Wednesday, September 21, 2011

ඔබ පිහිනුවොතින් ඔබට ඔබව මග හැරෙනවා_____________



ඔයා පිහිනන්න දැනගෙන හිටියත්, ඒක අමතක කරලා දාන්න මේක තමයි වෙලාව. වඩදිය ඔයාව ඉවුරට අරං ඇවිල්ලා. ඉතිං ඔයා පිහිනන්න යන්නේ කොහාටද? ඔයා වැල්ලේ පිහිනන්නද යන්නේ? වඩදිය ඔයාව වෙරළ බවුරට අරං දාපු නිසාම ඔයා වාසනාවන්තයි. දැං මොට්ට වෙන්න හදන්න එපා. දැං ඔබ පිහිනන්නට පටන් ගත්තොත්, ඔබ ඔබට එරෙහිවයි පිහිනා යන්නේ.....
එතකොට වඩදිය විසින් කරපු දේට අනිත් පැත්ත ඔබ කරා වෙනවා. අපිට කරන්නට බැහැ. සිද්ධවෙන දේවල් විතරක් පවතිනවා. එච්චරයි. කිරීම කියන්නේ බොහෝ පොදු ව්‍යාපාරවල දේවල්. ඒ කියන්නේ ලෞකික දේවල් පවතින විදිහයි. 
ඔබට මුදල් උපයා ගැනීම සදහා යම් දෙයක් කල හැකියි. ඔබට නම්බුව ලබා ගැනීමට යම් දේයක් කළ හැකියි. එත් ආදරය අදාල වෙන තාක් දුරට ඔබට කිසිවක් කළ නොහැකියි. කෘතඥතාව අදාල වෙන තාක් දුරට ඔබට කිසිවක් කළ නොහැකියි. නිහඩතාව අදාල වෙන තාක් දුරට ඔබට කිසිවක් කළ නොහැකියි.
ඉතාම හැගවුම්කරණීය දෙයක් තේරුම් ගැනීමට තිබෙනවා. කිරීම යන්නෙහි අර්ථය ලෝකයයි. නොකිරීම යන්නෙහී අර්ථය තිබෙන්නේ ලෝකයෙන් එපිටයයි. එතැනදි දේවල් සිද්ධ වෙනවා. එතැනදි ඔබව මුහුදු වෙරළ වෙතට රැගෙන යන්නේ වඩදිය විසින් විතරයි. ඔබ විසින් නෙවෙයි....

ඔබ පිහිනුවොතින් ඔබට ඔබව මග හැරෙනවා.........

මුනිවර පිළීසදර
~අරවින්ද හෙට්ටිආරච්චි~

No comments:

Post a Comment