Tuesday, October 25, 2011

විසේකාරී_______________



"තාම මා ගැන පිස්සුවෙන්ද ඉන්නේ? "
ආලවට්ටම් රහිතව කතාව ආරම්භ කළේ ඈය.

"මං හිතන විදිහට, ඒක තමයි මගේ කරුමේ." 
කම්මුල් රතු කරගෙන වුවද මම පිළි ගතිමි. 

"එහෙම නොවුණත් අද දැක්කට පස්සේ අළුතින් පිස්සු වැටෙන්න තිබුණා. ඔයා හුගාක් ලස්සන වෙලා, ඒ වගේම, අගේට වැදගත් වෙලා. මං දකින දේ ඇත්තක්ද කියලා මට විශ්වාස කරන්න බැරි තරමට."

---------------------------------------------------------

"එදා මාව කියුබාවට යවන්නේ නැතිව, ඔයත් එක්ක පැරීසියේ නතර වෙන්න මට ඉඩ හැරියා නං, අපි දෙන්නා කොච්චර කල් එකට ඉන්න තිබුණා කියලද ඔයා හිතන්නේ?"

"අපේ මුළු ජිවිත කාලෙම. මැරෙනකල් මාව අතහැරලා නොයන තරමට මං ඔයාගේ ජිවිතේ සැපවත් කරන්න තිබුණා. "

විහිළුව නතර කළ ඈ මා දෙස බැලුවාය. ඒ බැල්ම බරපතලය. තරමක් සාවඥය. 

"මොනතරම් නෝන්ජල් සිහින ලෝකෙකද ඔයා ඉන්නේ...."
සෑම අකුරක්ම නිරවුල්ව උච්චාරණය කරමින් ඈ කිවේ මාව සිය දෑසින්අභියෝගයට ලක්කරමිනි. 

"ඔයා මාව දන්නේ නැහැ. මුළු ජිවිතේම එක පිරිමියෙක් එක්ක ඉන්නවා නං, ඒ පිරිමියා හුගාක් පොහොසත්, බලවත් කෙනෙක් වෙන්න ඔනේ. අවාසනාවකට වගේ, ඔයාට කිසි දවසක එහෙම පිරිමියෙක් වෙන්න පුළුවන් කියලා මං හිතන්නේ නැහැ."

"සැපත කියන්නේ සල්ලී නෙවෙයි නං?"

"සැපත.... මං දන්නේ නැහැ ඒ මොකක්ද කියලා. ඒ ගැන මගේ තැකීමකුත් නැහැ. මට විශ්වාස එකම දේ තමයිඔය කියන සැපත, ඔයා හිතන විදිහේ විචිත්‍ර, ළාමක දෙයක් නෙවෙයි කියන එක..... "

--- විසේකාරී පරිවර්ථනය || ගාමිණි වියන්ගොඩ---
--- The Bad Girl || Mario Vargas Llosa ---


3 comments:

  1. "එදා මාව කියුබාවට යවන්නේ නැතිව, ඔයත් එක්ක පැරීසියේ නතර වෙන්න මට ඉඩ හැරියා නං, අපි දෙන්නා කොච්චර කල් එකට ඉන්න තිබුණා කියලද ඔයා හිතන්නේ?"

    "අපේ මුළු ජිවිත කාලෙම. මැරෙනකල් මාව අතහැරලා නොයන තරමට මං ඔයාගේ ජිවිතේ සැපවත් කරන්න තිබුණා. "

    !!!!!!!!!!!!!!!!!!!!!!!! (මාව පොලොඅවෙන් එහාට අරන් ගියා.)

    ReplyDelete
  2. මේ දෙබස් කීපය මට මාවම අමතක කලා..

    ReplyDelete
  3. පොත පුළුවන්නං හොයා ගෙන කියවන්න

    ReplyDelete