Wednesday, September 21, 2011

නැතිවුණ කොටස හොයා ගන්න____________



ඔය දෙන්නා මුහුණට මුහුණ බලගෙන කිසිවක් මුමුණන්නේ නැතිව කොච්චර වෙලාවක් ඉදලා තියෙනවද? අඩුම ගාණේ එහේම හිටපු කාළයක්වත් මතක තියෙනවද? ඇයි ඔච්චරම වචන එක්ක එයාව රවට්ටන්න හදන්නේ.... ඔයාම දන්නවා ඔයා තුල ඇයට කිසිම ආදරයක් නැහැ කියලා... ඇයත් දන්නවා ඇය තුල ඔයා කෙරෙහි කිසිම ආදරයක් නැහැ කියලා.... එත් එහෙම වගේ දෙන්නට දෙන්නා පෙන්වමින් ඉන්නවා... ඔයා ආදරේ නම් ඔය තරමටම ඇයි ඔයා ඔයාගේ පත්තුවෙලා උතුරා ඇද හැලෙන දෑස් ඇයට නිරාවරණය කරන්නේ නැත්තේ...?? 

ඇයව දැවිලා අළුවෙලා යන්න... ඇයව කැළඹිලා උතුරා වාන් දමන්න..... ගැහැණියෙක් හැමතිස්සෙම බලාගෙන ඉන්නේ පිරිමි ඇස් දෙකක් ඇතුලේ අතරමං වෙලා වල්මත්වෙන්න. ඒ වල්මත් වුණු ඇස් දෙක ඇතුලෙන් ශූංගාර කලාපයකට දොර කවුලු විවර කර ගන්න. එත් ඔක්කෝටම කලින් ඔයා ඔයාව වහලා අගුලු දාලත් ඉවරයි..... .

ගැහැණියක් සමග ඇදට නගින එක ඔයාට ඔය තරම්ම පහසු කාරියක් වුණත් තාම ඔයාගේ ඇතුලේ ඔයා දැවෙමින් ඉන්නේ ඇයි...?? පව්කාරකමක් පළිසන්දෙනවා වගේ තාමත් ඔයා තෘප්තිමත් නැත්තේ ඇයි....?? ඔයාට විවේකයක් තිබිලා නැහැ මුළු ජිවිත කාළයෙන්ම තප්පරයක් ඇයව ඔයාගේ ඇස් ඇතුලේ රදව ගන්න. ඇගේ රෝම කූපයක් ගාණේ විදගන්න. ආයෙමත් ඔයා ගැහැණු ශරිරයක් මතින් නැගිටින්නේ හිස් මිනිහෙක් විදිහටමයි..... ඇයි කවමදාවත් ඔයාට බැරි වුණේ  ඇයට ඔයා තුල ගිලෙන්න ඉඩ හරින්න.... ඇයි ඔයාට මගහැරුනේ ඇය තුල ගිළිලා ඔයාව හොයා ගන්න එක... කාලෙකට පස්සේ ජිවිතේ පිරිපුන් හැගීමක් ඔයාට ඇතිවේවි....!!



No comments:

Post a Comment