Wednesday, October 19, 2011

ආදරය ඔබ වෙන්න______________



"ස්ත්‍රී ශක්තිය වෙනුවෙනුත් භාවනාව සිදුවෙනවා. නමුත් ඒ ගැඹුරු ආදරයක් මිශ්‍රවීම තුල විතරයි. ඉන්පසු ඇයට තනිව හිදිය හැකි වෙනවා. ඉන්පසු එතැන ගැටලුවක් නැතිව යනවා. ඒ ඇයි...? දැං ඇයට කිසිවිටෙකවත් තනිවිය නොහැකි නිසා. කලින් ආදරය කල දෙය දැං මිශ්‍රවෙලා. දැං එය ඇය ඇතුළතම තිබෙයි. 
මීරා හෝ රාධා හෝ තෙරේසා. ඔවුන් සියලු දෙනා අත්පත් කර ගනුයේ ආදරවන්තයෙකු හරහායි. ඒ කියන්නේ ක්‍රිෂ්ණා, ජේසු...... හරහායි. "

ඕෂෝ_________

වෙරෝනිකා.....
ගැහැණියක් කියන්නේ කිසි විටෙකවත් පිරිමි රාමුවකට හසුවන්නේ නැති දෙයක්... එත් සදාකාළිකවම ඔවුන් උත්සහා කරමින් ඉන්නවා. තමන්ගේ සාලයේ බිත්තියක ඒක එල්ල ගන්න. පිරිමින් සදා දෙන රාමුවක මුලදි ගැහැණිය ඇතුල් වුණත් ඇය කිසිදිනෙක එවන් පටු රාමුව උන්නු එකියක් නෙවෙයි. මොන මොන කරුණු කියලා හරි ඇය එයින් පැන දුවනවා, එක විශ්ව චක්‍රය වගේ හැමදාකම සිදුවෙනවා. 

විවේකී මොහොතක ගෙන සාවදානව සිදු වු/ සිදුවන දේ දිහා පරික්ෂාකාරිව බලා සිටින්න. තවදුරටත් ඔබට ඇති දැණුම, ඔබගේ තත්වය, ඔබගේ අවබෝධය එයට ගාව ගන්න එපා. සැහැල්ලු මනසින් වෙන දේ දිහා විතරක් බලා හිදින්න. ඔයාට පේනවද ජිවිතය තුල ඔබට මග හැරී ඇති චලනයන් ප්‍රමාණය. ඒ දෙවියන් වහන්සේගේ වැරැද්දක් නෙවෙයි. එක ඔයාගේ අතපසු වීමක්....



2 comments:

  1. ගැඹුරු ආදරයක් මිශ්‍රවීමෙන් පසු ඇයට තනිව හිදිය හැකි වෙනවා. ඔව් එවිට ඇයට තමා පරිපූර්ණ බව හැ‍ඟෙනවා. පිරිමින් සදා දෙන රාමුවකට මුලදි ගැහැණිය ඇතුල් වුණත් රාමුවකට කො‍ටු වන්න ඇයට හැකි වෙනවද? Find a dream you can follow අදහස් පෙල හරිම තාත්විකයි.
    මැණික්

    ReplyDelete