Sunday, September 18, 2011

අතරමග නැවතී______________



මුඑ කොළඹ පුරාම රාත්‍රීයට අඩ සිහියෙන් කරක්ගහද්දී රෑ සුරූපිනියන්ගේ ඇස් මාව ගිල ගන්න වගේ බලාගෙන උන්නා. එත් ඒ ඇස් අග දිලුහුණේ කීයක් හරි හොයා ගන්න කාගේ හරි කැවුත්ත කඩා ගන්න අහිංසක ප්‍රර්ථනාවක්. මුඑ දවසක් පුරාම වැඩ කරලා අන්තිම බස් එක එන තෙක් මග බලා සිටින ගැහැණුන්ගේ හා මිනිසුන්ගේ ඇස් මා වෙතම එල්ල වුණේ හරියට හොරෙක්, ත්‍රස්තවාදියෙක් දිහා බලන විදිහට. ඒ හැම දෙයක්ම මග හැරලා මම තාම ඔයාව හොයනවා.

ඔයා කොළඹ අත්හැරලා පල්ලම් බැහැලා කියලයි ආරංචිය. එත් මං දැං මේ කොළඹට ආදරේ කරනවා. ඔයා වගේම විටෙක මාව අතර මං කලත් විටෙක මාව රැවැට්ටුවත් ඔයාට වගේ ම මං මේ ගෙන්දගම් පොළවට ආදරය කරමින් ඉන්නවා. වෙනකිසි දෙයක් හින්දා නෙවෙයි උස තාප්පෙකින් පැනලා ඇවිත් කිසිම දෙයක් නොදැන ඉන්න කාලේක කොළම විසින් මට උගන්වපු දේවල් අනන්තයි.
දිළිසෙන ඇස් වල බබළන්නේ ප්‍රේමය නොවන වග මං දැං හොදින්ම දන්නවා වෙරෝනිකා. අනිත් හැම දේයක්ම වගේ එකත් නිකම්ම නිකං වෙළද සුරුවමක්, මිනිස්සු කාටවත් මරාගෙන මැරෙන්න ආදරය කරන්න ඔනේ කමක් නැහැ. පුංචි ශාරිරික උවමනාවක් ආදරය කියන අකුරු අතරේ හංගලා වෙළද පොළ තුල උත්කර්ශයට නංවලා තියෙනවා මං දැක්කා. හැම මනුස්ස සබදකමකටම තියෙන්නේ වාණිජ වටිනාකමක්..... මං නහින්නේ එහෙම දෙයකටද වෙරෝනිකා....??
මං උන්මත්තකයෙක් නිසා මං කියන දේ කිසිවෙකුටවත් වැඩක් නැති වුණත් මං කියන්නේ ඇත්ත කියලා මට හැගෙනවා. ආදරය කියන මිත්‍යාමතයෙන් බැහැර වෙන්න මමත් කොහොම හරි උත්සහා දරනවා. එහෙම නැති වුනෝත් ආයෙමත් මට පිස්සු කියලා මේ චණ්ඩි ටික මාව කුදලගෙන ගිහිං අරක ඇතුලේ ගාල් කරනවා. මම ඒ කළුවරට දැං බයයි වෙරෝනිකා..... මම දැං ඒ තනිකමට බයයි වෙරෝනිකා.....

මගේ ආදරය කොහොම ඔයා තේරුම් ගත්තද කියලා මං දන්නේ නැහැ..... එත් එක නිමේශක අත්වැරැද්දකදී ඔයාට පුළුවන් වුණා මට තිබුණු ආලය ඉහරව ගන්න.... වෙනතැනක හට ගන්න.... ආයෙමත් මාව නොදැක ඉන්න...... බලං ඉදලා බලං ඉදලා බැරිම තැන තමයි මං ඔයාව හොයාගෙන ආවේ...... මගේ පරක්කුව ගෙන ආවේ මට මරණිය වේදනාවක්..... එක හැම තප්පරයකදීම මගේ පපුව කීතු කීතු වලට ඉරනවා. මට අඩන්න දන්නේ නැති නිසාම මම කරබාගෙන ඉවසගෙන ඉන්නවා.... හදිසියෙවත් මං ඇඩුවොත් ඒ කදුළු ගංවතුරේ ඔයාවත් ගහගෙන යයි වෙරෝනිකා....

වෙරෝනිකා ඔයා දැකපු සුන්දර මනුස්සයා මරාගෙන මං ආයෙමත් ඉපදෙන්න ඔනේ.... එහෙම නැත්නම් ඒ සුන්දර මනුස්සයා මට ගෙන එන්නේ විනාසයම පමණයි
වෙ  රෝ  නි  කා   මං මොකද කරන්නේ.........??? 



No comments:

Post a Comment