න බැරි කමක් එනවා. පොඩි වැස්සකින් පවා මුළු නගරය තදබදයකින් වෙලා ගන්නවා. එක පෙලට ලයිට් පත්තු කර ගනිපු සුඛෝපභෝගී වාහාන හිමින් හිමින් ඇදෙන්න ගන්නවා. මෙච්චර දවසක් කිසිදු හදිසියක් නොතිබුණු මිනිසුන් වැස්සත් එක්ක ලොකු හදිසියකින් ගෙදර දුවන්න ගන්නවා හැමෝම එක විට. පොඩි පාරක වාහාන ගොඩක්......

වෙරෝනිකා........
ජිවිතය තනිව ජීවත් වීම හැර ‍අන් රස මගක් මෙලොව නැහැ. ඔයත් එක්ක ජිවිතේ මුහු වුණාම මගේ ලෝකය විශාල වෙනවා. එත් ඒ විශාලත්වයට අපි හැමෝම බයයි. ඒක දරා ගන්න පුළුවන් දැණුමක් අපිට කෙහෙන්වත් හමුවෙලා නැහැ. විරසකවීම් ඇතුලේ තියෙන්නේ එකිනෙකාට තර්ජනය කර ගැනීම්. ආදරය කරන්න පුළුවන් මිනිස්සු මේ දුපතේ නැහැ කියලා මං තේරුම් ගනිමින් ඉන්වා. තව මිනිසෙක් තම ජිවිතය දික් විජය කරමින් යන විට එක යටහත් විමක් ලෙස අපි ඔළුවෙන් තේරුම් ගන්න හදනවා. එත් හදවත කියන්නේ අන්යමක්. අවුරුදු ගණනක් ඔළුව පාවිච්චි කරලා වැඩ කරපු මිනිස්සු විදිහට ආදරය ඇතුලේ තියන මනුස්සකමත් අපි භාර ගන්නේ ඔළුවෙන් මිස හදවතින් නෙවෙයි. අපි තර්ක ගේනවා. හුදෙක් ඒ මෙහොතේ ඇති ශූංගාරත්මක රසය මග හරිමින් අපි අපේ උගත්කම ඉදිරියට ගෙනෙමින් ඉන්වා. කොටින්ම අපි පොරත්වය චූන් කරන්න හදනවා අතිශය පෞද්ගලික වූත් අතිශය මානුශික වුත් තැනකට. 

එක පෙලට යන රථ පෙරහැර දිගේ වැස්සේ තෙමි තෙමි මේ මොහොතේ බලා ඉන්න එකම මිනිසා මම, මම වැස්සට ආදරෙයි. මට මගේ ශරීරය මත වැටෙන හැම වැහි බිදුවකම විශාලත්වය වෙන වෙනම දැණෙනවා. ඒවා වේගවත්ව මහා වැස්සකට අර අදින කොට තෙතබරිත කම විසින් ජිවිතයට ගෙන එන්නේ අස්වැසිල්ලක්. නිවනක්. වැස්ස කියන්නේ භාවනාවක් ආදරය වගේ. ඔයා එකට කවි ලියනවා, ඔයා ඒකට දාර්ශණික සංකල්ප ගෙන එනවා. එත් ඔයා වැස්සේ තෙමෙනේනේ නැතිව වාහනයට ගොඩ වැදිලා ගෙදර හදිසියේ දුවනවා. වැස්සට ඔයාගේ තත්වය දියවෙයි කියලා ඔයා බයයි. වැස්සට ඔයා වෙනස් වෙයි කියලා ඔයා බයයි. එත් වැස්ස කවි ලියනවා, ඔයා ඒකට දාර්ශණික සංකල්ප ගෙන එනවා. 

ඔයා බොහොමයක් දේවල් එක්ක එකට පැටලිලා..... මගේ තොල් ඔයාගේ ගෙල දිගේ පහලට රූටා එනකොට ඔයාගේ අඩවන් වන දෑස් වලින් වචනයෙන් කියන්න බැරි බොහෝ දේවල් කියමින් හිටියේ. ඒක ඔයාගේ පියයුරුවක් මත රැදෙද්දී ඔයාගේ හුස්ම ඉහළ පහල යෑමේ වේගය වෙනස්වීම හරියට වැස්ස වගේ, එක වෙලාවකට ලොකු වැහි බිංදු තව වෙලාවක තද වැස්සක්.... එත් ඔයාට තිබුණේ රාගයයක්, මට තිබුණේ ආලයක් මම හිටියේ ඔයාගේ ශරීරයේ දිග පළල මැන මැන. වැස්ස වැටෙන්න කාළයක් ගන්නා සේම ඔයාව තෙතබරිත කරන්න මට කාළයක් ඔනේ. ඒක වචන වලට එහා ගිය අවබෝධය පිළිබද ගැටලුවක්. ඔයා නිරුවතින් කියලා ලෝකයාම දැන ගත් විට ගල් ගහන්න ඒ මිනිසුන්ට පහසුයි. එත් ලෝකයක් ඉදිරියේ නිරුවත් වෙන්න ආත්ම ශක්තියක් තියෙන්න ඔනේ. ඔයාගේ ම වචන ආයෙමත් පාරා වළලක් සේ ඔයාටම දමල ගහද්දී මිනිස්සුන්ට දැනෙන්නේ නිරුවත් වීම පිළිබද ලැජ්ජාවකට වඩා ඒ ගැනකළකිරිමක්. එත් ඔයා තුල තියෙන ආත්ම ශක්තිය පිළිබද හරි ඔයාට සතුටු වෙන්න පුළුවන්. මොකද හැම එකාම දිර්ග කාලිනව බලා හිද ඇත්තේ ගල් අතැතිව මිසක් ආත්ම ශක්තිය හිතේ දරාන නෙවේයි. 


වෙරෝනිකා........
ජිවිතය කියන්නේ දෙවියෝ, යක්ෂයෝ සහ තිරිසන්නු නෙවේයි. ජිවිතය කියන්නේ උදෑසන පිබිද හිරු කිරණ සමග මිලින වී යන මලක උනන්දුවයි. එක් තුල මහා දාර්ශණික තර්ක නැහැ. පළමු හිරු කිරණ පහසින් නටන මල් වල ඇත්තේ උද්යෝගය හා දෝරේ ගලා යන සතුටයි.  තව මොහොතකින් මිය යෑමට සුදානම්ව සිටියද හිරු කිරණ ගැන ඒ මලට ආදරයක් තිබේනවා. ඒක පැවැත්මේ ගැටලුවක්. 
වෙරෝනිකා....... ආදරය යනු අරක මේක නෙවේයි. ආදරය යනු මේ මොහොතේ ඔයා‍මයි. ඉතිං ඔයාට දැං ඔයාව මග හැරිලා....එත් මං තාම ආදරය හොයනවා පත්තු වෙච්ච ඇස් දෙකක් ඇතුලේ


Tuesday, March 26, 2013



වෙරෝනිකා.... ඔයා අතෝරක් නැතිව කියවගෙන යනවා. අතරින් පරත හැඩ හිඩ තිය තිය ඔයා කියවගෙන යනවා. ඇත්තටම ඔයා කියවනවා නෙවෙයි ඔයා අනාගතය ගැන පිඹුරුපත් සකසනවා. අපි අරේහම කලොත් මෙහෙම අපිට ඉන්න පුළුවම්, අපි මේ විදිහේ තිරණයකට ආවේ මේ විදිහේ ජිවිතයක් හොයා ගන්න, මං නිහඩවම ඔයාගේ තාලයට නැලවෙන දෙතොල් දිහා බලාන ඉන්නවා. ඔයා එක එල්ලේ මගේ ඇස් දිහා බලාගෙන හිදිලා එකපාරටම අහනවා

" මොනවද බලං ඉන්නේ" කියලා....

මං හිනා වෙනවා. ඔයා රවනවා. ආයෙමත් ඔයා කියවනවා, කියවන ගමන් හොරෙන් මගේ ඇස් නාභි ගතවෙලා තියෙන් තැන් ගැන පරික්ෂා වෙනවා. ඔයාව නිරික්ෂණය කරනවාට ඔයා කෙහොමත් කැමතියි. රාගික දෑස් වලින් ඔයාව පිච්චිලා යන විදිහට බලනවට ඔයා හුගක් කැමතියි බව මං දැනං උන්නේ. 

එත් වෙරෝනිකා..... මට වඩා ඔයා හරිම සුක්ෂමයි. පිරිමියෙකුගේ පුංචි චලනයන් පවා දුර තියන් මැන ගන්න ඔයාට හොද හැකියාවක් තියෙනවා. ඔයා ගාව තියෙන රහස දැන ගන්න මට මේ මුළු ජිවිත කාළයම මදිවේවි. එත් මං නිහඩවම ඔයාව නිරික්ෂණය කරමින් ඉන්නවා. ඔයාගෙන් ඉගෙන ගනිමින් ඉන්නවා. මේ ආදරය පවා ලෝභ නැතිව මුළු ශක්තියෙන්ම ඔයාට බෙදා දෙන්න පුළුවම් වෙලා තියෙන්නේ මං ටික ටික ඔයාගෙන් ඉගෙන ගත්ත හින්දා. මට වඩා ගව් ගණනක් දුර විහිදෙන ඔයාගේ ආදරය නිසා මං පිරෙන්න ගන්නකොට මට මාව හොයා ගන්න් පුළුවන් වන විදිහේ පාරක් ඒ මතින් තැනෙනවා. ඉතිං මං මාව ලෙහා ගන්න ගමන් ඔයාගේ ඇදුම් ලෙහෙනවා. ඔයා පුංචි කෙල්ලක් වගේ හැකිලෙනවා. ඇස් උඩ යනවා. ඩිංග ඩිංග ඔයාව ගිණියම් වෙන්න ගන්නවා. එත් ඔයා තවම ආදරෙන් පිරී ඉතිරෙන ගමන් ඉන්නේ, ඔයා‍ හොයන්නේ ආදරය, ඔයාව සන්තර්පණය කළ හැකි, ඔයාව නිවාලිය හැකි, ඔයාව සනසාලීය හැකි ප්‍රේමයක්..!
බොහෝ ආදරයන් කාළය සමග දියවෙලා වෙනින් දෙයකට පරිවර්ථනය වෙද්දී ඔයා අනන්තයක් සේ මට ප්‍රේම කරමින් ඉන්නවා ඔයා තුල විශාල ඉඩක් මට හදා දෙමින්. බොහෝ වෙලාවට වෙරෝනිකා මගේ කාර්යය බහුලත්වය ගැන ඔයා හිටියේ නොක්කාඩු කියමිනුයි. එත් ඒ කිසි වෙලාවක ඔයා මාව සිප ගන්න අමතක කළේ නැහැ. ඒ සිප ගැනීම තුලින්ම ඔයා මා තුල ඇති මානසික විඩාව දුරු කරමින් මාව අළුත් මිනිහෙක් කරනවා. ඒ නිසාම අපි ආයෙත් අළුත් විදිහේ ආදරයකට මුල පුරනවා. අපේ ආදරය ඇතුලේ අපි කී පාරක්නම් පරන හැව ඉවත් කරලා අළුත් එකකට රිංගගන ඇද්ද? තනි තනිව ගෙවු ජිවිත එකට එකාසු වුණහම ඒවා කොච්චර විශාල වෙන්න ගන්නවද.

වෙරෝනිකා......
මේක අවදානම් සහගත වැඩක්, හැමෝම අහද්දී ඇයි උඹලා කසාද බදින්නේ නැත්තේ (නිත්‍යානුකූලව) අපි හිනාවෙලා අපේ පාඩුවේ ඉන්නවා. හැමෝම තරගයක දුවන ගමන් තම ජිවිතයේ බර සැහැල්ලු කර ගැනීම උදේසා සහාකාරියක් හොයා ගද්දී අපි අපේ ජිවිත බෙදා ගැන්මට සබදතාවක් ආරම්භ කළේමු. ඒක ගොඩාක් තර්ජන මැද ප්‍රේමයක් බවට අපි විසින් පෙරලා ගතිමු. අපිට විසා නැති වුණත් අපි අනෙකාගේ විජිතය මත සැරිසැරුවෙමු. 

ඔබ ඔබේ සිහින කුමරිය හමුවෙතැයි සිතින් පතමින් ඔබ අසල දැවටෙමින් ඔබට ප්‍රේමය පුදන්නා වු ඒ සුරුපිනියව ඔබ මොහොතකට හෝ අමතක කර දමනවා. ඔබ ඇය සමග යහන් ගත වනවාත් ඇති, නමුදු ඔබ මනස නාභි ගතව ඇත්තේ අන්තැනක. නමුදු ඔබ ආයේ ආයෙමත් කියමින් ඉන්නවා ඔබ ඇයට ආදෙර් වග. ඔබට ලැබී තිබුණු පිවිතුරු හා ලස්සනම අවස්ථාවන් බොහෝමයක් මේ වන විටත් ඔබ අතින් ගිලිහි ගොස් ඇත. ඔබ කිසි විටක් ඒ ගැන අවධානයෙන් නොවෙයි හිද ඇත්තේ. ඒ ආදර තෙපුල්, ඒ උත්කර්ශවත් සිප වැළද ගැනීම් තුල මොකක්දෝ අඩුවක් ඔබට නිතර දැනෙන්නේ ඔබ ඇත්තටම ඒ අවස්ථාවේ සිහියෙන් නොව සිට ඇත්තේ. 
වරක් ඔබ සිහියෙන් ඇය සමග සිනා සෙන්න,
වරක් ඔබ සිහියෙන් ඇයව සිප ගන්න.
වරක් ඔබ සිහියෙන් ඇය සමග යහන් ගත වන්න.
මින් පෙර කිසි දාක ඔබ විසින් නොවි සතුටක් එසැණින් ඔබ වෙත පෙරලා පැමිණේවි. මේ ගැහැණිය මෙතෙක් කල් කොහේ සිටියා දැයි ඔබ ඔබේන් ම අසා ගනිවි! මේ ඔබේ සිහින කුමරියම නොවේදැයි ඔබ ඔබෙන් ම අසා ගනිවි! 
ජිවිතයේ වරක් හෝ ඔබ සිහියෙන් කටයුතු කරන්න.

වෙරෝනිකා...... ඔයා තුල තිබෙන්නා වු ශක්තිය, මං වැනි වදකාර පිරිමියෙකු සනසවා ගැනිමේ හැකි ශක්තිය ඔයාට එන්නේ කොහෙන්ද? 
ඉවසීමේ රතු කටු ටික කඩලා දාලා ඔයා ආදරය තුල ආයෙමත් ඉපැදිලා. සිප ගනිද්දී පිණි බිදු විසිරමින් පිපෙන මලක් වගේ ප්‍රබෝධමත් වන්න ඔයා ආදරයෙන් ඉගෙනගෙන. වචන අත්හැරලා ඔයා ආදරය අපි මත හිටවලා!! මේ ආදරය ළඵල දරන වේලාවයි, අද පුර සද නැගි රැයයි!!!


Sunday, March 24, 2013

ආදරයේදී ගිණියම් වන හීන



ඔබට ඇය නැතිව නින්දට යා හැකිය. නමුදු ඔබට ඇය නැතිව සිහින දැකිමට පුළුවම් කමක් නැත. තනියහනක ඔබේ සිහින ගිණියම්ව පවතින්නට පුළුවන. ඔබ සිහිනයෙන් සිනාසෙන්නට පුළුවන්ය. බාගවෙලාවට ඔබ අඩ නින්දෙන් ආදර බස්ද තෙපුලන්න පුළුවන්ය. එත් ඒ නිමේෂයෙන් ඔබ ඇහැරුණු විටදී ඔබ ආදරයෙන් ඈත්වේ. ඔබ ඇද පුරා ඇයව හොයන්නට ගනිවි. ඔබ තනියෙන් සුසුම්ලන්න පටන් ගනිවි. වෙන කවරදාකවත් නැති පාළු මුසල හැගීමක් එවිට ඔබේ හිතට ගලා ඒවී. ආයෙමත් ඔබ ඒ සිහින හැගුමන් හිතින් මතක් කර ගනිමින් තුටු වේවි.!

එත් ඔබ පුල පුලා කියමින් සිටින්නේ ඔබ ආදරවන්තෙයෙකු බවය. ආදරවන්තියෙකු බවය. ඔබ ඔබේ ආදරවන්තයාට ආදරේ නැතැයි චෝදනා කරාවි. එත්  ඔබ තව තවත් ආදරයෙන් තෙදොල් වෙවි ඔබ වටා ඇති ආදරය අමතක කරමිනුයි ඉන්නේ. 

ඇයගේ හඩ නැසි සිටින මොහොතක මොහොතක පාසා ඔබ ගිණියම්ව දැවේවි. ඔබ මග බල බලා උත්තරයක් එනකං නොවිසිලිවන්තව හිදිවි. ඒ හැමදේම ඔබ ඉවසාගෙන උන්නත් ඇගේ මහා බරසාර ආදරය ඔබට දරා ගන්නට ශක්තියක් නැතිනම් ඔබ තප්පරයට කෙතෙකුත් වතාවක් ඇයට ආදරේ යැයි පැවසුවත් වැඩක් නැත. මක්නිසාද ඔබේ වචන වලට එහායින් ගිය තැනකින් ඇය ඔබගේ ආදරය හදුනාගෙන ඇත්තේ, ඔබ වචනයෙන් ඇයට ආදරේ කියන්නට පෙර ඒ ප්‍රේමණිය බව ඇය ඔබේ ඇස්වලින් විදිමිනුයි සිටිමින් ඇත්තේ, එහෙව් ඇයව දරා ගැන්මට ඔබට මහා ඉවසීමක් අවශ්‍යව ඇත. එහෙව් අයව විදගැන්මට ඔබට මහා නිහඩබවක් අවශ්‍යව ඇත. එහෙව් ඇයව රස බැලීමට ඔබට විශාල පරිකල්පනයක් අවශ්‍යව ඇත. 

ඔබට ඇය නැතිව නින්දට යා හැකිය. නමුදු ඔබට ඇය නැතිව සිහින දැකිමට පුළුවම් කමක් නැත. ඒ ඇගේ බරසාර මුළු ආදරේන්ම ඔබ හුස්ම ගන්න නිසා, ඔබ තනි ඇද මත ඒ මේ අත ඇඹරෙමින් සුසුම්ලන්න පුළුවන්, එවිටම ඇය ඔබ අමතාවි. ආදර බස් තෙපුලාවි. ආදරයෙන් ගිණියම්ව සිටි ඔබව සනසාවි ඔබ ආදරය පිළිබද විශ්වාසය තබාගෙන සිටිනතාක් ආදරය ඔබව හැර දමා නොයාවි.

ඔබ ඔබේ ආදරයට සවන දුන්නේ අන්තිමට කවදාද??


Saturday, March 2, 2013

ගෝලීය උණුසුම් ආදරය______________




ඇය උන්නේ අඩ නිරුවත්ව, උණුසුම් වාතය විසින් මුළු හැගීම් සමුදායම ගිණියම් කරමින් තිබුණා. කළුවර විසින් ආදරය ඉස්මතු කරමින් තිබුණා. පොහොය ගත වී දින කිහිපයක් ගත වුවත් පුර්ණ චන්ද්‍රයා ඈත ආකාසයේ ඉදන් ආදරය දිහා තවමත් බලමින් හුන්නා. නින්දත් නොනින්දත් අතර ඇය පෙර මග බලා ගෙන හිටියා. තෙහෙට්ටුවත්, විඩාවත්, සිත් රිදවීමුත් එක්ක ආදරය ලග ලග එතැයි කියා. 

ඇය උන්නේ අඩ නිරුවත්ව, හරියට ආදරයට අඩ ගසන්නා සේය. වේගවත්ව කැරකුණ ලෝක මන්ද වේගයෙන් නින්දකට සැරසෙන්නට විය. ආලෝකයෙන් දිළිසුණු සියලු දේම අදුරට පොට්ට පාට විය. එහෙත් ඇය කිරා වැටෙන දෑස් දල්වාගෙන පෙර මග බලා උන්නා. ඇය ජිවිතය සොයාගෙන තිබුණේ උන්මත්තක රස්සයාදුකාරයෙකුගෙනි. ඉතිං ඇය බැති සිතින් හදවත දල්වාගෙන පෙර මග බලා සිටියාය.

ඇය උන්නේ අඩ නිරුවත්ව, තනි යහන මත ඒ මේ අත පෙරලෙමින් ඇයව වෙලා ගනිමින් උන්නු නින්දක් සමග පොර බදිමිනි. එහෙත් ඇය ආදරයම ඉල්ලමින් ඒ අදුරු රැයෙහිදි නින්ද මරා දැමුවාය. ඇය උණුහුමකට තුරුළු වී රොමෑන්තික හාදුවකින් ආයෙමත් මුසපත් වෙන්න මග බලා උන්නාය. ගෝලීය උණුසුම ශරීරය මෙන්ම ආදරයද උණුහුමකට ඇද යමින් තිබුණා. එහෙත් ඇය බලාපොරොත්තු දල්වාගෙන සිටියා.


දාහය මදකට හරි පලවා හරිමින් පැමිණි යාන්තම් සුළගින් ඇගේ පියයුරු පිපෙන්නට විය. අදුරේ වුවත් ඇගේ දෑස් ආදරයෙන් දැල්වෙන්ට විය. ඉවසමින් ඉවසමින් හිද බැරිම තැන ඇය  ප්‍රේමණිය උණුහුමකට තුරු වුණාය. 
සත්යි....... ඇය තවමත් සියුමැලි මලක් සේ සුවදවත්ය, අයාලේ ඇදනෙ සුළගක් සේ වසගකාරීය, ඉඩෝරයකදී ඉද හිට බිම තෙමන හිරි පොදක් සේ කාරුණිකය. එහෙත් දැන් ඇය ප්‍රේමයෙන් ගිණියම්ව මගේ දෙතොල'ගම රැදෙමින් හාදු හොරා ගනිමින් සිටින්නීය. කෙමෙන් කෙමෙන් ඇගේ සියුමැලි කම්මුල් රත් පැහැ ගැනිවිණ. අදුරේ වුවත් ඇගේ වටෝර ඒ මේ අත ඇඹරෙන හැටි මට හොදින් පෙනෙන්නට විය. මම තව තවත් ඇවිස්සෙමින් ඇයව තදින් වැළද ගතිමි. ඇය මා අතික්‍රමණය කර මා මතට පැන්නාය. ඇය, ඇගේ සියලු ඇදුම් මා මතින් උනා දැමුවාය. 


මහා හඩින් වැදෙන එලාම් සද්දෙන් මම යථාර්තයට ඇහැරුණෙමි. වෙලාව උදෑසන පහයි. 
වෙරෝනිකා එක් එක් දිනයන් වලට වෙන වෙනම නම් තිබුණත් මේ හැම දිනයක්ම එක වගේ. අඩුම ගානේ නිවි සැනසිල්ලේ හීනයක් දකින්නවත් අපිට දිනයක් ඇත්තමෙ නැහැ. 
ආයෙමත් හාදුවක් වෙලා ඔයා මා මත පිපෙනකං ඇස් ඇරං හීන දකින එක මං නැවැත්තුවා.......