Monday, October 17, 2011

ඇය නික්ම යෑමට සුදානමින්_______________???




සිනහව, කදුළල, ආදරය, විරහාව, වේදනාව, අතැහැරයාම් හා සිත් රිදවීම් දේශ සීමා විරහිතව මනුෂ්‍ය සන්තානයට දැනෙනුයේ එකම ආකාරයකටය. මිනිස්සු ආදරයෙන් බැදෙන්නේ කොච්චර පුංචි වෙලාවකටද? පස්සෙන් පහු කරුමයක් පලිසන් දෙනවා වගේ කරේ තියාගෙන බොහෝම වේදනාවෙන් සබදතා දුර දිග ගෙනියනවා. 

වෙරෝනිකා.....
රෝස මලක් දෑතින් පොඩි කරලා මිරිකලා ආදරේ මකන්න පුළුවම් වුණා නම් එහෙම වුණාදෙන්...... මහා අනෝරා වැස්සක් මැද්දේ කදුළු වගුරුවා ආදරේ මකාලන්නට හැකිනම් එහෙම වුණාදෙන්..... එත් වෙරෝනිකා..... මට කියලා දෙන්න මා යනෙන හැම තැනකම පසු පසින් එන මේ අතීතයේ ශේෂයන් මග හැර ගන්නා ක්‍රමවේදයක් තිබේද...?? 

ප්‍රේමය තුල පොඩ්ඩක් හරි අනෙකාව ඉවසන්න පුරුදු පුහුනුව හිදිම අවසානයේ කරුමයක් කියලා කන් දෙකින් අහනවා තරම් වේදනාවක් කිසි දිනෙක ඔබ අත්විද තිබේද...? හැම ප්‍රේම කතාවකම සැගවුණු ඛේදාන්තයක් ගැබ්ව ඇත. අපි ආදරේ කියලා මොකක්දෝ උගුලක අහුවෙලා.
වෙරෝනිකා.....
අපි ඉක්මනට මේ උගුලෙන් පැනලා යමු...!! එහෙම නැතැත් සමහර විට ඔයා මේ උගුලෙන් පැනලා තව උගුලකට අහුවේලාද මංදා....

ආදරය, විරහාව කදුල ජිවිතේ ත්ව්ර කරනවා. සමහර විට මේ මගේ කතාව වෙන්නත් පුළුවන්........



1 comment:

  1. මේ මම ගොඩක් ආසාවෙන් බලපු ෆිල්ම් එකක්.. මුලින්ම බලද්දී ඒ තරම් හිතට නොදැනුනත් දෙවෙනි තුන්වෙනි පාර හිතට තදින්ම දැනුනා...

    ReplyDelete