Sunday, September 25, 2011

මා තුලම සොයන නුඹව_____________



පිරිමි ආත්මයක් කියවන්න ඒ මිනිහත් එක්ක බුදිය ගන්න ඔනේම නැහැ කියලා තමයි මං අහලා තියෙන්නේ. එත් මුළු ජිවිත කාළයස බුදිය ගත්ත ගැහැණියව කිසිම දවසක තේ‍රුම් ගන්න බැහැ කියලා තමයි මම දන්නේ. එය දෙකම පිළිබද විවිද මත තිබුණත්, ගොඩාක් වෙලාවට ගැහැණු හා මිනිස්සු කරන්නේ වළිගේ පාගගෙන දගලන එක.

සමහර වෙලාවට මෙහෙම දේවලුත් වෙනවා, කලින්ම තමන් සදා නිම කරන ලද කුටුම්භයක් තුල එහෙම නැත්නම් තමන්ගේ හීන ලෝකය තුල ඇති දේ සදහා මිනිස්සු එක් එක් අයව ආදේශ කර ගන්නවා. පස්සේ පහු ජිවත්වෙද්දි තමන්ගේ කුටුම්භය හරි සිහින පරිකල්පන ලෝකය හරි කුඩුවෙන්න ගත්තම තමන්ට එන ආතතිය විසින් ගෙන එනු ලබන්නේ ප්‍රචණ්ඩත්වයක්ම පමණයි. මානුෂිය සබදතාවලදි තමන් කවුද තමන්ගේ හීන මොනවාද කියන දේ මොහොතකට අමතක කර තමන්ට විවෘත්ත සිටින කෙනා දිහා බලන්න තරම් ආත්ම ශක්තියක් අපි තුල නැහැ මං හිතන්නේ. අපි, අපිට විවෘත වු අය ගැන ඔහුගේම කොටසක් ගෙන හදවතේ ගැඹුරුම තැනක සනිටුහන් කර ගත්තා නම් මගදී අත්වැරිදීම් වෙන්නේ නැහැ කියලයි මං හිතන්නේ. එත් දිගින් දිගටම ඒ ආකාරයේ අත්වැරදීම් නිසා මිනිසුන් සිත් රදව ගනිමින් ඉන්නවා. දැංවත් ඇත්ත කියන්න.....

වෙරෝනිකා....

මං ඉස්පිරිතාලයේ ඉන්න කාළේ මිනිසුන්ට මං ගැන තිබුණේ එක එක කතා. ඒ බෙහෝමයක් ඔවුන්ගේ හිතලුන්. මට ඒ කිසිවෙකුට එහෙම නෙවෙයි මෙහෙමයි කියලා කියා දෙන්න තරම් ඇබින්දක්වත් ඔනේ කමක් තිබුණේ නැහැ. හැබැයි පස්සේ කාළේක ඔයත් මගෙන් ඒ කතා මොනවද කියලා අහලා තිබුණා. 
වෙරෝනිකා
මනුෂ්‍ය සම්බන්ධතා ඉහිරිම ඇතුලේ සිදුවු මානසික අසමතුලිතතාවක් නිසා මට රෝහල් ගත වෙන්න වුණා. අපි එකම වැරැද්ද ජිවිතයේ ආයේ ආයේමත් කරමින් ඉන්නේ ඇයි. පත්තු වෙන ඇස් දෙකක් ටික කාලෙකින් පත්තුවෙන්නේ වෙනත් බලාපොරොත්තුවකට කියලා දුර තියාම දැන ගන්න ක්‍රමවේදයක් අපිට ඇත්තෙම නැද්ද...??? ආදරය කරන මිනිස්සුන්ට හරි වැරැද්දක් කියලා දෙයක් නැහැ. ඔවුන් හැමදේම කරමින් ඉන්නේ ප්‍රේමය වෙනුවෙන්. ඒක ලොකු කැපකිරීමක්. කිසිදවසක ලෝකයාට හෙළීදරව් නොවන බාහිරට නෙපෙනෙන කැප කිරීමක්. 
හිරේ වැටුණු මිනිහා අහන්නේ මට කොහොමද මෙච්චර ලොකු දඩුවමක් දෙන්නේ කියලා නඩුකාරයගෙන්, එත් ඒ දඩුවම හරි ලැබෙන්නේ නැහැ එයා වැරැද්දක් නොකර හිටියා නම්. ඇස් පියන් වැසු සැනින් ලෝකය අනික් පැත්ත පෙරළෙන්න පුළුවන් කියලා අපි හැම වෙළේම සිහියේ තියාගෙන ඉන්න එක හොදයි කියලා ඔයා මට උගන්වමින් ඉන්නවා.

එත් වෙරෝනිකා.....
ආයේ ආයේමත් මට එකම වැරැද්ද කරන්න ඔනේ කමක් එන්නේ මාව පුරවන්න බැරි තරම් විශාල නිසාද...?? එතකොට කාටද පුළුවන් කමක් ලැබෙන්නේ මාව සංතෘප්ත කරන්න. මම හැමෝම ව සංතෘප්ත කරලා බලද්දී මාව හිස්වෙලා... අන්තිම අඩියටම හිස්වෙලා....
ඉතිං... මට ඔනේ මාව සංතෘප්ත කර ගැනීමට....
ඔයා අරංආපු රමණීය සංතෘප්තිය තියෙන්නේ මරණිය ඇල්කොහොල් වල පමණයි දැං මට......
ජිවිතයේ සිදුවන මග හැරීම් වලට තියෙන දඩුවම තිරණය වන්නේ අපි අනෙකාට දක්වන ආදරය මතයි. එහෙම දේවල් ලෝකයේ කෙහේවත් පවතින්නේ නැති විත්තිය නගරේ පුරා කරක් ගහලා මං දැං ඉගෙ‍න ගනිමින් ඉන්නවා. උන් හිටි ගමන් මිනිසුන්ට ඈත්ව, අතහැර යන්න පුළුවන් තරම් ආවේගයක් තම පපුව තුල හිර කරගෙන බොහෝම ආදරණිය ලෙස ජිවත් වෙන්න පුළුවන් ක්‍රමවේද සහිත මිනිසුන් මගේ ඇස් දෙකින් මං දකිමින් ඉන්නවා. ඒ අතර ඔයත් හිටියොත්.....???

මං ඔයාට ආදරේයි......

ආ   මේ   න්.......


Saturday, September 24, 2011

ආයේමත් තරු පිපේවී_______________


ප්‍රේමයෙන් මත් වුණ මිනිහෙකුට රැයක දිග මත වැතිරී නිවී නිවී දැල්වෙන දෑසක් දෙස බලාගෙන ගී කියන්නට ඇත්නම්, සත්‍ය වශයෙන්ම හෙතම භාග්‍යවන්ත වන්නේය. 

මුළු රෑය පුරාම හීන් හඩින් ඇගේ කනට ලංව උතුරා යන ප්‍රේමය කොදුරන්නට හැකිනම් ඒ රැය පරිපුර්ණම රැයක් වනු නොඅනුමානය. 

ඇගේ සුමුදු දෙකම්මුල් මත රළු දෙතොල් තියා ඇයව ආලය තුල කළම්ඹන්නට හැකිනම්, එක උත්තරීතර රැයක් වේවී.....

රෝස පැහැ ඇගේ දෙතොල් පෙති මතින් ඇයව රස බැලීමට හැකිනම්, ඇගේ සියුමැලී දෙකන්පෙති දිව අගින් තෙත් කල හැකිනම්, නිවී නිවී දැල්වෙමින් අඩවන් වන ඇගේ දෑස් මත හාදුවක් වී පිපෙන්නට හැකිනම්, ඒ ඔබේ අමරණියම රාත්‍රීය වේවි.......


වෙරෝනිකා......

හීනයකට තියෙන්න පුළුවන් දිග ගැන මොනාකාරයේ මතිමතාන්තර තිබුණත් මං හිතන්නේ ප්‍රේමයක් ගැන මිනිසුන් ආත්මයෙන් ආත්මයට එකම හීනයක් දකිමින් සිටින බවයි. කිසිම විටෙක තමන්ට පරිපුර්ණ කර ගත නොහැකි, හැමවිටම තමන්ගේ හීන ලෝකයේ පමණක් සැරිසරණ එවන් ප්‍රේමයන් කීයක් නිසා පෙම්වතුන්/පෙම්වතියන් වැළපෙන්න ඇත්ද...?

මේ මුළු අහසම වෙනදාට වඩා දීප්තියකින් අද බබළනවා. මේ තාරකාවන් ගැබ්බරවෙන්න පටන්ගෙන. මේ තාරකවන් පිපෙන කාළයයි. 
වෙරෝනිකා.....
කලින් සාදවා නිම කල නාට්‍ය ජවනිකාවක් වගේ ජිවිතය ගෙනියන මිනිසුන්ට ආත්මයක් බරට ප්‍රේම කරන්න තව ගොඩා කල් යාවී. මේ තරු පූදිනා රැයක් ගැන කවි ලියන්න මේ මිනිසුන්ට තවත් බොහෝ කල් යාවි.

වෙරෝනිකා....
හැමදෙයක්ම අරගෙන මගේ කවි හිත විතරක් මට දෙන්න..........




මහා වැස්සක් මා මත වැටි මුළු සරුවාන්ගෙම තෙත බරිත වෙලා සීතලෙන් ගැහී ගැහී ඉන්න ආසාවකින් මාව පෙළෙනවා. ඉස්සර දවසක් ඇර දවසක් වගේ ඔයාව විකසිත වෙලා මා මත දෝරේ ගලමින් තිබුණා කාළයක් මටත් තිබුණා කියලා ඔයාට දැං මතකයක්වත් නැතිව ඇති. එත් ඔයා මා ලග නැවතුණේම මත්කමකින් හිත සංතර්පනය කර රෝම කූප විකසිත් කරගන්නම විතරක් නෙවෙයි කියලා මං අදටත් විශ්වාස කරනවා. 
වෙරෝනිකා.......
ඔයාගේ ආදරය විසින් මරණය පමණක්ම මට ගෙන එමින් තිබියදී කිසිදු ගාණක් නැතිව ඔයාගේ ඇස් ආයෙමත් දිළිහෙනවා මං දැක්කා. ඔයාගේ තුල වන විප්ලවීය අරගලයත් ඒ වෙනුවෙන් ඔයා තුලින් වැගිරෙන දහදිය මහන්සියත් ඔයාව හෙම්බත් කරමින් ඉන්නවා මං දැක්කා. මේ මුළු කාළය පුරාම මං හිටියේ ඔයාගේ සෙවනැල්ලෙන් වැහිලයි. ඔයා රිසි සේ ඔයාට ඔනේ තැන් වල ආවා ගියා. අදත් ඔයා ගිහිං ඔයාට ඔනේ දිහාවක. මං උන්නේ ඔය හද බිදගත්තම අස්වසන්න විතරක්ම කියලා මට තෙරේන්න පටන් ගෙන....

වෙරෝනිකා.....
මේ කොළඹ පාරක් පාරක් ගානේ ඇවිදලා හරි මං මේ මතකයන් මරා දමනවා. මං අළුතින් ඉපදෙන්න තිරණය කලා. ඔයාට ඒකට කියන්න කෙතරම් කැත වචන පේළි තිබුණත් මං තාම ඔයා ලගදී නිහඩයි. එත් මං ආයෙමත් හොයන්න ඔනේ මට අළුතින්, වෙනස් විදිහට ඉපදිය හැකි හදවතක්

වෙරෝනිකා.....
මාව දරන්න පුළුවන් ගර්භාශයක් මට ඕනෑ කර තිබේ....
වෙරෝනිකා.....
මේ උතුරමින් පවතින ආදරය, සෙනෙහස වෛරයකට පෙරලෙන්න මත්තෙන් මට නැවුම් හදකට ආලය කළ යුතුව ඇත. 
වෙරෝනිකා.....
කුළය, නිළය, තානාන්තර නොසොයන මිනිසුන් පිරිසක් මට ඕනෑ කර තිබේ.....
බලය විසින් හැගීම් හසුරණ, ඒ බලය නියෝජනය කරමින් දේවල් වෙනස් කරමින් ඉන්න කාළකණ්නී මිනිසුන්ගෙන් වහං වෙන්න මට ඕනේ...
වෙරෝනිකා.....
මේ කොළඹ මට උදව් කරත්වා.......


Friday, September 23, 2011

ඔයාට ගී කියන්නද මං_________



මට පිස්සුද නැද්ද කියලා ඔයාම තිරණය කරන්න. එත් මම ඉන්නේ විස්සෝප වෙලා.... ඇවිස්සිලා... 
වෙ  රෝ  නි  කා...............

මානසික රෝගියෙකුගෙන පාර අහන්න ඔයා මොන එකකට මං ලග දැවටුනාද මංදා? බලන්න එක නිසා සිද්ධ වුණ අලකලංචිය..... කොච්චර දුර කතරක් මං ඇවිල්ලද පිපාසාවෙන්..... අතරමගදි කවුදෝ ඔයාගේ නමට ගී කියනවා

බලන්න මං ගැනවත්ද.....



Thursday, September 22, 2011

අවසන මා ඇයව දිටිමි_____________

An inspi
               ration,
A legend and a man with a sim
                                                                               ply beautiful soul 
        whom I'll res
                              pect a life time to 
                                                         go 
                                                         on......






වෙරෝනිකා ගග දිගේ ඉනි හැම තැනම..........

ජිවිතයට ජිවත්වෙන්න ඉඩ හරින්න__________



තමන්ටත් තමන්ව නැති වුණ යුගයක බොහෝ අය ආදරය කියලා වාණිජ ගණුදෙනුවක නිරතවෙමින් ඉන්නවා. තමන් තුල උතුරා යන හැගීම් ප්‍රමාණය කාළයක් තිස්සේ ගල් කර තබා ගැනීම හේතුවෙන් ඔවුන් අසංවේදී මිනිසුන් බවට පත්ව හිදියි.
වෙරෝනිකා.........
ආදරය වෙනුවෙන් ඔනේ දෙයක් කිරිමට පෙර දැරීව උන් ඔයාත් සුළගට ගහං ගිහිං. හැමදේම අත්හැරලා දාලා පවතින ක්‍රමය තුල ස්ථාවරයක් හොයා ගන්න ඔයා දගලන දැගලිල්ල..... 
වෙරෝනිකා.......
මේ දුවක රේස් එකේ මාවත් අරං දුවන්න ඔයා අප්‍රමාණ උත්සහා කලා තමයි අතරමග මාව දාලා යන්න බැරිකමට. එත් වෙරෝනිකා... මට ඔනී හැල්මේ දුවන මිනිසුන් දිහා පැත්තකට වෙලා බලා ඉන්න. දුවන මිනිස්සු මොහොතකට නැවතිලා මා දිහා බලලා පව් මෝඩයා කියන එකට ඔයා ඔච්චර බය වුණාද...?? ආත්මයක් බරට ඔයාට ආදරය කරන්න මට පුළුවන් වුණේ කල් වේලා අරං ඔයාව කියවන්න මට තිබුණු හැකියාව නිසයි, පුංචි කුරුලු පැටියෙක් සේ නිදහසේ සැරිසරන්න අහසක් තරම් ආදරයක් ඔයාට ලැබුණේ හැල්මේ දුවන්නේ නැතිව ඔයාව තේරුම් ගත්තු හින්දයි.
වෙරෝනිකා......
‍ලෝකය කොහොමත් ලගදිම විනාශ වෙනවා.......
ඉතිං ඇයි මේ හදිසියේ විනාශය දෙසට දුවන්නේ.... එන්න අපි විවේකිව ජිවිතය විදගමු......


Wednesday, September 21, 2011

අන්ධකාරය මැද පිපුණි ඇය___________



වෙරෝනිකා......
අන්ධකාර රැයක උමතුවෙන් ඔයාගේ ඇගිලි පියානෝව මත එහේ මෙහේ දුවනවා... ඔයා මතින් ඔයාව වාන් දමන්න ඔන්න මෙන්න කියාලා තියෙනවා වගේ. ඒ කළුවරේ වුණත් ඔයාගේ දෑස් දැල්වුණේ ගිණී පිළිගු වගේ. ඔයා විශ්වාසයක් හගිමින් උන්නේ... ඔයා භක්තිවන්තියක් සේ පේ වී උන්නේ.... ඔයාගේ හිත පියානෝව මත උතුරමින් උන්නත් ඔයාගේ ඇස් මාව හොයමින් ඝණ කළුවරම පීරමින් තිබුණු මොහොතක් ඒක.... ඔයාට ඔයාව හොයා ගන්න, ආයේමත් අළුතින් ඉපදෙන්න හදවතක් අවශ්‍යව තිබුණු මෙහොතක් ඒක.... ඔයාව පුංචි පුංචි තැන් වලින් කළඹපු ඇස් දෙකක් හොයමින් ඔයා උන්නේ දැවෙමින්....... ඔයාගේ උතුරා යෑම ත්ව්ර ස්වර වල දැවටිලා මගේ හදවත පසාරු කරගෙන යමිනුයි තිබුනේ. ජිවිතයේ වැඩි කාළයක් නිහඩව, නිසලව උන්නු මාව ඔය ඇස් ඒ රාත්‍රීයේදී උස්ලා පොළවේ ගහන්න සමත් වුණා. තව දුරටත් කළුවර තුල හැංගිමුත්තන් කරන්න මගේ හිත මට ඉඩ දුන්නේ නැහැ. 

මුළු සප්ත ස්වරයන්ම කළඹලා ඔයා මා වෙනුවෙන් වැයුවා... ඔයාගේ ආත්මයේ හඩගා කියන හඩ ඔයා මං වෙනුවෙන් වැයුවා...... වෙරෝනිකා......
ඔයාගේ හීනි දෙතොල් පෙති හීනියට සැළෙමින් තිබුණේ නැවුම් උණුහුම් හාදුවක් වෙනුවෙන්...... එක් වරම ඔයා පියානෝව වයන එක නතර කලා, ඇත්තටම ඔයා මාව කන්දක් මුදුනතටම අරං ඇවිත් තිබුණා ඒ වන විටත්, ආයේමත් දෙපාරක් හිතන්නේ නැතුව මට තිබුණේ මේ හමා යන සුළග සමග මුහුවෙන්න.... වෙරෝනිකා......
මුළු කළුවරම යටපත් කරමින් ඔයාගේ ආදරයේ ආලෝක එළිබහිමින් තිබුණා. මම හෙමෙන් සැරේ ඔයාව මගේ තුල රදව ගනිමින් උන්නා.... පරිස්සමට ඔයාව කළතමින් උන්නා.... ඔයාගේ රහා මගේ තුල කිදා බහිමින් තිබුණා..... 

ඒ තමයි ඔයාට ඔයාව හමුවුණ එකම රැය.........
ඒ තමයි මං ප්‍රේමයෙන් උන්මත්තක වු රැය......